English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


බලයක් තිබුණනම් මණ්ඩලයක් හරහා රට පාලනය කරනවා - ඒ.ටී.ආරියරත්න


බලයක් තිබුණනම් මණ්ඩලයක් හරහා රට පාලනය කරනවා - ඒ.ටී.ආරියරත්න

”ඇත්තටම මට බලයක් තිබුණා නම් මම මේ වෙලාවේ කරන්නේ අග‍්‍රවිනිශ්චයකාරවරයාගේ ප‍්‍රධානත්වයෙන් මණ්ඩලයකට බාර දෙනවා ආරක්ෂක අංශ වලින් දැන් ආරක්ෂිතයි කියන තුරු මේ රටේ පාලනය ගෙනි යන්න කියලා. සේවයක් කරන්න බෑ ඇඟිලි ගහනවා. පොලිසිය ගිහින් අත්අඩංගුවට ගත්තොත් අවි ආයුධ සහිත කෙනෙක්ව දේශපාලඥයින් ගිහිල්ලා බේරගන්නවා. කොහොමද රටක් ඉස්සරහට යන්නේ? පාලකයා ධර්මිෂ්ඨ වෙලා නැහැ. පාලකයා ධර්මිෂ්ඨ වෙන්න ඕනා.”



මුස්ලිම් සිවිල් සංවිධානය විසින් සහයෝගීතාවයට නැගී සිටින්න සහ ආගමට පෙර මනුෂ්‍යයත්වය යන මැයෙන් අපේ‍්‍රල් මස 21 වෙනි පාස්කු ඉරු දින ප‍්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට සහ  ඝෘතනයට ලක් වූ සියළු දෙනා සිහි කිරීම වෙනුවෙන් වූ විශේෂ සැමරුම් වැඩසටහනක් 2019 මැයි මස 04 වනි සෙනසුරාදා උදෑසන නිදහස් චතුරඝ‍්‍රයේ දී පැවැත්විනි. ඒ සඳහා කොළඹ ප‍්‍රදේශයේ මුස්ලිම් ප‍්‍රජාව විශේෂ උනන්දුවකින් සහභාගි වනු දක්නට ලැබිණි. විශේෂ ආරාධිතයන් ලෙස හමුදාපති මහේෂ් සේනානායක, ආගමික නායකයින් සහ ලංකාවේ සුවිශේෂී සිවිල් පුරවැසියන් පිරිසක් සහභාගි විය. එහිදී විශේෂ ආරාධනයක් ලබා පැමිණි සර්වෝදය නිර්මාතෘ ශී‍්‍ර ලංකාභිමාන්‍ය ආචාර්ය ඒ.ටී.ආරියරත්න විසින් දැක්වූ අදහස්.



ආගමික වැඩසටහන් වලින් ඵලක් තියෙනවද?

ආගමක් දේශනා ඛිරීම මගේ අරමුණ නෙමෙයි. අදට දවස් 13කට පෙර අප අතරින් අහිංසකයින් සිය ගණනක් දිවි හැර ගියා. තවත් සිය ගාණක් තුවාල වුනා. ඒ අවස්ථාවේ ඉඳලා මේ වෙනතුරු අපට පුළුවන් දෙයක් කරන්න හදන සංවිධානයක කෙනෙක් හැටියට, මා මේ ආරාධනය පිිළිගෙන මෙතනට ආවා. මම ඇත්ත කියන්න ඕනා. මේ වගේ රැුස්වීම් දහයක් පහළොවක් නෙමෙයි, සිය ගණනක්, ලංකාවේ හැම තැනම පවත්වලා, සාමූහික භාවනා කරවලා, යුද්ධය අස්සේ අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරියට, සියළුම ආගමික අය දස ලක්්ෂයක් විතර එකතු කරලා, වැඩසටහන් අපි කළා. ඒත් ඒකෙන් වැඩක් වුනේ නෑ. ඒකෙන් කියන්නේ නැහැ ඉදිරියට කරුණාව, මෛති‍්‍රය ගැන කතා කරන්න එපා කියලා. ඇත්ත වශයෙන්ම කතා කරන්න  ඕනා. ඒකට තමයි ආගමික නායකයින් ඉන්නේ. ඒකට තමයි ආගම් තියෙන්නේ. නැත්නම් ආගම් වලින් ඇති වැඩක් නැහැ.


මෛති‍්‍රයෙන් සකල ලෝකය දෙස බලමු ? 

