English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නීතියට ගරු කරන්න. නිරායුධ මුස්ලිම් ජනතාව සුරකින්න - අතිගරු ඩිලෝරාජ් කනගසබේ රදගුරුතුමා


නීතිය ගරු කරන්න. නිරායුධ මුස්ලිම් ජනතාව සුරකින්න
අතිගරු ඩිලෝරාජ් කනගසබේ රදගුරුතුමා
කොළඹ දියෝකීසිය

අද දින කොල්ලූපිටිය මෙතොදිස්ත මූලස්ථානයේදී කි‍්‍රස්තියානි, මුස්ලිම් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වුනා. එහිදී පසුගිය දින කිහිපය තුළ පවතින ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ගැන ලංකා සභාවේ කොළඹ දියොකීසියේ රදගුරුතුමන් වන අතිගරු ඩිලෝරාජ් කනගසබේ රදගුරු තුමා, ශී‍්‍ර ලංකා මොතෝදිස්ත සභාවේ අතිගරු ආසිරි පෙරේරා රදගුරුතුමා, මුස්ලිම් විද්වත් සංවිධානයේ මවුලවී ෆාරුක් ෆාරුක් විසින් මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. මෙහිදී කොළඹ රදගුරු ඩිලෝරාජ් කනගසබේ විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ අදහස් ඉදිරිපත් කළා.

 

මේ වගේ මොහොතකදී අපි සියළු ශී‍්‍ර ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සියලූම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින් වැලකී, කරුණාකර නීතියට ගරු කරමින් කි‍්‍රයා කරන ලෙසයි. සාමය පමණක් මේ දේශය තුළ පැවතීමට ඔබගේ දායකත්වය, කරුණාකර ලබා දෙන්න. ආදරණීය ජනතාවනී, සෑම මුස්ලිම් භක්තිකයෙක්ම, ත‍්‍රස්තවාදියෙකු නොවන බව, කරුණාකර සිතට ගන්න. මුස්ලිම් ජනතාවට අවශ්‍ය රැුකවරණය ලබා දෙන්න කියා මා කාරුණිකව මේ වෙලාවෙදි ඉල්ලා සිටිනවා.

ඇතැම් විනාශකාරී. ප‍්‍රචණ්ඩ හා අනුවණ කිහිප දෙනෙකුගේ කි‍්‍රයාවන් නිසා අප රටේ මුස්ලිම් ජනතාවට ලේ වැගිරීම්, ශරීර හානි හා හිත් රිදීම්වලට මුහුණ දීමට සිදුවී ඇති බව රදගුරුතුමන් ප‍්‍රකාශ කළහ.

නීතිය කිසිසේත්ම අනුමත නොකරන අතර පැරණි ඇත්දැකීම් පසුබිම මත ඔවුන්ව ආරක්ෂා කිරීමට කවුරුත් නොමැති යැයි සිතන විට මුස්ලිම් ප‍්‍රජාව තමන්ව, තම බිරින්දෑවරුන්ව, තම මව්වරුන්ව, තම සහෝදරියන්ව සහ තම දරුවන්ව ආරක්ෂා කිරීමට ඉදිරිපත්වීම පුුදුමයක් නොවන බව රදගුරුතුමන් කියා සිටියහ.

මේ අතර සෑම පුරවැසියෙකුගේම ජීවිත හා දේපොළ සුරැුකීම සඳහා පක්ෂ භේදයකින් තොරව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

මෙම අදහස එතුමන් ත්‍රෛභාෂිකව ඉදිරිපත් කළා. ඉන් අනතුරුව ගෞ. ආසිරි පෙරේරා රදගුරුතුමන් දහ මව්ලවී ෆාරුක් අතර මේ අවස්ථාවේදී ඉදිරිපත් වී තිබෙන ඉස්ලාම් ධර්මය සම්බන්ධ කරුණු රැුසක් මාධ්‍ය වෙත අණාවරණය වන අයුරින් සංවාදයක් ඉදිරිපත් කළා.

මෙම මාධ්‍ය හමුවේදී මතුවූ අදහස් වෙනම ඉදිරිපත් කරනු ලැබේ.   




2019-05-14
Advertisement

Find us on Facebook