English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ත‍්‍රස්තවාදී අරමුණ පුරවැසි සමාජය පරාජය කළා

ත‍්‍රස්තවාදී අරමුණ පුරවැසි සමාජය පරාජය කළා

”අපේ රටේ ඉතිහාසයේ පළමුවෙනි වතාවට පුරවැසියෝ සිහිබුද්ධියෙන් කටයුතු කරලා තියෙනවා.ඒ මර්ධනය රාජ්‍ය ආරක්ෂක අංශ වලට බාරදීලා කටයුතු කිරීම අපි ඉතාමත් සතුටු වෙනවා. එය ප‍්‍රසංසනීය තත්ත්වයක්. 2015ට පෙර මෙවැනි තත්ත්වයක් නිර්මාණය වුවා නම් මම හිතනවා 83 ටත් එහා ගිය විශාල කලබලයක් වෙලා, විශාල ජීවිත හානියක් වෙන්න තිබුණා. 2015 න් පසු මේ ඇති කරපු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස්කම, සාමය සංහිඳියාව ගොඩනැගීමේ ප‍්‍රථිළුලයක් විදියට අපේ රටේ පුරවැසියෝ සිහිබුද්ධියෙන් කටයුතු කරනවා. ත‍්‍රස්තවාදීන් බලාපොරොත්තු වුනු අනික් අරමුණු වෙතට ඔවුන්ට යන්න බැරි වුනා.”

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතු විසින් පසුගිය අපේ‍්‍රල් 30 වෙනි දින රාජගිරිය එන්.එම්.එස්.ජේ. හීදි වත්මන් අර්බුදකාරී තත්ත්වය ගැන පැහැදිලි කිරීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්විනි. මේ සඳහා එහි කැඳවුම්කාර මණ්ඩලයේ සමන් රත්නපි‍්‍රය, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, පිලිප් දිසානායක සහ චමීර පෙරේරා සහභාගි විය. එහිදී සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කාර මඩුල්ලේ පිලිප් දිසානායක මෙසේ අදහස් දක්වන ලදි.

”ඉතිහාසයේ පලමුවෙනි වතාවට තමයි ජාතියක් එල්ල කරලා කරපු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක දී මේ රටේ පුරවැසියෝ සිහිබුද්ධියෙන් කටයුතු කළේ. දැන් මේ සිද්ධිය වෙලා දින 10 කට ආසන්නයි. තවම එකම බරපතල සිදුවීමක්වත් වාර්තා වෙලා නෑ. මේ ප‍්‍රහාරකයන් බලාපොරොත්තු වුනා මේ ස්ථානවල සිදුවුනු ඝාතන, ඒ දේපල විනාශය සමගම ආර්ථිකයට කරන බලපෑම වගේම, තවත් අරමුණක් තිබුණා. ඒ මේ ඝාතනයන්ට ගොදුරු වුනු පුද්ගලයෝ ජාතීන් එකතු වෙලා අනෙක් ජාතීන්ට, එහෙම නැත්නම් මුස්ලිම් ජාතිකයන්ට, විශාල ප‍්‍රහාරයක් එල්ල කරයි කියලා. දැන් එවැනි ස්ථානත් ඉලක්ක කරලා තමයි මේ ප‍්‍රහාරය දියත් කළේ. කටුවාපිටිය ප‍්‍රදේශයේ විශාල මුස්ලිම් ප‍්‍රජාවක් ජීවත් වෙනවා. කොච්චිකඩෙත් එහෙමයි. මඩකලපුවත් එහෙමයි. ඒ ස්ථාන ඉලක්ක කරේ ත‍්‍රස්තවාදීන්. ඔවුන් බලාපොරොත්තු වුනා විශේෂයෙන් මිනිසුන් අවුස්සලා ඒ හරහා මීටත් වඩා විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදු වෙනවා දකින්න.

