English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ප‍්‍රහාරයේ දේශපාලන අරමුණු තියෙන්නේ කාටද?


ප‍්‍රහාරයේ දේශපාලන අරමුණු තියෙන්නේ කාටද?

” මේ සිදුවීමේ දේශපාලනයකුත් තියෙනවා. මේවා කොහොම සම්බන්ධ වෙනවද දන්නේ නෑ. අපි දන්නවා සමහර මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට කියලා තිබුණා. සමහර පත්තරවල මුල් පිටුව ඉඩ තියාගන්න කියලා. අපිට දැන් මේවා ගැන සැකයි. කොච්චිකඬේ පල්ලියට හැමදාම යන අය ගිය එදා ගියේ නෑ. එහෙම ප‍්‍රශ්නයත් තියෙනවා. ඊළගට මේකේ වාසිය එන්නේ කාටද? මේක දේශපාලනිකයි. මිනිමරන්න  ඕනයි කියන කණ්ඩායමක් මේකට පුහුණුවුණා වෙන්න පුළුවන්. හැබැයි මේ අය කාගේ කොන්ත‍්‍රාත්තුවකට ද මේක කළේ.”

සමන් රත්නපි‍්‍රය

'සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නපි‍්‍රය මේ අදහස් ප‍්‍රකාශ කරන ලද්දේ රටේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකතුව විසින් පුස්තකාල සේවා මණ්ඩල ශාලාවේ දී 2019 අපේ‍්‍රල් මස 23 වෙනි දින පැවති මාධ්‍ය හමුවේදීය. මේ මාධ්‍ය හමුව සඳහා ජේෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය එච්.ඩබ්.සිරිල්, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, පිලිප් දිසානායක, නීතිඥ ප‍්‍රබෝධ රත්නායක ඇතූළු විශාල නියෝජිතයන් පිරිසක් සහභාගි විය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ සමන් රත්නපි‍්‍රය.
 
”මේ හරහා රටට සිදුවුනු බලපෑම අති විශාලයි. දේශීය මෙන්ම විවිධ රටවල් අයත් මෙහිදි මරණයට පත් වුනා. රටේ ආර්ථිකයට සිදුවුනු බලපෑම අති විශාලයි. සංචාරක කර්මාන්තය බින්දුවටම වැටෙයි මේ හරහා. අයෝජන වලට ප‍්‍රශ්නයක් වෙයි. ඒකත් මේ ප‍්‍රහාරය එල්ල කළ හා ඊට සහය දැක්වූ පිරිසගේ එක අරමුණක් විය හැකියි කියලා අපි අනුමාන කරනවා. මෙම ප‍්‍රහාරයට අරමුණු තියෙනවා. ආර්ථිකය අඩපන කිරීම එක අරමුණක් විය හැකියි කියලා අපි අනුමාන කරනවා. අනික් පැත්තෙන් මෙය ඉතාම දරුණු ආකාරයේ ප‍්‍රහාරයක්. මරාගෙන මැරෙන බෝම්බකරුවන් හය දෙනෙක්. රජයේ ආරක්ෂක අංශ කියන විදියට තව බෝම්බ 03 ක් මේ සඳහා යොදාගෙන තියෙනවා. මේක කාලයක් පුහුණු වුණා වෙන්න පුළුවන්. මරාගෙන මැරෙන තත්ත්වයට පත්වෙනවා කියන්නේ සරළ කාරණයක් නෙමෙයි. මෙහෙම කණ්ඩායමක් හිටියා. කව්රු හෝ කණ්ඩායමක් මේ අයව ප‍්‍රයෝජනයට ගත්තා. ඒක දේශීය හා විදේශීය කණ්ඩායම් එක්ව කළාද කියන සැකයත් අපිට ඇතිවෙලා තියෙනවා. රටේ මිනිස්සුන්ට ඇති වෙලා තියෙනවා. ආරක්ෂක අංශත් ඒ ගැන සොයමින් ඉන්නවා.

