English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යල්පැන ගිය පාලකයන් ත‍්‍රස්තවාදය හා සමාජ මාධ්‍ය තේරුම් ගන්නේ කවදාද?


යල්පැන ගිය පාලකයන් ත‍්‍රස්තවාදය හා සමාජ මාධ්‍ය තේරුම් ගන්නේ කවදාද?

”පසුගිය 21 වැනිදා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ල වී ඇති ජාතික තව්හිද් ජමාත් සංවිධානය ශී‍්‍ර ලංකාව තුළ තහනම් සංවිධානයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. මේ සමඟම මිල්ලතු ඊබ‍්‍රාහීම් ෆි සෙයිලානි යන සංවිධානය ද තහනම් කර තිබෙනවා.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට ලැබී ඇති බලතල අනුව මෙම සංවිධාන තහනම් සංවිධාන ලෙස නම් කර තිබේ.

මේ සම්බන්දයෙන් නිතුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාත්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක දරණ හදිසි අවස්ථා ( විධිවිධාන හා බලතල } සිරිසේන මහතා විසින් ජාතික තව්හිඞ් ජමාත් සංවිධානය (National Thawheed Jammath - NTJ ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහීම් ෆි සෙයිලානි ( Jamathei Millathu Ibrahmeen)  සංවිධානය ශී‍්‍ර ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇත.

ජාතික තව්හිද් ජමාත් සංවිධානය තහනම් කරන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් රජයට බලපෑම් එල්ල වූ අතර කෙසේ වෙතත් එම තීරණය ගැනීම රජය දිගින් දිගටම ප‍්‍රමාද කළේය.”

මේ අද දිනයේ වඩාත්ම ජනපි‍්‍රය ප‍්‍රවෘත්තිය. අප පළ කරන්නේ ප‍්‍රවෘත්ති පමණක් නොවේ. අප පළ කරනු ලබන ප‍්‍රවෘත්ති සියල්ලම මානව හිමිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන පෙරණයන්ගෙන් පිරිසිදු කර, කිරා මැන බලමු.

මෙම තහනම සිදු කර ඇත්තේ හදිසි නීතිය යටකතේ වන අතර, හදිසි නීතිය දීර්ඝ නොකරන අවස්ථාවක මෙම නීතිය ඉබේම ඉවත් වී යයි. අගමැතිවරයා විසින් කරන ලද පැහැදිලි කිරීම නිරත්තරවෙන් ජාතිවාදීව තොරතුරු දෙස බලන මාධ්‍ය සිතුවේ අගමැතිවරයා එය මග හරින බවයි. නමුත් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කිරීමේදි නියමිත නීතියක් අනුව සිදු කළ යුතු අතර, එසේ නොකරන අවස්ථාවකදී යම් යම් බාධක පැනවීමක් සිදුවේ. කෙසේ වුවත් හදිසි නීතිය යටත් තහනම් කිරීමට තුළින් යම් යම් වාසි රජයට අයත් වේ.



මෙම සංවිධාන ජාත්‍යයන්තර සම්බන්ධතා තිබෙන නිසා තහනම විධිමත්ව සිදුවීම අවශ්‍ය වේ. මේ නිසා ඉතා කල්පනාකාරීව සකස් කරන ලද නීතිමය රාමුවක් තුළ ඔවුන් තහනම් කිරීම දීර්ඝකාලීනව වැදගත් වන අතර ඒ තුළින් නිත්‍යානුකූලව විවිධ සහය ලබා ගැනීමටත් ඒ අනුව පියවර ගැනීමටත් සිදුවනු ඇත.

නීතිමය රාමුව ප‍්‍රයෝජනයට අනියමින් මිනිසුන් අත්අඩංගුවට ගෙන කප්පම් ගැනීම්, ප‍්‍රතිවාදීන් ඝාකනය කිරීම් යහපාලන රජයක් යටතේ සිදුනොවනු ඇතැයි ඇති විශ්වාසය මත මෙම තත්ත්වයන්ට ඉතාම බිහිසුණු අවස්ථාවක දී වුවද ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයන්ට ගරු කරන්නන් වශයෙන් වඩාත්ම ප‍්‍රජාතත්ත‍්‍රවාදී කි‍්‍රයාදාමයන් සිදුවනු ඇතැයි අනුමාන කරමු.

මෙවැනි නීති තුළින් ඉදිරියේදී ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය මර්ධනයන්, ප‍්‍රති විරුද්ධ මතධාරීන් මර්ධනයන් සිදු විය හැකියි. සමාජ මාධ්‍ය මර්ධනය ගැන දැනටමත් ඉගි පළ කර ඇත. ජනාධිපතිවරයාගේ සහෝදරයා හා ත‍්‍රස්තවාදී කණ්ඩායමක් සමග පැවති සම්බන්ධයක් සම්බන්ධයෙන් හෙළි කිරීම නිසා වෙබ් අවඩියක් තහනම් කර තිබිණි. මේ නිසා ඉදිරියේදී ඉදිරිපත් විය හැකි, මතු විය හැකි සංවේදී තොරතුරු නිසා මෙලෙස සමාජමාධ්‍ය භාවිතය නැවැත්වීමට ඉඩ ඇත.

නමුත් පාලකයන් නොදන්නා දේ නම් සමාජ මාධ්‍ය ඇතුළු සියළු නව මාධ්‍ය සියළු රාජ්‍ය මර්ධනයන්ට ඔරොත්තු දෙන ලෙස සකස් වී ඇති බවයි. සිදුවීම් දෙකක් පමණක් සිහි කිරීමට බලාපොරොත්තු වෙමු. එකක් ඉරානයේ රජයට එරෙහිව ( ඊට ඇමරිකානු ඔත්තු සේවා දායක වූ බව පසුව හෙලි විය ) ජනතාව තුළින් ඇතිවූ ප‍්‍රතිප‍්‍රහාර වැඩි වශයෙන් එල්ල වූයේ තහනම් කරන ලද සමාජ මාධ්‍ය හරහාය. දෙවැනන සිරියාවේ නැගී සිටීම සංවිධාන වූයේත්, කි‍්‍රයාත්මත වූයේත් සමාජය මාධ්‍ය හරහාය.

අවසාන වශයෙන් සමාජ මාධ්‍ය තහනම් කිරීමට උඩගෙඩි දෙන දේශපාලඥයන්ට අපගේ අවවාදය අප නොව ඔබ ප‍්‍රවේසම් වීම වැදගත්ය.



2019-04-28
Advertisement

Find us on Facebook