English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මනෝහරන් අප්පාගේ නොනවතින සටන


මනෝහරන් අප්පාගේ නොනවතින සටන

2006 ජනවාරි 02 වන දින ති‍්‍රකුණාමලයේදී ආරක්ෂක හමුදාවන් විසින් ඝාතනය කරන ලද මරා දැමුණු තරුණයින් පස්දෙනාගේ දෙමව්පියන් අතරින් වඩාත්ම සටන්කාමී පුද්ගලයා වන රජිහර් මනෝහරන්ගේ පියා වන වෛද්‍ය කාසිපිෙලෙයි මනෝහරන් ජාත්‍යයන්තර යුද අධිකරණයට යන බව ඊයේ (31 ) දින අල්ජසීරා රූපවාහිනි නාලිකාවට අදහස දක්වමින් පැවසුවේය.

රජිහර් මනෝහරන් නම් තම පුතු 2006 ජනවාරි දෙවනිදා ඝාතනයට ලක් වූ බව මෙම පියා පවසන අතර ඔහු අතිශය නිහඩ තරුණයෙකු වූ බවත්, වෛද්‍යවරයෙකු වීමේ බලාපොරොත්තුවෙන් සිටි බවත් පවසයි.



රජිහර්ගේ පියා වැඩිදුරටත් පවසන්නේ,

”ලංකාවේදී නිසි යුක්තිය හිමිකරගන්න බැහැ. දෙමුහුන් අධිකරණයකට හෝ නෙදර්ලන්තයේ ජාත්‍යයන්තර යුද අධිකරණය හමුවට යා යුතුයි. මං කිසිදාක ලංකාවේ සමහර විනිසුරුවරු විශ්වාස කරන්නේ නැහැ. ලංකාවෙන් සත පහක්වත් ඉල්ලන්නේ නැහැ. මට  ඕන යුක්තිය විතරයි. මගේ දරුවාගේ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යයන්තර වශයෙන් සාධාරණයක් වුවමනයි. එහෙම නැත්නම් මං රජීහර්ගේ තාත්තා නෙමේ.” යන්නයි.

දකුණේ සමාජයට අමතක වුවද, උතුරේ සමාජයටත්, දේශීය හා විදේශීය මානව හිමිකම් සංවිධාන වලටත් අමතක නොවන සිදුවීමකි මෙම ති‍්‍රකුණාමලය සිසු ඝාතනය. සිදුවීමට දැනට අවුරුදු 19 කි. මුල් අවස්ථාවේදී ප‍්‍රචාරය වූයේ එය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදුකරන ලද ඝාතනයක් බවයි. නමුත් පසුව සාක්ෂි සහිතව අණාවරණය වූයේ එය විශේෂ කාර්ය බලකාය විසින් සිදුකරන ලද බවයි. නමුත් විදෙස් ගතව සිටින සාක්ෂිකරුවන් පවසන අන්දමට මෙම සිදුවීම සිදුවූදා සිට රජය උත්සාහ කරන ලද්දේ සාක්ෂි විනාශ කිරීමටයි. නමුත් මේ ධෛර්යය සම්පන්න පියා. වෛද්‍ය කාසිපිෙලෙයි මනෝහරන් නිතර පවසන්නේ ඔහු මෙම සටන අත් නොහරින බවයි. ඔහු දැනට විදේශීය රටක ආරක්ෂාව සහිතව ජීවත් වෙයි. මෙම ඝාතනයට ලක් වූ සිසුන් පස්දෙනාගේම දෙමව්පියන්ට ලද මරණීය තර්ජනයන් නිසා විදේශ ගතවීමට සිදුවිය.  ඔහු නිරන්තරයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙ සැසිවාරයන්ට සහභාගි වන්නේය.

ඔහුගේ මෙම සටන නිහඩ කිරීම සඳහා වෛද්‍ය මනෝහරන්ට මහින්ද රාජපක්ෂ රජය විසින් ඔහුට බම්බලපිටියේ හෝ වැල්ලවත්ත ප‍්‍රදේශයෙන් නිවසක් හා වෙනත් ප‍්‍රසාදයන් දීමට පොරොන්දු වූවේය. ඒ සියල්ල ඉවතට දැමු වෛද්‍යවරයා වැරදිකරුවන් කෙදිනක හෝ අධිකරණයක් ( දෙමුහුන් අධිකරණයක් ) මගින් දඩුවම් ලබාදෙන තුරු සටන් කරන බව සපත කළේය.

වෛද්‍ය මනෝහරන් 2019 වසරේ ජනවාරි මසදී පුවත්පතකට ප‍්‍රකාශ කරන ලද්දේ යහපාලන රජය ජීනීවා නුවරදී හමුවූ විට දෙමුහුන් අධිකරණයක් පිහිටුවන බව ප‍්‍රකාශ කළත් පසුව ජනාධිපති සහ නීතිපති එය ප‍්‍රතික්ෂේප කරන ලද බවයි. එමෙන්ම රජය වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අනුව ඔහුට දේශිය අධිකරණයකදී ස්කයිප් තාක්ෂණය හරහා ඔහුට සාක්ෂි ලබාදීමට අවස්ථාව ලබා දුන් බවයි. එමෙන්ම එවකට නීතිය හා සාමය ඇමති සාගල රත්නායක ප‍්‍රකාශ කරන ලද්දේ මෙම ඝාතන නඩුවේ අදාල පැමිණිලිකරුවන විදේශගතව සිටින නිසා නඩුව ඉදිරියට ගෙන යාමට අපහසු වූ නමුත් නව ප‍්‍රතිසංස්කරණ අනුව ස්කයිප් තාක්ෂණය අනුව නඩුව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බව සහතික කර තිබිණි.

