English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මිනිස් බෝම්බ නිසා දෙවන වරටත් සරණාගතයින් වුනු මිනිස් ජීවිත


මිනිස් බෝම්බ නිසා දෙවන වරටත් සරණාගතයින් වුනු මිනිස් ජීවිත

”මේ මුස්ලිම් පල්ලි වලට මීගමුව පොලිසිය විශේෂයෙන්ම දවස් දෙකක්, ? දෙකක්, තියාගැනීම සහ රැුකවරණය ලබාදීම සම්බන්ධයෙන්. මීගමුව පොලිසිය දැඩි පීඩනයක් යටතේ තමයි මේ කාලය තුළ ඉන්නේ. මීගමුව ප‍්‍රදේශයේ මෑත ඇති වූ තත්ත්වයන් මැද පොලිසිය ඉතාමත් අපහසුවෙන් තමයි කටයුතු කරන්නේ. ඒ අතර මේ සරණාගතයින් සම්බන්ධයෙන් ද වගකීම දැරීම අපි ඉතාමත් අගය කළ යුතු දෙයක්.”

රුකී ප‍්‍රනාන්දු  


පාස්කු ඉරු දින බෝම්බ ප‍්‍රහාරයන් වලින් පසුව මීගමුව ප‍්‍රදේශයේ තත්ත්වය අවබෝධ කරගත් මීගමුව හා ඒ අවට ප‍්‍රදේශයේ ජීවත්වන, සේවය කරන ලද ප‍්‍රජාතත්න‍්‍රවාදය වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ දැඩි අසීරුතාවයන් මැද, ජීවිත තර්ජන මැද කි‍්‍රයාකාරීව සිටි සිවිල් සංවිධාන, ආගමික සංවිධාන, එක්ව ප‍්‍රදේශයේ සාමය, සමගිය වෙනුවෙන් ඉදිරියට පැමිණ තිබෙනවා. ඔවුන් විසින් අපේ‍්‍රල් 25 වෙනි දින කොළඹ 10, සාමය හා සාමයික කේන්ද්‍රයේ දී මාධ්‍ය හමුවක් පවත්වා මීගමුවේ තිබෙන විවිධ තත්ත්වයන් ගැන අදහස් දැක්වූවා. ඒ සඳහා මීගමුව ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ හර්මන් කුමාර, සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනයේ සමාජික මව්ලවි මුෂ්රත් නව්ෆල් හක්කානි, ශුද්ධවූ පවුලේ රසිකා පීරිස් කන්‍යා සොයුරිය, මානව හිමිකම් කි‍්‍රයාධර රුකී ප‍්‍රනාන්දු, ප‍්‍රසංග ප‍්‍රනාන්දු, ඇතුළු කි‍්‍රස්තියානි, මුස්ලිම් නියෝජිතයන් පිරිසක් මේ සඳහා සහභාගි විය.



මෙහිදී මීගමුව පස්යාල ප‍්‍රදේශවලට පකිස්ථානය,ඇෆ්ගනිස්ථානය,යේමනය ඇතුළු රටවලින් පැමිණ සිටින විදේශිය සරණාගතයින් සම්බන්ධව ද අදහස් පළවිය. මේ පිරිස තමන්ගේ රටේ ආගමික, දේශපාලනික හා සන්නද්ධ කණ්ඩායම් වලින් එල්ලවන මරණීය තර්ජන නිසා ලංකාවට ආරක්ෂාව සඳහා පැමිණ තිබෙනවා. ඔවුන්ගේ වර්තමාන තත්ත්වය සම්බන්ධව කරුණු පැහැදිලි කළ මානව හිමිකම් කි‍්‍රයාධර රුකී ප‍්‍රනාන්දු.