.
මේ ප‍්‍රහාරය වලක්වා ගන්න තිබුණද නැද්ද? ඒක තමයි අපි මතු කරන වැදගත්ම කාරණය අපි දැක්කා  හරින් ප‍්‍රනාන්දු කියනවා ඔහුගේ තාත්තා කියනවා පල්ලි යන්න එපා කියලා. ඒක හින්දා ඔහු ගියේ නෑ කියලා. ඒක ඔහුගේ පැත්තෙන් සාධාරණයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියනවා මගේ ආරක්ෂක අංශ වෙත මෙම ලිපිය ලැබුණා. මමත් ඒක උදේ දැනගත්තා. මාව දැනුවත් කරලා තිබුණෙත් නෑ මගේ ආරක්ෂක අංශ. නමුත් ඔහුගේ ආරක්ෂක අංශ වෙත මෙම අනතුරු ඇගවීම කරලා තියෙනවා කියලා.

ඊළගට විවිධ අය විවිධ ප‍්‍රචාර මතු කරමින් ඉන්නවා. ඩලස් අලහප්පෙරුම, මහින්ද රාජපක්ෂ, රත්නපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍රවරයෙක් කිව්වේ මේක බුද්ධි අංශ අකාර්්‍යක්ෂම කිරීම නිසා, අකර්මන්‍ය කිරීම නිසා සිද්ධවෙච්ච දෙයක් කියලා. දැන් ඒක එහෙමද? කියන ප‍්‍රශ්ණෙත් අපි හමුවේ තියෙනවා. බුද්ධි අංශ අකර්මන්‍ය වෙලා තිබුණේ නැහැ. බුද්ධි අංශ සමහර අය තමන්ගේ නිල බල, අනෙකුත් කාරණා උපයෝගී කරගෙන ඉතිහාසයේ කරපු වැරදි, මිනිරූම්වලට සම්බන්ධවීම් වලට අදාළව පරීක්ෂණය යනවා කිහිප දෙනෙක් ගැන. ඒ ගැන අපිට ප‍්‍රශ්න තියෙනවා. බුද්ධි අංශ වලට විතරක් නෙමෙයි රටේ අනෙක් අංශ වලටත් මේ ප‍්‍රශ්නය තියෙනවා. ඒ ගැන පරීක්ෂණ සිදු කෙරෙනවා.



බුද්ධි අංශ වාර්තා මේ ගැන දීලා තියෙනවා රටේ ආරක්ෂක අංශ වෙත. ලංකාවේ බුද්ධි අංශ විතරක් නෙමෙයි විදේශ බුද්ධි අංශත් මේ ගැන පැහැදිලි දැනුම්දීමක් කරලා තියෙනවා. අපේ‍්‍රල් මාසේ 04 වෙනිදා ඉන්දියානු වාර්තාවක් එනවා ලංකාවේ ආරක්ෂක අංශ වෙත මෙවැනි ප‍්‍රහාරයක් දියත් වෙන්න පුළුවන් කියලා. ප‍්‍රභූන් ඝාතන ඉලක්කයක්. කි‍්‍රස්තියානි පල්ලි ඉලක්කයක්. ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයත් ඉලක්කයක් කියලා. ඒක ඉතා පැහැදිලිවම කියනවා. ඒ වාර්තා සහ දේශීය බුද්ධි අංශ වාර්තා පදනම් කරගෙන ආරක්ෂක ලේකම්වරයාගේ නියෝජිතයෙක් වන සිසිර මෙන්ඩිස්, පොලිස්පතිවරයාට අපේ‍්‍රල් 09 වෙනිදා ලිඛිතව දැනුම් දෙනවා මෙවැනි ව්‍යසනයක් සිදුවිය හැකියි අදාල කි‍්‍රයාමාර්ග ගන්න කියලා. ඒ කියන්නේ මේ තත්ත්වය ගැන ආරක්ෂක ලේකම් දන්නවා. ආරක්ෂක ලේකම් දන්නවා කියන්නේ ආරක්ෂක ඇමතිවරයා දන්නවා. ආරක්ෂක ඇමතිවරයා කියන්නේ මේ රටේ ජනාධිපතිවරයා.පොලිස්පතිවරයාට එන දැනුම්දීමත් එක්ක පොලිස්පතිවරයාගේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පි‍්‍රයාලාල් දසනායක අපේ‍්‍රල් 11 වෙනිදා ඒ සටහන් සහ ඔහුගේ නිල ලිපියත් සමග අමුණලා යොමු කරනවා පොලිසියේ ඉන්න මීට අදාළ අධ්‍යක්ෂකවරු සහ කණ්ඩායම් වලට. යොමු කරලා ලිපියේ අදාල තොරතුරු තියෙනවා. මෙවැනි ප‍්‍රහාරයක් රට තුළ දියත් විය හැකියි. අපේ‍්‍රල් 04 වෙනිදා සිට 21 දක්වා, අපේ‍්‍රල් 11 සිට 21 දක්වා, 09 වෙනි දින සිට 21 දක්වා මොනවද ආරක්ෂක අංශ කළේ කියලා බරපතල ප‍්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන් පොලිසිය මොනවද කළේ? ආරක්ෂක අංශ භාර දේශපාලන යාන්ත‍්‍රණය මොනවද කළේ කියන කාරණය පිළිබඳ ප‍්‍රශ්නයක් තියෙනවා. පැහැදිලිවම කියනවා මේ වාර්තාවේ කි‍්‍රස්තියානි පල්ලි ඉලක්කයක් කියලා. ප‍්‍රභූන් ඉලක්කයක් කියලා. ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉලක්කයක් කියලා. කි‍්‍රස්තියානි පල්ලි ලංකාවේ කීයද තියෙන්නේ? ඒවට ආරක්ෂාව දාන්න බැරිද? කාදිනල්තුමාට මෙය දැනුම්දීමට තිබුණද නැද්ද? ඇයි දැනුම් දුන්නේ නැත්තේ? දැනුම් දුන්න නම් පාස්කු ඉරිදා දේව මෙහෙය පැහැදිලිවම නවත්වන්න තිබුණා. කාදිනල්තුමා ඒක කිව්වා. නතර කරන්න එවැනි දැනුම්දීමක් නැහැ.

