English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඡන්දය නිම වු සැණින්, අඩුකළ ඉන්ධන මිළ ඉහළට - අවසාන තුරුම්පුව



ඌව පළාත් සභාවේ පාලන බලය තම සන්ධාහනයට තවදුරටත් පවත්වා ගැනීමේ පරම චේතනාව මත හිඳිමින් අවසාන වශයෙන් පාවිච්චි කළ හැකි ජනාධිපති බලතල, එය ද පාවිච්චි කරමින් වහාම ක‍්‍රියාත්මකවන පරිදි ඊයේ රාත‍්‍රියේ සිට එනම් ඌවේ ඡන්දය පැවැත්වීමට හරියටම දින 03 ක් තබා රටේ ජනාධිපතිතුමා විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කාණ්ඩයට අයත්වන ඉන්ධනවල මිළ අඩුකළේය. 

ඞීසල් ලීටරයක් රුපියල් තුනකින් ද පෙට්ට‍්‍රල් ලීටරයක් රුපියල් පහකින් ද භූමිතෙල් ලීටරයක් රුපියල් විස්සකින් ද විදුලි බිල සියයට විසිපහකින් ද අඩුකළේය.

එහෙත් විෂය භාර ඇමතිවරයා මේ සම්බන්ධයෙන් දැඩි ලෙස කුපිත වී කියා සිටියේ ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිළ අඩුවුනාට ඒ අඩුවීමට සමගාමිව මෙරට ඉන්ධන මිළ අඩුකළ නොහැකි බවයි.

"ඉන්ධන වෙළෙඳ පොළ කියන්නේ චංචල වෙළෙඳ පොළක්. ලෝක වෙළෙඳ පොළෙහි තාවකාලික අඩුවීමක් සිදු වුවද ඒ හේතුවෙන් දේශීය ඉන්ධන මිල ගණන් අඩුකළ නොහැකියි. ඒ නිසා ඉන්ධන වටා මිල සූත්‍රයක් ගේනවානම් අනිවාර්යයෙන්ම අපට සහනාධාර ක්‍රමයෙන් ඉවත් වෙන්න වෙනවා. සහනාධාරය තිබියදී මිල සූත්‍රයක් ගෙනාවොත් අනිවාර්යයෙන්ම ඉන්ධ මිල 100%කින් ඉහළ යනවා"යනුවෙන් අනුර ප‍්‍රියදර්ශන ඇමතිවරයා ප‍්‍රකාශකර තිබුණි.

පවතින යථාර්තය පිළිබඳව ඛණිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා විසින් 15 වෙනිදා පැවති ආණ්ඩුවේ ප‍්‍රවෘත්ති සාකච්ඡවේදි පැහැදිළිව ප‍්‍රකාශයට පත්කොට පැය 24ක් යාමටත් පෙර ජනාධිපතිතුමා විසින් එවැනි සෘජු ප‍්‍රකාශයක් සිදුකිරිමෙන් පෙනියන්නේ මෙය හුදෙක් ඌවේ ජයග‍්‍රහණය පතා පීඩිත පන්තියේ තැලූණු සිත්වලට ලබාදුන් මානසික අල්ලසක් පමණක් බවයි. මැතිවරණ තුරුම්පුවක් බවයි.

එබැවින්, ජනතාවට සුපුරුදු පෙර අත්දැකිම ම යළිත් වරක් පවත්වාගෙන යමින් මැතිවරණය නිම වි ටික දිනෙකින් යළිත් වරක් සුපුරුදු පරිදි අඩු කළ මිළ, වැඩිකරනු ඇත. එහෙත් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුපක්‍ෂයේ සියලූම බල අධිකාරින් පවසන්නේ මෙය මැතිවරණ අල්ලසක් නොවන වගය. එසේනම්, එළෙඹෙන ඉදිරි දින දෙක තුන ඇතුලත බස් ගාස්තු ඇතුළු ඒ හා සම්බන්ධ අනෙකුත් සියල්ලෙහි මිළ ගණන් පහළ බැසිය යුතුය. එහෙම වෙයි ද ........? 

-MMP



2014-09-17
Advertisement

Find us on Facebook