English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මීගමුවේ සාමය සුරැකීමට පුරවැසියන්, සිවිල් සංවිධාන


මීගමුවේ සුරැකීමට පුරවැසියන්, සිවිල් සංවිධාන
 
පසුගිය අපේ‍්‍රල් 21 වෙනි පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය නිසා වඩාත්ම කම්පනයට වේදනාවට පත් වූයේ කටුපිටිය දේවස්ථාන හා මීගමුව ප‍්‍රදේශයයි. මීගමුව ප‍්‍රදේශය යනු සියළුම ජාතීන් ඉතාමත් සහයෝගයෙන් සතුටින් ජීවත් වූ විනෝදකාමී ප‍්‍රදේශයක්. මීගමුව පුරා 137,223 ජනතාවක් විහිදී විසිරී සිටිනවා. ඒ අතර සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර්, ජනතාවත්, බෞද්ධ,හින්දු,මුස්ලිම්,කි‍්‍රස්තියානි ජනතාවත් මිශ‍්‍රව වාසය කරති. නමුත් අපේ‍්‍රල් 21 වෙනි දින බෝම්බ ප‍්‍රහාරයත් සමග ප‍්‍රදේශයේ තත්ත්වය ඉතාමත් කණගාටුදායක ලෙස වෙනස් වී ඇත. මේ තත්ත්වය නිසා ජනතාව එකිනෙකා සැකකරන, අවිශ්වාස කරන තත්ත්වයක් පැන නැගී ඇත. ප‍්‍රදේශයේ තත්ත්වය කණගාටුදායක ලෙස වෙනස් වී ඇත.

මේ තත්ත්වය අවබෝධ කරගත් මීගමුව හා ඒ අවට ප‍්‍රදේශයේ ජීවත්වන, සේවය කරන ලද ප‍්‍රජාතත්න‍්‍රවාදය වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ දැඩි අසීරුතාවයන් මැද, ජීවිත තර්ජන මැද කි‍්‍රයාකාරීව සිටි සිවිල් සංවිධාන, ආගමික සංවිධාන, එක්ව ප‍්‍රදේශයේ සාමය, සමගිය වෙනුවෙන් ඉදිරියට පැමිණ තිබෙනවා. ඔවුන් විසින් අපේ‍්‍රල් 25 වෙනි දින කොළඹ 10, සාමය හා සාමයික කේන්ද්‍රයේ දී මාධ්‍ය හමුවක් පවත්වා මීගමුවේ තිබෙන විවිධ තත්ත්වයන් ගැන අදහස් දැක්වූවා. ඒ සඳහා මීගමුව ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ හර්මන් කුමාර, සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනයේ සමාජික මව්ලවි මුෂ්රත් නව්ෆල් හක්කානි, ශුද්ධවූ පවුලේ රසිකා පීරිස් කන්‍යා සොයුරිය, මානව හිමිකම් කි‍්‍රයාධර රුකී ප‍්‍රනාන්දු, ප‍්‍රසංග ප‍්‍රනාන්දු, ඇතුළ කි‍්‍රස්තියානි, මුස්ලිම් නියෝජිතයන් පිරිසක් මේ සඳහා සහභාගි විය.

ඒ සාකච්ඡුාවෙන් අනතුරුව එහිදී ඔවුන් දැක්වූ අදහස් මෙසේයි.


සාමාන්‍ය මුස්ලිම් ප‍්‍රජාව ප‍්‍රජාව කම්පනයකට පත්වෙලා ඉන්නේ  
හර්මන් කුමාර
ධීවර සහයෝගිතා එකතුවේ කැඳවුම්කරු


ඇතිවූ තත්ත්වය නිසා ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ එක් ජනතාවකට ජීවිත තර්ජනයක්, ජීවිත අවධානමක්, වර්ධනය වෙමින් පවතිනවා. මේ රටේ සාමය පිළිබඳව, සංහිඳියාව පිළිබඳව, ජාතික සමගිය පිළිබඳව, කි‍්‍රයා කරන ජන පිරිසක් හැටියට, අපි කෙසේ කි‍්‍රයාත්මකවීම පිළිබඳව, උනන්දුවක් දක්වන පුරවැසියන්, ආගමික නායකයින්, සිවිල් සංවිධාන කි‍්‍රයාකාරීන්, විවිධ උගතුන් ආදී පිරිස්, සංවාදයක් මීගමුවේ දී ආරම්භ වී තිබෙනවා. මීගමු පුරවැසි එකමුතුව හැටියට. මීගමුව, කොළඹ, මඩකලපුව ආදී ප‍්‍රදේශවල ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා. විපතට පත් වුනු පවුල් වලට අපගේ සංවේගය, අවශ්‍ය මානසික සුවය, රෝහල් ගතවූවන්ට අවශ්‍ය සුවය, අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමු කරලා කටයුතු කළා.