රුකී ප‍්‍රනාන්දු
මානව හිමිකම් කි‍්‍රයාධර
ඉන්ෆෝම් මානව හිමිකම් දත්ත කේන්ද්‍රය

'මේ කරුණු ඉදිරිපත් කරන්නේ තමන්ගේ කතාව මෙම ස්ථානයට පැමිණ ඉදිරිපත් කිරීමට නොහැකි කණ්ඩායමක් ගැන. ඉරිදා පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ වින්දිතයන් විදියට විදේශිකයනුත් සිටිනවා. ඒ විදේශිකයන් ගැන මාධ්‍ය වල ප‍්‍රචාර ලැබිලා තියෙනවා. ලංකාවේ තවත් වෙනස් විදේශිකයෝ කොටසක් ඉන්නවා. ඒ අය තමයි සරණාගතයෝ. මේ අය සම්බන්ධව දැනට අවධානයක් යොමු වෙලා නෑ.  මාධ්‍ය වලත්, ලංකාවේ සමාජයේත්, දේශපාලන හා ආගමික නායකයනුත් ඒ කණ්ඩායමට අයත්. ඒක හුඟක් ඛේදවාචකයක්. අපි මේ සරණාගතයෝ කියලා කියන්නේ, පකිස්ථානය,ඇෆ්ගනිස්ථානය සහ තවත් රටවල් කිහිපයකින් තමන්ගේ රටේ තමාගේ ජීවිතය රැුකගෙන ජීවත් වෙන්න අමාරු නිසා ජීවිතය රැුකගන්න ලංකාවේ ජනතාව ගැන විශ්වාසයක් තබලා ලංකාවට ආපු අය පිළිබඳව. මේ අය අපේ රටට ඇවිත් තියෙන්නේ තමන්ගේ ආරක්ෂාව තකා. ඒ අය බලාපොරොත්තු වුනා ලංකාවට ආවට පස්සේ ලංකාව තුළ සාමයෙන්, බියක් සැකක් නැතිව කෙටි කාලයක් සඳහා ජීවත් වෙන්න පුළුවන් කියලා.



සාමාන්‍ය සම්ප‍්‍රදාය තමයි එවැනි කණ්ඩායම් ලංකාවේ ඉන්නේ තාවකාලිකව. අවුරුදු කිහිපයක්. අවුරුදු කිහිපයකට පස්සේ ඒ අය ඇමෙරිකාව, කැනඩාව වගේ රටවලට යනවා. ලංකාවේ දිගටම ඉන්නේ නැහැ බටහිර රටකින් බාරගන්නවා. මේ අය ඉන්නේ ලංකාවේ රජයේ අනුමැතිය ඇතිව, නීත්‍යානුකූලව. මේ සරණාගතයන්ට සහය දැක්වීම සියලූ රජයන් විසින් සිදුකරනු ලබනවා. මෙය අලූත් දෙයක් නෙමෙයි. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය : ඹභ්‍යක්‍ඍ * , එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් සහ රජය අතර තියෙන එකඟතාවය මත තමයි ඔවුන් ලංකාවේ ජීවත් වෙන්නේ.  මේ සරණාගතයින් ලංකාවේ ඉන්න බව පොලිසිය, අනෙකුත් ආරක්ෂක අංශ දැනටමත් දන්නවා. පෙබරවාරි වෙද්දි 1600 විතර කණ්ඩායමක්, කාන්තාවන්, ළමුන් ඇතුළුව මෙහි ජීවත් වෙනවා.

මේ අය මං කියපු කලින් කියපු විදේශිකයෝ වගේ නෙමෙයි. හුගක් විදේශිකයෝ ජීවිතක්ෂයට පත් වූයේ, තුවාල වුනේ කොළඹ තියෙන තරුපහේ හෝටල් වල සිටිද්දි. මේ අය ලංකාවට ඇවිත් ඉන්නේ බොහෝම අමාරුවෙන්. එක කාමරයක සම්පූර්ණ පවුලක් ඉන්නේ. ඔවුන්ට ලංකාවේ රැුකියාවක් කිරීමට ලංකාවේ රජය අවසර ලබාදීලා නැහැ. ලංකාවේ නිදහස් අධ්‍යාපනය තිබුණට, මේ සරණාගතයින්ගේ ළමයින්ට, ලංකාවේ පාසැල්වලට යන්න අවස්ථාව ලබාදීලා නැහැ. ආහාර පහසුකම් රජයේ ලබාදෙන්නේ නැහැ. එකම දේ ලංකාවේ රජය ලබාදීලා තියෙන්නේ ආරක්ෂා සහිතව ජීවත්වීම සඳහා පමණයි. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සහ සිවිල් නියෝජිතයන්ගෙන් ලැබෙන ආධාර මත ලංකාවේ නීත්‍යානුකූලව සිටීමට අවසර ලැබිලා තියෙනවා.



