English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අන්තවාදයට එරෙහිව නැගී සිටි පුංචි අරාබියේ මිනිසුන්


අන්තවාදයට එරෙහිව නැගී සිටි පුංචි අරාබියේ මිනිසුන්

”වගකිවයුතු සිවිල් සමාජ සංවිධානයක් ලෙස ශී‍්‍ර ලංකානු සමාජයට පණිවිඩයක් ලබාදීම අවශ්‍ය වේ. ලාංකීය මුස්ලිම්වරුන් කිසිම ස්වරූපයේ ත‍්‍රස්තවාදයක් අනුමත කරන්නේ නැත. තවද සාමකාමී ලංකාවක් බිහිකිරීම සඳහා වෙහෙසව කි‍්‍රයා කිරීමට ඔවුන් සූදානම්ව සිටිති. සාමය හා සංහිඳියාව සහතික කිරීම සඳහා උරෙන් උර ගැටී කි‍්‍රයා කිරීමට සූදානම්ව සිටින්නෙමු.”

කාත්තාන්කුඩි සිවිල් සංවිධාන සම්මේලනය ප‍්‍රකාශනය

කාත්තන්කුඩි නගරය මඩකලපුව නගරයට ආසන්නයේ පිහිටි මුස්ලිම් ජනගහනයෙන් පිරි නගරයකි. එය නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇත. ජනාකීර්ණ නගරයක් වූ කාත්තන්කුඩි 50,000 අධික නගර වැසියන් යුතුය. වර්ග කිලෝමීටරයකට 6,726 පමණ වන ජනගහනයක් සිටියි. කාත්තන්කුඩි දකුණේ ජනතාව වැඩි වශයෙන් දැනගනු ලබන්නේ වැඩිම මුස්ලිම් ජනසංයුතියක් සිටින නගරයක් ලෙසයි. 1993 අගෝස්තු 03 වෙනි කාත්තන්කුඩි ප‍්‍රධාන මුස්ලිම් පල්ලියකට එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් එල්ල කරන ලද ප‍්‍රහාරයකින් මුස්ලිම් යාච්ඤාවන්ට පැමිණි 147 දෙනෙක් ඝාතනය විය. එහිදී මුළු රටේම මුස්ලිම් ප‍්‍රජාව දැඩි කම්පනයකට ලක්විය.

වර්තාමානයේ කාත්තන්කුඩි සමාජයේ, ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යයන් හී කතා බවට ලක්වන්නේ 2019 අපේ‍්‍රල් 21 වෙනි දින එල්ල කරන ලද ප‍්‍රහාරයත් සමගයි. දකුණේ තිබෙන මාධ්‍ය වාර්තා කරන්නේත්, දකුණේ ජනතාවට තොරතුරු දැනගැනීමට ලැබෙන්නේත් කාත්තන්කුඩි නගරය මේ සඳහා සහ දැක්වූ බවයි. කාත්තන්කුඩි නගරයේ තිබෙන්නේ වෙනස සංස්කෘතියක්. ඒ තුළ මුස්ලිම් ආගමික නීතිය තදින් කි‍්‍රයාත්මක වෙන බව සත්‍යයක්. නගරය තුළ සිදුවන දේ පහසුවෙන් වෙනත් අයෙකුට දැනගැනීමට නොලැබෙන තරම් එය බැඳීම් වලින් වැසී තිබෙනවා. නමුත් කාත්තන්කුඩි වලත් වෙනස් අදහස් දරණ මුස්ලිම් අන්තවාදය ප‍්‍රතික්ෂේප කරන බාහිර දැනුමින් පෝෂණ ලද ප‍්‍රජාවක් ද සිටිනවා. ඔවුන් බාහිර සමාජය හා වෙනත් ආගමික කණ්ඩායම් සමග සම්බන්ධතා පවත්වමින් ඒ දැනුමත් ඔවුන් වටා සිටින ජනතාව අතර බෙදා හරිනු ලබනවා.





අපේ‍්‍රල් 21 වෙනි දින පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධාන මොළකරු සේ සැලකෙන සහ්රාන් හාශිමිගේ උපන් බිම වූ නිසාම අද වන විට කාත්තන්කුඩි නගරයට කලින් තිබුණාටත් වඩා වැඩියෙන් චෝදනා එල්ල වෙමින් පවතිනවා. මේ නිසාම ඒ දෙස විවේචනාත්මකව බලමින් සිදුවීමට කලින් මේ අන්තවාදය මැඩලීම සඳහා රාජ්‍ය සහය අපේක්ෂ කරන ලද මුස්ල්ම් ප‍්‍රජාවක් අප රට තුළ සිටිනවා. දකුණේ බොහෝ දෙනෙක් නොදන්නවාට කාත්තන්කුඩි වලත් එවැනි ප‍්‍රජාවක් සිටිනවා.