අපි දැක්කා ඊයේ ආරක්ෂක ලේකම්වරයා වගකීම් රහිත ප‍්‍රකාශයක් කරනවා. ඔහු කිව්වා මේක දැනගෙන හිටියා. මේ පිළිබඳව තොරතුරු වාර්තා වුනා. අපි අදාල අංශ වෙත දැනුම් දුන්නා කියලා. කව්ද අදාල අංශ? කි‍්‍රස්තියානි කටයුතු පිළිබඳ ඇමතිවරයා කිව්වා මට ඒ පිළිබඳ දැනුම්දීමක් නැහැ. කාත් එක්ක ද මේ ආරක්ෂිත සැලසුම් හදන්නේ ?. මේක විහිළුවක්. ඊළගට ඇහැව්වා කි‍්‍රස්තියානි පල්ලිවලට ආරක්ෂාව නුදුන්නේ කියලා? පල්ලි කීයක් තියෙනවද? කොහොමද අපි හැම එකටම ආරක්ෂාව දෙන්නේ? ලංකාවේ හමුදාවේ පොලිසියේ කීයක් ඉන්නවද? පල්ලි කීයද තියෙන්නේ ? එක පල්ලියකට 50 ක් සීයක් වුනත් දාන්න ප‍්‍රමාණවත් මේ ඉන්න ආරක්ෂක අංශ හා පොලිසිය දිහා බැලූවම. එවැනි ආරක්ෂක විධිවිධානයක් කි‍්‍රයාත්මක කළේ නැහැ. ඇයි එහෙම කළේ? ඒ වගේ වැරදි තීරණයක් ගත්තේ ඇයි කියන කාරණය පිළිබඳ බරපතල විදියට ප‍්‍රශ්න කරන්න  ඕනා. පොලිස්පතිවරයා ගත්ත කි‍්‍රයා මාර්ග මොනවද? රාජිත සේනාරත්න ඇමතිවරයත් මේ ප‍්‍රශ්න නැගුවා. ප‍්‍රශ්න කරලා විතරක් හරියන්නේ නැහැ. ආණ්ඩුවක් විදියට තීන්දු ගන්න  ඕනා. ජනාධිපතිවරයා තීන්දු ගන්න  ඕනා. දැන් ජනාධිපතිවරයා පිළිබඳවත් තීන්දුවක් ගන්න වෙනවා මේ එළිදරව් වෙන කාරණා දිහා බැලූවම. තත්ත්වය ඉතාම නරකයි.