අපේ රටේ ඉතිහාසයේ පළමුවෙනි වතාවට පුරවැසියෝ සිහිබුද්ධියෙන් කටයුතු කරලා තියෙනවා.ඒ මර්ධනය රාජ්‍ය ආරක්ෂක අංශ වලට බාරදීලා කටයුතු කිරීම අපි ඉතාමත් සතුටු වෙනවා. එය ප‍්‍රසංසනීය තත්ත්වයක්. 2015ට පෙර මෙවැනි තත්ත්වයක් නිර්මාණය වුවා නම් මම හිතනවා 83 ටත් එහා ගිය විශාල කලබලයක් වෙලා, විශාල ජීවිත හානියක් වෙන්න තිබුණා. 2015 න් පසු මේ ඇති කරපු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස්කම, සාමය සංහිඳියාව ගොඩනැගීමේ ප‍්‍රථිළුලයක් විදියට අපේ රටේ පුරවැසියෝ සිහිබුද්ධියෙන් කටයුතු කරනවා. ත‍්‍රස්තවාදීන් බලාපොරොත්තු වුනු අනික් අරමුණු වෙතට ඔවුන්ට යන්න බැරි වුනා. අදටත් අපේ මුස්ලිම් සහෝදරවරු, අපේ මිතුරන්, අපේ ෆේස් බුක් එකේ දැක්කත් අපෙන් සමාව ඉල්ලනවා මේ ඇති වුනු තත්ත්වය ගැන. ඔවුන් කතෝලිකයන්ගෙන් සමාව ඉල්ලනවා. මේ සිදුවනු සිදුවීම ඔවුන් කිසිසේත් පිළිගන්නේ නැහැ. මේ සිදුවීමට සම්පූර්ණ විරෝධය දක්වනවා කියලා ඔවුන් කියනවා. එවැනි සංහිඳියාවක් අපිට ගොඩනැගීමට පුුළුවන් වීම හොඳ අවස්ථාවක් සහ එය වාසනාවන්ත තත්ත්වයක්.

හැමදාම මේ රටේ පාලනයන් කරපු රජයන් ආණ්ඩු දේශපාලන පක්ෂ හැම තිස්සෙම කළේ මෙවැනි සිදුවීම් කුළල් කාගන්න තත්ත්වයට නිර්මාණය කිරීම. පළමුවෙනි වතාවට දැක්කා මේ ආණ්ඩුව එවැනි වූ ජාතිවාදී බලවේග වලට යට නොවී, එවැනි ජාතිවාදීන්ට උඩගෙඩි නොදී සම්පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදියට මේ කටයුතු කරන්න උත්සාහ කිරීම. ඒක හොඳ ලක්ෂණයක්. පළමුවෙනි වතාවට තමයි මේ ජාතිවාදී තත්ත්වයෙන් රජයක්, ආණ්ඩුවක් මුදාගත්තේ. එය මේ රටේ පුරවැසියන්ගේත්, සිවිල් සමාජයත් මැදිහත්වීමත් නිසා ඇති වුනු තත්ත්වයක් කියලා කියන්න පුළුවන්. මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යා යුතුයි. විවිධ අඩුපාඩු මධ්‍යයේ වුනත් අපිට සිද්ධ වෙනවා මේ කි‍්‍රයාවලිය ඉදිරියට පවත්වාගෙන යන්න.