අපේ‍්‍රල් 21 වෙනි දින සිදුවූ සිදුවීමෙන් පසුව මේ අය මීගමුව අවට ජීවත්වෙලා තියෙනවා. ඔවුන්ට දෙවන වරටත් ලංකාවේ දි අවතැන් වෙන්න සිදුවුනා. දැනට මීගමු පොලිසියේ 120 ක් විතර ඉන්නවා. මීගමුවේ මුස්ලිම් පල්ලියක තවත් 700 ක් විතර ඉන්නවා. තවත් 700 ක් පමණ ගම්පහ, පස්යාල ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලිය ඉන්නවා. මේ මුස්ලිම් පල්ලි වලට මීගමුව පොලිසිය විශේෂයෙන්ම දවස් දෙකක්, ? දෙකක්, තියාගැනීම සහ රැුකවරණය ලබාදීම සම්බන්ධයෙන්. මීගමුව පොලිසිය දැඩි පීඩනයක් යටතේ තමයි මේ කාලය තුළ ඉන්නේ. මීගමුව ප‍්‍රදේශයේ මෑත ඇති වූ තත්ත්වයන් මැද පොලිසිය ඉතාමත් අපහසුවෙන් තමයි කටයුතු කරන්නේ. ඒ අතර මේ සරණාගතයින් සම්බන්ධයෙන් ද වගකීම දැරීම අපි ඉතාමත් අගය කළ යුතු දෙයක්. 

අනික් පැත්තට අපි කණගාටු වෙන්න  ඕනා ලංකාවේ අනික් සමාජයේ කොටස්, විශේෂයෙන් ආගමික මධ්‍යස්ථාන වන කතෝලික මධ්‍යස්ථාන, බෞද්ධ පන්සල්, හින්දු කෝවිල්, අපි අතරට ඇවිල්ලා ඉන්න සරණාගතයින්ව පිළිගන්නේ නැති එක ගැන. අපි මේක ගැන කණගාටු විය යුතුයි. අපි ප‍්‍රකාශ නිකුත් කරලා තියෙනවා මාධ්‍ය වලට, අපේ හදවත් විවෘත කරනවා කියලා දුකට පත් වෙච්ච අයට. හදවත් විතරක් විවෘත කරලා මදි. අපි දොරවලූත් විවෘත කරන්න  ඕනා. බොහෝ අය බයයි මේ කටයුතු වලට. සරණාගයින්ට ඔවුන්ගේ මධ්‍යස්ථාන විවෘත කළහොත් ඒ අයටත් ප‍්‍රශ්නයක් වෙයි කියලා. ඒක තමයි දැන් තියෙන තත්ත්වය. දැනට ඒ අය මුස්ලිම් පල්ලි වල හිටියට. මීගමුවේ පොලිසියේ හිටියට. ඒ අයට අවශ්‍ය ආහාරපාන, සෞඛ්‍ය පහසුකම්, ළමයින්ට අවශ්‍ය කරන මූලික දේවල්, සිදුකරනු ලබන්නේ මීගමුව අවට ඉන්න සංවිධාන වල මැදිහත්වීමෙන්. රජයේ තාම මැදිහත්වීමක් සිදුවෙලා නෑ සරණගතයින්ට පිහිට වෙන්න මේ අසීරු අවස්ථාවෙදි.

ලංකාවේ ඉන්න විවිධ ජනකොටස් අතර හුඟක් අමාරුවෙන් සහ හුගක් පීඩිත විදියට ජීවත්වෙන ජනතාවක් තමයි මේ සරණාගතයෝ. අපි අපේ මැරුණු අය, තුවාල වුනු අය, සහෝදර, සහෝදරියෝ සිහි කරනවා වගේම, හෝටල් වල සිට මැරුණු තුවාල වුනු අය සිහි කරනවා වගේම, ලංකාවට ජීවිත පරදුවට තියලා ඇවිල්ලා, ලංකාවේ රැුකවරණ බලාපොරොත්තු වුණු, ආදරය, පේ‍්‍රමය බලාපොරොත්තු වුණු අය ගැනත්, අපි සැලකිල්ලක් යොමු කළ යුතුයි.' 






2019-04-28
Advertisement

Find us on Facebook