නමුත් වෛද්‍ය මනෝහරන් කිසියම් හේතුවක් නිසා ස්කයිප් සාක්ෂිදීමේ යෝජනාව ප‍්‍රතික්ෂේප කරමින් චන්ද්‍රිකා තාක්ෂණය හරහා සාක්ෂි විමසීම හා පටිගත කිරීම සිදුකරන ලෙස ඉල්ලා සිටින  ලදි.
 

ජාත්‍යයන්තර ක්ෂමා සංවිධාන සහ හියුමන් රයිට්ස් වොච් සංවිධාන මෙම සිදුවීම ඉතා සමීපව නිරීක්ෂණය කරනු ලබයි. ජාත්‍යයන්තර ක්ෂමා ආයතනය පවසන්නේ දැනට සාක්ෂිවරුවන්ට සාක්ෂි දීමට සිදුව තිබෙන්නේ ලංකාවේ සිටින රාජ්‍යතාන්ති‍්‍රකයන්ට පමණි. වසර 13 ක් ගතවී තිබියදීත් ඝාතනයට ලක්වූ තරුණයන් 05 දෙනාගේ ආදරණීයයන්ට සිදුවී තිබෙන්නේ තමන්ගේ සාක්ෂිවල ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානමක සිටීමටයි. මෙම සිදුවීමේ යුක්තිය පසිඳලීමේ කටයුතු සිදුවන්නේ ඉතා සෙමෙන්. වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත 2015 දී සම්මත වී 2017 දී නැවත සංශෝධනය වී තිබෙනවා. ඒ මගින් සාක්ෂිකරුවන්ට විදේශයක සිටියදී වුවද සාක්ෂිදීමට අවස්ථාව ලැබෙනවා. සාක්ෂිකරුවන්ට රාජ්‍යතාන්ති‍්‍රකයන්ගේ ආරක්ෂාව ප‍්‍රමාණවත් නැති බව පවසන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය මෙම ඝාතන සිදුවීමට ලැබී ඇති අවධානය නිසා එය කිසිසේත් ප‍්‍රමාණවත් නැති බව පවසනවා.

එමෙන්ම මෙම සිදුවීමේ ප‍්‍රධාන සාක්ෂිකරුවෙක් වූ සුබ‍්‍රමනියම් සුගිර්ධරන් නම් ජනමාධ්‍යවේදියා විසින් ඉතා සමීපව සිසුන් පස්දෙනාටම වෙඩි තබා තිබෙනු ඡුායාරූප ගෙන තිබූ බවත්, ඝාතනයෙන් දින 22 කට පසුව ඔහුවද ඝාතනය කර තිබුන බවත් ජාත්‍යයන්තර ක්ෂමා ආයතනය පවසනු ලබනවා. වෛද්‍ය මනෝහර මෙම සිදුවීම සිදුවී විනාඩි කිහිපයක් ඇතුළත එම ස්ථානයට ගිය කිහිප දෙනාගෙන් එක් අයෙක්. පසුව ඝාතනයට ලක් වූ ඡුායාරූප ශිල්පියා සමග මෘත ශරීරාගාරයට ද යනු ලබනවා. ඔහුට මෙම සිදුවීමට කලින් ඝාතනය ලක්වූ පුතා වූ රජිහර් විසින් එවනු ලබන කෙටි පණිවිඩයක් ලැබෙනවා. එහි සඳහන් වී තිබුණේ තමන්ගේ මිතුරන් විසින් පොලිසිය හමුවේ තමන්ට වෙඩි නොතබන ලෙස පවසමින් වැඳ වැටෙන බවයි. වෛද්‍ය මනෝහරන් ඝාතනය සිදුවූ ස්ථානයට ගමන් කරද්දී ඒ දෙසට යාම වලක්වාලනු ලබනවා. කපිල ජයසේකර එම ස්ථානයයෙන් පිටත් වූ පසු ඒ දෙසට යාමට ඉඩ දෙන එහි සිටි නිලධාරීන් ඔහුට පවසනවා.

මෙම සිදුවීම සිදුවූ මොහොතේ සිට පොලිසිය විසින් එහි පරීක්ෂණ නොමග යැවීමට සිදු  කළ බව වෛද්‍ය මනෝහරන් පවසනවා. ඔහුගේ ජංගම දුරකතනයේ ඇති ඉතා සමීපව වෙඩි වැදුණු තම පුතුගේ දේහයේ ඡුායාරූප තවමත් නොමැකී පවතිනවා.

ඡුායාරූප මැකී ගියත් ඔහුගේ මතකයෙන් නම් බැහැර නොවනු ඇත. මේ සම්බන්ධයෙන් ඔහුගේ අත්දැකීම තුළින් ඔහු තව බොහෝ දේ පවසා ඇත. ඔහුගේ සටන ඔහු වෙනුවෙන් නොව මිය ගිය බොහෝ දෙනකු හා ඉදිරියේදී එවන් කුරිරු ඉරණමකට ලක්වීමට ඉඩ ඇති සියළු ශී‍්‍ර ලාංකිකයන් වෙනුවෙනි.




2019-06-02
Advertisement

Find us on Facebook