English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"මෙම අපරාධමය නොසැලකිල්ලට නඩු පවරන්නේ කාටද?" - ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය

"මෙම අපරාධමය නොසැලකිල්ලට නඩු පවරන්නේ කාටද?" - ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය


“නැති වූ, තුවාල වී අද ඉස්පිරිතාල වලට වෙලා ඉන්න සියළුම දෙනා වෙනුවෙන් නඩු පැවරිය හැකියි, හා නඩු පැවරිය යුතුයි. කාට විරුද්ධව ද නඩු පවරන්නේ? අපි දැක්කා නීතිපති කියලා තියෙනවා, අපරාධයක් සම්බන්ධයෙන් දක්වපු නොසැලකිලිමත් කම හේතුවෙන්, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති ඇතුළු සියළුම දෙනාට නඩු පැවරිය යුතුයි කියලා. මොවුන් සම්බන්ධයෙන් සිවිල් නඩුවක් පැවරීමේ හැකියාවක් පවතිනවා. සෑම හෝටලයකම නිසි පරිදි ආරක්ෂාව නොතිබීමේ හේතුව නිසා ඒ අයිතිකරුවන්ට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවක් ඇති වෙනවා. ඒ සියල්ලන්ටම විරුද්ධව නඩු පැවරිය යුතුයි. පවුල් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහින් තියෙනවා. සමහර තැන් වල දෙමව්පියන් විනාශ වෙලා ගිහින් තියෙනවා. පුංචි දූදරුවන් පමණයි ඉන්නේ.

මිනුවන්ගොඩ සිද්ධියේදීයට අදාළ කවරකුට හෝ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු වෙනවා. නීතිය ක්‍රියාත්මක නොකළහොත් නැවතත් කැලෑ නීතිය ක්‍රියාත්මක කළ 2015 පෙර පැවති යුගයට ගමන් කරනවා. පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවන්ට අපි ප්‍රණාමය පුද කළ යුතුව තිබෙනවා, නමුත් කාගේ හෝ බලපෑම මත “සින්දු” කියන පුද්ගලයෙක්, පක්ෂයක නියෝජ්‍ය නායකයෙක් ගිහින් මේ කටයුතු මෙහෙයවලා තියෙනවා. ඔහුව අද වෙනතුරු අත්අඩංගුවට අරගෙන නෑ. ඒක කාගේ මෙහෙයුමක් යටතෙද කියන එක අපි දන්නේ නෑ. කොළඹ ජීවත් වෙන ඔහු එතනට ගියේ සින්දු කියන්න නෙමෙයි, බෙහෙත් ගන්නත් නෙමෙයි එතනට ගියේ, ගිනි තියන්න. සිංහල මිනිස්සුන්ට, දෙමළ මිනිස්සුන්ට, මුස්ලිම් මිනිස්සුන්ට අයිති සියළුම ව්‍යාපාර ගිනි තිබ්බා. එතන ගිනි තියපු එක මුස්ලිම් ව්‍යාපාරිකයෙක්ට අයිති කර්මාන්ත ශාලාවේ 600 වැඩ කරනවා. එයින් 550 ක් සිංහල සේවකයන්.”

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මේ අදහස් පැවසුවේ 2019 මැයි මස 21 වෙනි දින ලක්ෂමන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේදී පැවති මහජන සම්මන්ත්‍රණයක් අමතමිනි. මේ සම්මන්ත්‍රණය සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබිණි. ඒ සඳහා කතිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය වික්‍රබාහු කරුණාරත්න, ආචාර්ය ජෙහාන් පෙරේරා, සමන් රත්නප්‍රිය. චමීර පෙරේරා වැනි පිරිසක් සභාව අමතන ලදි.

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පැවසු වැඩිදුර අදහස් පහත වීඩියෝවෙන්.....





2019-05-22
Advertisement

Find us on Facebook