English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 400 ඉක්මවයි !


ඊයේ රාත‍්‍රියේදි එනම් සැප් 19 මධ්‍යම රාත‍්‍රියේදි හා 20 වනදා අළුයම පැමිණි මැරහමුදාවක් විසින් ඌව පළාත් සභා මැකිවරණයේ ජවිපෙ පළාත් නායක සමන්ත විද්‍යාරත්න ගේ රිදීමාලියැද්ද නිවසේ පිහිටි සිය කාර්යාලය කඩා බිඳදමා ගොස් දෙවන වර පැමිණ එය ගිණිබත්කර ඇතැයි ජවිප මැතිවරණ ආරංචි මාර්ග සඳහන් කළේය.


එහෙත් මැතිවරණය නිමවන තෙක්  ඕනෑම දේශපාලන පක්‍ෂයකට එක් මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යාමට අයිතියක් ඇත.

මේ අතර, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය සිය නිරික්‍ෂණ ක‍්‍රියාවලියට අනුව ඊයේ දිනය (සැප් 19) තෙක් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 424ක් සිදුවී ඇතැයි වාර්තා කරයි.

මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් පැමිණිළි 305ක් ද බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් පැමිණිළි 100 ක් ද දිස්ත‍්‍රික්ක දෙකටම පොදු පැමිණිළි 19ක් ද වශයෙන් සිය මැතිවරණ නිරික්‍ෂණ කණ්ඩායම විසින් වාර්තා කළ බව කැෆේ සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 24ක් පිළිබඳව ඊයේ දිනයේ වාර්තා වු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂකයින් විසින් ලංගම බස්රථ, රජයේ ගොඩනැගිළි, මහජන දේපල බහුල වශයෙන් සිය මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා නීති විරෝධී ලෙසට පරිහරණය කළ බවත් සඳහන් කරයි.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂක චාමර සම්පත් දසනායක විසින් බණ්ඩාරවෙල දිස්ත‍්‍රික්කය තුළ පාසැල් බස්රථවල මැතිවරණ ස්ටිකර්ස් ඇලවීම ප‍්‍රතික්‍ෂේපකළ පුද්ගලයෙකුට ඊයේ පහරදී ඇතිබවත් දියතලාවේ පැවති මහජන රැළියකට සහභාගිවු ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂයේ සාමාජීකයින් කණ්ඩායමකට තර්ජනයකර ඇති බවත් සඳහන් කරයි.

මොණරාගල දිස්ත‍්‍රික්කයේ සන්ධානයේ උදව්කරුවන් සඳහා ශ‍්‍රි ලංගම බස්රථ 60කට අධික සංඛ්‍යාවක් භාවිතා කර ඇති බවත්, සන්ධානයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීම සඳහා දඹගල්ල ප‍්‍රාදේශීය සභාවට අයත් ඉඟිනියාගල පුස්තකාලය වසා තැබු බව ද වාර්තා කර ඇත.


ඡායාරූප  -  අන්තර්ජාලයෙන්
-MMP




2014-09-20
Advertisement

Find us on Facebook