English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


හමුදාපති මාධ්‍ය නිරුවත්කරයි!


මේ දිනවල හමුදාපතිවරයා ගැන විවිධ කතාවන් ඇති වෙයි. ඔහු මාධ්‍ය සඳහා සිදුකරන සාකච්ඡුාවන් හා හැසිරීම් සම්බන්ධයෙන් විවිධ අදහස් මතු වී තිබේ. එමෙන්ම ඔහු තමන්ගේ සීමාවන් ඉක්මවා යටයුතු කරන බවට මත පළ වුනා. විශේෂයෙන්ම අමාත්‍යවරුන් ගැන, වෙනත් දේශපාලන කරුණු ගැන ඔහු අදහස් ප‍්‍රකාශ කරද්දී මේ විවේචනයන් මතු විය.

පසුගිය දින වල මැදහත් දේශපානඥයන්, සමහර ආගමික නායකයන්්, විද්වතුන්, බුද්ධිමතුන් විද්යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජනතාව කුපිතවන, ජනතාව බිය වන පුවත් පළ කිරීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කළේ නෑත. නුමුත් ඒ කිසිවකට මාධ්‍ය සවන් දීමක් සිදු කළේ නෑ. රජය විටින් විට සමාජ මාධ්‍ය වාරණය කළ ද, විද්යුත් මාධ්‍ය වරණය කිරීමක් හෝ නියාමනයක් සිදු කළේ නෑත.

නමුත් මාධ්‍යයන්හී වීරයාව සිටි හමුදාපතිවරයා විසින් පසුගියදා මාධ්‍ය හමුවක් අවස්ථාවේදී මාධ්‍යයන්ට තමන්ගේ රගපෑම නවත්වන ලෙස කරණ ලද විවේචනය ඉතා වැදගත් ප‍්‍රකාශයකි. මේ ප‍්‍රකාශය කිරීමට ඔහු ප‍්‍රමාද වූ නමුත් මේ අවස්ථාවේදී හෝ ඔහු එය සිදු කිරීම ඉතාමත් වැදගත්. මේ ප‍්‍රකාශයෙන් පසුව හමුදාපතිවරයා වෙත මාධ්‍යයන් දක්වන ආකල්පය අපට දැකගැනීමට හැකි වනු ඇත.



මේ එම මාධ්‍ය හමුවේදී හමුදාපති ලූතිනන් ජෙනරල් මහේෂ් සේනානායක විසින් එම මාධ්‍ය හමුවේදී දක්වන අදහස්.

'අවසානයේ දී යම් යම් සීමාවන් තුළ කටයුතු කිරීමට මාධ්‍යයන්ට ඉල්ලීමක් සිදුකරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් පසුගිය දා මාධ්‍ය වාරණයක් ගැන මම කතා කළේ නෑ. මම කතා කළේ මාධ්‍ය වරණයක් ගැන. මේ රට අවුරුදු තිහක් යුද්ධ කරපු රටක්. මේ රට අවුරුදු දහස් ගාණක් කඩු සටනේ යෙදුණු රටක්. මේ රට අංගම් පොරවල යෙදුණු රටක්. මේ රටේ ඉන්න ජනතාව අපි කණගාටු වෙනවා බොර 12 තුවක්කුවක්, බෝර 16 තුවක්කුවක් දැක්කම එයාර් රයිෆලයක් දැක්කම කණගාටුවට පත් වෙනවා නම්. මම රජයට ලිඛිතව ලිව්වේ හමුදාපති හැටියට. මම ලිව්වේ මාධ්‍ය වාරණය කරන්න කියලා නෙමෙයි. රගපෑම නවත්වන්න කියලා.

