English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කුමණ්ත‍්‍රණකාරී ජනාධිපතිව ගෙදර යැවිය යුතුයි - බාහු


කුමණ්ත‍්‍රණකාරී ජනාධිපතිව ගෙදර යැවිය යුතුයි - බාහු

”මේ රටේ ඉතා අවංකව වැඩ කරලා, කි‍්‍රයා කරපු බුද්ධි අංශයට, ආරක්ෂ අංශ වලට, පොලිසියට මඩ ගහලා, විනාශ කරලා දාලා තමන්ට යන්න  ඕන තැනකට සූදානම් වෙලා කටයුතු කරලා තියෙනවා. දැන් කතා කරනවා අයි.ජී.පීව ගෙදර යවන්න  ඕන කියලා. පොලිස්පතිව ගෙදර යවන්න ඉස්සෙල්ලා ජනාධිපතිව ගෙදර යවන්න  ඕනා. මොකද ජනාධිපති යටතේ තමයි පොලිස්පති වැඩ කරන්නේ. එයා ඉන්නේ දේශපාලඥයෙක් යටතේ. මේක බරපතල කුමණ්ත‍්‍රණයක් කියලා මේ කියන කරුණු වලින්  ඕනෑම ළමයෙකුට වුනත් තේරෙනවා.”

ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න

ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මේ අදහස් ප‍්‍රකාශ කරන ලද්දේ රටේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකතුව විසින් පුස්තකාල සේවා මණ්ඩල ශාලාවේ දී 2019 අපේ‍්‍රල් මස 23 වෙනි දින පැවති මාධ්‍ය හමුවේදීය. මේ මාධ්‍ය හමුව සඳහා ජේෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය එච්.ඩබ්.සිරිල්, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, වෘත්තීය සමිති නායක සමන් රත්නපි‍්‍රය, පිලිප් දිසානායක, නීතිඥ ප‍්‍රබෝධ රත්නායක ඇතූළු විශාල නියෝජිතයන් පිරිසක් සහභාගි විය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය කරුණාරත්න. 

”අපිට ඉතාම පැහැදිලියි මේ වෙච්ච විපත්තිය වලක්වා ගන්න පුළුවන්කම තිබිලා ඒක ඒ විදියට කරන්නේ නැතුව, විශාල විනාශයක් බවට පත් කරන්න, මේ රටේ ජනාධිපතිතුමා ඇතුළු කල්ලියක් වැඩ කරලා තියෙනවා කියලා. සිද්ධිය සම්බන්ධ තොරතුරු අපිට ලබා ගැනීම සඳහා ප‍්‍රවේශයක් ලැබුණේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිගෙන්. ඔහු අගමැතිවරයා හැටියට, තමාට අයත්ව නොතිබුණු ආරක්ෂාව ගැන පියවර ගැනීමට වෙහෙස වෙලා කටයුතු කරලා කටයුතු කරලා තියෙනවා. ඔහුට ලැබුණු තත්ත්වය අපට ප‍්‍රකාශ කරලා තියෙනවා. මෙන්න මම උත්සාහ කළා, මගේ කතාවට ලැබුණු වගකීම මේක තමයි කියලා ඔහු කරන ලද එළිදරව කිරීම තුළින් තමයි අපි දන්නේ මේක විශාල කුමණ්ත‍්‍රණයක් කියලා. මේක සංවිධානාත්මකව වෙච්ච වැඩක්. ඒ වැඬේ මේ මුස්ලිම් ත‍්‍රස්තවාදී කණ්ඩායමක වැඩක් කියලා හංවඩු ගහන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට මේ රටේ ජනාධිපතිගේ කාර්ය බලකාය තුළම කි‍්‍රයාකාරිත්වය තුළම ලැබුණු ඉඩ කඩ තුළයි මේක කි‍්‍රයාත්මක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔහු තමයි ප‍්‍රධාන වගකිම්කරුවා මේ විනාශයේ. මෙවැනි අතිවිශාල විනාශයක් තුළින් දේශපාලන වාසියක් ඇති කරගන්න පුළුවන් තමන්ට කියලා හිතාගෙන කටයුතු කරපු බව පේනවා ඒ කණ්ඩායමම.

මෙවැනි විනාශයක් කිරීම සඳහා ඒගොල්ලෝ අනික් අතට මේ රටේ ඉතා අවංකව වැඩ කරලා, කි‍්‍රයා කරපු බුද්ධි අංශයට, ආරක්ෂ අංශ වලට, පොලිසියට මඩ ගහලා, විනාශ කරලා දාලා තමන්ට යන්න  ඕන තැනකට සූදානම් වෙලා කටයුතු කරලා තියෙනවා. දැන් කතා කරනවා පොලිස්පතිව ගෙදර යවන්න  ඕන කියලා. පොලිස්පතිව ගෙදර යවන්න ඉස්සෙල්ලා ජනාධිපතිව ගෙදර යවන්න  ඕනා. මොකද ජනාධිපති යටතේ තමයි පොලිස්පති වැඩ කරන්නේ. එයා ඉන්නේ දේශපාලඥයෙක් යටතේ. මේක බරපතල කුමණ්ත‍්‍රණයක් කියලා මේ කියන කරුණු වලින්  ඕනෑම ළමයෙකුට වුනත් තේරෙනවා. මේක එළිදරව් කිරීමට අපිට ලැබුණේ රනිල් වික‍්‍රමසිංහ ඉතාම අපහසු කාර්යයක්, ඉතාම දරුණු කාලපරිච්ෙඡ්දයක දවස් ගාණක් අතර ඔහු වැඩ කරගෙන ගිහිල්ලා යුක්තිය හා සාධාරණය ඉටු කරන්න පුළුවන් වුනා. අපිට පොඞ්ඩක් හරි ඉස්සරහට යන්න ඉඩ ලැබුණේ.

ඒ නිසා මේ රටේ දේශපාලන බලය වෙනස් කළ යුතුයි. ඒ වෙනස් කිරිමේදී අපිට මේ අවස්ථාවේ ක්ෂණිකවම රනිල් වික‍්‍රමසිංහ සමග එකතුවෙලා මේ බලය වෙනස් කිරීමට කටයුතු කිරීම, අත්‍යවශ්‍යයයි කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. ජාතිවාදයට, ආගම්වාදයට, පිටුපාලා මේ විදියට, ආණ්ඩුවක් මේ මොහොතේ හදාගන්න පුළුවන් වෙන ගමන් මාර්ගයක අපි වැටිලා තියෙනවා අපි ඒ විදියට කි‍්‍රයා කළොත්. මේ සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාව ගැන වෛරයක් ඇති කරගන්න කවුරු හරි හදනවා නම් ඒකට විශාල ආවරණයක් ලැබිය යුතුයි. අළුතෙන් හැදෙන්න යන ආණ්ඩුවක් මගින්. මෙවැනි ප‍්‍රබල කි‍්‍රයා මාර්ගයක් සඳහා අවතීර්ණ වෙන්නට, ජනතාව සූදානම් විය යුතුයි.”  




2019-04-24
Advertisement

Find us on Facebook