English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අනුරාධපුර ප‍්‍රහාරය - හුදකලා සිදුවීමක් නොවේ


අනුරාධපුර ප‍්‍රහාරය - හුදකලා සිදුවීමක් නොවේ
 
දිනය 2019 අපේ‍්‍රල් මස 14 වෙනි දින. තමන්ට කලින් ලැබුණු අසුබවාදී තොරතුරු පදනම් කරගෙන මොතෝදිස්ත සභාවේ රදගුරු ආසිරි පෙරේරා පියතුමා කොළඹින් බැහැරව අනුරාධපුර කූඹිච්චිකුලම්හී පවත්වාගෙන යන මොතෝදිස්ත සභාවේ යාච්ඥා මධ්‍යස්තානය වෙත ගමන් කරනවා. ඒ හරියටම මුළු රටම ආගමික වතාවත් වල යෙදෙන අලූත් අවුරුදු දින නොනගතය අවස්ථාවයි. ඒ වන විටත් අනුරාධපුර කූඹිච්චිකුලමේ යාච්ඥා මධ්‍යස්ථානය වෙත සාමාන්‍යයෙන් එහි පැමිණෙන සැදැහැවතුන් පැමිණ සිටියි.

රගුරුතුමා එහි යන විට එතුමන්ට යාව්ඥා ගෘහයට ඇතුළුවීමට එහි සිටි පිරිසක් බාධා කරමින් සිටියා. ඔවුන් ගල්, මුල්, අතැතිව සිටි අතර පසුව එතුමන් ඉතා අපහසුතා මැද එහි ඇතුළු වුනා. දේව මෙහෙය ආරම්භ කළ අතර, අවට සිටි 25 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිස ගල් මුල් ගසමින්, රතිඤා පත්තු කරමින් ඊට බාධා කරමින් කටයුතු කළ අතර යාච්ඥා ගෘහය තුළ පිරිසට ද ජීවිත තර්ජනයක් ද එල්ල කළෝය.

රදගුරුතුමා ඒ අවස්ථාවේ ප‍්‍රදේශයේ  ඕ.අයි.සීට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් දුරකතනයෙන් සිදු කළේය. නමුත් ඔහුගෙන් ප‍්‍රතිචාරයක් නොලද තැන ප‍්‍රදේශයේ ඞී.අයි.ජීට පැමිණිල්ලක් කළ පසුව පොලිසිය එහි ඉතා ඉක්මනින් පැමිණියේය. ආරක්ෂා සහිත රදගුරුතුමාත්, සිටි පිරිසත් මුදාගෙන එම ප‍්‍රදේශයෙන් පිටතට ගෙන ගියෝය.

 
ප‍්‍රහාරයට මුහුණ දුන් රදගුරු ආසිරි පෙරේරා සහ දේවගැති දිනුක් සිල්වා

පසුව එහි සිටි කළහාකාරීන්ගෙන් ප‍්‍රකාශ සටහන් කරගත් පොලිසිය ඔවුන් මුදා හැරියේය. කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත. අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාල කටයුතු සිදුවීමක් ද නැත. මෙම කණ්ඩායම මෙහෙවා ඇත්තේ පොදු ජන එක්සත් පෙරමුණේ අනුරාධපුර නාගරික මන්තී‍්‍රවරයෙකු වන නලීන් සිරිවර්ධන නැමැති අයෙකු බව හෙලි වී ඇත. මීට පෙර ද මෙම ස්ථානයට ප‍්‍රහාරයන් හා තර්ජනයන් තිබී ඇත. මේ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ කි‍්‍රයාකලාපය ප‍්‍රශ්න සහගත බව පැහැදිලි ය.

අනුරාධපුර නගරයේ සිට කිලෝ මීටර් 11 ක් පමණ ඈතින් පිහිටි මෙතෝදිස්ත සභාවේ මෙකී යාච්ඤා මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ ආබාධිත පුද්ගලයන්ට සහන සැලසීම අරමුණු කරගෙනය. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මෙහෙයවූ නලීන් සිරිවර්ධන නැමති නාගරික මන්තී‍්‍රවරයා පොලිසිය තුළදීම ”තව බල්ලෝ ආවොත් අඩු කඩනවා” යි පවසා, තර්ජනය කර තිබියදීත් ඔහුට එරෙහිව කිසිඳු පියවරක් ගෙන නැත.

ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රස්තියානි ධර්මදාන සන්ධානය හෙවත් NCEASL විසින් හෙළිකරන දත්ත වාර්තා අනුව 2019 වසරේ පසුගිය මාස තුනහමාර තුළ කිතුණු ඇදහිල්ලට එරෙහි ප‍්‍රහාර 35 ක් දිවයින පුරා වාර්තා වී ඇති බවයි. මීට ඉහත පෙර මෙම තොරතුරු වාර්තා කළ නීතිඥ ලක්ෂාන් ඩයස් වාර්තා කළ අවස්ථාවේ එවකට අධිකරණ ඇමතිව සිටි විජේදාස රාජපක්ෂ විසින් නීතිඥ ලක්ෂාන් ඩයස්ගේ නීතිඥ වෘත්තිය ද අවධානමක ලක්වන ප‍්‍රකාශ නිකුත් කළේය.

මුලදී තත්ත්වය එසේ වුවද, පසුව සිදු වූ බලපෑම් නිසාවෙන් හෝ ඊයේ අනුරාධපුර මහේස්ත‍්‍රාත් මැයි 05 වන දින පුද්ගලයන් 06 දෙනෙකුට , උසාවියට ඉදිරිපත් වන ලෙස නියෝගයක් නිකුත් කරන ලදි. ඒ කූඹිච්චිකුලම්හී යාච්ඤා මධ්‍යස්ථානයේ දේවගැති දිනුක් සිල්වා සහ මොතෝදිස්ත සභාවේ රදගුරු ආසිරි පෙරේරා පියතුමා විසින් කරන ලද පැමිණිල්ලක් අනුවය.

රදගුරු ආසිරි පෙරේරා විසින් පසුගිය දා අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ පොලිස්පති පූජිත ජයසුන්දර හමුවූ බවත්, අදාල ආයතනයන්ට මේ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට නියෝග ලබා දුන් බවත් පැවසුවේය. පොලිස්පති මහ සිකුරාදා දින යාච්ඤාවන් පැවැත්වෙන හෙයින් පොලිස් නිලධාරියෙකු ආරක්ෂාව සඳහා සපයන බව දන්වා තිබිණි. පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී අදහස් දැක්වූ රදගුරුතුමන් නාගරික මන්තී‍්‍රවරයා ඊට එරෙහි වන්නේ, ඒ ප‍්‍රදේශයේ සංවර්ධන යෝජනා ක‍්‍රමයක් කි‍්‍රයාත්මකවීමට නියමිත නිසා එහි ආගමික ස්ථානයක් පවත්වාගෙන යාමට තමන් විරුද්ධයයි පවසා ඇත. සංවර්ධන ව්‍යාපෘතියට බාධා කිරීමට ආගමික මධ්‍යස්ථානයකට හැකිවන්නේ කෙසේද කියා රදගුරුතමන් ප‍්‍රශ්න කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ ද තමන් ඇමතූ බව රදගුරු තුමන් ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී ප‍්‍රකාශ කළේය.

ඔහු සිදුවූ දේ ගැන කණගාටුවන බවත්, ඒ වගේම සිදුවීම සම්බන්ධයෙන් නිරීක්ෂණයක් සිදු කිරීමට තමන්ගේ නියෝජිතයෙක් එහි යවන බවත් පවසා තිබේ. එමෙන්ම පොදු ජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්.චන්ද්‍රසේන පවසා ඇත්තේ පොදු ජන ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ කිසිවෙකුත් මේ සඳහා සහභාගිවීම ප‍්‍රතික්ෂේප කර තිබිණි.

මෙම ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් කුමන දේ පැවසුවද, මෙය හුදකලා සිද්ධියක් නොවේ. එමෙන්ම අනුරාධපුරය අවසාන ප‍්‍රහාරය ද නොවේ. දීර්ඝ කාලයක් තිස්සේ වරින් වර යම් යම් ප‍්‍රදේශ වල සිදුවන සිදුවීම් වල ප‍්‍රථිඵලයකි. ඒ ගැන රට පුරා ගමන් කරන අපට දැනෙන අතර, ඒ සඳහා ප‍්‍රවේසමෙන් පිළිතුරු සෙවීම ද සිදුකළ යුතුය.

