English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පොහොට්ටුවෙන් පාසල්වලට ආවම “සාරුවා සුනිල්ලගෙන්” ළමයි බේරාගන්නේ කවුද? - චමීර පෙරේරා

පොහොට්ටුවෙන් පාසල්වලට ආවම “සාරුවා සුනිල්ලගෙන්” ළමයි බේරාගන්නේ කවුද? - චමීර පෙරේරා


ඊයේ (21) දින මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ පිරිස් ආරක්ෂාව තර කිරීම සඳහා යැයි කියාගනිමින් පාසල් වෙත මැතිවරණ සඳහා වූ රඟ දැක්වීමක් සිදු කළේය. ඒ ගැන අදහස් දක්වමින්, චමීර පෙරේරා මහතා විමසා සිටියේ පොහොට්ටුවේ පිරිස වන “රතතරන්” හා හම්බන්තොට කාන්තාවන් දුෂණයට ලක්කළ “සාරුවා සුනිල්” වැන්නවුන්ගෙන් පාසල් තුලට පැමිණීමෙන් කාන්තාවන් හා දරුවන් ආරක්ෂා කරගන්නේ කෙසේද? යන්නයි.

එවැනි පුද්ගලයින්ගෙන් කාන්තාවන් හා දරුවන් බේරා ගැනීම සඳහා තවත්, සතියක කාලයක් පාසල් වසාදැමීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් සනහන් කලේය. ඒ ඊයේ (21) දින කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් අධ්‍යාපනික ආයතනයේ පැවති “ත්‍රස්තවාදය, අන්තවාදය හා සමාජ වගකීම” මැයෙන් වූ මහජන සම්මන්ත්‍රණය අමතමිනි.

මේ චමීර පෙරේරා එහිදී දක්වන ලද අදහස්.

මහින්ද රාජපක්ෂ අද ඉස්කෝලේ ගියා. අපි දැක්කා මහින්ද රාජපක්ෂ දින කීපයකට ඉස්සෙල්ලා කියනවා, අපි අපේ කට්ටියට, කණ්ඩායමට කියනවා ඉස්කෝල වලට යන්න. බය නැති කරන්න. ආරක්ෂාව බලන්න. කාටද මේ කියන්නේ පොහොට්ටුවේ අයට. හත්ඉලව්වේ හරිනම් තව සතියක් ඉස්කෝල වහන්න ඕනා. කව්ද ඉස්කෝල ළගට ගියේ රෝහිත අබේගුණවර්ධන, ප්‍රාදේශිය නායකයෝ වෙන්නේ සාර්වා සුනිල්. මොකෙක්ද ඒ. අර තංගල්ලේ කාන්තාව දූෂණය කරපු එකා. දැන් මේ උන්ට කියනවා ඉස්කෝලේ ළගට යන්න කියලා. නල්ල මලේ බඩු ටිකට කියන්නේ ඉස්කෝල ආරක්ෂ කරන්න කියලා. හරිනම් තව සතියක් වහන්න ඕන. ඇයි? මුංගෙන් ආරක්ෂා කරන්න එපැයි ළමයිව. මේ යන එවුන්ගෙන් ආරක්ෂා කරන්න එපැයි ළමයිව. පොහොට්ටුවේ උන්ගෙන් ළමයි ආරක්ෂා කරගන්න ඕනා. ආරක්ෂක හමුදාවටයි, පොලිසියටයි වහාම කියන්න ඕනා. පොහොට්ටුවේ උන්ව ඈත් කරපල්ලා කියලා. යකෝ මුංගේ පැටිකිරිය දන්නවා. ප්‍රාදේශීය නායකයන්ගේ පැටිකිරිය දන්නවා ගුරුවරු. උන්ට කියනවා මහින්ද රාජපක්ෂ යන්න ඉස්කෝල වෙලට කියලා.

වහපු එවුන් තමයි මේක අරින්න ඕන. වැහුවේ ඒ ගොල්ලෝ? ප්‍රාදේශීය නායකයෝ තමයි වැහුවේ. ඉස්කෝල ළගට ගිහින් තර්ජනය කරපු අවස්ථාතියෙනවා. විදුහල්පතිවරුන්ට තර්ජනය කරලා තියෙනවා. තමන්ට හිතවත් ගුරුවරුන්ට කියලා ළමයි අධෛර්යය කරලා තියෙනවා. මැයි 13 වෙනිදා පාසැල් අරින්න තියෙද්දි 11 වෙනිදා මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවෙදි කියනවා 13 වෙනිදා භයානකයි. ලියුමක් පෙන්නලා කියනවා පහරදීමක් වෙන්න නියමිතයි කියලා. මැයි 13 ගැහැව්වේ නෑ අයි.එස්.අයිඑස්. එක. 13 ගැහැව්වේ විපක්සේ ත්‍රස්තවාදීන්. ගෝඨගේ ත්‍රස්තවාදීන්. එහෙමයි මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායකයා ළමයින්ව බය කළේ. කැතයි. කුජීතයි.”

එහිදී ඔහු දැක්වූ වැඩිදුර අදහස් පහත වීඩියෝවෙන්...






2019-05-22
Advertisement

Find us on Facebook