English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රාජිනී තිරාණගම 25 වන සැමරුම සැප්.20-21 යාපනයේදී…

උතුරේ ප‍්‍රමුඛ පෙළේ මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක, වෛද්‍යවරියක මෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යවච්ඡේද විද්‍යා අංශයේ එවකට ප‍්‍රධානියා ද වූ වෛද්‍ය රාජිනී තිරාණගම අදින් වසර 25 කට පෙර, එනම් 1989 වසරේ එක්තරා දිනෙක ඇගේ නිවෙස ඉදිරිපිටදී ඝාතනය විය. ඇය විසින් ප‍්‍රමුඛත්වය දැරුවා වූ සමාජයට එකී ඝාතනය මගින් ඇති කළ බලපෑම අතිමහත් වන අතර, එසේම එය මෙරට වැසියන් දස දහස් ගණනකට මරණයේ භිතිකාව ඇති කරමින් ඇදී ගිය බිහිසුණු කි‍්‍රයාකාරකම් රැුල්ලෙහි ආරම්භය සංකේතවත් කරන්නක්ද විය.

උතුරේ උපත ලබා එහිම හැදී වැඩුණා වුවද, රාජිනී විවාහ වූයේ දකුණේ දේශපාලන කි‍්‍රයාකාරිකයෙකු සමගය. එසේ තිබියදීත්, උතුරේ ජනතාව වෙනුවෙන් සිය හඬ අවදි කිරීමේ අතිශය භයානක කාලීන කර්තව්‍යයෙහි නිරතවන්නට තරම් ඇය නිර්භීත විය. ඒ නිර්භීතභාවය නිසාවෙන්ම ඇය යාපනය විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් සඳහා වූ ආචාර්යවරු නම් සාමූහිකයේ ආරම්භක සාමාජිකාවක් වූ අතර උතුරු නැගෙනහිර යුද්ධයට සම්බන්ධ සියලූම පාර්ශ්වවල කෲරත්වය හෙළිකළ ‘බිඳුණු තල් රුක’ ග‍්‍රන්ථයේ සම-ලේඛිකාවක්ද වූවාය.

රාජිනී තිරාණගම සැමරීම සඳහා සැප්තැම්බර් 20 වනදායින් ආරම්භ කරනු ලබන වැඩසටහන් ගණනාවක් පැවැත්වීමට මේ වනවිට කටයුතු සම්පාදනය වී ඇත. ඉන් එක් වැඩසටහනක් සැප්තැම්බර් 20 වන දින යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේදී පැවැත්වෙනු ඇති අතර එදිනට රාජිනී තිරාණගම සැමරුම් හමුවද එදිනම සවස්භාගයේ සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සාමූහිකත්වයේ අභිලාෂයන් උදෙසා පවත්වන පා ගමනද පැවැත්වෙනු ඇත.

සැප්තැම්බර් 21 වනදා යාපනය විශ්වවිද්‍යාලයේ කෛලාසපති ශාලාවේදී රාජිණී තිරාණගම සැමරීම සඳහා වන දෙවැනි වැඩසටහන පැවැත්වෙනු ඇත.  

ඒ‘වඩාත් සාධාරණ සහ   ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක්’ යන තේමාව යටතේ පැවැත්වෙන සැමරුම් දේශනයකි.

tiranagama

                                                         උපුටා ගැනීම  -  සමබිම ........................

-MMP



2014-09-19
Advertisement

Find us on Facebook