English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආගමීක කණ්ඩායම්වල කාර්ය සීමිතයි. රජය මැදිහත්විය යුතුයි ජනතා සුබසිද්ධියට


ආගමීක කණ්ඩායම්වල කාර්ය සීමිතයි. රජය මැදිහත්විය යුතුයි ජනතා සුබසිද්ධියට
නොයෙල් කි‍්‍රස්ටීන් ප‍්‍රනාන්දු කන්‍යා  සොයුරිය  

අපේ‍්‍රල් 21 වෙනි පාස්කු ඉරුදින බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව කටුවාපිටිය අවට ප‍්‍රදේශයේ සුළු සිදුවීම් කිහිපයක් හැරුණු කොට ගැටුමක් ඇති නොවුනු ප‍්‍රත්‍ද්ශයක් ලෙස සැලකිය හැකිය. ඒ අපි දකින විදියයි. නමුත් මීගමුව ප‍්‍රදේශය අළුයට ගිනිමෙන් අන්තවාදීන් විසින්  ඕනෑම මොහොතක ගිනිදැල්විය හැකි ලෙස පවතී. ඒ තත්ත්වයට මීගමුවේ තත්ත්වයන් වර්ධන වී ඇත්තේ බාහිරින් පැමිණෙන කණ්ඩායම් විසින් පතුරවනු ලබන විවිධ විනාශකාරී අදහස් සහ ජනමාධ්‍යයන් විසින් වපුරුනු ලබන ජාතිවාදී, ආගම්වාදී අදහස් නිසායි. මැයි 23 වෙනි දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී.නොයෙල් කි‍්‍රස්ටීන් ප‍්‍රනාන්දු කන්‍යා  සොයුරිය මීගමුව වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් අදහස් දැක්වීය.

මට දැන් හිතෙනවා මීගමුව තුළ වෙනස් වෙනස් කණ්ඩායම්, වෙනස් වෙනස් පුද්ගලයෝ හැසිරෙන්නට පටන් අරන් තියෙනවා කියලා. කතෝලික සභාවේ පැවිදි ජීවිතයේ ඉන්න සහෝදරියක් හැටියට, මම හිතනවා කිතුණු සභාවේ කටයුත්ත දැන් අවසානයි. දැන් මෙතනට  ඕන දේශපාලන විසඳුමක්. පාසැල් යන ළමුන් පිළිබඳව, අපට පාසැල් වහනවාද? නැද්ද? හෙට දෙමව්පියන් පාසැල් එවිය යුතුද නැද්ද කියන එක, සාමාන්‍යයෙන් කියන්න පුළුවන්, නමුත් එය නීතියක් හැටියට අපට ගෙනියන්න බෑ. ඒකට දේශපාලන විසඳුමක්  ඕනා. මම ඊයේ ? 12 මීගමුවේ ඉඳලා එද්දි, සීදුව නයිතාලම කියන ස්ථානයේ දෙමව්පියෝ තවමත් ළමයිව අරගෙන පන්ති පවත්වනවා.රාති‍්‍ර පන්ති. මොකක්ද මේ කතන්දරය, උදේට ළමයි ඉස්කෝලෙට ගේන්න බැරි දෙමව්පියෝ 50,60,100 ගොනු කරන්න පුළුවන්, පාරවල් අසල, පුද්ගලික ටියුෂන් පන්ති වලට එවන්නේ. මේක පිටිපස්සේ කතන්දරයක් තියෙනවා කියලා මට හිතෙනවා. ඒ කතන්දරේ අපිට හොයාගන්න වෙනවා.

මට හිතෙනවා මීගමුවේ සිදුවුනු නොයෙක් කාරණා සිදුවීම් බලද්දි, අලූත් අලූත් කණ්ඩායම් ඇවිල්ලා, එක එක ප‍්‍රශ්න ඇති කරනවා. පොලිසිය මම හිතනවා අද පල්ලියක් කියලා. මොකද අද එතන තමයි පකිස්ථානයෙන් ඇවිල්ලා ඉන්න සරණාගතයෙන් ඉන්නේ. සරණාගතයින් රටකට ආවම ඒ අයව බලාගන්න  ඕනා. අපේ රටේ තරම් සරණාතයින් වෙනත් රටවලට ගිහිල්ලා නෑ. කොච්චර ගිහින් තියෙනවද? අද වෙද්දි අපිට කියන්න බෑ බෝම්බ තිබ්බේ කි‍්‍රස්තියානිකාරයටද, බෞද්ධයාටද, මුස්ලිමානුවාටද, හින්දු පුද්ගලයාටද කියලා. පල්ලි දෙකම තෝරගත්තොත්, ඔය සියළු දෙනාම ඔය පල්ලි වලට එනවා. ඔය සියලූ දෙනාම වෙළඳ කටයුතු වල නියැලෙන අය. තම තමන්ගේ මල්පොහොට්ටු ආශිර්වාද කරගන්න, වතුර ආශිර්වාද කරගන්න, අපි විශ්වාස කරන පාස්කු ජීවිතේ අත්දකින්න එනවා. මේ වෙනකොට අපිට තියෙන ප‍්‍රශ්නේ තමයි පකිස්ථානයෙන් ආපු සෙනඟ කතෝලික වේවා, කි‍්‍රස්තියානි වේවා, මුස්ලිම් වේවා ඔවුන් හිටියේ කටුවාපිටිය ග‍්‍රාමයේ, මුදල් ගෙවාගෙන, එක්සත් ජාතීන්ගේ දැනුම ඇතිව, මේ ආණ්ඩුවේ දැනුම ඇතිව, පහුගිය අවුරුදු දෙක තුළම ඔවුන් අපේ රටට ආවා. සුළු සුළු කටයුතු වල නියැලෙනවා. නමුත් ඔවුන්ට ජීවිතයක් තිබුණා. අද වෙද්දි ඔවුන්ට කටුවාපිටිය ගම විවෘත නෑ.


