English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අද දිනයේ පැමිණිලි 93යි - මැතිවරණය සාමකාමී නැහැ

2014 ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප‍්‍රකාශයට පත් වු අද (20) දින පහරදීම්, අහසට වෙඩි තැබීමි, ඡන්ද දායකයින් බිය වැද්දීම් භාණ්ඩ හා මුදල් බෙදා හැර ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටීම් ඇතුලු සිදුවීම් 93ක් මානව හිමිකම් පිලිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය  හෙවත් NEM IHR වෙත ලැබී ඇතැයි එම සංසදයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයකින් සඳහන් කර සිටී.


එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. "මැතිවරණය පැවැති 2014 සැප්තැම්බර් මස 20 වන දින වාර්තා වූ සිදුවීම් පහත පරිදිවේ

මැතිවරණප‍්‍රචණ්ඩක‍්‍රියා 12ක්, නීතිවිරෝධීප‍්‍රචාරක කටයුතු 38ක්, ඡන්දදායකයින්ට බලපෑම්කිරීම් සහ බියවැද්දීම් 35ක්, නීති විරෝධී ලෙස ඡන්දදායකයින් ප‍්‍රවාහනය 08ක් ඇතුළු සිදුවීම් 93ක් වාර්තා කරයි.

මැතිවරණ දින ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල වර්ධනයක්

නීති  විරෝධී ප‍්‍රචාරණ කටයුතු පිළිබද සිදුවීම් සමගම වෙඩි තැබීම් පහරදීම්  බිය වැද්දීම් ආදී ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වල සංඛ්‍යාත්මකව ඉහළ යාම් ද කැපී පෙනේ. ඒ පිළිබද සිදුවීම් 93ක් NEM IHR වෙත වාර්තා විය.

උතුරු කැබැල්ලවෙල දී  සහ බණ්ඩාරවෙල පොලිස් ස්ථානයේදී අරුන්දික ප‍්‍රනාන්දු නියෝජ්‍ය ආමාත්‍යවරයා ඇතුලු කණ්ඩායමක් සහ බණ්ඩාරවෙල නඟරාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් අතර සිදුවූ ගැටුමකින් තිදෙනෙකු රෝහල් ගතකොට ඇත. ඒ අතර බණ්ඩාරවෙල නඟරාධිපතිවරයා ද වේ.

මහියංගණය වියළුව ප‍්‍රදේශයේ දී අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා ඇතුලු ආධාර කරුවන් කණ්ඩායමක් සහ පළාත් සභා මන්ත‍්‍රි නිෂාන්ත මංජුල මහතා ඇතුලු කණ්ඩායමක් අතර ගැටුමක් ඇති විය.

මොනරාගල, බිබිල වෙල්ලස්ස ජාතික පාසල අසල දී ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ අධාරකරුවන් සහ එ.ජා.ප. අධාරකරුවන් අතර ගැටුමක් ඇතිවිය. එම ගැටුමේ දී අසල වෙළදසැල් කිහිපයකටද හානි සිදුවී ඇති අතර එ.ජා.ප. ආධාරකරුවන් වන දුෂාන් චාමර හෙට්ටිආරච්චි සහ ගාමිණී දිසානායක යන අය තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

වැල්ලවාය ඇතිලිවැව ප‍්‍රදේශයේ දී ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් සහ ප‍්‍රදේශයේ ඡන්ද දායකයින් අතර ගැටුමක් ඇතිවිය. එම  ගැටුමේ දී සන්නද්ධ පිරිසක් අහසට වෙඩි තබා ඇත.

බදුල්ල හාලිඇල ඡන්ද මධ්‍යස්ථානය අසල දේශපාලන පක්ෂ දෙකකට අයත් සහෝදරයන් දෙදෙනෙක් අතර ගැටුමක් සිදු වී ඇත.

බදුල්ල කැටකෑල්ල ග‍්‍රාම නිලධාරී වසමේදී එ.ජ.නි.ස. අපේක්ෂකයෙකු චන්දන ගීතකුමාර යන අයට පහරදී ඇත.

මහියංගනය ගිරාදුරුකෝට්ටේ දී අනුර විදානගමගේ ඇතුළු පිරිසක් පොලු මුගුරු සහිතව වාහන වල නැගී ඡන්දදායකයින් බියවැද්දු බවට පැමිණිලි ගනනාවක් ලැබී ඇත.

හපුතලේ දියතලාව පොලිස් බල ප‍්‍රදේශයේ කිරිඳිඇල්ල ග‍්‍රාමයේදී දකුණු පලාත් සභා අමාත්‍ය ඩී.වී.උපුල් මහතා ඇතුළු ආධාර කරුවන් ඇතුළු පිරිසක් විසින් බදුල්ල එ.ජා.ප අපේක්‍ෂක හරින් ප‍්‍රනාන්දු මහතාගේ පියා ඇතුළු කණ්ඩායමකට පහර දී ඔවුන්ගේ වාහනයටද අලාභ හානී කර ඇත. කඩුවකින් පහරදීම නිසා තුවාල ලත් දෙදෙනෙකු දියතලාව රෝහලට ඇතුලත් කර ඇත.

