English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පුද්ගල නීති වෙනස් කරන්න ඕන ප‍්‍රවේසමෙන් - ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න


පුද්ගල නීති වෙනස් කරන්න  ඕන ප‍්‍රවේසමෙන්
ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

”මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයට පුද්ගල නීති යටත් කළ විට, ඒ නීතිවල මුලික අයිතිවාසිකම් වලට විරුද්ධ නීති මොනවද කියලා බලන්න වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. ශේ‍්‍රෂ්ඨාධිකරණයේ තීරණය මුළු රටම පිළිගනියි. මෙවැනි ආකාරයට තමයි වෙනස්කම් කරන්න  ඕන නැතුව සියළුම පුද්ගල නීති අහෝසි කරන්න  ඕනා කියලා කියන්න ලේහෙසියි. ඒකෙන් තවත් ප‍්‍රශ්න මතුවෙනවා ඒ ජනකොට්ඨාශයට.”

ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මේ අදහස් පළ කරන ලද්දේ එක්සත් වාමාංශික පෙරමුණ විසින් 2019 මැයි මස 13 වෙනි දින රාජගිරිය සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විසින් පවත්වන ලදි මාධ්‍ය හමුවේදීය. මේ මාධ්‍ය හමුව සඳහා ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්නට අමතරව ජේෂ්ඨ නීතිඥ ලාල් විජේනායක, සහ චමීර පෙරේරා සහභාගි විය.



ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

මුහුණත් සම්පූර්ණයෙන්ම වහන බුර්කාව පිළිබඳ ප‍්‍රශ්නය ගැන කතා කළොත්, මම නම් ඒක දැක්කේ ස්තී‍්‍රන්ගේ මානුෂිකභාවය, මනුෂ්‍යයත්වය නැති කරන පැළඳුමක් හැටියටයි. දැන් ඒ පිළිබඳව එකඟත්වයක් ඇති වෙලා තියෙනවා. මුහුණ වැසෙන ආකාරයේ ඇඳුම් සමාජයේ නොතිබිය යුතුයි. එතන ආරක්ෂක ප‍්‍රශ්නයක් තියෙනවා. හදිසි නීති රෙගුලාසියක් ගෙනාවා. දැන් මෙය තවදුරටත් ප‍්‍රමාද නොකර හැකිතාක් ඉක්මනින්, රටේ සාමාන්‍ය නීතිය බවට පත් කළ යුතුයි. මොකද අපේ රටේ ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දය අනුව  ඕනම කෙනෙකුට  ඕනම ආගමක් අදහන්න පුළුවන්. නමුත් ඒ ආගම ප‍්‍රගුණ කිරීමේ දී සහ ආගමීක කටයුතු ප‍්‍රසිද්ධියේ කරන කොට, සමාජයේ  ඕනෑ එපාකම් වලට පටහැනිව සිදු කරන විට එය ආරක්ෂාවට තර්ජනයක් වෙනවා නම්, සාධාරණ සීමාවන් ඇතුළත් කළ හැකි විය යුතුයි.

මේ දවස් වල සාකච්ඡුා වෙන දෙයක් තමයි පුද්ගල නීති පිළිබඳව. මුස්ලිම් නීතිය සම්පූර්ණයෙන් අහෝසි කරන්න  ඕනා කියලා සමහරු කියනවා. මම පිළිගන්නවා මුස්ලිම් නීතියේ කරුණු ගණනාවක් තියෙනවා අපේ රටේ මානව හිමිකම් වලට පටහැනි. අපේ මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයට පටහැනි. විශේෂයෙන්ම අඩු වයසින් විවාහවීම. එම විවාහයට තමන්ගේ කැමැත්ත නැතිව තමන්ගේ බාරකාරයට පුළුවන් කාන්තාවන් වෙනුවෙන් කැමැත්ත දෙන්නට. ඒ වගේම කාතිබරුන් ලෙස පත්වීමට කාන්තාවන්ට ඉඩක් නෑ.

අපිට සම්ප‍්‍රදායික නීති තිබෙනවා අපි කැමති වුනත් නැතත්. උඩරට නීතිය තියෙනවා. උඩරට නීතිය තමයි පැරණි සිංහල නීතිය. උඩරට නීතියේ හොඳ දේවලූත් තියෙනවා. නරක දේවලූත් තියෙනවා. කාන්තාවන්ට දේපල අනුප‍්‍රාප්තිය පිළිබඳව නීතිය අසාධාරණයි කාන්තාවන්ට. නමුත් හොඳ දේවලූත් තියෙනවා. එක හොඳ දෙයක් තමයි වැන්දඹු කාන්තාවකට, කාන්තාවන්ට ලැබෙනවා පුරුෂයාගේ දේපල පිළිබඳව, ජීවිත බුක්තිය. ඊළගට දිස්කසාදය සම්බන්ධව උඩරට නීතියේ යටතේ දික්කසාදයක් ලබාගැනීම පහසුයි පුරුෂයාටයි, ස්ති‍්‍රයටයි එකට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදාවෙනවා නම්.

