English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මානව හිමිකම් - ජනගත කරමු ( 03 ) - වධහිංසා පනත තාමත් උපරිමයෙන් කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ


මානව හිමිකම් - ජනගත කරමු ( 03 )

වධහිංසා පනත තාමත් උපරිමයෙන් කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ


”මානව හිමිකම් කොමිසම කියන්නේ බලවත් ආයතනයක්. බලතල තියෙන ආයතනයක්. අපිට තව අවුරුදු 03 ක් බලන්න ඉන්න බෑ මේ විදියට. අපි අවුරුදු 03 කට කලින් අලූත් සිහිනයක් දැක්කා අලූත් මානව හිමිකම් කොමිසම් සභාවක් එක්ක. ඒ අලූත් මානව හිමිකම් කොමිසම් සභාවත් අවුරුදු 03 කට පස්සේ වාර්තාවක් දීලා කියනවා නම් වෙනසක් වෙලා නැහැයි කියලා. ඒකට ප‍්‍රධාන චෝදනාවක් ඔවුන් වෙතත් එල්ල වෙනවා. ඔවුන් වෙතත් ඇඟිල්ල දිගු වෙනවා.”

නීතිඥ ලක්ෂාන් ඩයස්

නිමිත්ත

කොතරම් නීති පැනවුවත්, කොතරම් කොමිෂන් සභා පැනවුවත්, වධහිංසා සිද්ධීන්, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම්, පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයන් මියයෑම්, බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් සහ පැහැරගෙන යෑම් සිද්ධීන්වල 2015 සිට 2017 දක්වා වෙනසක් වී නැති බව, 2019 ජනවාරි මස දී මානව හිමිකම් කොමිසම් සභාව ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් වේ.

මේ ඒ වාර්තාව සහ මානව හිමිකම් කොමිසමේ කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් විසින් දක්වන ලද අදහස්.

”මූලිකවම මානව හිමිකම් කොමිසම මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීම ගැන මම කණගාටු වෙනවා. ඒ ගැන මට මානව හිමිකම් කොමිසමට ඇගිල්ල දිගු කරන්න සිදුවෙනවා මෙවැනි වාර්තාවක් ලැබෙනතුරු ඔබලා මොනවාද කළේ කියලා අපට අහන්න සිද්ධ වෙනවා. එයින් පැහැදිලි වෙනවා මානව හිමිකම් තත්ත්වය වෙනස් වෙලා නෑ. අඩුවීමක් තියෙනවා. එය හොඳ තත්ත්වයක් නෙමෙයි. මම හිතනවා ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසමට මීට වඩා විශාල කාර්යභාරයක් කළ හැකියි කියලා. මගේ අත්දැකීම තමයි මානව හිමිකම් කොමිසම සමග එය වැඩ වැඩක් නැහැ කියන එක. මට නම් කියන්න තියෙන්නේ එපමණයි. මම මේ කියන්නේ මගේ පුද්ගලික අත්දැකීම උඩ. මම මානව හිමිකම් කොමිසමට කාලෙකින් ගිහිල්ලත් නෑ. එහි සිටින කොමසාරිස්වරුන් සමග මට පුද්ගලික ප‍්‍රශ්නයක් නැහැ. බොහෝ අයව මම දන්නවා. මම කැමති අය එහි සිටිනවා. ඒත් වැඩක් වෙන්නේ නෑ. එහි ප‍්‍රශ්නය තියෙන්නේ නිලධාරීන් ද, වෙනත් හේතුවක් ද කියන එක හොයා බලන්න එය මගේ ආයතනයක් නෙමෙයි. එය අදාල අය හොයලා බලන්න  ඕනා.

මම කියන්නේ ඒක වෙනස් වෙලා නැත්නම්, ඒක වෙනස් කිරීමේ අති විශාල කාර්යභාරයක් මානව හිමිකම් කොමිසම් සභාවට තියෙනවා. මානව හිමිකම් සුරැුකීම සඳහා විශේෂයෙන් කි‍්‍රයාත්මක වෙන්නේ නැත්නම් එසේ නම් එය විශාල අඩුපාඩුවක්. ඒ සඳහා සිවිල් සංවිධාන වලටත් කාර්යභාරයක් තියෙනවා. ඔවුන්ගේ කි‍්‍රයාකාරිත්වය ප‍්‍රශ්න කරන්න. වාර්තාවක් ඉදිරිපත් කිරීම පමණක් මදියි. මොකක්ද ඒ එක එක සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම කළේ. එහි ප‍්‍රථිඵලය කුමක්ද? මානව හිමිකම් කොමිසම කියන්නේ බලවත් ආයතනයක්. බලතල තියෙන ආයතනයක්. අපිට තව අවුරුදු 03 ක් බලන්න ඉන්න බෑ මේ විදියට. අපි අවුරුදු 03 කට කලින් අලූත් සිහිනයක් දැක්කා අලූත් මානව හිමිකම් කොමිසම් සභාවක් එක්ක. ඒ අලූත් මානව හිමිකම් කොමිසම් සභාවත් අවුරුදු 03 කට පස්සේ වාර්තාවක් දීලා කියනවා නම් වෙනසක් වෙලා නැහැයි කියලා. ඒකට ප‍්‍රධාන චෝදනාවක්, ඔවුන් වෙතත් එල්ල වෙනවා. ඔවුන් වෙතත් ඇඟිල්ල දිගු වෙනවා.