කලකට ඉහත දී කිතුණු නිකායන් තමන්ගේ බොහෝ කි‍්‍රයාදාමයන්ට ගමේ පන්සල, කෝවිල, මුස්ලිම් පූජකයන් සම්බන්ධ කර ගැනීමට සිදු කළේය. ලංකාවේ බිහි වූ විශිෂ්ඨ ගණයේ කිතුණු නායකයන් සියල්ලන්ම එවැනි කටයුතු වලින් රට තුළ ආගමික සංහිඳියාවක් ඇති කළේය. තමන් පලාතක වැඩ බාරගත් සෑම අවස්ථාවකදීම ගමේ, පලාතේ ආගමික නායකයන් හමුවී කතා බව කරමින්, ඔවුන් අතර පුද්ගලික සම්බන්ධතා ගොඩනගා ගැනීමට උත්සාහ කළේය. ජාතික මට්ටමේ ආගමික සංහිඳියාවන් ඇති කිරීම සඳහා විෂයානුබද්ධිත අධ්‍යයනයන්, අදහස් හුවමාරු කරගැනීම් තිබිණි. මේ සම්බන්ධයෙන් මතකයට නැගෙන නම් කිිහිපයක් තිබුනද ඒවා මෙහිදී සඳහන් නොකරමු. දැන් දැන් ආගමික සංහිඳියා වැඩසටහන් රැසක් තිබුන ද ඒවා අතර ගැඹුරු සම්බන්ධතා ගොඩනැගේ. අප දන්නා සමහර ගම්වල කිතුණු ජනයා සහ බෞද්ධ ජනයා එකිනෙකාගේ උත්සවයන්හීදී ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරයි. ඒ අතර සිටින බෞද්ධ ජනතාව කිතුණු නිකායන් විසින් සොරකම් නොකරයි.

වර්තමානයේ දී කිතුණු නිකායන් අතර විශාල තරගයක් ඇති වී ඇති අතර, එකිනෙකා පරයා යමින් ජනතාව අතරට යෑම සඳහා විවිධ උපක‍්‍රම භාවිතා කරයි. මේ නිසා අනුගමනය කළ යුතු මූලික සදාචාරාත්මක පිවිසුම් අමතක කරමින්, මගහරිමින් යයි. ආගමික ප‍්‍රචාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් වුවද, උපක‍්‍රම භාවිතා කර සදාචාරාත්මක නොවන අයුරින් ජනතාව ආගමට හැරවීම් ද නොකිීමට තමන්ගේ කණ්ඩායම් මෙහෙයවීමට ආගමික නායකයන් වගබලා ගත යුතුය. මේ නිසා විශේෂයෙන් බෞද්ධ ජනතාව අතර කෝපයක් නැගෙමින් පවතින බව අපට ද වැටහී ඇත.

මේ ගැටුම දැන් දුරදිග ගොස්ය. අප දුටුවේ තවමත් අනුරාධපුර සිදුවීම වැනි සිදුවීම් කිහිපයක් පමණි. මේ නිසා කිතුණු නායකයන් ද මේ සංවේදී කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් අනවශ්‍ය ගැටුම්කාරී තත්ත්වයන්ගෙන් බැහැර විය හැකිය. එහි භයානක අවස්ථාවන් අප මීට ඉහත දී දිගන සිදුවීම වැනි සිදුවීම් වලදී අත්දැක ඇත්තෙමු. එනම් ආගමික අන්තවාදය දේශපාලඥයින් විසින් උපරිම අයුරින් භාවිතා කිරීමයි. මේ මැතිවරණ වසරකි. ඔවුන්ට ඡන්දය වැදගත්ය. බහුතරය ඊටත් වැදගත්ය. ඒ නිසා එය පහසුවෙන් භාවිතා කළ හැකිය.

අපේ‍්‍රල් 19 වන මහ සිකුරාදා දින පස්වරු 2.00 සිට 3.00 දක්වා ඔවුන් මොතෝදිස්ත සභාව නිහඩ විරෝධතාවයක් කොල්ලූපිටියේ මොතෝදිස්ත දේවස්ථානය ඉදිරිපට පැවැත්වීය.




2019-04-19
Advertisement

Find us on Facebook