එක දවසක් මම දකිනවා මාධ්‍යයක පාරේ වැටිලා තිබිලා බෝර 12 තුවක්කුවක පතුරමක් හම්බවෙනවා. ඒ පතුරම හම්බවුනු එක නිල ඇඳුම් ඇඳගත් තුන්දෙනෙක් විනාඩි ගාණක් ඒක පෙන්නුවා. හරියට ආර්.පී.ජී. 10 ක් හොයාගත්තා වගේ. ඒ වගේ පතුරම් දෙහිඅත්ත කණ්ඩිය පැත්තේ, මහා මූකලානේ ගමන් කළාමත්, වැද්දොත්ගේ අතින් පාරේ වැටිලා තියෙනවා. ඒකේ කලබල විය යුතු දෙයක් නෑ. ෂොට්ගන් පතුරම් 15 ක් හොයාගත්තම, එයාර් රයිෆල් තුනක් හොයාගත්තම, මේස උඩ තියලා විනාඩි ගණනක්, නිල ඇඳුම් ඇඳගත්ත අය 15 දෙනෙක් විතර වටවෙලා මේක පෙන්නුම් කරනවා හැමවෙලාවෙම.

මේවා හැමදාම හම්බවෙනවා හෙටත් හම්බවේවි. මේ වෙලාවේ අපි වැටලීම් කරන්නේ මුස්ලිම් අයගේ ප‍්‍රදේශ. මම දන්නවා විශේෂයෙන්ම සිංහල, දෙමළ අයගේ ප‍්‍රදේශ අපි වැටලූවොත් මීටත් වඩා දේවල් තියෙයි. ඒකයි මම එහෙම කිව්වේ.

එකම දේ නැවත නැවත පෙන්වීිමෙන් මේ තත්ත්වය ඇතිවෙලා තියෙනවා. ඇයි මේ කඩු ආවේ? ඒ ගැනත් හොයා බලන්න  ඕනා. 2014 අපිට අලූත්ගම සිද්ධියක් වෙනවා. අපිට බේරුවල සිද්ධියක් වෙනවා. අපිට දිගන සිද්ධියක් වෙනවා. දැන් අපිට සිද්ධියක් වෙනවා. ආත්මාරක්ෂාව කියන එකත එක්තරා හේතුවක්. ඒ වගේම හේතුවක් තමයි තණ කොළ කපන එකත්.

වචනේ ගැටළුව තියෙන්නේ. අවි පෙට්ටියක්. අවි පෙට්ටගමක් වගේ දෙයක් ගැලපෙනවා. පිහි තොගයක්. කඩු ගබඩාවක්. මගේ ගෙදරම කඩු පහක්ද කොහෙද තියෙනවා? මම සේනානායක. පරම්පරාගතව කඩු තිබිලා තියෙනවා. විහිළුවට කිව්වට ඇත්තටම තියෙනවා. අපේ රට කඩු ගත්ත ජාතියක්. විජය කුමාරයා එනකොටත් කඩුවක් අරගෙන ආවේ. එදා ඉඳන්ම කඩු තිබිලා තියෙනවා.

ඔබ අහන්නේ මේ දේවල් හමුදා වලින්මයි. උත්තරය හමුදාවේ නෑ. මේක ජාතික සැලැස්මක් තුළ සිදුවිය යුතු දෙයක්. පොඩි උදාහරණයකට, මේ රටට මුදල් එනවා නම්, මහ බැංකුවෙන් හරි කොහෙන් හරි මේක අධීක්ෂණය වෙන්න  ඕනා. එන මුදල මොකක්ද? කරන්නේ මොකක්ද? කව්ද පාවිච්චි කරන්නේ කියලා. ඔබ දන්නවා මටත් වඩා, රුපියල් ලක්ෂයක් බැංකුවට ගිහින් දාන්න ගියාම, ඔබෙන් අහනවා ලක්ෂය හම්බවුනේ කොහෙන්ද කියලා. කෝටි ගණන් ආහම අහන්නේ නැත්නම් එතන ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ ප‍්‍රශ්නෙට විසඳුමක් හොයන්න  ඕනා. ඒක හමුදාපතිගේ විසඳුමක් නෙමෙයි.

නැව් එනවලූ, බෝට්ටු එනවලූ. කන්ටේනර් පිටින් බඩු එනවලූ. ඒක කරන්න  ඕන රේගුව. ඒක යුද හමුදාපති නෙමෙයි. ඒක ගැන දැනුමක් නැති නිසා ඒ සියල්ල මං වගේ කෙනෙක්ගෙන් අහනවා.'




2019-05-18
Advertisement

Find us on Facebook