ඊයේ ප‍්‍රවෘත්ති වලට කියනවා. තවත් 120 දෙනෙක් අල්ලගත්තලූ. ඒ කියන්නේ සති දෙකකට කලින් සිදුවුණු දේ ඉවරයි කියලා කියන්න බෑ. මේ නිසා ප‍්‍රථමයෙන්ම අපි හැමදෙනාටම මේ මොහොතේ ඉඳලා අපේ චිත්තාභියාවකාශය සුද්ධ කරන්න ඕනා. අපි මෙතන ඉඳලා ඉවර වෙලා, ගෙදරට ගිහිල්ලා, අපේ ස්ථානයන්ට ගිහිල්ලා, වෙනදා වගේම අපේ ජාතිය, අපේ කුළය, අපේ ආගම, අපේ දේශපාලනය, කියන ලේබල් ටික රැුක ගන්න ගියොත්, චිත්තාභියාවකාශයේ අපිරිසිදුකම දිගටම පවත්වනවා. අපි දැන් ඔක්කෝම එකට එකතු වෙලා ඉන්නවා. අපි හැම දෙනෙක්ගෙන්ම සිතෙන් සිතිවිල්ලක් පිටවෙනවා. ඒ සිතිවිලි එකට එකතු වුනාම, වාතය එකතු වෙලා සැරිසැරනවා වගේ, චිත්තාභියාවකාශයත් සැරිසරනවා. ඒ චිත්තාභියාවකාශයේ ඇති වෙන්නේ එක්කෝ වෛරය, ක්‍රෝධය, ආශාව ආදිය මුල්වෙලා එහෙමත් නැත්නම් කැපවීම, පරිත්‍යාගය, මෛති‍්‍රය ආදිය මුල්වෙලා. ඒ නිසා අපි හැමදෙනාටම පුළුවන් නම්, ජීවත් වෙන හැම මොහොතකම, අපේ හිතෙන් මා මේ සොබා දහමේ කොටසක්, මේ තියෙන ගස් කොළන් ආදිය, පියාඹන සතුන්,අවට ඉන්න සත්තු, පුංචි සතෙක්, මනුෂ්‍යයෙක් පවා පන තියෙන කෙනෙක් විදියට. ඒක ඉතා වැදගත්. මේ හැම කෙනෙක්ටම හිතෙන් මෛති‍්‍රය දෙන්න ඕනා. මේ ජීවයේ කෙනෙක් හැටියට මෛති‍්‍රය කරන දහම, තියෙනවා නම් ඔය අනික් ලේබල් ගලවලා දාන්න පුුළුවන්. හැබැයි මෛති‍්‍රය විතරක් ඇති වැඩක් නැහැ. මෛති‍්‍රය තියෙන පුද්ගලයා කම්පා වෙන්න ඕනා අනික් අයගේ දුක දැකලා.

තම ආගමික විශ්වාසයට එහා යන ගමනක්

මේ වෙලාවේ අපි කළ යුත්තේ මෛති‍්‍රය කරුණව දරාගෙන මේ විපතට පත් පවුල් හොයාගෙන ගිහිල්ලා කාදිනල්තුමාගේ අවවාද අනුශාසනා ඇතිව, අපට පුළුවන්කම තියෙන්න ඕනා, ඒ අයට හැකි පිහිටක් දෙන්න. අපි ඒ වැඬේ කරනවා. අපි හැමෝම ඒ වැඬේ යෙදෙන්න ඕනා. නැත්නම් ඉඳලා හිටලා මෙහෙම දෙයක් වුනාම ඇවිල්ලා අපේ ජාතිය රැුක ගනිමු. පවුලත් දේශයත් රැුක ගනිමු. ලක්වැසියන් වගේ සිටිමු කියලා කියන දේවල් බොරු. ඒවා හදවතින් කියන්න. මගේ නෑ ලේබල්. මම බෞද්ධයෙක් කියලා කියනවා. මම විශ්වාස කරනවා තුරුණුවන්. මම විශ්වාස කරනවා පටිච්ඡු සමුප්පාද ධර්මය. ඒ විශ්වාසය උඩ මම විසි හතර පැය ගෙවනවා. මට කිසි කෙනෙක් පේන්නේ නෑ ඉස්ලාම් භක්තිකයෙක්, බෞද්ධයෙක් විදියට. ඒ නිසා මම ඉල්ලන දේ තනි තනිව ආගම ආධ්‍යාත්මික දියුණුවට මාවතක් කියලා හිතාගෙන අපි හැමෝම හිතන්න ඉස්සෙල්ලා, මුළු ලෝක සත්වයා කෙරෙහිම මෛති‍්‍රයක් ඇති කරගන්න ඕනා.