කාත්තන්කුඩියේ දැනුවත් ප‍්‍රජාව තමන්ගේ කළකිරීම,වේදනාව,අපහසුතාවයත්, ඊටත් වඩා කෝපය මෙලෙස පළ කර සිටිනවා. මෙවැනි ප‍්‍රකාශන ගණනාවක් අප විසින් මුස්ලිම් ප‍්‍රජාව විසින් ඉදිරිපත් කර සිටිනවා. ඔවුන් සැවොම පවසා සිටින්නේ අපි මේ සිදුවීම් වල මූලාරම්භය ගැන රජයට, ආරක්ෂක අංශ වලට දැන්වූ බවයි. නමුත් ඔවුන් එය නොසලකා සිටි බව ඔවුන් පුන පුනා කියනවා.

දැන් වර්තමානයේ ගැටළුවක් පැන නගිනවා. මේ තොරතුරු දුන් ප‍්‍රජාව, විරෝධය පළ කළ ප‍්‍රජාවට අන්තවාදීන්ගෙන් තර්ජනයන් එල්ල විය හැකියි. ඒ ගැන දැන්ම සිටන්ම රජයත්, ආරක්ෂ අංශත්, ඔවුන්ගේ ආරක්ෂාවට කටයුතු යෙදිය යුතුයි.

මුස්ලිම් ප‍්‍රජාව අතර වෙනස් මත දරණ, අන්තවාදය සමග නිරන්තර අරගලයක යෙදෙන පිරිසක් සිටින බවත් ඔවුන්ගේ කතාව වේදනාව හා කෝපය අතර සංසරණයවන එකක් බවත් ලොවට අවධාරණය කළ යුතුය. 

කෙසේ වෙතත් කාත්තන්කුඩි ප‍්‍රදේශයේ සිවිල් ප‍්‍රජාව විසින් වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනය අයිතිය විසින් මෙලෙස ඉදිරිපත් කරනු ලබනවා.



කාත්තාන්කුඩි සිවිල් සංවිධාන සම්මේලනය විසින් 2019-04-25 දින නිකුත් කරන ලද නිවේදනය

මෙය අපගේ මව්රට බරපතල ඛේදවාචකයකට මුහුණ දී තිබෙන අවස්ථාවකි. රටේ විවිධ ප‍්‍රදේශවල සිදුවු ම්ලේච්ඡු ත‍්‍රස්තවාදී ප‍්‍රහාර නිසා අපගේ කි‍්‍රස්තියානි සහෝදර සහෝදරියන් හා සමහර අහිංසක පිටරට වැසියන් දිවි අහිමි වුණු හා රෝහල් වල ප‍්‍රතිකාර ලබමින් දුෂ්කරතාවලට මුහුණ දෙන සියලූ දෙනා පිළිබඳව අපගේ සිත් මහත් කම්පාවට පත්ව තිබේ. දිවි අහිමි වූ සියලූ දෙනා වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට ශෝකය පළ කිරීම සඳහා මෙම නිවේදනය නිකුත් කරන්නෙමු. ප‍්‍රතිකාර ලබන සියලූදෙනා ඉතා ඉක්මනින් සුවපත් වීමට ප‍්‍රාර්ථනා කරන්නෙමු.

ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ජනතාව කවදත් සාමය ලැදිව හා රටට විශ්වාසයෙන් කටයුතු කළ අය වේ. අපගේ ජනතාව පල්ලියේ දී දෙවියන් නමදිමින් සිටියදී ඝාතනය කෙරුණු අවස්ථාවේ දී, ඔවුන් ගේ දේපල විනාශ කරන අවස්ථාවේ දී හා තමන්ගේ බිම් වලින් පලවා හරින ලද අවස්ථාවේ දී, ඔවුන් තම රටට එරෙහිව හෝ රටේ ජනතාවට එරෙහිව කි‍්‍රයා නොකළේය. ඔවුන්ගේ ප‍්‍රතිචාරය වූයේ ප‍්‍රචණ්ඩත්වය නොව සාමයයි.

