English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඉන්ධන මිළ අඩුකිරීම බස් ගාස්තු අඩුකිරිමට බලපෑමක් නැහැ !
    
 
                 ගැමුණු විජේරත්න                                                ඩබි.බී.ගණේගල

රුපියල් තුනක් වැනි ඉතාම සුළු මුදලකින් ඉන්ධන මිළ අඩුකිරිම බස්ගාස්තු අවම කිරීමට කිසිසේත්ම ප‍්‍රමාණවත් නැතැයි පෞද්ගලීක බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මාධ්‍යට පැවසුවේය.

ඉන්ධන මිළ අඩුවීමෙන් කෙටි ගමන්වල යෙදෙන බස්රථවලට දිනකට රුපියල් 150ක සහ දුර ගමන් සේවා රථවලට රුපියල් 300 ක පමණ ඉතිරියක් සිදුවනු ඇතැයි ඔහු පැවසීය.

බස්රථ සඳහා යම් යම් සහන සළසන්නේ නම් බස්ගාස්තු අඩුකිරිමට තමන් එකඟ බව ප‍්‍රකාශකළ ගැමුණු විජේරත්න තව දුරටත් ප‍්‍රකාශ කළේ ; ”වෙළෙඳපොල රබර් මිළ පහත වැටී තිබෙනවා. විදුලි බිලත් සියයට විසි පහකින් අවම කර තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවට පුළුවනි රබර් නිෂ්පාදකයින් සමඟ සාකච්ඡ කරලා බස් රථ හිමියන්ට අඩුමිළකට ටයර් ලබාදෙන්න. අන්න එතකොට පුළුවනි බස් ගාස්තු අවම කරන්න.” යැයි කීහ.

මේ අතර, නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තෙවැනි අදියර ජාතික විදුලිබල පද්ධතියට එක් කළ බැවින් විදුලි ගාස්තු අඩුකරන බව ජනාධිපතිතුමා විසින් ප‍්‍රකාශයට පත්කළ ද, අඩුකළ 25% ක විදුලිය ගාස්තුව මේ මස ලැබෙන විදුලි බිලට අයත් වන්නේ නැතැයි ද විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබි.බී.ගණේගල මහතා පැවසීය.

දැනට විදුලිබිලි සකස්වන්නේ ස්ථාවර ගාස්තුව හා ඉන්ධන ගැලපුම් ගාස්තුවේ එකතුවක් ලෙසය. කෙසේවෙතත්, නව අඩුකළ 25% ගාස්තුව අද හෙට ලැබෙන බිලට නොව පසුව ලැබෙන විදුලිබිලට එක්වන බවයි ඔහු පැවසුවේ.

ඡායාරූප  -  අන්තර්ජාලයෙන්

-MMP



2014-09-18
Advertisement

Find us on Facebook