English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඇමෙරිකාවේ අල්ලේ නැටවෙන අයිඑස් ත්‍රස්තයෝ


ඇමෙරිකාවේ අල්ලේ නැටවෙන අයිඑස් ත්‍රස්තයෝ

අයි.එස්.අයි.එස් නම් වූ ත්‍රස්ත සංවිධානය තරමට ලෝකයේ කතා බහට ලක්වූ වෙනත් මාතෘකාවක් නොමැති තරමට සියවසේ මහා අභියෝගය බවට පත් විය. පලස්තීනයේ සිට ජෝර්දානයට පලා ආ සරණාගත පවුලකට අයත් සුන්නි මුස්ලිම් තරුණයෙකු වූ අබු මුෂාම් අල් සර්කාවි විසින් මෙම ත්‍රස්ත කල්ලියට අඩිතාලම දමන ලද්දේ 2002 වසරේදීය. මෙම ත්‍රස්ත සංවිධානය එවකට හැඳින්වුයේ “තව්හිඩ් – වා – ජිහාඩ්” යන නමිනි. ඇමෙරිකානු නිර්මාණයක් වූ මෙම සන්නද්ධ කල්ලියේ ප්‍රථම කාර්‍ය භාරය ඉෂ්ඨ කිරීමට පැවරුනේ ඇෆ්ඝනිස්තානයේදී සෝවියට් හමුදාවට එරෙහිවය. පසුව ඉරාකයට පැමිණ සදාම් හුසේන්ගේ “බාත්” පක්ෂයෙන් සක්‍රීය දේශපාලනයට පිවිසුණේය. ඉරාන ඉරාක යුද්ධයේදී ඉරාකයට ඇමෙරිකානු සහය පලවිය. එහිදී තමාගේ “තව්හිඩ් – වා – ජිහාඩ්” ත්‍රස්ත කල්ලියට ඇමෙරිකානු පුර්ණ සහය ලැබුණි. ඉන් පසුව ඇමෙරිකාව විසින් තෙල් සඳහා ඉරාකය ආක්‍රමණය කරනවිට ලොව පැවති විශාලතම සන්නද්ධ ත්‍රස්ත කල්ලිය වන “අල් කයිඩා” ( Al Qaeda) හා සම්බන්ධ වෙමින් “අල් කයිඩා – ඉරාක්” ( AQI – Al Qaeda Iraq) යන නාමය තම සංවිධානයට එකතු කර ගත්තේය.

2006 පමණ වන විට ජාත්‍යන්තර අල් කයිඩා ජාලයේ නායකයන් සහ සර්කාවි අතර න්‍යායික ගැටළු මතු වීමත් සමගම තම බැඳීම් ඉරිතලන්නට විය. සර්කාවිගේ අදහස වුයේ ඇමරිකාව ප්‍රමුඛ බටහිරට හිතවාදී සාම්ප්‍රදායික මුස්ලිම් නායකත්වයන් විනාශ කර දමා, කළාපීය රාජ්‍ය බලය අතට ගෙන Caliphate හෙවත් ඉස්ලාම් අධිරාජ්‍යයක් ගොඩනැගීමය. එය අල්කයිඩාව ප්‍රතික්ෂේප කිරීමත් සමගම ඔවුනොවුන් වෙන් විය. මෙම මත ගැටුම නිර්මාණය කරන ලද්දේ ඇමෙරිකානු සිඅයිඒ සංවිධානය විසින් බව පසු කලෙක හෙළි විය. 2006 ජූනි මාසයේ 6 වැනිදා ඇමරිකා එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකදී ලොවක් භීතියට පත් කල අංක එකේ ත්‍රස්ත සංවිධානයේ ආරම්භක නායකයා මිය ගියේය.

