English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඉතිරිව ඇති එකම විසඳුමත් “සංහිඳියාව”ම පමණයි! - පිලිප් දිසානායක

ඉතිරිව ඇති එකම විසඳුමත් “සංහිඳියාව”ම පමණයි! - පිලිප් දිසානායක


“ අපි පසුගිය කාලය පුරාවටම “සංහිඳියාව” ගොඩනැගීමට අවශ්‍ය මුලික අඩිතාලම දමමින් සිටියත්, “සංහිඳියාව” ගොඩනැගීමට නොහැකි වූ බව මෙම ප්‍රහාරය තුලින් පෙනී යනවා. අපිට විවිධ ජන කොටස් අතර ඇත්ත සමගියක් ගොඩනගාගැනීමට නොහැකි වුණා. රට තුල විවිධ ජාතීන් ශ්‍රී ලාංකික හැගීමකින් කටයුතු නොකළ බවයි එයින් පෙනී යන්නේ. කෙසේ වෙතත් මේ මොහොතේ ඉතිරිව ඇති එකම විසඳුමත් සංහිඳියාව ම පමණයි!.

අපි ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගනවා කියුවත්, බොහෝ වැඩකටයුතු සිදු වුයේ ඊට පරිබාහිරවයි. අපේ රටේ එක නීතියක් නෑ. එක අධ්‍යාපන ක්‍රමයක් නෑ. ආරක්ෂක අංශ වුනත් සියලු ජාතීන්ගෙන් සැදුම්ලත් විය යුතුයි. නමුත් අපේ ආසන්න රටක් වන ඉන්දියාව මේ ගැටළුව අවරුදු ගානකට කලින් විසඳගෙන තියෙනවා.” යැයි සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු වන පිලිප් දිසානායක මහතා පවසයි.

වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව (SLCAT) විසින් වර්ථමාන දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට කැඳවූ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් අද (29) ඔහු ඒ අදහස් පවසා සිටියේය.

එම අදහස් පහත වීඩියෝවෙන්....





2019-05-29
Advertisement

Find us on Facebook