English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආරක්ෂිත පියවරයන් මැද රටේ තැනින් තැන දේව මෙහෙයන්


ආරක්ෂිත පියවරයන් මැද රටේ තැනින් තැන දේව මෙහෙයන්

අද ලංකාවේ බොහෝ දේවස්ථාන වලදේව මෙහෙයන් දැඩි ආරක්ෂාව මැද පැවැත්වුනා. කතෝලික හා කතෝලික නොවන දේවස්ථාන වල පැවති දේව මෙයෙහයන් සඳහා කලින් සැලසුම් කරන ලද ආරක්්ෂිත සැලසුම් කි‍්‍රයාත්මක විය. නමුත් බොහෝ දේවස්ථාන වල වෙනත් ඉරුදින පවත්වන දහම් පාසැල් පැවැත්වීමක් සිදු වූයේ නෑත.

පාස්කු ඉරිදා ප‍්‍රහාර වලින් දිවි අහිමි වූවන් අනුස්මරණය කරමින් දිවයින පුරා විවිධ ප‍්‍රදේශ වල විශේෂ පූජාවන් පැවැත්විණ.බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය සහ ති‍්‍රවිධ හමුදාව විශේෂ ආරක්ෂක විධි විධාන සලසා තිබිණ.


ගාල්ල ශාන්ත කළුවැල්ලේ මරියා ආසන දෙව්මැදුරේ පැවති විශේෂ දේව මෙහෙයට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ දකුණු පළාතේ ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ද එක්ව සිටියහ.

ආරක්ෂක විධි විධාන වලට අමතරව දේවස්ථානයේ පූජාවට සහභාගි වීමට පැමිණෙන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා කිතුනු බැතිමතුන් විසින් විශේෂ වැඩසටහනක් ද කි‍්‍රයාත්මක කර තිබුණු බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

දේව මෙහෙයෙන් පසු ප‍්‍රදේශයේ සහ දේවස්ථාන වල ආරක්ෂාව සම්බන්ධයෙන් රේමන්ඞ් වික‍්‍රමසිංහ රාජගුරු ප‍්‍රසාදීන් වහන්සේ ඇතුළු පියතුමන් ලා, වජිර අබේවර්ධන අමාත්‍යවරයා. ආණ්ඩුකාරවරයා සහ පොලිස් සහ හමුදා ප‍්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් ද පැවැත්විණි. මෙම සාකච්ඡුාව අතරතුර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ දුරකතනය ඔස්සේ රේමන්ඞ් වික‍්‍රමසිංහ රාජගුරු ප‍්‍රසාදීන් වහන්සේ සමග වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක නිරතවූයේය. යනුවෙන් ද නිවේදනයේ සඳහන් වේ.


කතෝලික දිව්‍ය පූජා පැවති ප‍්‍රදේශවල ඇතැම් මාර්ග වසා දැමීමට ද පොලිසිය හා ජනතාව පියවර ගෙන තිබුණු අතර, දේවස්ථන වෙත පැමිණෙන බැතිමතුන්ට ජාතික හැඳුනුම් පත රැගෙන ඒම අනිවාර්ය කර තිබුණි.

ආරක්ෂක හමුදා වලට සහය වීම සඳහා දේවස්ථාන මට්ටමින් නියෝජිතයන් පත් කර තිබිණි. ගමන් මලූ ඇතුළු භාණ්ඩ රැගෙන දේවස්ථාන වෙත නොපැමිණෙන ලෙසට කල් තියා ජනතාව දැනුවත් කර තිබූ අතර එසේ රැගෙන පැමිණි භාණ්ඩ හා ගමන් මලූ දැඩි පරීක්ෂාවකට ලක් කෙරිණි.

හලාවත ශාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිට හමුදා නිල ඇඳුමට සමාන කලිසමකින් හා යට බැනියමකින් සැරසී සිිටි පුද්ගලයෙකු හලාවත පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි .

මේ අතර මඩකලපුව සියෝන් දේවස්ථානයට එල්ල වූ ප‍්‍රහාරයෙන් පසු සභා සමාජික සමාජිකාවන් අද දිනයේ මඩකලපුව ප‍්‍රජ ශාලාවක දී ආරක්ෂාව මැද තමන්ගේ දේව මෙහෙය පැවැත්විය.

බී.බී.සී සිංහල වෙබ් අඩවිය හා අන්තර්ජාලය  අනුග‍්‍රහයෙනි.




2019-05-05
Advertisement

Find us on Facebook