හපුතලේ යහල බැද්ද ඡන්ද මධ්‍යස්ථානයේ ජ.වි.පෙ ඡන්ද පොලහි නියෝජිත සුනිල් ශාන්ත මහතාට මන්ත‍්‍රී උදිත ලොකුබණ්ඩාර මහතාගේ ආධාර කරුවන් පිරිසක් පහරදීම නිසා තුවාල ලබා දියතලාව රෝහලට ඇතුලත් කොට ඇත.

වියළුව අංක 07 ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය ප‍්‍රකාශ කිරීමට පැමිණි අයෙකුට පහර දීම නිසා ඔහු රෝහල් ගත කර ඇත.

භාණ්ඩ හා මුදල් බෙදාදී ඡන්දදායකයින්ට බලපෑම් කිරීම.

පූර්ව මැතිවරණ සමයේදී සිදුවු භාණ්ඩ හා මුදල් බෙදා දීම ඡන්දය ප‍්‍රකාශ කරන දිනයේ ද දක්නට ලැබුණි.

මොනරාගල සෙවනගල හබරගල මහ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය අසල අංක 56 - 4737 හයිඑස් වෑන් රථයෙහි රැඳි පිරිසක් සහ හබරුගල කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය අසල අංක 56 - 5647 දරණ කැබ් රථයෙහි සිටි පිරිසක් මුදල් සහිත ලියුම් කවර සහ ආහාර පාර්සල් බෙදා දෙමින් එ.ජ.නි.ස. ට සහ මනාප අංක 15ට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටින ලදි ඡන්දය ප‍්‍රකාශ කරන දින මුදල් සහිත ලියුම් කවර ලබාදී ඡන්දය ඉල්ලා සිටීම නව ප‍්‍රවනතාවයකි.

පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය අසල බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලංසා මහතා ඇතුළු පිරිසක් ඡන්දය දීමට පැමිණි අයට විදුලි ස්ත‍්‍රික්ක බෙදාදෙන ලදී.

මහියංගනය දම්බරාව ආඳා උල්පත සේනානිගම අරාවත්ත ඇකිරියන් කුඹුර මැදඔය දඹගොල්ල ආදී ප‍්‍රදේශවල දී අනුර විදානගමගේ  මහතාගේ අපේක්ෂකගේ අධාරකරුවන් විසින් සිසිල් බීම දන්සැල් පවත්වා ඇති අතර ඡන්ද දායකයින්ට තම ඡන්ද සළකුණ වන බුලත් කොළ බෙදාහැර ඇත.

කතරගම වල්ලිමාතාගම දෙකටගමුව ඡන්ද මධ්‍යස්ථානය අසල එ.ජ.නි.ස. ආධාරකරුවන් මුදල් සහිත ලියුම්කවර බෙදාහරිමින් අංක 15ට ඡන්දය ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලීම් කර ඇත.

මෙම සිදුවීම් වලට අමතරව ඡන්ද මධ්‍යස්ථාන අසල කණ්ඩායම් ලෙස රැදී සිටිමින් ඡන්ද ප‍්‍රචාරක කටයුතු කළ බවට පැමිණීලි 38ක් වාර්තා වී ඇත.

එමෙන් ම නීති විරෝධී ලෙස ඡන්ද දායකයින් ප‍්‍රවාහනය කිරීමේ සිදුවිමි 08ක්ද අද දිනය තුළ වාර්තා විය.

මැතිවරණය පැවැත්වූ දින ජාතික රූපවාහිනිය විසින් ආණ්ඩු පක්‍ෂයට වාසි සහගත වැඩසටහන් ගණනාවක් ප‍්‍රචාරණය කරණ ලදි. භෑඵ ෂ්‍යඍ විසින් මැතිවරණ කොමසාරිස් වරයා ගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව එම වැඩසටහන් නතර කරන ලෙස රූපවාහිනී සංස්ථා සභාපති තුමාගෙන් ඉල්ලා සිටිය ද එම ප‍්‍රචාරයන් නතර නොකිරීම කණගාටුවට කරුණකි.

පිට පලාත් වලින් පැමිණ සිටි මැතිඇමති වරුන් ඇතුලු පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ ආධාර කරුවන්ගේ ක‍්‍රියා කලාපය ප‍්‍රචන්ඩ ක‍්‍රියා වර්ධනයටත්, නීති විරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වර්ධනය වීමටත් හේතු වූ බව NEM IHRහි අදහසයි. මෙම තත්ත්වය නිසා ඌව පාලාතේ ඡන්ද දායකයින් අතර කිසියම් ආකාරයක අසහනකාරී තත්වයක් ඇති කිරීමට හේතු වී ඇත.

ඡන්දය ප‍්‍රකාශ කිරීම සිදුවූ අද දින ඇතිවූ සිදුවීම් මැතිවරණයේ අවසන් ප‍්‍රතිඵලයට බරපතල බලපෑමක් ඇති නොකළද  පූර්ව මැතිරවරණ ක‍්‍රියාවලිය තුළ සිදුවූ රාජ්‍ය බලය සහ රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම, රාජ්‍ය නිලධාරීන් සෘජුව හා වක‍්‍රව ආණ්ඩු පක්‍ෂ මැතිවරණ ක‍්‍රියාවලිය සඳහා යොදා ගැනීම ආදිය හේතුවෙන් 2014 ඌව පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොවන බව NEM IHRහි අදහසයි."

උපුටා ගැනීම - ලංකා ටෘත්

-MMP



2014-09-20
Advertisement

Find us on Facebook