සිද්ධියෙන් පස්සේ මම තවත් සිස්ටර් කෙනෙක් එක්ක කටුවාපිටිය පල්ලියට ගියා. මට තදටම කතා කළා කටුවාපිටිය ග‍්‍රාමයේ හිටපු තරුණයෙක්. එයා මට එයා කව්ද කියලත් කියලා දුන්නා. ඔබට මේ පල්ලියට නැවතත් පැමිණෙන්න ඉඩ තියන්නේ නෑ. හේතුව ඔබ මුස්ලිම් සරණාගතයින්ට සලකන නිසා. අපි මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි මනුෂ්‍යත්වයට කළ යුතු කොහොමද අපේ ආගම ධර්මය තුළ, බෙදාගන්නේ ඔවුන් බෞද්ධයයි, මොවුන් මුස්ලිමානු, මම රෝමානු කතෝලික, අනික් කෙනා කි‍්‍රස්තියානි, එතකොට මේ තවත් ප‍්‍රශ්නයක්. මේ තුවාල වුනේ, මේ විනාශ වුනේ,මේ ගුටි කෑවේ, ඔබෙත් අපෙත් සහෝදර සහෝදරියෝ මිසක්. ආගම්වාදීන් නෙමෙයි.



ඊළගට සිදුවූ සිදුවීම් දිහා බලද්දි, කිතුණු සභාවටත් එහායින්, කිතුණු සභාවේ නායකත්වයෙන් ඔවදන් අරගෙන, වෙන වෙන පැතිවලට හැරෙමින් ඉන්නවා. වැඩ කරන සහෝදර සහෝදරියෝ හැටියට, අපි ඒ ගැන සෝදිසියෙන් බලාගෙන ඉන්නවා. අපි ඉන්නවා තීරණයක මීගමුව පුරවරය තුළ, කිසිවෙකුට හානියක් වෙන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. මීගමුව එදා ගත්ත තීරණය, ලබා දුන්නා වූ සාක්ෂි දරණ පින්තූරය, ඉදිරියටත් ගෙනි යන්න අපි බලාපොරොත්තු වෙනවා. එයින් නොනවතින අපි, ඉල්ලනවා, සියයට 52 දෙකක කාන්තාවෝ ඉන්න මේ රටේ, ඉරණවිලින් ආපු කාන්තාවොන්ගේ ඥාතීන් මේ පල්ලිය තුළ විනාශ වෙලා. ඉරණවිල ඉන්නේ බෞද්ධ ජනතාවක්. නමුත් අපේ කන්‍යාරාමවල හඬා වැටෙනවා. ඇයි මෙහෙම වුනේ කියලා. එතකොට අපි ඔවුන්ව සනසන්නේ මරණය ගැන කියලා විතරක් නෙමෙයි. ඔවුන්ට අපිට ජීවිතයක් ලබාදෙන්නට වෙනවා.

මම පෞද්ගලිකව හිතනවා මේ වෙලාවෙදි අපේ සිද්ධස්ථාන වලට පල්ලි වලට, මුදල් ලැබෙමින් තියෙනවා. පැවිදි සොයුරියක් හැටියට මගේ ප‍්‍රමුඛතාවය තියෙන්නේ, පල්ලිය ගොඩනගන්න පෙර තුවාල ලබපු, ප‍්‍රහාරයෙන් අන්දමන්ද වුනු, ප‍්‍රහාරයෙන් ගුටිකාපු, ජීවිත විනාශ වුනු පවුල් වල, කටුවාපිටිය, කොළඹ ඒ අවට ගෙවල්, ඉස්සෙල්ලම සැකසෙන්න  ඕනා. පවුල් ගොඩවැගෙන්න  ඕනා. කිතණු සභා සහෝදරියක් හැටියට, සියයට 52 කාන්තාවන් බලයක් හැටියට අපිට එක්වෙන්න පුළුවන් අපි ඉන්න තැන සිට මේ හඩ ගේන්න  ඕනා. නැවතත් මේවගේ ම්ලේච්ඡු බෝම්බ ප‍්‍රහාර වලට ඉඩ නොතියන්න. අපි ආණ්ඩුවට බල කරන්න  ඕනා සංහිඳියාව හා සාමය වචනයෙන් නෙමෙයි, කි‍්‍රයාවෙන් පෙන්වන්න කියලා.  




2019-05-26
Advertisement

Find us on Facebook