මේ සිද්ධිය ඇතිවුනා. අහිංසක මිනිස්සු මැරුණා. අහිංසක විදේශිකයෝ මැරුණා. ආපහු විදේශිකයෝ ලංකාවට එන්නේ නැහැ අවුරුදු ගාණකට. මේ සිදුවීම සිදුවන මොහොත වන විට ලංකාවේ ආරක්ෂක ඇමතිවරයෙක් නැහැ. මේක වෙන කොට ලංකාවේ නීතිය හා සාමය භාර ඇමතිවරයෙක් නෑ. ඒක තමයි ඇත්ත. රාජ්‍ය ආරක්ෂාව භාර ඇමතිවරයා ජනාධිපතිවරයා. ඔහු තිරුපති යනවා. තිරුපති වලින් සිංගප්පූරුවට යනවා. ඔහු පෙරේදා ? 10.00 විතර ලංකාවට එනකම්ම මේ රටේ ආරක්ෂාව භාර ඇමතිවරයෙක් නෑ. ඔහු ඒ ගැන වගකීම අඩුම ගානේ රුවන් විජේවර්ධන ඇමතිවරයාට, රාජ්‍ය ආරක්ෂක ඇමතිවරය ඔහු. ඔහුට භාරදීලා නෑ. අගමැතිවරයාට බාරදීලා නෑ. කාටවත් භාරදීලා ගිහිල්ලා නෑ. ඇමති තනතුරත් එක්කම තමයි විදේශගත වෙලා තියෙන්නේ. නීතිය හා සාමය අමාත්‍යංශය කාටවත් බාරදීලා නෑ. ඒකත් අරගෙනම තමයි සිංප්පූරුවට ගිහිල්ලා තියෙන්නේ. එතකොට කව්ද දේශපාලන නායකත්වය දෙන්නේ මේකට. ඒක බරපතල වැරැද්දක්. දියුණු රටක නම් මේ වෙනකොට ඉල්ලා අස්වෙලා. එහෙම නැත්නම් විශ්වාසභංගයක් ගෙනල්ලා. ලංකාව වගේ රටවල මුකුත් වෙන්නේ නෑ. ජාතියේ වාසනාවට තමයි එහෙම වෙන්නේ. අවාසනාවම නෙමෙයි නේ මේක. ඒක තමයි ලබා උපන් හැටි කියලා තමයි කියන්න වෙන්නේ. වගකීම් විරහිතව බරපතල විදියට කටයුතු කරලා තියෙනවා.

රටේ ආරක්ෂක කවුන්සිලයක් තියෙනවා. පෙරේදා හදිසියේ ඒක රැස්වුනා. රැස් කරන්න උත්සාහ කළා. බැහැ කිව්වා. ඊට පස්සේ රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා කැඳෙව්වා. ඊට පස්සේ ආවා. එහෙම තමයි මේක රැුස්වෙන්නේ. ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස්වෙන්න  ඕනා. නීත්‍යානුකූලව නම්. ජනාධිපතිවරයා තමයි ප‍්‍රමුඛයා වෙන්නේ. ඒකට අගමැතිවරයා, රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා, අදාල අමාත්‍යංශවල කණ්ඩායම් කැඳවනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ කාලෙත් එහෙමයි, අනික් ජනාධිපතිවරුන්ගේ කාලෙත් එහෙමයි. සතිපතා රැස්වෙන්න  ඕනා. අපේ‍්‍රල් 04 වෙනිදා ඉන්දියාවෙන් දීපු රිපෝට් එක ආරක්ෂක කවුන්සලයේ කතා කළාද නැද්ද? කරුණාකරලා මේවට උත්තර දෙන්න. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයා දැනුවත් කරාද නැද්ද? දැනුවත් කළේ නැත්නම් ඇයි ඒ? මෙවැනි ව්‍යසනයක් විය හැකි බව දැනුම් දී තිබිය දී, ලංකාවටම ආසන්න බලවත් රටක්. ලංකාව ගැන හොඳට දන්න. හොයන රටක්. දැනුම් දී තිබිය දී ඇයි ඒ ගැන ජනාධිපතිවරයා එක්ක සාකච්ඡා කරලා ආරක්ෂක කවුන්සලයේ තීරණ නොගත්තේ. ජනාධිපතිවරයා මේ ගැන තීරණ නොගත්තේ ඇයි? ඒවා අහන්න  ඕන ප‍්‍රශ්න? ඊළගට අපි දන්න කාරණයක් තමයි ආරක්ෂක කවුන්සලයට අගමැතිවරයා දෙසැම්බර් 20 වෙනි දින සිට කැඳවලා නෑ. දින 52 න් පස්සේ රුවන් විජේවර්ධන රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා කැඳවලාත් නෑ. කව්ද මේ ආරක්ෂක කවුන්සලයේ වාඩිවෙන්නේ ? කව්ද හිතන්නේ මට මේක කරන්න පුළුවන් කියලා. කැඳවන්නේ නැත්තේ අවිශ්වාසය නිසාද? විශ්වාසය අවිශ්වාසය වෙනම කාරණා තියෙන්න බෑ රට පිළිබඳ වගකීමේ දී. අදාල නීතිමය තත්ත්වයන්, අදාල නිල කණ්ඩායම් මේ සඳහා කැඳවිය යුතුයි. එහෙම කරන්නේ නැතුව කොහොමද මෙහෙය තීරණ ගන්නේ? ඒවා වල ප‍්‍රතිඵල මේ. වැඩ බලන්න තත්ත්වයන් හදන්නේ නැතුව රට ගියා. අපි නිකමට හිතමු ඉන්දියාව ලංකාවට විරුද්ධව යුද්ධ ප‍්‍රකාශ කළා කියලා සිංගප්පූරුවේ ඉන්න කොට. පැය දෙක, තුනකින් වැඬේ ඉවර කරන්න පුළුවන්නේ ලංකාවට. ලංකාව යුද්ධ ප‍්‍රකාශ කරන්නේ නැතුවම මේක බුල්ඩෝසර් වෙනවා. යුද්ධ ප‍්‍රකාශ කරන්නේ ආරක්ෂක ඇමතිවරයා ඉන්න එපැයි ලංකාවේ. මොකක්ද මේ රාජ්‍ය ආරක්ෂා සම්බන්ධ වගකීම. ආරක්ෂක කවුන්සලයට නොකැඳවීම.