තවත් ජන පිරිසක් ඉන්නවා විශාල අවධානමකට පත් වුනු. ඒ පකිස්ථානයෙන්,ඇෆ්ගනිස්ථානයෙන්,යේමනයෙන්, ඉරානයෙන් ඇවිත් සිටින අනාථයින් පිරිසක් ඉන්නවා. ඒ අනාථයිනුත් විශාල අවධානකමකට ලක්වෙමින් සිටිනවා මේ මොහොතේ. ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව පිළිබඳවත් අපි සාකච්ඡුා කළ යුතුයි. ඒ පිළිබඳව සංවේදී, සහෝදරත්වයෙන් කි‍්‍රයාත්මක වෙන ජන පිරිසක්,හැටියට. අපට අවශයයි මේ පිළිබඳව රටේ ජනතාවගේ,බලධාරීන්ගේ අවධානය යොමු කරවන්න.

අපි මේ මොහොතේදී අගය කරනවා මීගමුව ප‍්‍රදේශයේ කිතුණු ජනතාවගේ සංවේදී බව සහ ඉවසීම. අප ඉල්ලා සිටිනවා මේ සංවේදීභාවය,ඉවසීම තවදුරටත්, පවත්වාගෙන යන්න කියලා. ඔවුන්ට ඉතාම කණගාටුදායක අවස්ථාවකදී ඔවුන්ගේ සහෝදරයින්,සහෝදරයන්, දෙමව්පියන්, දරුවන් අනාථ වෙච්ච අවස්ථාවකදී වුවත් ඉතාමත්ම සංවේදීව, සංවේගයෙන් යුතුව නීතිය තමන් අතට ගන්නේ නැතුව, ඔවුන් කි‍්‍රයාමාර්ග ගනිමින්,සහයෝගය ලබාදෙමින් සිටිනවා නීතිය සාමය ආරක්ෂා කිරීම සඳහා.

ජාතික විපතක් සිදුවූ අවස්ථාවකදී කාදිනල් මැල්කම් රංජිත් පියතුමා ඉතාමත්ම සංවේදීව මේ රටේ කිතුණු ජනතාවට ආයාචනයක් කළා මේ වගේ අවස්ථාවකදී තවදුරටත් ලේ හලන්න එපා. එවැනි කි‍්‍රයාමාර්ග වලට යොමු වෙන්න එපා. ඒ තුළ මේ රට තවදුරටත් අනතුරකට දමන්න එපා කියන දේ එතුමා කිව්වා. එලෙස කි‍්‍රයාකිරීම අපි අගය කරනු ලබනවා. ඒ තුළින් මේ වන විටත් ජාතික සමගිය, ජනවාර්ගික සමගිය සඳහා එතුමන් විසින් ගන්නා ලද කි‍්‍රයාමාර්ගය පිළිබඳව.

අපි මීගමුවේ පුරවැසියන් හැටියට මේ සංවේගදායක, කණගාටුදායක අවස්ථාවේ දී අපට පේනවා අපේ මුස්ලිම් ජන පිරිස, දැඩි කම්පනයකට පත්වෙලා ඉන්නවා. බියට පත්වෙලා ඉන්නවා. මොකද ඔවුන්ට යම් ජීවිත තර්ජනයක් ඇතිවෙයි කියන කාරණය ගැන. අපි දකිනවා මේ පිළිබඳව, මේ අවස්ථාවේදී පුරවැසියන් හැටියට අපිට, රටේ ආරක්ෂ අංශ වලට, බලධාරීන්ට, විශේෂ වගකීමක් තියෙනවා මේ ජනතාවට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන්න. දැනට ලබා දෙන ආරක්ෂාව වැඩි කළ යුතු යයි අපි හිතනවා. ඉතාම සුළු සිද්ධියකදි පවා මේ තත්ත්වයන් වර්ධනය වෙන්න පුළුවන්. සමහර ස්ථාන වල සුළු සිද්ධීන් ඇති වෙලා තියෙනවා. මේවා රැල්ලක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතුයි.අවුරුදු 10කට පස්සේ අපි නැවතත් රටක් වශයෙන් ඉතාමත් සංකීර්ණ අවධානම් තත්ත්වයකට පත්වෙලා තියෙනවා. රට අගාධයකට යෑමට ඉඩ තිබෙනවා.




