English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුව භය වෙලා - ජ වි පෙ මානව හිමිකම් යයි !

රාජ්‍ය සේවකයින්ගේ මානව හිමිකම් උල්ලංඝණය වන ආකාරයෙන්, වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ උපදෙස් පරිදි අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන පී ඉලේපෙරුම යන අය විසින් ඌව පළාතේ සියලූම රාජ්‍ය ආයතනවල ජවිප සහ එජාප ක‍්‍රියාකාරින්ගේ නාමලේඛණයක් වහාම ලබාදෙන ලෙසට ඉල්ලූම්කළ ලිඛිත ප‍්‍රකාශයක් පදනම්කර ගනිමින්, ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය විම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් නායක සමන්ත විද්‍යාපතිරණ විසින් ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට අද(සැප් 19) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකොට නිර්දේශයක් ඉදිරිපත්කරන ලෙසට ඉල්ලා සිටිමින් ගොණුකළ පෙත්සම ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රි නීතිඥ සුනිල් වටගල මගින් ඉදිරිපත් කර ඇත.

නීතිඥ තුෂාර රණතුංග ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රි ලක්‍ෂමන් නිපුණආරච්චි සමඟින් වෘත්තීය සමිති නියෝජිතයින් ද කිහිපදෙනෙකු මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.

සන්ධානයේ මැතිවරණ ක‍්‍රියාවලිය මේවගේ පහත් තත්ත්වයකට වැටී ඇතැයි ප‍්‍රකාශකළ නීතිඥ සුනිල් වටගල සන්ධානයේ අපේක්‍ෂකයින් විසින් අංක ලංඡන සහිත සිල් රදේදේ සිට වතුර බෝතල්, උදළු තල, මහණ මැෂින් යනාදි භාණ්ඩ ගණනාවක් ඡන්දදායකයින් අතර බෙදා දුන් බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිව යමින් විවිධ ස්ථානවලදී රුපියල් 2500 බැගින් බෙදා දුන් බවත් ඒ සියල්ලෙන්ම පෙන්නුම්කරන්නේ සන්ධානයේ වියරු පරාජය බව යැයි කීහ. ඒ නිසා ම ජවිපෙ අපේක්‍ෂකයින් හට මෙවැනි තර්ජන ගර්ජන එල්ල කරන බවයි.



එහෙත් සුනිල් වටගල වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ”භය වෙන්න එපා. දැන් ආණ්ඩුව බයවෙලයි සිටින්නේ. කිසිම දෙයකට භයවෙන්න එපා. ජනතා විමුක්ති පෙරමුණ සිටිනවා ඔබව රකින්නට. ඒ නිසා, මොන තර්ජන ගර්ජන තිබුණත්, 20 වෙනිදා උදේ පාන්දරින්ම ගිහිල්ලා ඡන්දෙ දෙන්න. මේ නඩුවේ විභාගකරන්න දෙයක් නැහැ කිව්වා. මානව හිමිකම් කොමිසම මේ දැන්ම මේ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වෙනවා කිව්වා. මේ අයගේ කණ්ඩායමක් බදුල්ල මොණරාගල සැරිසරනවා, ඒ අය මේ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වෙන බවත් මැතිවරණ කොමසාරිස්වරයාටත් මේ බව දන්වා සිටින බවත් මානව හිමිකම් කොමිසමෙන් පැවසුවා. මෙවැනි සාදාචාර විරෝධි නිති විරෝධී ක‍්‍රියාවන්වල නිරතනොවි දැනට තිබෙන ඡන්ද ටික රැකගෙන ඉන්න කියා අපි කියන්න කැමතියි. මොකද ඌවේ ඉන්න මිනිස්සුන්ට තේරෙනවා මෙවැනි බාල වැඩ සම්බන්ධයෙන්.” යැයි නීතිඥ සුනිල් වටගල මාධ්‍යට ප‍්‍රකාශ කළේය.

-MMP




2014-09-19
Advertisement

Find us on Facebook