අපේ නායකයෝ බිය ගුල්ලෝ

මේ රටේ නායකයෝ කියන්නේ බය ගුල්ලෝ. නැත්නම් අවි ආයුධ පිරිවරාගෙන ගමන් කරයිද? නායකයෝ බය නැති වෙන්න ඕනා.ඔය යුද්ධ කාලේ මම ගියා හැම තැනටම. හමුදාව මට කරදයක් කළෙත් නෑ. එල්.ටී.ටී.ඊ එක කරදරයක් කළෙත් නෑ. ඒ මොකද ඕනම වෙලාවක මගේ ජීවිතේ විවෘතයි අනෙක් අයව ජීවත් කරවන්න. එහෙම බැරි අයට නායකත්වය දෙන්න නරකයි. අද නායකයෝ ඉස්සෙල්ලම හදන්නේ තමුන්ම රැුකෙන්න. ඒකනෙ කියන්නේ මට බුලට් වදින්නේ නැති කාර් දෙකක් තියෙනවා. මම එකක් ඔයාටත් එවන්නම් කියන්නේ. නායකයන්ගෙ ආරක්ෂාව නෙමෙයි අවශ්‍ය ජනතාවගේ ආරක්ෂාව.

දැන් මේ වෙලාවේ පොලිසියත්, ආරක්ෂක හමුදාවන් නොහිටියනම් මෙතන අපිට රැස්වෙන්න පුළුවන් ද? රැස්වෙන්න බෑ. බයයි. ඒ කියන්නේ මොකක්ද අපිට මේ වෙලා තියෙන්නේ. අපේ චිත්තාභියාවකාශය අපිරිසිදු වුනා. ඒ නිසා මේ රට සාමයෙන් තිබීමට අවශ්‍ය කරන කාරණා කිහිපයක් අහිමි වුනා.



අතීත සංහිිඳියාව

අනික් එක තමයි අපේ ජන සාමයේ තියෙන අපේ අසල්වැසියන් එක්ක අපි එකයි කියන හැගීමෙන් තියෙන ජන නීතිය. ජන නීතිය තමයි එක. සාමාන්‍යයෙන් ජන නීතිය තීරණය වන්නේ තමන් අදහන ආගමික ප‍්‍රතිපත්ති උඩ. මේ නිසා මීට අවුරුදු ගානකට විතර එහා මට මතකයි අපේ පන්සලේ දායක සභාවේ හිටියා මුස්ලිම්වරු. ඔවුන්ගේ නම් හැදිලා තිබුණෙත් සිංහල මුල් නම් එක්ක. අපි සිංහල මුස්ලිම් කියලා වෙනසක් සිද්ධ වුනේ නෑ. සිංහල, දෙමළ, මුස්ලිම් අය අපේ ගමේ හිටියා. අපි කවදාවත් බෙදුණේ නැහැ.



මුස්ලිම් ජනතාව සහ මැදපෙරදිග මුදල්

පහුගිය කාලේ මුස්ලිම් අයගේ වෙනසක් සිදුවුනා. දැන් ඒගොල්ලෝ පණිඩිතකම් කතා කරලා හරියන්නේ නැහැ. මැද පෙරදිගින් ආපු සල්ලි වලින් තමයි ඔවුන් වැඩිපුර නරක් වුණේ. මැද පෙරදිග සල්ලි මෙහේ වැහි වළාවක් වගේ එන්න පටන් ගත්තා. මැද පෙරදිග සල්ලි වලට අනික් ඔක්කෝම යට වුනා. ඒ සල්ලි නිසා ඔවුන්ගේ ජාතිය,ආගම මතුවුනා. රට පුරා මිනිස්සුන්ගේ සැකක්, බයක් ඇති වුනා. පොඩි පන්සලක් වෙනුවට විශාල මුස්ලිම් පල්ලියක් ගොඩනැගෙනවා. ඒ නිසා සාමාන්‍ය ජනතාවට මේ ගැන විමතියක් ඇති වුනා. කරුණාකරලා ඔය සල්ලි මුළු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන්ම කැප කරන්න. ඒ මම දෙන එක අවවාදයක්.