බහුතර මුස්ලිම් ජනතාව මේ රට  නීචයන්ගෙන් ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙනවා
මව්ලවී මුෂ්රත් නව්ෆල් හක්කානි
සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනයේ සමාජික

2019 අපේ‍්‍රල් මස 21 වෙනි දින කිතුණු දේවස්ථාන සහ කොළඹ නගර ආශ‍්‍රිත හෝටල් වල පාස්කු සැමරුම් පැවැත්වීමට නිරත වෙමින් සිටියදී එල්ල වූ ඉතා නින්දිත ප‍්‍රහාරය සම්බන්ධව සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය ඉතා පිළිකුළෙන් යුතුව හෙළා දකින්නෙමු. සමස්ත ලංකා මුස්ලිම් ප‍්‍රජාව වෙනුවෙන් කිතුණු ජනයා වෙත අපගේ කණගාටුව ප‍්‍රකාශ කරන අතර, මෙම මොහොතේදී සහෝදරත්වයේ දෑත් දිගු කොට ඔබ සියලූ දෙනා සමග එක්සිත්ව සිටින බවට ඉතා හෘදයාංගමව පවසා සිටින්නෙමු. මෙය එක් ජන කොටසකට විශේෂ වූ දිනයක එල්ල කළ ප‍්‍රහාරයක් වූවද, එය සමස්ත ශී‍්‍ර ලංකාවම කම්පනයට පත් කළ සහ සියළු දෙනාම කණගාටුවට පත් කර ඇති ශෝචනීය දිනයකි.

ආගමික ස්ථානවල ආරක්ෂාව මනාව තර කරන ලෙසත්, මෙවන් නින්දිත ප‍්‍රහාරයන් කිරීමට සම්බන්ධව සියලූ දෙනාට උපරීම දඬුවම් ලබාදීමට කටයුතු කරන ලෙසත්, අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු. මෙම අවාසනාවන්ත සහ කණගාටුදායක මොහොතේදී තම සහෝදර කිතුණු ජනයාට, අවශ්‍ය සහයෝගයත්, මානසික ශක්තියත්, ආරක්සාවත් තහවුරු කිරීමට අවශ්‍ය සෑම කි‍්‍රයාවක් සඳහාම, දායක වන ලෙස, ශී‍්‍ර ලංකා මුස්ලිම් ඇතුළු සියළු ජනයාගෙන් ද, මුස්ලිම් දේවස්ථාන භාරකරු මණ්ඩල වලින් ද, ඉතා කාරුණිකව ඉල්ලා  සිටිමු. මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් ශක්තිමත්ව සහ අනයෝන්‍ය ගෞරවයෙන්, ආදරයෙන් රටක් හැටියට ඉදිරියට යෑමට, අප සියළු දෙනාටම ශක්තිය ලැබේවායි කියා ප‍්‍රාර්ථනා කරන්නෙමු.