ඉන් පසුව අබු අයුබ් අල් මස්සෙරි, අබු ඕමාර් අල් බග්දාදි පිලිවෙලින් සංවිධානයේ නායකත්වයට පත් වුවද ඇමෙරිකානු ප්‍රහාරයන්ට බිලිවීමෙන් මිය ගියා. 2010වසරේදී අබු බකර් අල් බග්දාදි ගේ නායකත්වයෙන් යලි සක්‍රියතත්වයට පත්වුවද ඇමෙරිකානු වගකීම් ඉටු කිරීම තම ප්‍රමුඛ කර්තව්‍ය බවට පත් කර ගත්තේය. දීර්ග කාලීන සිඅයිඒ හා ඊශ්‍රායෙල් මොසාඩ් ඔත්තු සේවාවේ පුහුණුව ලැබූ ඔහු , සංවිධානය වටා සිටි සියලු මුලධර්මවාදීන්ගේ සිත් ගත් නායකයා බවටද පත් විය. ඒ සමයේදී 2010 වසරේ දෙසැම්බර් 18 වැනිදා ටියුනීසියාවෙන් ඇරඹී, ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව, යේමනය ආදී රටවල් රැසක පාලනයන් පෙරළා දමා, සිරියාවේ මේ සියවසේ දැනට අපි දකින දරුණුම සිවිල් යුද්ධය ඉතිරි කළ මේ “අරාබි වසන්තය” ආරම්භ විය. ඉරානයට පක්ෂපාති සිරියානු පාලනය බිඳ දැමීම සුන්නි මුස්ලිම් රටවල සහයෙන් ඇමෙරිකාව විසින් කුමන්ත්‍රණය දියත් කරන ලදී. තුර්කිය,සෞදි අරාබිය, එමීර් රාජ්‍ය , කටාර් යන රටවලින් බසාර් ගේ සුළුතර ෂියා පාලනය පෙරලා දැමීම වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක් අබු බකර් අල් බග්දාදි ගේ නායකත්වය අතට පත් විය. එවිට තම සංවිධානයේ නම “අල් කයිඩා – ඉරාක්” සිට “නිදහස් සිරියානු හමුදාව” ( Free Syria Army) ලෙස ඇමෙරිකා නැටෝ උවමනාව පරිදි මාරු කරන ලදී.



එතෙක් ඉරාකයට පමණක් සිමා වූ ISI ත්‍රස්ත කල්ලිය සමග සම්මතියකට එළඹීමෙන් පසුව , නැවත මෙම කුප්‍රකට ත්‍රස්ත කල්ලියේ නම “ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමික රාජ්‍යය” හෙවත් Islamic State of Iraq & Syria ( ISIS) ලෙස වෙනස් කළේය. විනාඩි 33 ක් ගුවන් විදුලි සහ අන්තර්ජාල සජීව විකාශයන් හරහා කළාපීය ජනතාව ඇමතූ අයි.එස්.අයි නායක අබු බකර් අල් බග්දාදි, ඉස්ලාම් කලීෆාවේ සිහිනය වෙත ගමන් ආරම්භ කල බවත් , එයට කලාපයේ මෙන්ම ලොව පුරා පිහිටි ඉස්ලාමිය සටන් කරුවන්ට ආරාධාන කළේය. සිරියාවේ අල් කයිඩාවට, සහ නිදහස් සිරියා හමුදාවට අනුබද්ධිතව සිටි පුද්ගල සටන් කරුවන් සහ කුඩා ප්‍රාදේශික සංවිධාන බුරුතු පිටින් තමන් පෙර නියෝජනය කල සංවිධාන අතහැර ISIS සමග සටන් වැදීමට එක්විය. ඒ සමගම අල්කයිඩා සංවිධානය ක්‍රමයෙන් පිරිහීමට පත් විය. ලොව ධනවත්ම ත්‍රස්ත සංවිධානය බවට පත් වන්නේද ISIS ත්‍රස්තයන්ය.

අබු බකර් අල් බග්දාදි, තමන්ගේ ත්‍රස්ත ජාලය නව මාවතකට පෙරලමින් , සිරියාවේ සටන් වදින 35000 කට අධික ඉස්ලාමිය අන්තවාදී සටන්කරුවන් අමතා 2014 ජූනි මස 29 වැනිදා “කැලිෆේටයක්” නොහොත් ඉස්ලාමිය කාලිෆාවක් ( අධිරාජ්යක් ) සඳහා කලාපය මුදා ගැනීමේ සටනට පිවිසෙන මෙන් ඉල්ලා සිටියේය. ඉන් පසුව තමාවම එහි “කාලිෆ්” වරයා හෙවත් “කාලිෆා රසුල්” ( දේව පණිවිඩ කරුවාගේ අනුප්‍රාප්තිකයා ) ලෙස නම් කරගත්තේය. අන්ධ භක්තික සහචරයන් විසන් මෙම අමානුෂික ත්‍රස්ත කල්ලි නායකයා හඳුවනු ලැබුවේ “කාලිෆා ඉබ්‍රාහිම්” ලෙසය. කෙසේ වුවද රටවල් ගණනාවක හමුදාවන් හා කල සටනින් පසුව අබු බකර් අල් බග්දාදි ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා සදාකාළික ආබාධිතයෙකු බවට පත් විය. ඔහු මිය ගිය බවද විවධ මාධ්‍යන් හි වාර්තා කර තිබුණි. මේ මොහොත වනවිට ඉරාකයේ හා සිරියාවේ ඔවුන් අත්පත් කරගෙන තිබු විශාල ප්‍රදේශයක් යලි මුදාගැනීමට සමත් විය. එම ප්‍රදේශවලින් දැවැන්ත පරාජයක් ලැබීමට අයිඑස් සටන් කරුවන්ට සිදුවිය. අබු බකර් අල් බග්දාදිගෙන් පසුව අනු ප්‍රාප්තිකයින් ලෙස අබු අබ්දුල්ලා කාදර්, අබු මුහම්මද්, අබු ලුවේ, අබු සලාහ් , අබු හජාර් අල් අසාෆි, අබු කාසිම්, අබු අබ්දුල් රහ්මාන් අල් බිලාවි පත් වුවද , ඊනියා ශුද්ධ වූ යුද්ධයේදී මාරු තුරුලට යැවීමට ප්‍රතිවිදුද්ධ හමුදා සමත් විය. මේ වන විට එහි අවසන් නායකයා බවට වාර්තා වන්නේ 30 හැවිරිදි ෂකිර් වහිබ් අල් ෆාදාවි අල් දුලයිමි හෙවත් අබු වහිබ් නම් ත්‍රස්තයාය.

