English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මම මේ අපරාධයට එරෙහිව මගේ අවසාන හුස්ම දක්වා සටන් කරනවා. - නුස්රත් ජහාන් රාෆි



මම මේ අපරාධයට එරෙහිව මගේ අවසාන හුස්ම දක්වා සටන් කරනවා. - නුස්රත් ජහාන් රාෆි

බංගලාදේශ පාසැලක ඉගෙනුම බලමින් සිටි නුස්රත් ජහාන් රාෆි නම් සිසුවියට පාසැල තුළදී ම භූමිතෙල් දමා ගිනි තබා ඝාතනය කර තිබේ. ඉන් දෙසතියකට පෙර පාසැලේ ප‍්‍රධාන ගුරුවරයා තමන් ලිංගික අපයෝජනයකට ලක් කළ බව ඇය පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

ලිංගික අඩන්තේට්ටම් වලට එරෙහි ඇය හඬ නැගීම, දින පහකට පසු ඇයව ඝාතන කිරීම සහ ඒ අතුරතුර සිදු වූ සියලූ සිද්ධි මූලික කරගෙන ගතානුගතික දකුණු ආසියානු රටක් වන බංගලාදේශයේ කාන්තාවන් මුහුණ පාන ලිංගික අඩන්තේට්ටම් පිළිබඳව ලෝකයේ අවධානය යොමු වෙමින් පවතී.



19 හැවිදිරි නුස්රත් ජීවත් වූයේ, ඩකා නුවරට දකුණු දෙසින් කිලෝමීටර් 160 ක් එපිටින් පිහිටි ෆෙනී නම් කුඩා නගරයේය. ඇය ඉස්ලාමීය පාසැලක ඉගෙනුම ලැබුවාය. පසුගිය මාර්තු 27 වෙනි දින පාසැලේ ප‍්‍රධාන ගුරුවරයා ඇය සිය කාර්යාලයට ගෙන්වාගෙන දිගින් දිගට ම අනවශ්‍ය ආකාරයට ස්පර්ශ කළ බව ඇය පවසා තිබිණි. එය තවත් බරපතල තත්ත්වයකට පත් වීමට පෙර ඇය කාර්යාලයෙන් ඉවතට දිව ගොස් තිබේ.

සමාජයෙන් සහ පවුලෙන් එල්ල වන පීඩනය හේතුවෙන් බංගලාදේශයේ බොහෝ කාන්තාවෝ තමන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් ගැන හෙළි නොකරති. නමුත් නුස්රත් ජහාන් රාෆි තමන්ට සිදු වූ හිරිහැර ගැන හඬ නැඟුවා පමණක් නොව, සිය පවුලේ අයගේ සහය ඇතිව ඒ ගැන පොලිසයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද කි‍්‍රයා කළාය.

ප‍්‍රදේශයේ පොලිස් ස්ථානයට ගිය ඈ ප‍්‍රකාශයක් දුන්නාය. ඇය මුහුණ පෑ කටුක අත්දැකීම විස්තර කිරීමට පොලිසිය තුළ ආරක්ෂිත ස්ථානයක් ලබා දිය යුතුව තිබිණි. නමුත්, සිදු වූයේ වෙනත් දෙයකි. ඇය මුහුණ පෑ සිද්ධිය ගැන පවසද්දි අදාළ පොලිස් නිලධාරියා සිය ජංගම දුරකතනයෙන් එය වීඩියෝ කර තිබිණි. නුස්රත් එම අවස්ථවේ මහත් අපහසුතාවට පත්ව සිය අත්ලෙන් මුහුණ සඟවා ගැනීමට උත්සහ කරන අයුරු වීඩියෝ දර්ශනවල පැහැදිලිව දැක ගත හැකිය.
 
මෙය ”ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි”යැයි පවසන පොලිස් නිලධාරියා මුහුණෙන් අත් ඉවත් කර ගන්නා ලෙද ඉල්ලා සිටින ආකාරය මෙම වීඩියෝවේ දක්නට ලැබේ. පසුව මෙම වීඩියෝව මාධ්‍යයට ලබා දීමට ඔහු කි‍්‍රයා කර තිබිණි.
”මම ඇයව පාසැලට අරගෙන යන්න උත්සාහ කලා”

කුඩා නගරයක, සාම්ප‍්‍රදායික පවුලකින් පැවත එන නුස්රත් ජහාන් රාෆි අධ්‍යාපනය හැදෑරුවේ ආගමික පාසැලකය. එවන් පසුබිමක සිට ලිංගික අපයෝජනයක් ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම ඉතා අපහසු කාර්යයකි. මෙවන් අවස්ථාවකදී අදාළ කාන්තාවට ඇය අවට සමාජයෙන් දැඩි පීඩනයක් එල්ල වන අතර, අන්තර්ඡුාලයෙන් මෙන් ම වෙනත් නොයෙකුත් පුද්ගලයන්ගෙන් ද හිරිහැර වන අවස්ථා ඇත. සමහර අවස්ථා වලදී දරුණු ප‍්‍රහාරයන්ට ලක්වීමට ද ඉඩ ඇත.