ඒ වගේම මාගේ ගෞරවණීය ජනයෙනි,

අප සියලූ දෙනාම සෑම ආගමිකයින්ම එක් රැුස්වී, සහෝදරත්වය ගොඩනැංවිය යුතුයි. අපි සියලූ දෙනාම මනුෂ්‍යයන් කියන දෙය එකමුතුව සිටින්නත් උත්සාහ කළ යුතුයි. හෑමෝටම ආගමක්,ජාතියක් තියෙනවා. එක ජාතීන් වල ආගම් වල, පිරිස් වැරදි කරනවා. ත‍්‍රස්තවාදීන්ට ආගමක් නැහැ. ඒ ආගම්වල පවා ඒවගේ නීච කි‍්‍රයා කිරීමට කිසිම ඉඩක් නැහැ. කි‍්‍රස්තියානි ආගම කියන්නේ ඉස්ලාම් ආගම සමීපතම සම්බන්ධතාවයක් තියෙන්නාවූ ආගමක්. ජේසුස් වහන්සේ කියා අමතන්නේ අපි ඊසායි අලෙයිතුමා කියා අමතනවා. කි‍්‍රස්තියානි ආගම මොන කරුණාව ද, මොනව ආදරය ද, මොනව ආලද ද, මොනව පේ‍්‍රමය ද හඳුන්වා දෙන්නේ ද, ඒ වගේම ඉස්ලාම් ආගම තුළ ද පේ‍්‍රමය, සාමය උගන්වනු ලබනවාතිබෙනවා. නීච, නින්දිත කි‍්‍රයාවන් කරන්නන්ට, කිසිම ආගමක් නැහැ. අපි ඉල්ලන්නේ එසේ කරන්නන්ට දැඩි දඬුවම් දෙන ලෙසයි. ඔවුන් කොතන හිටියත්, අපි ලෑස්තියි මුස්ලිම්වරු වශයෙන් ඔවුන්ට එරෙහිව රජයට එකමුතු වී, මේ ජනතාවට අපේ බෞද්ධ, අපේ කිතුණු, අපේ හින්දු ජනතාවත් එක්ක අත්වැල් බැඳගෙන මේ විනාශකාරී, පාපකාරීයාව මේ රටෙන්ම නැති කරන්න. අපි සියළු දෙනාටම අවශ්‍යයි මේ මාතෘභූමිය අලංකාර කරන්න. අපේ අනාගත දූදරුවන් සහයෝගයෙන් සහජීවනයෙන් ජීවත්වෙන්න  ඕනා. මේ අවස්ථාවේ සෑම කෙනෙක්ගෙන්ම ඉල්ලන්නේ. ලාංකිකයන්ගෙන් ඉල්ලන්නේ. අපි අනුකම්පාව නෙමෙයි කරන්න  ඕන. අපි සහකම්පනයෙන් කි‍්‍රයා කරන්න  ඕනා. මේක මගේ ගෙදර සිදුවුනොත් කොහොමද? ඒ දරුවන්ට තාත්තා නැති වුනා. මේ මොහොතේ දී මගේ දරුවන්ට මාව නැතිවුනොත් ආරංචියක් ආවොත් මට කොහොම කඳුළු එන්නේ ද? එදා ඒ දරුවන් අම්මා, තාත්තා නැතුව ඇඬුවා. අදත් අම්මා නැතුව ඉන්නවා. තමන්ගේ ඥාතීන් නැතිව අද කී දෙනෙක් ඉන්නවාද?

මම ජනතාවගෙන් සහ මාධ්‍යයෙන් ඉල්ලා සිටින්නේ අපි කිසිම ආගමකට ප‍්‍රහාරයක් එල්ල නොකර අපි සියල්ල අත්වැල් බැඳගමු. මේ මොහොතේදී වෙනත් මාතෘකා කතා නොකර අපි සිදුවුනු මාතෘකාව ගැන කතා කරමු. අපිව වෙනත් වෙනත් මාතෘකා වලට හරවලා දානවා. එක නෙමෙයි කතා කරන්න  ඕන. අද මේ සිදුවුනු විපාකයට මොකද කරන්නේ? මේ හානි වුනු ජනතාවට අපි රුපියල් 10,10 දාලා අපි මොන වගේ උදව්වක් ද කරන්න පුළුවන් කියලා කල්පනා කරන්න  ඕනා. නමුත් අපිට ඔවුන්ට ඔවුන්ගේ ඥාතීන් ලබා දෙන්න බෑ.

සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය මේ වෙලාවේ ඉදිරිපත් වෙනවා ලංකාව ආරක්ෂා කරන්න. සහකම්පනයෙන්,මුස්ලිම්වරු වශයෙන් අපි ඉදිරිපත් වෙනවා.




