English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මුස්ලිම් ගුරුවරියන්ගේ ඇඳුම ගැන මානව හිමිකම් කොමිසමෙන් උපදෙස්


මුස්ලිම් ගුරුවරියන්ගේ ඇඳුම ගැන මානව හිමිකම් කොමිසමෙන් උපදෙස්

මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ මුස්ලිම් ගුරුමහත්මීන් හට සේවයට වාර්තා කිරීමට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් මහනුවර, වීරකෝන් උද්‍යානයේ පදිංචි එස්.එම්.අයුබ් මහතා ඇතුළු පිරිසත්, මහනුවර දිස්ති‍්‍රක් අන්තර් ආගමික කමිටුවත් විසින් මානව හිමිකම් කොමිසටම ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව අනුව ඒ සඳහා සියළු පාර්ශ්වයන් සමග 2019 මැයි මස 23,24 යන දිනවලදී  සාකච්ඡුා කිරීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කර තිබේ. 

මෙම නිර්දේශ ඉදිරිපත් කිරීමට පාදක වූයේ පාසැල් පරිපාලනය සහ දෙමව්පියන් එකගවූ ඇඳුම්වලින් සැරසී පාසලට පැමිණීම ප‍්‍රතික්ෂේප කළා යැයි පවසමින් මුස්ලිම්  ජාතික ගුරුවරියන් 06 දෙනෙකු මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය විසින් පාසලට ඇතුළුවීමට අවසර නොදීමත් සමගය. මෙම සිදුවීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු වලටත් යම් බලපෑමක් සිදුවිය.



රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයීය පරිපාලනය, දෙමව්පියන් ඇතුළු පාර්ශ්ව රැුසකගේ සහභාගිත්වයෙන් විනය නීති මාලාවක් සකස් කරගෙන තිබිණි. කෙසේ වෙතත් එහි ඉගැන්වීම් කටයුතුවල නිතර වන මුස්ලිම් ජාතික ගුරුවරියන් 12 දෙනා අතරින් 6 දෙනෙකු පමණක් මුහුණු ආවරණය පරිදි නිකාබය පැළඳීමකින් තොරව පාසලට පැමිණීම ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ හේතුවෙන් පසුගිය දින කිහිප තුළ මව්පියන් ඇතුළු පිරිසක් උද්ඝෝෂණ වලද නිරත වුණා.

රාජ්‍ය සේවකයින්ට නිශ්චිත නිල ඇඳුමක් නොමැති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ප‍්‍රකාශ කළ ද, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා රජයේ සේවකයින්ගේ ඇඳුම සම්බන්ධ චක‍්‍රලේඛය අදහස් දක්වමින් කලින් පැවති සම්ප‍්‍රදාය වන්නේ පිරිමි අය කලිසම හෝ ජාතික ඇඳුමත්, කාන්තාවන් සාරිය හෝ ඔසරිය ඇඳීමත් බව පැහැදිලි කළ අමාත්‍යවරයා, වර්තමාන තත්ත්වයන්ට සරිලන සේ මුහුණ පෙනෙන සේ ඇඳුමක් ඇඳ පැමිණීම සුදුසු බවත්, ලංකාවට ගැලපෙන මුස්ලිම් ඇඳුමක් ඇඳීම සුදුසු බවත්, අරාබියේ සංස්කෘතියට අනුව ලංකාවේ ඇඳුම් ඇඳීම නොසුදුසු බවත් පැවසුවේය.



කෙසේ වුවත් මේ හේතුවෙන් මානව හිමිකම් කොමිෂම වෙත ඉදිරිපත් කෙරුණු පැමිණිල්ලට අනුව කි‍්‍රයාත්මක වූ මානව හිමිකම් කොමිෂම පහත සඳහන් නිර්දේශයන් ලබා දී තිබෙනවා.

නිර්දේශයන් ඉදිරිපත් කරන මානව හිමිකම් කොමිෂන් සභාව, ”රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය තුළ ආරක්ෂාවට මුල් තැන දිය යුතු අතර, එහිදී සිදුකරනු ලබන සෝදිසි කිරීම් වලදී එක් ආකාරයක ඇඳුම් විලාසයක් පමණක් පරීක්ෂාවට ලක් කිරීමෙන් සහ ( මුස්ලිම් කාන්තාව් විසින් හැඳ සිටින අබායාව * එක් ජන කොට්ඨාශයක් වෙනස්කමකට භාජනය වීම තුළින් ජනතාව අතර නොසන්සුන්තාවයක් උද්ගතවීමට ඉඩ ප‍්‍රස්ථාව සැලසේ. මෙය ඉතා සුළු කරුණක් වුවද, මෙවැනි සිදුවීම් විශාල විනාශයක් කරා යාමේ හා රට තුළ සාමය කඩවීමේ අවස්ථාවක් නිර්මාණය කිරීමේ මූලබීජය විය හැකිය. මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය මෙන්ම දිවයින පුරා පාසැල් කිහිපයකම සිදු වූ මෙවැනි සිදුවීම් වලට හේතුව මේ සම්බන්ධයෙන් ජනතාව නිසි ලෙස දැනුවත් නොවීම බව කොමිෂන් සභාව නිරීක්ෂණ කරයි.  ” යනුවෙන් සඳහන් කර තිබෙනවා.



සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂම වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ල සම්බන්ධවත් මානව හිමිකම් කොමිෂම කරුණු පැහැදිලි කරනු ලබනවා. විද්‍යාලයේ උද්ගතව ඇති ගැටළු සහගත තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අබායා ඇඳුමින් ඉවත්ව සාරිය ඇඳගෙන එන ලෙසට මුස්ලිම් ගුරුවරියන් හට කළ දැනුම් දීම හේතුවෙන් තමන්ට පාසැලට සේවයට වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, වසර ගණනාවක් මෙම විද්‍යාලයේ දරුවන්ට ඉගැන්වීමේ කටයුතු කළ තමන් කෙරෙහි කිසිඳු බියක් දරුවන් තුළ නොමැති බවත්, මේ හේතුවෙන් ඔවුන් දැඩි මානසික පීඩනයකට හා කම්පනයකට මෙන්ම අසරණභාවයට පත් ව ඇති බවත් කොමිෂම වෙත පැමිණිලි කරමින් කියා සිටි බව සඳහන් කරයි.

සියළු පාර්ශ්වයන්ගේ කරුණු විමසීමෙන් අනතුරුව මානව හිමිකම් කොමිෂම පහත සඳහන් තත්ත්වයන් පැහැදිලි කරනු ලබනවා.

”සියළුම පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මුහුණු ආවරණය සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටත්ව නිකුත් කරන ලද අංක 2123/4 දරණ රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන 32 අ ආ නියෝග වලට අනුව මුහුණ පැහැදිලිව පෙනෙන ආකාරයට හිස්වැසුම පැළඳ පාසැලට ඇතුල්වීම සම්බන්ධ වූ නිර්දේශය පිළිබඳව දැනුවත් කරන ලදි.”

”එහිදී පැමිණිලි පාර්ශ්වීය මුස්ලිම් ගුරුමහත්මීන් ඔවුනගේ එකගතාවය පළ කරනු ලැබුවේ තමන්ට මුහුණු ආවරණය සඳහා හිජාබ් ඇඳුම පැළඳීම ගැටළුවක් නොවන බවත්, ප‍්‍රශ්ණගත අබායා ඇඳුම කළු වර්ණයෙන් නොව ලා පැහැ වර්ණයෙන් සකසා ගත හැකි බවත්,  ඕනෑම අවස්ථාවක යම් ගැටළුවක් වේ නම් ආරක්ෂක අංශ මගින් කරනු ලබන පරීක්ෂා කිරීම් වලට තම කිසිඳු විරෝධතාවයක් නොමැති බවත්ය.”



”පාසැල් ගුරුවරියන් සඳහා අබායා ඇඳුම තහනම් හෝ නුසුදුසු ඇඳුමක් බවට අධ්‍යාපන චක‍්‍රලේඛණ වල සඳහන් බවට වගඋත්තරකාර පාර්ශ්වය පෙන්වා දී නොමැති බැවින් වහාම මෙම ගුරුමහන්වීන් හට නැවත ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට සේවයට වාර්තා කිරීමට අවස්ථාව සලසාදීමට හා ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු වැඩපිළිවෙළක් සකසා ගැනීම සඳහා සහ පාසලේ කටයුතු සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යාම සඳහා ද විදුහල්පතිනිය වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස කාරුණිකව දන්වා සිටිමි.”

මේ කරුණු මධ්‍ය පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දෙන මානව හිමිකම් කොමිෂම නිර්දේශ ඇතුළත් ලිපිය අදාළ පළාතේ සියළුම නිලධාරීන්ට දන්වා යවා ඇත. කෙසේ වුවත් මානව හිමිකම් කොමිෂම මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් කි‍්‍රයාත්මක වී ඇත. මේ සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය මධ්‍යම පළාතට දැනුවත් කිරීම ද සුදුසුය. එමෙන්ම මේ තත්ත්වයන් වෙනත් ප‍්‍රදේශ වලට මතු වී ඇති බවට වාර්තා වී ඇති නිසා අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග ද සාකච්ඡුා කර පොදු තිරණයකට පැමිණීමෙන් ඉදිරියේදී මතු විය හැකි අවුල් සහගත තත්ත්වයන්ට පිළිතුරු සපයා ගත හැකි වනු ඇතැයි අයිතිය විශ්වාස කරයි.




2019-05-30
Advertisement

Find us on Facebook