ළමා මානසික අපයෝජන; ”ගොඩක් දෙමව්පියන් දන්නේ නෑ තමන් අතින් ම සිදුවන බව” නුස්රත්ට ද මේ සියල්ලට ම මුහුණ දීමට සිදු විය. ඇය ඉදිරිපත් කළ පැමිණිල්ලට අනුව පොලිසිය ප‍්‍රධාන ගුරුවරයා අත්අඩංගුවට ගනු ලැබීය. නුස්රත්ට එල්ල වන පීඩනය දැඩි විය. ප‍්‍රධාන ගුරුවරයා නිදහස් කරන ලෙස ඉල්ලා එක්තරා කණ්ඩායමක් උද්ඝෝෂනයක නිරත වූහ. සිසුන් දෙදෙනෙකු සහ දේශපාලඥයෙකුගේ සහය ඇති මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

නොයෙකුත් පුද්ගලයන් වරද නුස්රත්ගේ යැයි පවසීමට පටන් ගත්හ. මෙම සිද්ධි හේතුවෙන් පවුලේ අය ඇයගේ ආරක්ෂාව ගැන බියට පත් වූ බව ඔව්හූ පවසති. කෙසේ නමුත්, දින එකොළහකට පසු අපේ‍්‍රල් 06 වන දා සිය අවසාන විභාගයට මුහුණ දීම සඳහා නුස්රත් නැවත පාසැල වෙත ගියාය.

මම මගේ සහෝදරියව පාසැලට එක්කගෙන ගිහින් පාසැල් ගොඩනැගිල්ලට ඇතුළු වීමට උත්සාහ කළා. නමුත් ඇතුළට යන්න නොදී මාව නතර කර ගත්තා යැයි නුස්රත්ගේ සහෝදරයා වන මහ්මුදුල් හසන් නොමාන් පැවසීය.
”මාව ඒ වෙලාවේ නතර කළේ නැත්නම් මගේ සහෝදරියට මේ වගේ දෙයක් වෙන්නේ නැහැ.” ඔහු පැවසුවේය.

නුස්රත් පැවසූ පරිදි ඇයගේ යෙහෙළියකට පහර දෙන බව පවසමින් එක් සිසුවියක් ඇයට පාසැල් ගොඩනැගිල්ලේ වහල මතට රැගෙන ගොස් තිබේ.  


නුස්රත්ගේ මරණයෙන් වැලපෙන ඇයගේ සහෝදරයා වන මහමුදුල් හසන්

එම ස්ථානයට ගිය සැණිල් බුකර් ඇගලා සිටි පුද්ගලයන් කිහිප දෙනෙක් ඇයට තර්ජනාත්මක ස්වරයෙන් කියා සිට ඇත්තේ ප‍්‍රධාන ගුරුවරයාට එරෙහිව දැමූ පැමිණිල්ල ඉවත් කර ගන්නා ලෙසය. එයට විරුද්ධ වීමත් සමග ඔවුන් ඇයට ගිනි තැබූහ.

මෙය සියදිවි නසා ගැනීමක් ලෙස පෙන්වීමට ඝාතකයන්ට අවශ්‍ය වී තිබූ බව පොලිස් පරීක්ෂණ කණ්ඩායමේ ප‍්‍රධානී බනාජ් කුමාර් මජුම්දර් පැවසුවේය. ඔවුන් එම ස්ථානයෙන් දිව ගිය පසු නුස්රත් බේරා ගැනීමෙන් ඔවුන්ගේ සැලසුම් සියල්ල ව්‍යර්ථ විය. එමෙන්ම ඇය මිය යෑමට පෙර ප‍්‍රකාශයක් ලබා දීමට ද කි‍්‍රයා කළාය.

”එක් ඝාතකයෙක් ඇයගේ හිස පහතට සිටින සේ අල්ලගෙන ඉඳලා තියෙන නිසා මුහුණට භූමිතෙල් වැටිලා නැහැ. ඒක නිසා ඇයගේ හිස පිච්චිලා නැහැ.”යැයි බනාජ් කුමාර් මජුම්දර් බීබීසී බෙංගාලි සේවයට පවසා තිබේ. නමුත් නුස්රත්ගේ ශරීරයෙන් 80% පිලිස්සී තිබෙන බව රෝහලට රැුගෙන ගිය පසු වෛද්‍යවරු පැවසූහ. පිළිස්සුම් තුවාලවලට ප‍්‍රතිකාර කිරීම සඳහා ඇය ඩකා නුවර පිහිටි රෝහලකට මාරු කර යැවිණි.
තමන් මිය යන බව දැනුණු නුස්රත් ගිලන් රථය තුළදී සිය සොහොයුරාගේ ජංගම දුරකතනයේ ප‍්‍රකාශයක් පටිගත කළාය.