මානව හිමිකම් නඩුවලට පෙනී සිටින නීතිඥවරයෙක් වශයෙන්, මම කණගාටුවෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව පැහැදිලිවම ඔවුන්ගේ සුපුරුදු කි‍්‍රයාවලියේම යෙදෙන බව අපට මේ මොහොතෙදිත් පේනවා. 499/SCFR/2017 කියන නඩුවෙනුත් පේනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ පහරදීම් සම්බන්ධයෙන් අපට නිතිපතා රූපවාහිනිවල, වීඩියෝ වලින්, ෆේස් බුක් එකෙන් දකින්න ලැබෙනවා. මේ එක එක සිද්ධීන් සම්බන්ධයෙන් මැදිහත්වීම් කොහොමද? මේ මැදිහත්වීම් කරන සිවිල් සංවිධාන මොනවද? මේ මැදිහත්වීම් නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළ පොලිස් දෙපාර්තමේන්තුව තුළ, වෙනමම බලපෑම් කණ්ඩායමක් තියෙනවද? පොලිස් දෙපාර්තමේන්තුව මේ ගැන මොනවද කියන්නේ? පොලිසිය මේක සාමාන්‍ය සිද්ධියක් හැටියට සලකනවද? මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධයෙන් මොනව කරන්නේ? මේක සිවිල් සංවිධාන වලට තියෙන වගකීමක් නෙමෙයි. ඒක ඔවුන්ගේ කි‍්‍රයාකාරිත්වයේ කොටසක්. වගකීමක් තියෙන්නේ මානව හිමිකම් කොමිසමට, පොලිසියටයි නෛතික වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වෙන්න.

1994 අංක 22 දරණ වධහිංසාවන්ට එරෙහි සම්මුති පනත කි‍්‍රයාත්මක වීම තාමත් දුර්වල තැනක තියෙන්නේ. ඒක කි‍්‍රයාත්මක වෙන්න ගත්තොතින්, මේ තත්ත්වය වෙනස් වෙනවා. මානව හිමිකම් කොමිසමට ඒ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. ව්‍යවස්ථාව සම්බන්ධයෙන් 2018 ඔක්තෝම්බර් 26 වෙනි දින සිට ගැටළුව මතුවුනු අවස්ථාවේ මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරයෙක් ගිහින් නඩු දැම්මා. ඇයි බැරි මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන්ට නඩු දාන්න මේ සම්බන්ධව?.රිට්ඔෆ් මැන්ඩාමුස් එකක් දාන්න බැරි ඇයි? ඒක වෙන්නේ නැහැ. ඒක නොවෙන තාක්, මානව හිමිකම් කොමිසම ප‍්‍රගමනයක් තියෙනවා කියලා මට කියන්න බෑ. පැහැදිලිවම මගේ අප‍්‍රසාදය පළ කරනවා මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන්. ඔවුන්ගේ කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙන්න බෑ. එය සිදු වෙන්නේ එහි නිලධාරින්ගෙන්ද, කොමසාරිස්වරුන්ගෙන් ද කියන එක මට අදාල නැහැ. මානව හිමිකම් නීතිඥයෙක් වශයෙන් මට දැනෙන දේ තමයි මම කිව්වේ.”   

( නීතිඥ ලක්ෂාන් ඩයස් ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව කටයුතු කරන නීතිඥවරු කිහිප දෙනාගෙන් ඉරියෙන්ම සිටින නීතිඥවරයෙකි. අවධානම් සහගත, බරපතල නඩු කිහිපයක් මෙහෙවූ ඔහු, කිතුණු ප‍්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ සංක‍්‍රමණික විදේශික ශ‍්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසා විශාල අභියෝග රැුසකට මුහුණ දීමට ද සිදුවිය.) 



රයිට් ටු ලයිෆ් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.



2019-04-20
Advertisement

Find us on Facebook