අපේ‍්‍රල් 21 වෙනි දින අපි දැකපු කාරණා කිහිපයක් තියෙනවා. රට යම් ප‍්‍රමාණයකට අස්ථාවර වුනා හදිසි ප‍්‍රහාරයත් එක්ක. ජනතාව විදියට කවුරුත් ඒක බලාපොරොත්තු වුණේ නෑ. ඒක දැනගන්න  ඕන ආරක්ෂක අංශ. ඒ ගොල්ලෝ මුකුත් කළේ නෑ. රට අස්ථාවර වුනාම පස්සේ අගමැතිවරයා කැබිනට් එක කැඳෙව්වා. අගමැතිවරයා ආරක්ෂක කවුන්සලය කැඳෙව්වා. ඒ අවස්ථාවේ කළ හැකි කිසිවක් නෑ. රටේ ඉන්න ප‍්‍රධාන පුරවැසියා එයා ඒ මොහොතේ. ඒ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමට කවුරුත් ආවේ නෑ. ඊට පස්සේ රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ඇමතිවරයා රාජ්‍ය ඇමතිවරයා විදියට ආරක්ෂක කවුන්සිලය කැඳෙව්වා ආරක්ෂක අමාත්‍යංශයේ. අගමැතිවරයා ගිහින් රුවන් විජේවර්ධන ඇමතිවරයාගේ කාමරයේ විනාඩි 20ක් විතර හිටියා මේ රැස්වීම රැුස්වෙනතුරු. ඊට පස්සේ තමයි සාකච්ඡා කරලා, තීරණ අරගෙන උපදෙස් දුන්නේ. නැවත තත්ත්වය සමාලෝචනය කරන්න ? 7.00 ට ආරක්ෂක කවුන්සිලයේ කිසිවෙක් ආවේ නෑ. එන්නේ නැත්තේ ඇයි කියලා ඇහැව්වම. ඉහළින් ආපු අණක් නිසා එන්න බෑ කියලා කිව්වා. ඉහළින් කියලා කියන්නේ දෙවියන් වහන්සේ හරි වෙනම රටක කවුරුහරි නෙමෙයිනේ. කවුද ලංකාවේ ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට උපදෙස් දෙන්න පුළුවන්. තමන් වගකීම් විරහිතව විදෙස් ගත වෙලා ඉන්නවා නම්, තමන් මේක දැනගෙනත් මුකුත් කළේ නැත්නම්. ලංකාවේ ඉන්න වගකීමක් ගන්න පුළුවන් කෙනාට උදව් කරන එක නෙමෙයි ද වගකීම. ව්‍යසනය ඇති වුනාම පස්සේ ද ඒකට මුහුණ දෙන්නේ? ඒකටත් ඉඩ නොදෙන ස්වභාවයකට තමයි හවස සහ දවස තුළම කටයුතු කළේ. අපි දැක්කා ඇඳිරිනීතිය දාන්න තියෙන අමාරුව. ඇඳිරිනීතිය දාන්න රාජ්‍ය ආරක්ෂක ඇමති කෙනෙක් නෑ. පොලිස් ඇඳිරි නීතිය දැම්මේ පොලිස්පතිවරයාගේ වපසරිය තුළ. ෆේස්බුක් තහනම් කිරීම ගැන විවිධ අදහස් තිබුණා. ඒකත් කරගන්න බැරි වුනා එකපාරට. පැය ගණන් ගියා තීන්දු ගන්න. සියලූ බලතල තියෙන්නේ එක තැනක. ඒ බලයත් සමග තමයි විදේශගත වෙලා තියෙන්නේ. මෙතන තීන්දු ගන්න හැකියාවක් තිබුණේ නැහැ. මේක නම් රට කරවන විදිය ඒ පිළිබඳව බරපතල ප‍්‍රශ්නයක් තියෙනවා. හමුදාපතිවරයා ගිහින් බිෂොප් හම්බවෙලා කිව්වේ මට දෙන්න. මම ඒක කරලා පෙන්වන්නම්. ඇත්තටම ඔහුට ඒක කරන්න පුළුවන් බව අපි දන්නවා. හමුදාවේ, පොලිසියේ ඉන්නවා මේක කරන්න පුළුවන් මිනිස්සු. කරන්න පුළුවන් නිසානේ මේ වන කොට 20 ගානක් අත්අඩංගුවට ගන්න, ආයතනයත් එක්කම. වාහනත් එක්කම නිෂ්කී‍්‍රය කරන්නේ. කරන්න පුළුවන්. කරන්න ඒකට නායකත්වය දෙන්න  ඕනා. තොරතුරු ආවම, මේක කරන්න, මේක කරන්න කියලා කතා කරන්න  ඕනා. තීන්දු ගන්න  ඕනා. ඒකට ඉඩ දෙන්න  ඕනා. වැඬේ වුනායින් පස්සේ තමයි කියන්නේ අරක කරන්න මේක කරන්න කියලා. මේ පාර ඒකටත් පැය 12 ක් විතර ගියා. ඉතින් මේ වගකීම් පැහැර හැරීම නිසා බරපතල ව්‍යසනයක් ඇති වුනා කියලා පැහැදිලියි. මේ සියල්ල වුනේ වගකීම් පැහැර හැරීම නිසා.