”ගුරුවරයා මාව ස්පර්ශ කළා. මම මේ අපරාධයට එරෙහිව මගේ අවසාන හුස්ම දක්වා සටන් කරනවා.” යැයි අය පවසනු හඩ පටයේ පටිගත වී තිබිණි. එමෙන්ම, ඇයට පහර එල්ල කළ සමහර ප‍්‍රහාරකයන් එම පාසැලේ ම සිසුන් බවට ඇය හඳුන්වාදී තිබිණි.


ෆෙනී නගරයේ පැවති ඇයගේ අවමංගල්ය උත්සවයට දහස් ගණනක පිරිසක් සහභාගී වූහ

බංගලාදේශ මාධ්‍යවල ප‍්‍රධාන පුවත බවට පත් වූයේ, නුස්රත්ගේ සෞඛ්‍ය තත්ත්වයයි. නමුත් අවසානයේ, අපේ‍්‍රල් 10 වන දින සදහට ම දෑස් පියාගත්තාය. ෆෙනී නගරයේ පැවති ඇයගේ අවමංගල්‍ය උත්සවයට දහස් ගණනක පිරිසක් සහභාගි වූහ.

පොලිසිය මේ වන විට 15 දෙනෙකු අතංඅඩංගුවට ගෙන ඇති අතර, ඉන් හත් දෙනෙක් මෙම අපරාධයට සෘජුව සම්බන්ධ බව පවසයි. ප‍්‍රධාන ගුරුවරයාට සහය පළ කරමින් උද්ඝෝෂණයක් සංවිධානය කළ සිසුන් දෙදෙනෙක් ද මේ අතර සිටිති. ප‍්‍රධාන ගුරුවරයා තවමත් අත්අඩංගුවේ පසුවේ. එමෙන් ම නුස්රත් පැමිණිල්ල ඉදිරිපත් කිරීම වීඩියෝ ගත කළ පොලිස් නිලධාරියා ඔහුගේ නිලයෙන් පහ කර වෙනත් පොලිස් ස්ථානයකට මාරු කර යවා ඇත.

මේ අපරාධයට සම්බන්ධ කිසි ම කෙනෙකුට නීතියෙන් බේරෙන්න දෙන්නේ නැහැ. යැයි බංගලාදේශ අගමැතිනි ෂයික් හසීනා මිය ගිය නුස්රත්ගේ පවුලේ අය හමුවෙමින් පවසා තිබිණි.


නුස්රත්ගේ පවුලේ අය

නුස්රත්ගේ මරණයත් සමග ලිංගික හිංසනයන්ට මුහුණ දුන් කාන්තාවන්ට එල්ල වන හිරිහැරවලට එරෙහිව බංගලාදේශය පුරා උද්ඝෝෂණ පැවැත්වෙන අතර, සමාජ මාධ්‍ය ඡුාලා ඔස්සේ දහස් ගණනක් සිය කෝපය පළ කර තිබේ. 

බොහෝ කාන්තාවන් තමන්ට වෙන ඔබ වගේ හිරිහැර වලට විරුද්ධ වෙන්නේ නැහැ. බුකර් විතරක් නෙමෙයි යකඩෙන් හදපු ගවුම් ඇන්දත් කාන්තා ¥ෂකයන්ව නවත්වන්න බැහැ යැයි ආනෝවාර් ෂෙයික් බීබීසී බෙංගාලි සේවයේ ෆේස් බුක් පිටුවේ සඳහන් කර තිබිණි.

”මගේ ජීවිත කාලය ම මට  ඕන වුණේ දුවක් හදන්න. නමුත් දැන් මම ඒකට බයයි. මේ රටේ දුවක් හදනවා කියන්නේ ජීවිතය ම ගෙවන්න වෙන්නේ බයෙන් සහ දුකෙන්.” ලෝපා හොසේන් සිය ෆේස්බුක් ගිටුවේ පළ කළ සටහනක සඳහන් විය.

බංගලාදේශයේ කාන්තා අයිතීන් පිළිබඳ සංවිධානයක් පළ කළ දත්ත අනුව 2018 වර්ශයේ දී කාන්තා දූෂණ සිද්ධි 940 ක් වාර්තා වී ඇතත්, සත්‍ය ගණන ඊට බොහෝ වැඩි බව පරීක්ෂණ කණ්ඩායමක් පවසයි.

බී.බී.සී. සිංහල වෙබ් අඩවියේ අනුග‍්‍රහයෙනි




2019-04-19
Advertisement

Find us on Facebook