English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආගමික ප‍්‍රතිසංකරණයකට, සංවාදයකට මුලපුරමු ! - ගල්කන්දේ ධම්මානන්ද හිමි
ආගමික ප‍්‍රතිසංකරණයකට, සංවාදයකට මුලපුරමු ! - ගල්කන්දේ ධම්මානන්ද හිමි



”ගිහි බලවතෙකුගෙන්ම මම ඉල්ලනවා සංවාදයට යන්න තමන්ගේ ආගමත් එක්ක. මොනව ඒකේ තියෙන වටිනා සාරගර්භ දැනුම, මොනවද අද දවසට නොගැලපෙන හානිකර ආකල්ප, මොන ආකල්ප වලින් ද මිනිසා වර්ග කරන්නේ? මොන අදහස් වලින් ද අනෙකා පහත් ය කියලා සලකන්නේ?  මොන ආකල්ප වලින් ද අනෙකා පසුබා විමුක්තියක් ලැබිය හැකිය කියලා කියවෙන අදහස් සමග අරගලයකට, සංවාදයකට යා යුතුයි.”

වන්දනීය ගල්කන්දේ ධම්මානන්ද හිමි



මෙවර වෙසක් සමය වෙනුවෙන් විශේෂ ලිපියක් දැමීමේ අවශ්‍යතාවය තිබුණ නිසා ඒ ගැන වෙහෙසෙන අවස්ථාවක අපගේ වැඩිපුර අවධානයක් යොමු වූයේ අපේ‍්‍රල් 21 වෙනි දින පාස්කු ප‍්‍රහාරය නිසා මුස්ලිම් සිවිල් ප‍්‍රජාව විසින් මැයි මස 04 වෙනි දින නිදහස් චතුරස‍්‍රයේදී සංවිධාන කරන ලද ”ආගමට පෙර මනුෂ්‍යයත්වය සහ සහයෝගීතාවය උදෙසා නැගී සිටින්න” නම් වැඩ සටහනේදී වන්දනීය ධම්මානන්ද හිමි විසින් පවත්වන ලද උපදේශාත්මක දෙසුම වෙතයි. ඊට පසුව රටේ තත්ත්වය තවත් වෙනස් වුවත්, ඒ අදහස් වල ඇති වටිනාකම සලකා මෙලෙස එය ඉදිරිපත් කරමු.     
                     
”පසුගිය කාලයේ අපි ගත කරපු වේදනාව, අපි තනි තනිව අරගල කරපු ඒ හැඟීම් සාමූහිකව එකතු වෙලා ප‍්‍රකාශ කරන්න අපි සූදානම් වෙනවා. අප ඉදිරියේ තිබෙන ප‍්‍රශ්නය තමයි, අපි කුමක් කළ යුතුද කියන එක. එය තෝරා බේරා ගැනීම ඉතාම අපහසුයි. ඒ තරම් බරපතලයි ඇති වුනු කම්පනය. මේ මොහොතේ මා කැමතියි, අපි මෙතනින් එහාට කුමක් කළ යුතුද කියන කාරණය කතා කරන්න.



පළමුවෙනි දේ තමයි අපි සුවපත් වෙන එක. මක්නිසාද අපි හැම කෙනෙක්ම බරපතල විදියට තුවාල වෙලා ඉන්න නිසා. දෙවෙනි කාරණය තමයි අපි හැම කෙනෙක්ටම විශාල වගකීමක් තිබෙනවා ඒ නොසිතූ මොහොතක තම ආගම අදහන්නට ගිය මොහොතක,තම ජීවිත වලින් සමුගන්න සිද්ධ වුනු ඒ තුන්සියයක් පමණ වන ජන ප‍්‍රජාවගේ ජීවිත වලට අර්ථයක් දීම. අප උරමත පැවරී තිබෙන බරපතල වගකීමක්. මා පළමුව කියපු දේ රඳා පවතින්නේ දෙවෙනි කාරණය මත කියලා. මියගිය ජීවිත වලට අර්ථයක් දීමෙනුයි අපි සුවපත් වෙන්නේ.

අපි කොහොමද ඒ ජීවිත වලට අර්ථයක් දෙන්නේ?. අපි තනි තනිව අරගල කරපු වේදනාව, හැඟීම්, සාමූහිකව එකතුවෙලා ප‍්‍රකාශ කරන්න. අපි ඉදිරියේ තිබෙන ප‍්‍රශ්නය තමයි අපි කුමක් කළ යුතුද කියන එක. එය තෝරා බේරා ගැනීම ඉතාමත් අපහසුයි. ඒ තරම් බරපතලයි ඇතිවුනු කම්පනය. උපත මත, කතා කරන භාෂාව මත, ජාතිය මත, අදහන ආගම මත, එකිනෙකා වර්ග නොකරන සමාජයක්, බිහිකිරීම සඳහා කැපවීමෙනුයි, අපට පුළුවන් වෙනවා ඇත්තේ ඒ ජීවිත වලට අර්ථයක් ලබාදීමට. මේ කාරණයේදී අනෙකා ප‍්‍රශ්න කිරීම නොව, අංක එක තමන්ව ප‍්‍රශ්න කිරීම වැදගත්. අනෙකා වෙනස් කිරීම නොව, අංක එක තමන් වෙනස් වීමයි. අන් ආයතන වෙනස් කිරීම නොව, තමන් සිටින ආයතනය වෙනස් කර ගැනීම. මෙතනිනුයි මා යෝජනා කරන්නේ අර නැතිවුනු ජීවිත වලට අර්ථයක් දිය හැකි දොරටුව විවෘත කර ගැනීමට හැකි ආකාරය ලෙසට.