අයිඑස් ත්‍රස්ත කළලය බිහිවුයේ ඇමෙරිකානු ගර්භාෂය තුලය. කිරිපොව ඇතිදැඩි කරමින් තම පවිටු චේතනාවන් ඉෂ්ඨ කර ගැනීමට බලල අතක් සේ ඔවුන් මානන ලදී. සත්‍ය වශයෙන්ම තෙල් වෙනුවෙන් ලේ ඉල්ලන සටනේ පෙරගමන් කරුවෙකු බවට අයිඑස් ත්‍රස්තයන් ඇමෙරිකානු බලාධිකාරිය විසින් මෙහෙයවනු ලැබිය. ලෝක තෙල් මිලේ මිල උච්චාවචනය තීන්දු කරනු ලබන්නේ ඇමෙරිකාව සෞදි අරාබිය හා ඊශ්‍රායෙලයයි. මෙමගින් ලෝක බොරතෙල් නිෂ්පාධනයේ පතක යෝධයින් වන රුසියාව වෙනිසියුලාව ඉරානයට මාරු පහරක් වැදුනි. එයට විකල්ප ලෙස කටාරයේ සිට යුරෝපය දක්වා නලමාර්ගයක් යොදවා තෙල් ප්‍රවාහනයට රුසියාව සුදානම් විය. එයට සමගාමිව ඇමෙරිකාව විසින් සෞදිය හරහා යුරෝපයට තෙල් නලයක් එලීමට සුදානම් විය. දෙපාර්ශවය තෙල් නල කුමන ප්‍රදේශයෙන් රැගෙන ආවද සිරියාව මධ්‍යයෙන් එය යුරෝපයට වෙත ලඟා විය යුතුව තිබුණි. එහෙත් ඇමෙරිකානු සැලසුම උඩුයටිකුරු කරමින් සිරියානු නායකයා බශාර් අල් අසාද් විසින් තෙල් නලය එලීමට අවසර දෙනු ලැබුවේ පුටින්ටය. සිරියානු මිලේචඡ යුද්ධයේ ආරම්භය මෙන්ම අමාන්ෂික ත්‍රස්ත කල්ලිය වන අයිඑස් පුනරාගමානය සිදුවන්නේ එතැන් සිටය. අද එම ත්‍රස්ත කල්ලිය අරාබිකාරයෙන් බලය අහිමිව ආසන්න රටවල් සමීපයට පැමිණෙමින් තිබේ. ශ්‍රී ලංකාවෙන් 35 කට ආසන්න ප්‍රමාණයක් මෙම ත්‍රස්ත කල්ලියෙන් පුහුණුව ලබා නැවත ලංකාවට පැමිණ ඇති බව මීට වසරකට පෙර මාධ්‍ය වාර්තා කළේය. ශ්‍රී ලංකාවේ පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය කිසි සේත්ම නවසීලන්ත සිදුවීමට ලගුකොට කිසිවෙකුට අතපිසදාගත නොහැක. මෙය දීර්ඝ කාලීන සැලසුමක ප්‍රතිපලයකි. ඇමෙරිකානු නව යටත් විජිතවාදය හා අයිඑස් ත්‍රස්ත කල්ලිය අතර ඇත්තේ ලොවට වසන් වූ පෙම් පුවතකි. මතු පිටින් පෙනය නමුත් යටින් වේගයෙන් ගලායන දිය පහරකි. ශ්‍රී ලංකාව යනු වේගයෙන් චීන කොලනියක් බවට පත් වෙමින් සිටින කුඩා දිවයිනකි. භූමියෙන් කුඩා වුවද ලෝක දේශපාලනයේ මෙන්ම , සංග්‍රාමික වටිනාකමක් ඇති ලොව විශේෂ කලාපයක පිහිටා ඇති බිමකි. මෙය අත්පත් කරගැනීමට ලෝක බලවතුන් අතර දීර්ඝ කඹ ඇදිල්ලක් තිබුණි. චීනයේ ධනයට ලොව අවනත වන විට ලංකාව ක්‍රමයෙන් චීන උගුලේ පැටලී ගියේය. එය නැවත වටයකින් ඉන්දියාව ඇමෙරිකාව අත්පත් කරගැනීමට නම් උපාය උපක්‍රම යෙදවිය යුතුය.