ඒ වගේම මේ අවස්ථාවේදී අපගේ ආරක්ෂක අංශ, පොලිසිය ඉතාමත්ම කාර්යක්ෂමව ඉතාමත්ම කෙටි කාලයක් තුළදී සිදුවීමට අදාල පුද්ගලයෝ,කි‍්‍රයාත්මක වුනු ස්ථාන ඇතුළු බොහෝ තොරතුරු හෙළිදරව් කරගත්තා. විරුද්ධ පක්ෂයෙන් ඉදිරිපත් කරන චෝදනාවන් පැය 24 ක් ඇතුළත බොරු බවට පත් කලා. ඒ අංශ අවුරුදු 30 ක යුද්ධයක අත්දැකීම් තුළ සහිත. විශාල පුහුණුවක් සහිත ආරක්ෂක අංශවල කි‍්‍රයාකාරිත්වය ඉතාමත්ම ප‍්‍රශස්ත මට්ටමක තිබුණා කියලා අපි හිතනවා. ඔවුන්ගේ මැදිහත්වීම නොවන්නට සමහර වෙලාවට පිඩාවට පත්වෙච්ච බලවේග යම්කිසි ප‍්‍රතිකි‍්‍රයාවන් දක්වන්නට ඉඩ තිබුණා. මේවැනි කි‍්‍රයාදාමයන් අපි දැකලා තියෙන්නේ ඉංගී‍්‍රසි චිත‍්‍රපටි වල. සිද්ධිය වෙලා පැය 3.4 ක් ඇතුළත සිද්ධිය මෙහෙයවපු ප‍්‍රධානතම ස්ථානය අල්ලලා ඊට අදාළ ඉතාම ප‍්‍රශස්ත මට්ටමක තිබුණා.

ආරක්ෂක අංශ වල බුද්ධි අංශ කොපමණ අඩපණයි කියලා කිව්වත් ඔවුන්ගේ කි‍්‍රයාකාරිත්වයත් ඉහළ මට්ටමක තිබුණා. බුද්ධි අංශයේ 06 ,08 දෙනෙක් වගේ කණ්ඩායමක් තමයි අපරාධ චෝදනා ලැබ අත්අඩංගුවේ ඉන්නේ. විශාල බුද්ධි අංශයක් දැනට කි‍්‍රයාත්මකයි. ඔවුන් සාර්ථකව කටයුතු කරලා තියෙනවා. හොයාගත්තු තොරතුරු මත කි‍්‍රයාත්මක වෙලා නැත්තේ අදාල දේශපාලන අධිකාරිය හා උසස් නිළධාරීන්. ඒ නිසා මෙම සිද්ධියේ වරද බුද්ධි අංශ වෙත පැවරීම සාධාරණ නැති බව ඔප්පු කළා. ඔවුන්ට චෝදනා එල්ල කිරීම මින් ඉදිරියට නොකළ යුත්තක් විදියට තමයි තියෙන්නේ. බුද්ධි අංශ ඔවුන්ගේ රාජකාරිය හරියාකාරව ඉෂ්ඨ කරලා තියෙනවා.

මේ රජයට තව මාස පහමාරක් හයක් පවත්වාගෙන යන්න තියෙනවා. රටේ ප‍්‍රධානීන් දෙදෙනාගේ අර්බුදය තවත් ඉදිරියයි කියලා අපි හිතනවා. එය සමනය වෙනවා නම් හොඳයි. මේ ආරවුල මැද වුනත් මේ ප‍්‍රශ්නය තවත් සංකීර්ණ වෙන්න නොදී පවත්වාගෙන යාම පිළිබඳව රජයට අපි ස්තුතිවන්ත විය යුතුයි.

සිවිල් සංවිධාන පාර්ශ්වයෙන් අපි දැන් සමනය වුනු මේ කි‍්‍රයාකාරිත්වය දැන් වර්ධනය කළ යුතු වෙනවා. ත‍්‍රස්තවාදීන් බලාපොරොත්තු වුනු භීතිය, කම්පාව මොහොතකට සමනය කරලා. නැවත රට කි‍්‍රයාත්මකවීම සහ සිවිල් සංවිධාන කි‍්‍රයාකාරිත්වය ශක්තිමත් කිරීම අපි ක‍්‍රම ක‍්‍රමයෙන් සිදු කළ යුතුයි. එයට මූලාරම්භයක් ලෙස පසුගිය දිනක අපි මියගිය අය සිහි කරලා නිදහස් චතුරඝ‍්‍රයේ අනුස්මරණ වැඩ සටහනක් කි‍්‍රයාක්මක කළා.”









2019-05-03
Advertisement

Find us on Facebook