ත‍්‍රස්තවාදියාට පිළිතුරු දීම

දෙවෙනි එක. ඇමතිවරයෙක් කියලා තිබුණා තණකොළ කපන්න කඩු ගෙනල්ලා තිබුණා කියලා. මේ වගේ විකාර කතා කියන්නේ නැතුව, කඩුවක් දෙකක් තියාගන්නවා තණකො කපන්න. මුස්ලිම් ජනතාව එකට එකතුවෙලා සදහටම ඉස්ලාම් ධර්මයේ ගෞරවය ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න ඕනා. ත‍්‍රස්තවාදීන්ට ආගමක් නැහැ. මුස්ලිම් ත‍්‍රස්තවාදීන්, බෞද්ධ ත‍්‍රස්තවාදීන් කියන්න බෑ.ත‍්‍රස්තවාදියා, ත‍්‍රස්තවාදියා. ත‍්‍රස්තවාදියාට උත්තර දෙන්න තියෙනවා දණ්ඩ නීතිය, පොලිසිය, හමුදාවල්. එහෙම නැතුව රාජ්‍ය නීතිය, දණ්ඩ නීතිය, ජන නීතිය කියන තුනම එකට කි‍්‍රයාත්මක වෙන්න ඕනා. අද ජනතාවට ජන නීතිය පෙන්වන්න බෑ. මොකද අපි ආගම් වලින් බෙදිලා. මේ අවස්ථාව බොහෝම හොඳයි මොකද අපි එකට එකතු වෙලා ඉන්නේ.



මේ මොහොතේ රටට නායකත්ව දෙන්නේ කව්ද ?

රාජ නීතිය අද කි‍්‍රයාත්මක කරන්න බැරි කම තියෙන්නේ, වෘත්තීය වශයෙන් දේශපාලනය බාරගත්තු, නායකයෝ ටිකක් මේ රටේ බලය අල්ලගෙන ඉන්නවා. ඒ අයට ඕන ඒ අයගේ ආරක්ෂාව විතරමයි. මේක නවත්වන්න ඕනා. මේ අයට ඉල්ලා අස්වෙන්න බැරි නම්, කරුණාකරලා මේ දවස්වල කට පියාගෙන ඉන්න. ළමයින්ව ආරක්ෂාව කරන හැටි. පල්ලිය ආරක්ෂා කරන හැටි. මහජනයාට ඒවා කියන්න එපා. ඒ මොකද ඔහේලට පුරුදු ඔහේලා ආරක්ෂා වෙලා ඉන්න එක. මේ වෙලාවේ කාදිනල් මැල්කම් රංජිත් පියතුමා මහජනතාවට බුද්ධිමත්ව, හොඳ නායකත්වයක් දුන්නා. එයා මහජනතාවට කිව්වා පළිගන්න එපා කියලා. ඒ වගේ කි‍්‍රයාත්මක වෙන්න ඕනා අනික් ආගමික නායකයොත්. මේ ඇති වුනු අවස්ථාව නැවත කවදාවත් ඇති නොවන්නට, අපි වග බලාගන්න ඕනා.

දේශපාලකයන් නීතිය කි‍්‍රයාත්මක කිරීමට බාධා කරනවා

මේ රට කවදාවත් හදන්න බැරි. පක්ෂ දේශපාලනයයි. ඒක මේ රටින් තුරන් කරන්න ඕනා. ඇත්තටම මට බලයක් තිබුණා නම් මම මේවෙලාවේ කරන්නේ අග‍්‍රවිනිශ්චයකාරවරයාගේ ප‍්‍රධානත්වයෙන් මණ්ඩලයකට බාර දෙනවා ආරක්ෂක අංශ වලින් දැන් ආරක්ෂිතයි කියන තුරු මේ රටේ පාලනය ගෙනි යන්න කියලා. සේවයක් කරන්න බෑ ඇඟිලි ගහනවා. පොලිසිය ගිහින් අත්අඩංගුවට ගත්තොත් අවි ආයුධ සහිත කෙනෙක්ව දේශපාලඥයින් ගිහිල්ලා බේරගන්නවා. කොහොමද රටක් ඉස්සරහට යන්නේ? පාලකයා ධර්මිෂ්ඨ වෙලා නැහැ. පාලකයා ධර්මිෂ්ඨ වෙන්න ඕනා.  





2019-05-05
Advertisement

Find us on Facebook