English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජාතීන් කොටවපු, අන්තවාදීන් පෝෂණ කරපු ගෝඨාභයගේ ජාතික ආරක්ෂක ප‍්‍රතිපත්තිය
”බුද්ධි අංශ තොරතුරු ලබාදෙන අයට මුදල් ලබාදෙනවා. ඒක වෙන රටවල්වලත් සිද්ධ වෙනවා. ඔව් ඒක අපි දන්නවා. ඒත් වෙන රටවල නෑ තමන්ගේම රටේ ඉන්න ජාතීන් කොටවන, ඒ ජාතීන් අතර සිටින අන්තවාදීන්ට මුදල් ලබාදීලා,ඒ කල්ලි කල්ලි අතරත් ගැටුම් හදලා, ඒ ජාතින් අතරටත් ගැටුම් හදලා, ආරක්ෂාව තර කරපු, බුද්ධි අංශ තර කරපු, එහෙම නිලධාරීන් අපි දැකලා නෑ ලෝකේ. ගෝඨාභය කියන්නේ ඒවා කළේ ජාතික ආරක්ෂාව සඳහා. මේක නල්ල මලේ කතාවක්නේ.”

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතු විසින් පසුගිය 30 වෙනි දින රාජගිරිය එන්.එම්.එස්.ජේ. හීදි වත්මන් අර්බුදකාරී තත්ත්වය ගැන පැහැදිලි කිරීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්විනි. මේ සඳහා එහි කැඳවුම්කාර මණ්ඩලයේ සමන් රත්නපි‍්‍රය, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර,පිලිප් දිසානායකසහ චමීර පෙරේරා සහභාගි විය. එහිදී චමීර පෙරේරා මෙසේ අදහස් දක්වන ලදි.



”රූපවාහිනි සාකච්ඡුාවකට සහභාගි වුනු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් වැඩසටහන මෙහෙයවපු නිවේිකාව ඉතාමත් තීරණාත්මක ප‍්‍රශ්නයක් අහනවා. තවීද් ජමාද් සංවිධාන ඇතුළු අන්තවාදී සංවිධාන වලට ඔබගේ අමාත්‍යංයේ රහස් ගිණුමකින් මුදල් ලබා දුන්නාද කියන එක. ඒ ප‍්‍රශ්නය අහපු ගමන්ම ගෝඨාභය රාජපක්ෂ පරලවෙනවා. යකා වැහෙනවා. මොකක්ද දෙන පලමුවෙනි උත්තරය. ඒකට උත්තර දෙනවා නෙමෙයි. ඒ නිවේදිකාවට තර්ජනය කරලා කියනවා. ඔය වගේ පහත් මිනිස්සුන්ගේ ප‍්‍රශ්න මේ වැඩසටහනේදී අහන්න එපා කියලා කියනවා.

මිනිස්සු පහත් ද උසස් ද කියල තීරණය කරන්න පුළුවන් ද ගෝඨාභයට. මිනිස්සු පහත් ද උසස් ද කියල තීරණය කරන්නේ ඒ අහපු ප‍්‍රශ්නයට දෙන උත්තරය මත. ගෝඨාභය රාජපක්ෂගේ න්‍යාය තමයි එයාගෙන් කවුරුහරි එයාව විවේචනය වෙන විදියට ප‍්‍රශ්නයක් ඇහැව්වොත් උන් පහත් මිනිස්සු. ඉතින් අපිට හිතාගන්න පුුළුවන්නේ ඝාතනය වුනු මාධ්‍යවේදීන්ට මොන විදියට ද සලසන්න ඇත්තේ කියලා. ඒ පහත් මිනිස්සු. ඒ සලකපු විදිය තමයි ගෝඨාභය අපිට පහුගිය කාලේ පෙන්නුවේ. ඒ මාධ්‍යවේදිනියට කතා කරපු විදියෙන්ම පේනවා ගෝඨාභය ආපුවම කොහොමද මාධ්‍ය නිදහස කියලා.



