English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පිපිරීම් සිදුව හමාරය! බුද්ධියට ඉඩ දී කටයුතු කරමු.

පිපිරීම් සිදුව හමාරය! බුද්ධියට ඉඩ දී කටයුතු කරමු.


කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය හා මීගමුව කටුවපිටියේ පිහිටි දේවස්ථානයක මෙන්ම මඩකලපුවේ දේවස්ථානයක හා කොළඹ ෂැන්ග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටලවලද පිපිරීම් වලදී පුද්ගලයින් ගණනාවක් මිගොස් ඇති අතර, තවත් රැසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

දැනට සිදුව ඇති පිපිරීම් සිදුව හමාරය. ජීවිත ගණනක් අහිමි වී අවසන්ය. එහෙත් ඉදිරිය කෙසේවේදැයි තීරණය කරනු ඇත්තේ මේ මොහොතේ ඔබේත් මගේත් හැසිරීම විසිනි.

එහෙයින් තමන් වෙත ලැබෙන සංවේදී පුවත්, ඡායාරූප, වීඩියෝ පට සංසරණය කිරීමේදී ඉතාම වගකීම් සහගතව කටයුතු කරන මෙන් සියලුම පාර්ශ්වවලින් ඉල්ලා සිටිමු. එසේම තහවුරු නොකළ ප්‍රවෘත්ති සංසරණය කිරීමෙන් වැළකී සිටින මෙන්ද ආයාචනා කරමු.

එමෙන්ම බොරදියේ මාළු බෑමට සැරසෙන කවර හෝ කණ්ඩායමකගේ උගුල්වලට හසු නොවන ලෙසත් බැගෑපත්ව ඉල්ලා සිටින්නෙමු.

මේ විනිශ්චාසනය ඉදිරියේ ඇත්තේ ඔබේත් මගේත් රටේ උපන් නූපන් දරුවන්ගේත් අනාගතයයි. එහෙයින් හැඟීම්වලට නොව බුද්ධියට ඉඩ දී වගකීමෙන් යුතුව කටයුතු කරමු.




2019-04-21
Advertisement

Find us on Facebook