English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“විශ්වාසභංග” දැන් “පාර්ලිමන්ට් ජෝක්ස්” වල කොටසක් වෙලා - මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

“විශ්වාසභංග” දැන් “පාර්ලිමන්ට් ජෝක්ස්” වල කොටසක් වෙලා

- මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර


“අපිට දැන් විශ්වාසභංග සම්බන්ධයෙනුත් විශ්වාසය භංග වෙලා තියෙනවා. එක “පාර්ලිමන්ට් ජෝක්ස්” වල කොටසක් බවට පත්වෙලා. ජනතාවගේ විශ්වාසය පලුදු කරපු ප්‍රධාන ද්‍රෝහියා වන පල්ලෙවත්ත ගමරාලගේ සිරිසේනට දෝෂාභියෝගයක් ගෙන්න කටයුතු කරපු කට්ටියට දැන් සේරම අමතක කරලා ආණ්ඩුවට විශ්වාසභංගයක් ගෙන්න යනවා. දැන් ජනතාවට කා ගැනවත් විශ්වාසයක් නෑ. ඒ නිසා කාටවත් විශ්වාසභංග ගෙන්න කලින් තමන් ගැන ජනතාවට විශ්වාසයක් තියෙනවද කියල හොයල බලන්න ඕනා”

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මේ අදහස් පැවසුවේ 2019 මැයි මස 21 වෙනි දින ලක්ෂමන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේ පැවති “ත්‍රස්තවාදය, අන්තවාදය හා සමාජ වගකීම” මැයෙන් වූ මහජන සම්මන්ත්‍රණය අමතමිනි. මේ සම්මන්ත්‍රණය සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබිණි. ඒ සඳහා කතිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය , ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය වික්‍රබාහු කරුණාරත්න, ආචාර්ය ජෙහාන් පෙරේරා, සමන් රත්නප්‍රිය. චමීර පෙරේරා වැනි පිරිසක් සභාව අමතන ලදි.

තවද, එහිදී ඔහු වෛරීය ප්‍රකාශ සම්බන්ධයෙන්ද මෙසේ අදහස් දැක්වීය.

“වෛරීය ප්‍රකාශ දැන් ඒ ගොල්ලන්ගේ ස්වෛරීය බවට පත්වෙලා. බුද්ධ ධර්මයට අපහාස කළා යැයි කියා ලේඛකයින් අත්අඩංගුවට ගන්නා පොලිසිය, වෛරීය ප්‍රකාශ අවුරුදු හතරක් තිස්සේ කරන මහින්ද රාජපක්ෂ, උදය ගම්මන්පිල, විමල් වීරවංශ මධුමාදව අරවින්දලව අත්අඩංගුවට ගන්නේ නෑ. ඒ ගොල්ලෝ හින්දා තමයි 13 වැනිදා ගිහින් මේ කෝලහාලය සිදු කලේ. ඒ නිසා මෙම වෛරීය ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම නීති ක්‍රියාත්මක කල යුතුයි.

සම්පුර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්...





2019-05-23
Advertisement

Find us on Facebook