මේ සිදුවීමේ දේශපාලනයකුත් තියෙනවා. මේවා කොහොම සම්බන්ධ වෙනවද දන්නේ නෑ. අපි දන්නවා සමහර මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට කියලා තිබුණා. සමහර පත්තරවල මුල් පිටුව ඉඩ තියාගන්න කියලා. අපිට දැන් මේවා ගැන සැකයි. කොච්චිකඬේ පල්ලියට හැමදාම යන අය ගිය එදා ගියේ නෑ. එහෙම ප‍්‍රශ්නයත් තියෙනවා. ඊළගට මේකේ වාසිය එන්නේ කාටද? මේක දේශපාලනිකයි. මිනිමරන්න  ඕනයි කියන කණ්ඩායමක් මේකට පුහුණුවුණා වෙන්න පුළුවන්. හැබැයි මේ අය කාගේ කොන්ත‍්‍රාත්තුවකට ද මේක කළේ. ඇයි මේකට කි‍්‍රස්තියානි ප‍්‍රජාවම තෝරගත්තේ. ඇයි මේකට දෙමළ කි‍්‍රස්තියානින් තෝරගත්තේ. ඇයි සුළුජන වාර්ගවලට විතරක් ඉලක්ක කරලා මේ ප‍්‍රහාරය එල්ල කළේ. මොකක්ද මේකේ දේශපාලනික අරමුණ. 2015 දේශපාලන වෙනසෙදි එකතු වුනේ ජාතික සංහිඳියාව ඇති කරන්න  ඕන මිනිස්සු. සුළු ජාතීන් හදවතින්ම එකතු වුනා. ඒ මිනිස්සු නැවතත් යුද්ධයක් ප‍්‍රාර්ථනා කළේ නෑ. නැවත මෙවැනි ව්‍යසනයක් ප‍්‍රාර්ථනා කළේ නෑ. ඒ ඒකාබද්ධතාවය ද මේ බිඳින්න හදන්නේ. සුළු ජාතියක් තවත් සුළු ජාතියකට ප‍්‍රහාරයක් එල්ල කරනවාද කියන එකද මේ පෙන්වන්න හදන්නේ? කව්ද මේක පිටිපස්සේ ඉන්නේ? ලංකාවේ සීෆෝ පුපුරන ද්‍රව්‍ය හදනවද? නෑ. මේවා විදේශ රටවලින් ගෙන්වන්නේ. මේ පුහුණු විදේශ රටවලින්. කව්ද මේ වෙලාව තීරණය කළේ? ඊට කලින් පෝය දවස තිබුණා. ඇයි පාස්කු ඉරිදාම තෝරගත්තේ? මිනිස්සු රැස්වෙනවා නම් කොටුවේ දුම්රිය පොළට යන්න තිබුණා අවුරුද්දට කලින්.එහෙම ගියේ නෑ. හරියටම පාස්කු ඉරිදා පල්ලි තමයි තෝරගත්තේ? ඉතාම පැහැදිලියි මේකට දේශපාලන අරමුණක් තියෙනවා. මේක සිද්ධ වුනාට පස්සේ කාටද දේශපාලන වාසිය යන්නේ? දැනටමත් කියනවනේ මේකට හොඳ ඒ වගේ කෙනෙක් කියලා. එයා ගෙනාවොත් තමයි මේක නවත්ත ගන්න පුළුවන්. ඒකද මේ හදන්න හදන්නේ? ඒ නිසා මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ඇහැගහගෙන ඉන්න  ඕන කියලයි අපි කියන්නේ.