මෙහිදී මම කතා කරන්න කැමතියි ආගම පැත්තෙන් හැම ආගමකම ඉතාම ටටිනා අදහස් තියෙනවා. පේ‍්‍රමය, මෛති‍්‍රය, කරුණාව, දයාව, මනුෂ්‍යයාට ගෞරව කිරීම, ගහකොළ පරිසරය සතාසීපාවා, මේ සියල්ල එකම පද්ධතියක්, ජීවත්වීමේ අයිතිය රැුකීම. මිනිසා මේ සියල්ල අභිබවා ගිය කෙනෙක් නෙමෙයි, එහි කොටසක්ම කියන අදහස වැනි අදහස් ආගම්වල ගැබ්ව තියෙනවා.

ඒ වගේම අපි අවංකව කිව යුතුයි. ආගම තුළ හානිකර අදහස්, සිතුම් පැතුම්, චාරිත‍්‍ර ඇතුළත් වී තිබෙනවා. සමහර පසුගාමී,යල්පැන ගිය අදහස් ආගම තුළ තියෙනවා. සමහර විට අපේ ආගමික අධ්‍යාපනය තුළ, මේ හානි කර අදහස් ද ඊළග පරම්පරාවට ලබාදෙමින් තිබෙනවා කියන එක. දිගන සිද්ධියක් වුනාට පස්සේ මේ නිදහස් චත‍්‍රරඝ‍්‍රය ඉදිරිපිටම, මේ ආකාරයේ වැඩ සටහනකටම මට සහභාගිවීමට ලැබුණා. එදත් මම කතා කළා. එදත් මම කියා හිටපු දේ තමයි, අපි ආගමික නායකයින් හැටියට, ආගමික ආයතන, ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා මැදිහත්විය යුතුයි කියන එක. එසේ ප‍්‍රතිසංස්කරණයවීමෙන් තොරව, මේ විදියට ඉදිරියට යන්න ගියොත්, ආගමේ මූලික අභිලාෂය, බැහැර වෙච්ච, සමාජයට හානිකර ආයතන දක්වා ආගම වර්ධනය වෙනවා. මම අදත් ඒ අදහසමයි ප‍්‍රකාශ කරන්නේ. හැම ආගමකම කෙනෙක් අපගේ ආගමික ආයතන ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා යා යුතුයි. මෙතන ඉන්න ගිහි බලවතෙකුගෙන්ම මම ඉල්ලනවා සංවාදයට යන්න තමන්ගේ ආගමත් එක්ක. මොනව ඒකේ තියෙන වටිනා සාරගර්භ දැනුම, මොනවද අද දවසට නොගැලපෙන හානිකර ආකල්ප, මොන ආකල්ප වලින් ද මිනිසා වර්ග කරන්නේ? මොන අදහස් වලින් ද අනෙකා පහත් ය කියලා සලකන්නේ?  මොන ආකල්ප වලින් ද අනෙකා පසුබා විමුක්තියක් ලැබිය හැකිය කියලා කියවෙන අදහස් සමග අරගලයකට, සංවාදයකට යා යුතුයි. එසේ නොකළහොත්, ආගම මිනිසාගේ සුබ සිද්ධිය සඳහා, මිනිසාගේ යහපැවැත්ම සඳහා, මිනිසාගේ නිවීම සඳහාම පැමිණි ආගමම, සමාජයට, හානිකර දෙයක් වෙනවා ඇති. ඒ නිසා මම යෝජනා කරනවා, මියගිය ජීවිත වලට අර්ථයක්දීම හුදෙක්, මෙහෙම එකතුවෙලා, මලක් තියලා, පහනක් තියලා, නිහඩව ඉඳලා ගිහිල්ලා අපේ ජීවිත වලට යාමෙන් අපේ ජීවිතවලට යුක්තිය ඉෂ්ඨ කරන්න බෑ ඒ මියගියපු අයට.

ඒ වගේම බරපතලයි අපි හමුවේ තිබෙන අභියෝගය. මෙතනින් ඒක පටන් ගන්න පුළුවන් නම් පමණයි අපි ඒ මියගිය අයට යුක්තිය ඉටු කළා වෙන්නේ. ඒ ගමනේ දී අපි අතීතයෙන් ඉගෙන ගනිමු. 1983 දී සිද්ධි සිද්ධ වුනාට පස්සේ මිනිසුන් ඉතාම බරපතල විදියට බෙදුනා. දෙමළ ජනයා එකම සතුරෝ ගොඩක් හැටියට දකින්න පටන් ගත්තා. ඉතාම අසරණභාවයට පත්වුණේ අහිංසක දෙමළ මිනිස්සු. කිසිම කණ්ඩායමකට අයිති නැති. මා යෝජනා කරනවා ඒක නැවත වෙන්න දෙන්න එපා. යහපත් ජීවිත ගත කරන මධ්‍යස්ථ මත දරණ මුස්ලිම් ජනයා සහ අනෙකුත් ජනකොටස් වඩ වඩා එකතු විය යුතු මොහොතයි මේ. අපේ බෙදුම් රේඛාව විය යුත්තේ, ආගම නෙමෙයි. අයහපත හා යහපත ඒ ඔස්සේ නම් බෙදෙන්නේ බහුතරය විශාල පිරිසක් එකතුවෙන්න පුළුවන් සුළුතරයක් එයින් වෙන්වේවි. මේ අදහසයි යෝජනාවයි මං මේ මාවතේ, කොහොමද පියමන් කරන්නේ කියන කාරණේදී එසේ කටයුතු කරන්න කැපවුනොත් පමණයි අපි මියගිය ජීවිතවලට අර්ථයක් දුන්නා වෙන්නේ.

මා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ, ඒ සඳහා කැප වෙන්න කියන එක.”     




2019-05-19
Advertisement

Find us on Facebook