English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වර්ගවාදී ම්ලේඡ ප්‍රහාරය තරයේ හෙළා දකිමු- සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ඒකමුතුව


පසුගිය 21 ඉරිදා කතෝලික දේවස්ථාන හා සංචාරක හෝටල් කිහිපයක් ඒල්ල කරමින් සිදුකරනු ලැබූ කූර හා මේලේච්ඡ ප්‍රහාරය හෙලා දකිමින් සිවිලි සංවිධාන හා වෘත්තිය සමිති ඒකමුතුව විසින් අද දින (23) මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ 07, ජාතික පුස්තකාල මණ්ඩල ශාලාවේ දී පවත්වනු ලැබීය. ඒ වෙනුවෙන් නිකුත් කල මාධ්‍ය නිවේදනයයි පහත දැක්වේ.

පාස්කු ඉරිදා දින කතෝලික බැතිමතුන් ආගමික වතාවත් ඉටුකරමින් සිටි පල්ලි තුනකට සහ ප්‍රධාන පෙලේ හෝටල් සහ තවත් ස්ථාන කිහිපයකට එල්ල කරන ලද මිලේඡ ප්‍රහාරය සිවිල් සංවිධාන සහ වෘත්තිය සමිති එකමුතුව ලෙස අපි තරයේ හෙළා දකිමු.  එම ප්‍රහාරයෙන් මිය ගිය 300කට ආසන්න පිරිස  වෙත අපගේ දැඩි ශෝකය ප්‍රකාශ කර සිටින අතර තුවාල ලැබූ 600ට ආසන්න පිරිස වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

මෙම ප්‍රහාරකයන් කවුරුන් වුවත් ඔවුන්ගේ අරමුණ වන්නේ මනුෂ්‍ය ඝාතන සහ දේපල හානි සිදු කිරීම මෙන්ම රට දේශපාලනික සහ අර්ථික වශයෙන් දුර්වල කිරීම, ජාතීන් සහ ආගමික ප්‍රජාවන් අතර ගැටුම් ඇති කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය දුර්වල කිරීම බව ඉතා පැහැදිලිය. ප්‍රහාරකයන්ගේ මුල් ඉලක්කය සාර්ථක වුවත් දෙවන ඉලක්කයන් සාර්ථක වීමට ඉඩ නොලැබෙන ලෙස කටයුතු කිරීමට අප සැමට හැකියාව ඇත. ඒ සදහා පටු දේශපාලනික, වාර්ගික සහ ආගමික චින්තනයන් ඉක්මවා යා යුතු  පුළුල් ජාතික වගකීමක් අප සැමට ඇත.

එසේම මෙම සිදුවීමෙදී හැගීම් බර වීම අප සියලු දෙනාටම වලක්වා ගත නොහැකි දෙයකි. එහෙත් යලි මෙවැනි ඛෙදනීය සිදුවීම් සිදු නොවීමට නම් හැගීම් බර නොවී මෙම සිදුවීමෙන් උගත යුතු පාඩම් කෙරෙහි බරපතලව අපගේ අවධානය යොමු කල යුතුය.

දැනට වාර්ථාවන තොරතුරු අනුව ඉතා සැලසුම් සහගතව සිදු කරනල ලද මෙම ප්‍රහාරය පිළිබද යම් තොරතුරු කල් තියා අනාවරණය කර ගැනීමට බුද්ධි අංශවල හැකිවී තිබුන ද ඒ පිළිබදව නිසි ක්‍රියාමාර්ග ගැනීමට රටේ නීතිය සහ සාමය සම්බන්ධයෙන් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙශපාලන නායකත්වය අසමත් වීම පිළිබද අපගේ අවධානය යොමුව තිබේ. විශේෂයෙන්ම මෙවැනි වටපිටාවක රටේ ආරක්ෂාව සහ නීතිය සහ සාමය සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම දරන ජනාධිපතිවරයා විදෙස් ගත වීමට පෙර සිය වගකීම වෙනත් කැබිනට් අමාත්‍යවරයෙකුට හෝ පවරා නොතිබීම ගැටලු සහගතය.