මේකට වගකීම් දරණ දේශපාලන නායකයින් පිළිබඳ අපට විශ්වාසයක් නෑ. පිටරට ඉන්නකොටම ප‍්‍රකාශයක් කළා මේක කුමණ්ත‍්‍රණයක් කියලා. කොහොමද කුමණ්ත‍්‍රණයක් කියලා දන්නේ? මේ ආණ්ඩුවේ කවුරුත්ම කිව්වේ නෑ මේක කුමණ්ත‍්‍රණයක් කියලා. වගකීම දැරිය යුතු ජනාධිපතිවරයා තමයි මේක කුමණ්ත‍්‍රණයක් කියලා හඳුන්වන්නේ.

දැන් කොමිෂන් සභාවක් පත් කළා. තුන්දෙනෙක්ගේ. ඒ පුද්ගලයන් හොඳයි. ඒ ගැන අපිට ගැටළුවක් නෑ. හැබැයි මේ කොමිෂන් සභා කි‍්‍රයාවලිය. තනිකර දේශපාලනිකයි. මේකෙන් කරන්නේ මේක අරගෙන ප‍්‍රචාරය කරලා දේශපාලනික වාසි ගන්න හදන එක විතරයි. මේ කොමිෂන් අවසාන ඉලක්කයකට යන්නේ නෑ. ජනාධිපතිවරයා සතුව මේ වන විට කොමිෂන් වාර්තා කිහිපයක්ම තියෙනවා. ¥ෂණ වංචා සම්බන්ධ කොමිෂන් වාර්තා දෙකක් තියෙනවා. ඒවට නෛතික කි‍්‍රයාමාර්ග ගන්නේ නෑ. බැදුම් කොමිසම් වාර්තාව තියෙනවා. ඒක දේශපාලනිකව රවුම් කරනවා, හතරැස් කරනවා මිසක් අවසාන ඉලක්ක වලට යන්නේ නෑ. දැන් ශී‍්‍රලංකන් සම්බන්ධව කොමිෂන් සභාව කි‍්‍රයාත්මක වෙනවා. ඒක දේශපාලනිකව ගන්නේ නෑ. ඒකට බලපෑම් කළා. ඒ නිසා දැම්මා. ඒක දැන් ඔහේ යනවා. උදේ හවස මේක කතා කරන්නේ නෑ. අනික් ඒවා උදේ හවස ?ට. තුන්වේලටම බත් කනවා වගේ කතා කරනවා. මේක කතා කරන්නේ නෑ. ඇයි? විපක්ෂයත් එක්ක සහයෝගයෙන්
සාකච්ඡාවක් යනවා. එකට ඉල්ලමු කියනවා. අපේක්ෂකයා පිළිබඳ ප‍්‍රශ්න තියෙනවා. විපක්ෂයේ අයගේ දේවල් එළිවෙන දේවල් ගන්නේ නෑ එළියට. දේශපාලනිකයි මේවා. මේ කොමිෂන් සභාව ගන්න පුළුවන් අද ඉඳන්. දේශපාලනික කොමිෂන් සභාවලින් මේ රටට සුගතියක් වෙන්නේ නෑ. මේක හොයන්න පුළුවන් ආරක්ෂක අංශයක් අපට තියෙනවා. ඔවුන් දක්ෂයි. දක්ෂ මිනිස්සු මේක ඉන්නේ. ඒ මිනිස්සුන්ට බලය දුන්නා නම් ඒ මිනිස්සු කියයි කව්ද මේකට වගකියන්න  ඕන කියලා. භාගයක් විතර අල්ලගෙන ඉන්නේ දැන්. ඒ අයට බලයයි, පහසුකමුයි දීලා වැඬේ කලා නම් වැඬේ ගොඩදාගන්න පුළුවන් අපේ වචන වලින් කියනවා නම්. බොරුවට කොමිෂන් සභා දාලා තමන් බේරෙන්න හදන්නවත්, බේරගන්න  ඕන අය බේරගන්න හදන්න එපා කියලයි අපි කියන්න උත්සාහ කරන්නෙ.