හැගීම්වලට වහල් නොවී, බුද්ධියෙන් කි‍්‍රයා කරන්න
රසිකා පීරිස් පැවිදි සොයුරිය
ශුද්ධ වූ පවුලේ නිකාය

පාස්කු දින සිදුවුනු මේ ත‍්‍රස්ත ප‍්‍රහාරය සහ ඒ නිසා නිසා සිදුවූ ජීවිත විනාශය ඉතාමත් වේදනාකාරී අත්දැකීමක්. ඒ නිසාම මේ සිදුවුනු කි‍්‍රයාවලිය කොහෙත්ම අපිට අනුමත කරන්නට බැහැ. පහුගිය දින 02ක තුළ, හැම ස්ථානයකටම යන්නට බැරි වුනත් මීගමුවේ ජීවත් වෙන කෙනෙක් විදියට කටුවපිටිය ප‍්‍රදේශයේ මියගිය ජනතාවගේ ඥාතීන් එක්ක ගත කරන්නට ලැබුණු අවස්ථාවෙදි පුද්ගලිකව දැනුනු දෙයක් තමයි, සිදුවුනු සිදුවීම ඉතාමත් වේදනාකාරී දෙයක්. නැතිවුනු ජීවිත නැවතත් ඔවුන්ට දෙන්නට අපිට බැහැ. ශ‍්‍රී ලංකාවේ ජීවත් වෙන කෙනෙක් විදියට දැනෙන හැඟීම තමයි, ඇයි මේ විදියට අවි ආයුධ දරාගෙන නොහිටපු අහිංසක ජනතාවකට, දේවස්ථානයක යාච්ඤාවේ යෙදී හිටපු මේ වගේ ජනතාවකට, මේ වගේ ප‍්‍රහාරයක් එල්ල වුනේ ඇයි කියලා.

පී‍්‍රතියෙන් හිටපු,හෝටල් වලට ගිහිල්ලා පී‍්‍රතිය බෙදාගනිමින් හිටපු ජනතාවට මේ වගේ අත්දැකීමකට ඇතුළු වෙන්නට සිදුවුනේ ඇයි කියන වේදනාව තවමත් තියෙනවා. නිවෙස් වෙලට යද්දි හැමෝම අහන දේ තමයි ඇයි සිස්ටර් අපිට මෙහෙම කළේ ? අපේ දරුවෝ මොන දේ කලාට ද අපිට මෙහෙය වුනේ? ඇයි මගේ මහත්තයට, මගේ නෝනට මෙහෙම කළේ කියලා. ඉතින් මේ අත්දැකීම තුළ ඔවුන්ට දැනෙන වේදනාව ඔවුන්ට තේරුම් ගන්නට පුළුවන්. මේ සිදුවුනු දෙය මනුෂ්‍යයන් විදියට කාටවත් අනුමත කරන්නට බැරි ඉතාමත්, පහත් කි‍්‍රයාවක්.

මේ වෙච්ච විනාශය හමුවේ කි‍්‍රස්තියානි ජනතාව කි‍්‍රයාකරන ආකාරය. මම හිතන්නේ ජේසුස් වහන්සේ වදාළ පේ‍්‍රමයේ දහම තුළ ජීවත් වන්නට මේක හොඳ අවස්ථාවක් කරගෙන තියෙනවා කියලා. වෛරය වෛරයෙන් ජයගන්නට බැහැ. කි‍්‍රස්තියානිය පේ‍්‍රමයේ දහමක් නිසාම පේ‍්‍රමයේ පිළිතුරක් දෙන්නට හැකිවෙලා තියෙනවා. ඒ හැසිරීම අගය කරන්නට  ඕනා. හැගීම්වලට වහල් නොවී, බුද්ධියෙන් කි‍්‍රයා කරන්නට, ඒ අරගෙන තියෙන තීරණය ඉතාමත් අගය කොට සලන්නට  ඕනා.

මේ සියලූ සිදුවීම් හරහා රට වැසියෙක් විදියට දකින දේ තමයි වගකිව යුතු සියලූම පාර්ශ්වයන් වගකීම තවත් කෙනෙකුට යැවීමට දරන්නට යවන උත්සාහය. හැමෝම තමා නිර්දෝශී කියලා තවත් කෙනෙක්ව වරදට දාන්න දරණ උත්සාහය. මෙම සිදුවීමෙන් අයුතු ප‍්‍රයෝජන ගන්නට දරණ උත්සාහය. මේවා ශී‍්‍ර ලංකික ජාතිය විදියට අනුමත කරන්නට බැහැ. 



2019-04-28
Advertisement

Find us on Facebook