දීර්ඝ යුද්ධයක් තුල මේ රටට පය නොතැබූ ඇමෙරිකානු බුද්ධි අංශ FBI භටයින් විශේෂ හමුදා භටයින් මේ රටට ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රහාරයත් සමග ක්ෂණිකව ගොඩවිය. Jaic Hilton hotel ලැගුම් ගෙන සිටින ඇමෙරිකානු චර පුරුෂයන් අතේ බෝම්බ නිෂ්ක්‍රිය යන්ත්‍ර පවා තිබුණු බව ඊයේ එම හෝටලය පරික්ෂාවට ගිය ආරක්ෂක අංශයන්ට හෙළිවිය. කිසිදු ත්‍රස්ත ප්‍රහාරයකට එම හෝටලය ඉලක්ක නොවීය. මේ පසුබිම ගොඩ නැගීමට බොදු බල සේනාවද තමන්ගේ නොර්වේ , ප්‍රංශ හා ඇමෙරිකානු සංචාර වලදී මනා පුහුණුවක් ලැබිය. ඒ පිළිබඳව දිලන්ත විතානගේ ලා බොහෝ දේ සමාජයෙන් වසා දැමීය. මේ දිස්වන්නේ සියල්ලන් විසින් නිෂ්පාධනය කල නාට්‍යයේ ජවනිකාවය. මේ සියලු සිදුවීම් සිදුවන්නට පෙර C-2A Greyhound යුද්දෝපකරණ ප්‍රවාහන කාගෝ ගුවන් යානය මේ වසරේ ජනවාරි 24 මෙරටට ගොඩ බැස්සේය එහි රැගෙන ආ කිසිවක් පරික්ෂා කිරීමට නොහැකි වුයේ පසුගිය පාලනය තුල ගොටාභය රාජපක්ෂ හා ඇමෙරිකානු මිලිටරි ප්‍රධානීන් හා අත්සන් කල ගිවිසුමකට අනුවය. මේ සිදුවන්නේ මතු පිටින් පෙනෙන සිවිය නොවේ. රටවැසියන් දැන් අවදානයෙන් සිටින්න. ප්‍රහාරය පිළිබඳව රනිල් සිරිසේන මහින්ද ඇතුළු මේ රටේ ඉහල ඇවරිය දැන සිටියද මුනිවත රැක්කේය. මෙරට අයිඑස් නියෝජිතයා වන තවුජිත් ජමාත් ත්‍රස්ත කල්ලිය ගොටාභය විසින් පෝෂණය කල බවට ප්‍රසිද්ධියේ අසාද් සාලි චෝදනා කළේය. විමල් වීරවංශ වැනි තක්කඩියන් විසින් එය ශුද්ධ කරනු ලැබුවේ ඔවුන් බුද්ධි අංශ නිලධාරීන් ලෙසය. අප ඉදිරියේ විද්‍යාමාන වුයේ ජඩ දේශපාලනයේ තවත් එක ජවනිකාවක් පමණි. මේ රට ත්‍රාඩ දේශපාලුවන්ගෙන් මුදවා ගන්නා තුරු සත්‍ය වෙනුවෙන් මා පෙනී සිටිමි. ඔබට තව දුරටත් තිත්ත වූ ඇත්ත ගෙන එන්නෙමි. අපට බෙදී වෙන් වී පටු දේශපාලන නරා වලේ වැටි මියෙන්නට අවැසි නැත. සිදුවීම් පිටුපස ඇති භයානක කුමන්ත්‍රණය හඳුනා ගන්න. මේ පාදඩ දේශපාලුවන් නිරන්තරයෙන් සැකයට ලක් කරන්න.මේ රටේ දේශපාලනඥයින් යනු සදා ලෝක පූජිත ඩීල් කරුවන්ය

රසල් බණ්ඩාර වත්ත



2019-04-27
Advertisement

Find us on Facebook