English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


තවත් සමූහ මිනී වලක් ..... !

යාපනයේ වේලනෙයි ප‍්‍රාදේශීය සභා භූමිය තුළදි මෙම සමුහ මිනී වල හමුවෙයි.
 
විදුලිබල මණ්ඩලය විසින් ට‍්‍රාන්ස්ෆෝමරයක් සවිකිරීම සඳහා කැණීම් කටයුත්තක් සිදුකරමින් සිටිය දී මිනිස් ඇටසැකිළි යැයි විශ්වාසකළ හැකි ඇටකැබලි ගණනාවක් හමුවී ඇත.

මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ කර්තව්‍ය සඳහා වෙනත් ස්ථානයක කැණීම සිදුකිරිමෙදී ද යළිත් වරක් මිනිස් ඇටකැබලි විශාල ප‍්‍රමාණයක් හමුවී ඇති බැවින් කැණීම් කටයුතු නවතා දමා ඇත.
 
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාට අනුව, පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිළධාරීන් පිරිසක් හා අධිකරණ වෛද්‍ය නිළධාරියෙකු එම ස්ථානයට යවා ඇති අතර, කැණීම් දෙකෙහිදිම හමුවී ඇති මිනිස් ඇටසැකිළි ප‍්‍රමාණය පුද්ගලයින් කොපමණ සංඛ්‍යාවකගේ ද යන්න නිශ්චය කිරිමට ඇති බවයි.
 
එමෙන්ම, එම ස්ථානයන් තවදුරටත් පරීක්‍ෂාකර බැලීමට නියමිතය.


තොරතුරු මුලාශ‍්‍රය සහ පින්තුර  -  වව්නියාවේ දිනසේන රතුගමගේ
-MMP



2014-09-20
Advertisement

Find us on Facebook