අනික් එක අපි දැක්කා බොහෝම අමාරුවෙන් ඇත්තක් කිව්වා. තටමලා, තටමලා කෙකකර බාලා එහෙම රහස් ගිණුම් තිබුණා තමයි කියලා. ලෝකේ හැම රටකම එහෙම රහස් ගිණුම් තියෙනවා. බුද්ධි අංශ තොරතුරු ලබාදෙන අයට මුදල් ලබාදෙනවා. ඒක වෙන රටවල් සිද්ධ වෙනවා. ඔව් ඒක අපි දන්නවා. ඒත් වෙන රටවල නෑ තමන්ගේම රටේ ඉන්න ජාතීන් කොටවන, ඒ ජාතීන් අතර සිටින අන්තවාදීන්ට මුදල් ලබාදීලා,ඒ කල්ලි කල්ලි අතරත් ගැටුම් හදලා, ඒ ජාතින් අතරටත් ගැටුම් හදලා, ආරක්ෂාව තරකරපු, බුද්ධි අංශ තර කරපු, එහෙම නිලධාරීන් අපි දැකලා නෑ ලෝකේ. ගෝඨාභය කියන්නේ ඒවා කළේ ජාතික ආරක්ෂාව සඳහා. මෙක නල්ල මලේ කතාවක්නේ. මේ රටේ ජාතීන් අතර ගැටුම් ඇති කරලා. ජාතීන් අතර විරසකභාවයන් ඇති කරලා.ඔවුන් අතර කුළල් කාගැනීම් ඇති කරලා. ජාතික ආරක්්ෂාව ගැන හිතනවා. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ කියනවා මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාවත් එක්ක සෙල්ලම් කලා. සූදු කෙළියා. නොසලකා හැරියා කියලා. හත් ඉලව්වේ ගෝ්ඨාභය තමයි ජාතික ආරක්ෂාව ගේම් එකකට ගත්තේ.

නිවේදිකාව නැවතත් ඒ ප‍්‍රශ්නය අහන්නෙත් නෑ. වෙන අයගෙන් නම් ඒ නිවේදිකාව අහනවා. මේක පුදුම ජාතික ආරක්ෂාවක්.

2016 දෙසැම්බර් මාසයේ 03 වෙනිදා සත්හඩ පුවත්පතේ පළ කරනවා ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග උපුටා දක්වමින්. වර්තමාන ජනාධිපතිවරයගේම කාලයේදී තමයි මේක පළ වෙන්නේ. ඒ වගේම බුද්ධි අංශ තහවුරු කරපු ආකාරයට කියලා තමයි ප‍්‍රවෘත්තිය තියෙන්නේ. තවුහිද් ජමාත් කියන සංවිධානයේ  අබ්දුල් රසාත් කියන පුද්ගලයා ඇතුළු තවත් 26 දෙනෙකුට ආරක්ෂක අමාත්‍යංශයේ ගිණුමකින් මුදල් ලබා දුන් බවට තහවුරු කරනවා. ඒක ආරක්ෂක අමාත්‍යංශයෙන් සම්බන්ධීකරණය කරන්නේ එම්.එස්.ආර් සොයිසා කියන පුද්ගලයා. ඊට පස්සේ දිගින් දිගටම මේ සම්බන්ධයෙන් වාර්තා පළ වෙනවා.

2014 මාර්තු 24 වෙනිදා සාමය ලැඳි මුස්ලිම් ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරනවා. මේ අන්තවාදී මුස්ලිම් ව්‍යාපාරය ඉතා ඉක්මනින් තහනම් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ කණ්ඩායම මුස්ලිම් ප‍්‍රජාව අතර පිලිකාවක් මෙන් පැතිර යන බව සඳහන් කරනවා. මේ මිනිසුස් මේක කියලා බාරදෙනවා වාර්තාවක් මේක තහනම් කරන්න කියලා. දැනට දින දෙකකට කලින් මේ ප‍්‍රකාශය නිකුත් කරපු සංවිධානයේ ප‍්‍රධානියා කියනවා අපි කිව්වා, අපි ෆයිල් දුන්නා. අපි තොරතුරු දුන්නා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මේ ගැන නොසලකා හැරියා කියලා. මේක බරපතල කාරණයක්. අපි දැක්කා මාධ්‍ය වල ත‍්‍රස්තවාදයට අනුබලදීම, මුදල් ලබාදීම, අන්තවාදී සංවිධාන පෝෂණය කිරීම, වරදක් නම් අපි කියන්නේ හත් දෙයියනේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ පිළිබඳ විමර්ශනය කරන්න. ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ වාර්තා තියෙනවා. ආරක්ෂක අමාත්‍යංයේ මේ වාර්තා තියෙනවා. මේ වාර්තාවන් මුල් කරගනිමින් විමර්ශනය කරන්න.