ආණ්ඩුවේ තොරතුරු වලට අනුව ප්‍රහාරයෙන් පසුව  අගමැතිවරයාට පවා කඩිනමින් ආරක්ෂක කවුන්සිය කැදවාගත නොහැකි වීම රටේ ජාතික ආරක්ෂාව බලවත් ලෙස අනතුරේ හෙලීමක් බව අපගේ හැගීමයි. මෙවන් තත්වයක පවා යුධ හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සිදුවීමෙන් පැය 24 ගත වීමටත් පෙර මෙම ප්‍රහාරයන්ට වග කිව යුතු සැකකරැවන් සහ තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය කර ගැනීම සහ තත්වය පාලනය කර ගත් අකාරය පැසසුම් සහගතය.

තවත්වය පාලනය කිරීම සදහා සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීම, පොලිස් ඇදිරි නීතිය පැනවීම වැනි ක්‍රියාමාර්ග ගැනීම වගකිවයුතු රජයක කටයුතු සේ සැලකිය හැකි වුවත් එය රටේ සාමාන්‍ය තත්වය යලි ඇති කිරීමට බාධාවක් බව වටහා ගත යුතුය. රටේ ජාතික ආරක්ෂාව ඉතා වැදගත් වුවත් එය හැකි හැම විටම රදා පවත්වා ගත යුත්තේ සමාන්‍ය නීති රීති මගින් බව අපි අවධාරණය කරනු කැමැත්තෙමු. 

ආරක්ෂක අංශ මගින් තතත්වය හොදින් පාලනය කර ඇති අවස්තාවක පවා රටේ එදි නෙදා ජන ජීවිතය අවුල් කරවන සුලු තොරතුරු ප්‍රධාන මාධ්‍ය හරහා පවා තවම සංසරණය වන බව අපට දක්නට ලැබේ. නිවරදි තොරතුරු රජය මගින් නිසි කලට ලබා දීම ව්‍යාජ තොරතුරු පැතිරීම වැලක්වීමට ගත හැකි හොදම පියවරයි.  

ආර්ක්ෂක අංශ සහ බුද්ධි අංශ ඉතා හොදින් තොරතුරු අනාවරණය කමින් සිටින පරිසරයක සිදුවීම පිළිබද පරීක්ෂන පැවැත්වීමට විශේෂ කොමිෂන් සභා අවශ්‍ය නැති බව අපගේ හැගීමයි. විශෙෂයෙන් මෙවැනි සිදුවීම් වලින් පසුව පත්කරන ලද ජනාධිපති කොමිසන් සභා සම්බන්ධයෙන් පොදුවේ පවතින්නේ අවිශ්වාසයකි. සිදුවූයේ කුමක්ද යන්න පිළිබද නිසි පරීක්ෂණයකින් සත්‍ය තොරතුරු ජනතාව හමුවේ තැබීමට අවශ්‍ය බලතල සහ නීති රීති රටේ පවතින ව්‍යවස්තාපිත රාමුව තුළ ඇත. එම බලතල භාවිතා කිරීමෙන් ආරක්ෂක අංශවලට, ජනාධිපතිවරයාට, පාර්ලිමෙන්තුවට සහ කැබිනට් මණ්ඩලය  පියවර ගත හැකි බව අපගේ අව‌බෝධයයි.

දැන් රටේ නීතියේ පාලනය පවත්නා බවට සහ රජය සම්පුර්ණයෙන් තත්වය පාලනය කරන බවට ස්ථාවර සහ සෘඡු පණිවිඩයක් ජනතාවට ලබා දිය යුතු අතර, එය වචන වලට පමණක් සීමා නොවී නොපමාව මෙම සිදුවීම් වලට වගකිව යුත්තන් නීතිය හමුවට පමුණවා හැකි උපරිම දඩුවම් ලබාදී ක්‍රියාවෙන් එය ඔප්පු කල යුතුය.

 

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන්,

ජේෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමි, සමන් රත්නප්‍රිය, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මාහාචාර්ය ඒච්.ඩබ්. සිරිල්, නීතිඥ නාමල් රාජපක්ෂ, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, පිලිප් දිසානායක  රාජා උස්වැටකෙයියාව, තිලක් කාරියවසම්, ප්‍රබෝධ රත්නායක, සමන් සෙනෙවිරත්න




2019-04-23
Advertisement

Find us on Facebook