අපි දන්නවා වනාතවිල්ලූවේ බොහෝ දේවල් අත්අඩංගුවට ගත්තා. කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තා. පරීක්ෂණ අඩපණයි. කාගේ කීමට නිදහස් කළේ කියලා කබීර් හෂීම් ඇමතිත් ඇහැව්වා ඊයේ ප‍්‍රවෘත්ති හමුවේදී. කබීර් හෂීම් ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයට වෙඩි තිබ්බා. ඒකටත් දෙන්නෙක් අත්අඩංගුවට ගත්තා. ඒ පරීක්ෂණ වලට මොකද වුණේ. මාවනැල්ල බුදුපිළිම ප‍්‍රශ්නේ. එකම කණ්ඩායම. අපේ‍්‍රල් 16 මෝටර් බයිසිකලයක් පිපිරෙනවා. බයිසිකල් දෙකක් ආවලූ. එකක් රිමෝට් එකකින් පිපිරුවලූ. ඒ ගැන පරීක්ෂණ කළාද? ඒ ගැන අවධානය යොමු කළාද? පි‍්‍රයලාල් දසනායකගේ වාර්තාවේ තියෙනවා සියළු පුද්ගලයන් ගැන තොරතුරු සොයා බැලිය යුතු. මෙචච්ර තොරතුරු හම්බවෙලා අතට. මේ ගැන සොයා බැලූවේ නෑ කියන්නේ? මොන තරම් විහිළු සහගත විදියට ද වැඩ කරලා තියෙන්නේ?

වගකීම් පැහැර හැරි පුද්ගලයන් සම්බන්ධව ආණ්ඩුව මොකක්ද කරන්නේ? ජනතාව විදියට අපි මොනවද ඔවුන් සම්බන්ධව කළ යුත්තේ? ඒක අපි හමුවේ තියෙන ප‍්‍රශ්නයක්. යාන්තම් ඔලූව උස්සන්න බැලූවා විතරයි රට. සංචාරකයෝ වැඩිපුරම ආපු අවුරුද්ද මේ. දැන් පෝලිමේ ආපහු යනවා. ටිකට් එකක්වත් නෑ ගන්න දැන්. බලන් පුළුවන් හෝටල් වලට තව මාස දෙක තුන යනකොට වෙන දේ. ආර්ථිකය වට්ටන්න හදන්නේ මේ. ජන ජීවිතය කඩාකප්පල් කරන්න. ජන ජීවිතය කඩා කප්පල් වෙන වාතාවරණයක් හදන්න. නැවතත් බැරියර් ගේන්න. ඒ හරහා බලයට එන්න. කාටද බලයට එන්න වුවමනාව තියෙන්නේ කියලා ආරක්ෂක අංශ සොයා බැලිය යුතුයි කියලයි අපි කියන්නේ.”



2019-04-25
Advertisement

Find us on Facebook