නමුත් සුද්දා අපට දීලා ගිය නීතියේ හොඳ පැති තියෙනවා. විශේෂයෙන්ම අනුප‍්‍රාප්තිය පිළිබඳව බැලීමේදී ස්ති‍්‍රයට හා පුරුෂයට සමාන අයිතිවාසිකම් තියෙනවා. කැමති නම් සාමාන්‍ය නීතියේ යටතේ ක‍්‍රමයක හොයාගන්න පුළුවන් වෙන්වෙන්න. එක් පාර්ශ්වයක් කියනවා නම් මම කාවදාවත් දික්කසාදයක් දෙන්නේ නැහැයි කියලා එහෙම නම් නීතියට අනුව කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තේසවලාමේ නීතිය. එහි තියෙනවා, කාන්තාවන්ට බෑ තමන්ගේ දේපල ගැන තීරණයක් ගන්න බෑ පුරුෂයාගේ කැමැත්ත නැතුව. තේසවලාමේ නීතිය ආගමික නීතියක්වත්, එක ජනකොටසකට අයත් නීතියක්වත් නෙමෙයි. එය ප‍්‍රාදේශීය නීතියක්.
දැන් මතුවෙලා තියෙන ප‍්‍රශ්නෙට විසඳුම, සියළුම පුද්ගලික නීති අහෝසි කරන එක නෙමෙයි. යම් කිසි ජනකොට්ඨාශයකට අයත් පුද්ගල නීතියක් අහෝසි කරනවා නම් සම්පූර්ණයෙන්, අහෝසි කරන උත්සාහ ලෙහෙසි වෙන්නේ නැහැ. එකක් ඒක පාර්ලිමේන්තුවේ විවාද ගත කෙරෙන්නේ නැහැ. අනික මගේ මතය අනුව ඒ සඳහා ජනමත විචාරණයක් පවා තියන්න වෙනවා. නමුත් මේ නීතිවල තියෙන අපේ ව්‍යවස්ථාවේ මානව හිමිකම් පරිච්ෙඡ්දයට විරුද්ධ දේවල් සංශෝධනය කළ යුතුයි. ඒ ගැන කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ඒ පිළිබඳව අපේ ස්ථාවරය තමයි රටේ මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයට, පුද්ගල නීති යටත් කළ යුතුයි. මේක අපි හැමදාම දරණ මතය. අපි 1972 ව්‍යවස්ථාවේත්, 1978 ව්‍යවස්ථාවේත් ප‍්‍රධාන දුර්වල කමක් තමයි, පවතින නීති දිගටම පවතිනවා. වැරදි නීති දිගටම පවතිනවා මූලික අයිතිවාසිකම් වලට පටහැනි වුවත්. අලූතින් හැදෙන නීති විතරයි මූලික අයිතිවාසිකම් වලට අනුව සකස් විය යුත්තේ. ඒක විශාල ප‍්‍රශ්නයක්.

පසුගිය දවස්වල ආණඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මූලික අයිතිවාසිකම් අනුකමිටුවේදී මම මේ යෝජනාව ඉදිරිපත් කළා. එනම් අලූත් ව්‍යවස්ථාවක් සකස් කරනකොට, තිබෙන සියළුම නීති මූලික අයිතිවාසිකම් වලට යටත් කියලා. මම කණගාටුයි කියන්න ඒ සමාජිකයන් 11 දෙනාගෙන් මට සහය දුන්නේ තව දෙදෙනයි. අනික් අය කිව්වා නෑ මේක පාර්ලිමේන්තුුවේ කාර්යයක්. පාර්ලිමේන්තුවේ මේවා වෙන්නේ නෑ කවදාවත්. මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයට පුද්ගල නීති යටත් කළ විට, ඒ නීතිවල මුලික අයිතිවාසිකම් වලට විරුද්ධ නීති මොනවද කියලා බලන්න වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. ශේ‍්‍රෂ්ඨාධිකරණයේ තීරණය මුළු රටම පිළිගනියි. මෙවැනි ආකාරයට තමයි වෙනස්කම් කරන්න  ඕන නැතුව සියළුම පුද්ගල නීති අහෝසි කරන්න  ඕනා කියලා කියන්න ලේහෙසියි. ඒකෙන් තවත් ප‍්‍රශ්න මතුවෙනවා ඒ ජනකොට්ඨාශයට. ඒ අය අහයි අපිට අදාල නීති වෙනස් කරන්න ඔයගොල්ලෝ කව්ද කියලා ? ප‍්‍රායෝගික සහ වඩාත් සුදුසු දේ තමයි. විශේෂයෙන් මූලික අයිතිවාසිකම් පරිචේෙඡ්දට මේ නීති යටත් කිරීම. 



2019-05-15
Advertisement

Find us on Facebook