නැගෙනහිර ප‍්‍රදේශයේ විශේෂයෙන් කාත්තාන්කුඩියේ වෙසෙන මුස්ලිම්වරුන් පසුගිය යුද වකවානුවේ දී ඉතා ඛේදජනක තත්ත්වයන්ට මුහුණ දුන් අවස්ථාවේ දී රටට පක්ෂපාතී ස්ථාවරයක් ගෙන, සහෝදර බෞද්ධ, හින්දු, කි‍්‍රස්තියානි සමාජයන් සමග එකමුතුව නැවත ගොඩනැගීමට නොපමාව කි‍්‍රයා කළ බව සිහිපත් කළ යුතු වේ.



එහෙත් පසුගියදා කොච්චිකඬේ, මීගමුව හා මඩකලපුව ප‍්‍රදේශයන් හී කි‍්‍රස්තියානි පල්ලිවලට හා ප‍්‍රසිද්ධ හෝටල්වලට එල්ල කෙරුණු බෝම්බ ප‍්‍රහාරයන් අපට නැවතත් අපකීර්තිමත් තත්ත්වයට පත් කර ඇත. අප දැඩි සේ ලැජ්ජාවට පත්වන්නෙමු. සුළු ප‍්‍රමාණයේ ත‍්‍රස්තවාදීන් සංඛ්‍යාවක් කාත්තන්කුඩියේ සිට ද මෙම ත‍්‍රස්ත කි‍්‍රයාවට සම්බන්ධවීම පිළිබඳ ආරංචිය සිතට ගෙන දෙන්නේ දැඩි වේදනාවයි.

කාත්තන්කුඩිය එහි ඉතිහාසයේ කිසිම මෙහොතක මෙම නපුරු බලවේග පිළිගත්තේ නැත. ඔවුන්ව අනුමත කළේ නැත. මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරවල ප‍්‍රධාන සැකකරු ලෙස සැලකෙන සහ්රාන් හාශිමි නැමැත්තා කාත්තන්කුඩි ජාමියතුල් ෆලාහ් ආරාබි විද්‍යාලයෙන් ඉවත් කරන ලද සිසුවෙකි. ඔහුගේ විකෘති හැසිරීම නිසා ඔහු විද්‍යාලයෙන් පරිපාලනය විසින් 2005 දී විද්‍යාලයෙන් නෙරපා හරින ලදි.

ඉන්පසු ඔහු ස්වයං ලෙස තමාගේ රැුඩිකල් උසිගැන්වීම් කථා දිගටම පවත්වමින් සිටියේය. කාත්තන්කුඩියේ වැදගත් සංවිධාන කිහිපයක් ඔහුව හෙළා දැක ඔහුගේ රැුඩිකල් ද්වේෂ කථා නවත්වන ලෙස අවධාරණය කරන ලදි. මෙම කි‍්‍රයාව ඉදිරියටත් කිරීමෙන් වලකින ලෙස කාත්තන්කුඩි ජනතාව වෙනුවෙන් දැඩි ලෙස ඉල්ලීම් කරන ලදි. තවද ඔහුගේ ප‍්‍රචාරක මධ්‍යස්ථනයේ දී ඔහුගේ කථා පැවැත්වීම සඳහා ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කිරීමට අනුමැතිය ලබානොදෙන ලෙස පොලිසියට පැමිණිලි කරන ලදි.


2017 වසරේ දී සහ්රාන්ගේ ත‍්‍රස්තවාදී උසිගැන්වන කතා නිසා ඇති වූ ප‍්‍රචණ්ඩත්වය හා කණ්ඩායම් ගැටුම් නිසා ඔහුගේ සහයකයින් අත්අඩඅංගුවට ගෙන මඩකලපුව මහේස්ත‍්‍රාත් විසින් මාස 06 ක කාලයක් සිරගත කරන ලදි. එම අවස්ථාවේ දී සහ්රාන් මෙම ප‍්‍රදේශයේ පලා ගොස් සැඟවී සිටියේය. එහෙත් මෙම ඛේදජනක සිදුවීම් සිදුවන තෙක් ඔහුව අත්අඩංගුවට නොගැනීම කණස්සල්ල ඇති කරයි.