ගෝඨාභයට කේන්ති ගියාට ප‍්‍රශ්නයක් නැහැ. එයාට වලිප්පුව හැදුනට ප‍්‍රශ්නයක් නැහැ. එයා රහස් ගිණුම් තියෙනවා කිව්වා මට විතරක් නෙමෙයි පොලිස්පතිවරයාට තියෙනවා කිව්වා. යුද හමුදාපතිවරයට ඇතුළු අනෙක් හමුදාපතිවරුන්ට තියෙනවා කිව්වා. ජාතික ආරක්ෂාවට වැදගත් වෙන පුද්ගලයන්ට දෙනවා කිව්වා මුදල්. මේකද ජාතික ආරක්ෂාව. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ බරපතල චෝදනාවක් කරනවා මේ රටේ බුද්ධි අංශවල කිහිප දෙනෙක් යුද්ධයට පස්සේ සිදුවු සිදුවීම් සම්බන්ධයෙන්, ත‍්‍රස්තවාදය විනාශ කිරීම සමබන්ධයෙන් නෙමෙයි. කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල සිදුවුනු ඝාතනයන් පැහැර ගැනීම්, පහරදීම් සම්බන්ධයෙන් බුද්ධි අංශයෙන් වෙන්න පුළුවන් ආරක්ෂක අංශයෙන් වෙන්න පුළුවන්. කිහිප දෙනෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පරීක්ෂණ සඳහා. ඒ නිසා බුද්ධි අංශ දුර්වල වුනා කියලා ගෝඨාභය චෝදනා කරනවා. අකර්මන්‍යයයි, ආරක්ෂක හමුදා වැඩ කරන්නේ නැහැ. කියලා ගෝඨභය කිව්වා. කිිහිප දෙනෙක්ව අත්අඩංගුවට ගත්තා කියලා මුළු ආරක්ෂක අංශ වලටම එල්ල කළ බරපතල චෝදනාවක්. තමන් හා සේවයේ යෙදෙන, පවත්නා නීතිය යටතේ විභාග කරන නඩුවකට කාව හරි අත්අඩංගුවට ගත්තහම අනික් අය වැඩ කරන්නේ නැත්නම්. ඒක රාජ්‍ය සේවයට කරපු බරපතල චෝදනාවක්.

මහින්ද රාජපක්ෂ කිව්වා බුද්ධි අංශයෙන් භාගයක් ඉන්නේ හිරගෙදර කිව්වා. පට්ටපල් බොරුනේ. බුද්ධි අංයේ 12.000 ක් ඉන්නවා කියලා ගෝඨාභයම කියනවා. මහින්ද රාජපක්ෂ කියන විදියට 6000ක්ම ඉන්නේ හිරගෙවල් වල. ඇයි මේ මිනිසුන්ගෙන් ප‍්‍රශ්න කරන්නේ නැත්තේ. මේවා ජාතික ආරක්ෂාව ගැන කියන බරපතල අනතුරු. හිටපු ආරක්ෂ ලේකම්වරයා මේ වගේ ප‍්‍රකාශයක් කලා නම් වහාම ඒ ගැන විමර්ශනයක් කරන්න.

ගෝඨාභය තවත් කියනවා ඒ ගොල්ලන්ගේ අන්තවාදී ආයතන තියෙනවා. පාසැල් තියෙනවා. සරියා කියන විශ්ව විද්‍යාලය. කව්ද පිහිටුවන්නේ. ඒ විශ්ව විද්‍යාලය පිහිටුවන්නේ වර්තමානයේ ආණ්ඩුකාරයා වන හිස්බුල්ලා කියන ඒ දවල් වල පළාත් සෞඛ්‍ය ඇමතිවරයාගේ කාළේ. මුල්ගල් තියන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙන්. විශ්ව විද්‍යාල හදන්නේ මහින්ද රාජපක්ෂගේ කාලේ. අපි වර්තමාන රජයට කියන්නේ මේවා රටට හෙළි කරන්න.”




2019-05-02
Advertisement

Find us on Facebook