ඔහු හඳුනා නොගත් ප‍්‍රදේශයක සැඟවී සිටිමින් තමාගේ දුෂ්ඨ ප‍්‍රචාරයන් සමාජ මාධ්‍ය මඟින් දිගටම සිදු කළේය. රටේ සාමයට හා ආරක්ෂාවට දැඩි අනතුරක් ඇති කරන බව ඔහුගේ දරුණු කතාවන් හඳුනාගනු ලැබූ අවස්ථාවේ දී අප ආරක්ෂක නිළධාරීන් වෙත මේ පිළිබඳව දැනුම් දුන්නෙමු. අප සමාජයේ බොහෝ ප‍්‍රබලයන් විසින් පැමිණිලි ගණනාවක් සිදු කරන ලදි. එහෙත් ඔහුගේ කි‍්‍රයාකාරකම් නැවැත්වීම සඳහා ප‍්‍රමාණවත් කි‍්‍රයාමාර්ග නොගත් බව සිතේ. මෙවැනි නොසලකා හැරීම් හා ඔහුව අත්අඩංගුවට නොගැනීම අපට වටහාගත නොහැකිව පැවතුණි. මෙය අපගේ කණස්සල්ලට හේතු විය.

මෙම ත‍්‍රස්තවාදයේ කෲරත්වය පිළිබඳව අප කිසිවෙකු නිසි ලෙස තක්සේරු නොකළ හෙයින් හා ත‍්‍රස්තවාදීන්ගේ ඉතා සූක්ෂම සැලසුම් හා කි‍්‍රයාකාරකම් අපට නිසි ලෙස තේරුම් ගැනීමට නොහැකි වූ නිසා අද මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවූ බව සිතන්නෙමු.

වර්තමානයේ ඔහු අප සියලූ දෙනාට දැඩි අනතුරක් බවට පත්ව ඇත. ඔහු මිය ගිය බව ද පැවසේ. මෙවැනි ම්ලේච්ඡු, ත‍්‍රස්තවාදී කි‍්‍රයා අනාගතයේ නැවතත් සිදුනොවන ලෙස වැලැක්වීමට නම් අප ඉතා අවධානයෙන් හා විමසිල්ලෙන් සිටිය යුතුව ඇත. ලෝකයේ විවිධ ප‍්‍රදේශයන්හී කි‍්‍රයාත්මක වන ත‍්‍රස්තවාදී සංවිධානයක් මෙම ප‍්‍රහාරවල වගකීම භාරගෙන සිටින තත්ත්වයක අප තවත් අමතර අවධානයෙන් සිටීම අවශය වේ. මෙම සංකීර්ණ තත්ත්වය වෙනත් සමාජ විරෝධී බලවේග තමන්ට වාසි ලෙස යොදාගෙන සමාජය තුළ වාර්ගික ගැටුම් උසිගන්වා රටේ වාර්ගික සමඟියට හා ජාතික සංහිඳියාවට හානි සිදු කිරීමට ඉඩ තිබේ. 
 
වගකිවයුතු සිවිල් සමාජ සංවිධානයක් ලෙස ශී‍්‍ර ලංකානු සමාජයට පණිවිඩයක් ලබාදීම අවශ්‍ය වේ. ලාංකීය මුස්ලිම්වරුන් කිසිම ස්වරූපයේ ත‍්‍රස්තවාදයක් අනුමත කරන්නේ නැත. තවද සාමකාමී ලංකාවක් බිහිකිරීම සඳහා වෙහෙසව කි‍්‍රයා කිරීමට ඔවුන් සූදානම්ව සිටිති. සාමය හා සංහිඳියාව සහතික කිරීම සඳහා උරෙන් උර ගැටී කි‍්‍රයා කිරීමට සූදානම්ව සිටින්නෙමු.


අද දින පීඩා විඳින අපගේ කි‍්‍රස්තියානි සහෝදරයින්ගේ වත්මන් මනෝභාවය හා ඔවුන්ගේ වේදනාවන් අපට දැඩිව හැෙඟ්. දිවි අහිමි වූ පවුල් වෙනුවෙන් හා දැනට රෝහල්වල ප‍්‍රතිකාර ලබන සහෝදරයින් වෙනුවෙන් දෙවියන්ගෙන් ප‍්‍රාර්ථනා කරන අතර, කි‍්‍රස්තියානි සමාජය මෙවැනි ඛේදජනක තත්ත්වයක දී පවා තමන්ගේ සමාජ අනුකූතාවයන් හා ඉමහත් මානව ගුණාංගයෙන් කටයුතු කිරීම පිළිබඳව අපගේ ස්තුතිය ප‍්‍රකාශ කරන්නෙමු.

අත්සන් කළේ
එම්.බී.එම්.ෆිරිතෝස් ( නලීමි )
සභාපති

එම්.ඒ.සී.එම්. ජවාහිර්
ලේකම්




2019-04-30
Advertisement

Find us on Facebook