English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අලූත් අවුරුදු පණිවිඩය - "නිර්මාණශිලී, ගැඹූරු සංස්කෘතියක් බිහි කරමු."


අලූත් අවුරුදු පණිවිඩය

නිර්මාණශිලී, ගැඹූරු සංස්කෘතියක් බිහි කරමු.

”වඩා බුද්ධිමත්, අවුරුද්දක්, සංස්කෘතික උත්සවයක්, නිර්මාණය කරගන්න, උත්සාහ කරන්න  ඕනා. තියෙන දේ හැමදෙයක්ම සාම්ප‍්‍රදායිකව කරනවා නෙමෙයි අපිට නිර්මාණශිලී වෙන්න පුළුවන්. අපිට සංස්කෘතියක් නිර්මාණ කරන්න පුළුවන්. අලූත් ගැඹුරු සම්ප‍්‍රදායන් හදන්න පුළුවන්. ඒ සඳහා ඉදිරිපත් වන අවුරුද්දක් සඳහා හැම දෙනාටම ආරාධනය කරනවා.”

වන්දනීය ගල්කන්දේ ධම්මානන්ද හිමියන්

වන්දනීය ගල්කන්නේ ධම්මානන්ද හිමියන් මේ බව පැවසුවේ අයිතිය සමග සංවාදයකට එක්වෙමින්, සිංහල දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් තමන්ගේ අදහස් දක්වමිනි. කැළණී විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්යවරයෙකු කටයුතු කරන ඒ හිමියෝ වල්පොල රාහුල ආයතනයේ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරති. විවිධ ආගමික කණ්ඩායම් හා එක්ව වඩාත් යහපත් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කරති.

මේ ඒ හිමියන් අයිතිය වෙබ් අඩවිය සඳහා දැක්වූ අදහස්. 
 
” අලූත් අවුරුදු උත්සවය සංස්කෘතික වශයෙන් ශී‍්‍ර ලංකාවේ විවිධ භාෂාවන් කතා කරන ජන ප‍්‍රජාවන්, විවිධ ආගම් අදහන වැඩි දෙනෙක් සම්බන්ධ වෙන සංස්කෘතික උත්සවයක්. මම හිතන විදියට, අපිට හමුවෙන හැම මොහොතක්ම මනුෂ්‍යයෝ හැටියට, ඉස්සරහට යන ගමනට, අවශ්‍ය සාකච්ඡුාව කරන්න. අවුරුද්ද කියන්නෙත්. මම පුද්ගලික දකින්නෙත් මේ මොහොත ඒක කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් හැටියට. අපි තාමත් එකිනෙකා බෙදා හදාගෙන, එකිනෙකාට ගරු කරගෙන, එකිනෙකා තුළ පවත්නා වෙනස් කම්, තවත් කෙනෙකුට තර්ජනයක් නොවෙයි කියන තත්ත්වය ගොඩනගා ගන්න උත්සාහ කරලා නෑ.

මේ අවස්ථාව යොදා ගන්න පුළුවන් නම්, විවිධ ආගම්, විවිධ ජාතීන්, පිරිස් අතර පවත්නා සංස්කෘතික උත්සව කියන්නේ බොහෝම ධනාත්මක, බොහෝම සාරවත්, සම්ප‍්‍රදායන් චාරිත‍්‍ර, සහිත අවස්ථා. ඒවායේ තියෙන හරයන් කුළුගැන්වලා ඉස්සරහට ගන්න පුළුවන් නම්, අපිට පිළිතුරු ගොඩනගා ගැනීමේ දී මේ සංස්කෘතික උත්සවයත්,කාරණාත් අපිට ඉස්සරහට ගන්න පුළුවන් පිළිතුරු ගොඩනගාගන්න වැඬේදී.



ඒ අර්ථයෙන් මම හිතනවා අවුරුදු උත්සවයේ තියෙනවා නෑගම් යනවා කියන අදහස. නෑගම් යනවා කියන එකේ තියෙන්නේ අපි අපේ අනෙක් අය බලන්න යන එක. කාලයක් තිස්සේ හමුනොවුනු අය දකින එක. බලන එක. ගිහින් සැප දුක් හොයන එක. ඒ වගේම එහිම ගැබ්වෙනවා අහිතවත්ව හිටපු අය එක්ක තිබුණු අහිතවත් කම් අමතක කරන එක. අලූත් වෙන එක. නැවතත් අපි නැවුම් වෙන එක. මේවා අපිට යොදා ගන්න පුළුවන් නම් අපි එකිනෙකා අතර හිතවත් කම්, සහ සම්බන්ධතා වර්ධනය කරගන්න. අපි හිතාමතාම, ප‍්‍රහෝත්සාහී විදියට ඉස්සරහට එන එක වැදගත්. අපි ඉදිරියේ ප‍්‍රශ්නයක් තියෙනවා, අභියෝගයක් අතියෙනවා අපි කොහොමද මේ, සංස්කෘතික අවස්ථා භාවිතා කරන්නේ කියලා ඒකට පිළිතුරු හොයන්න කියලා.

මේ උත්සව කාලෙත් එක්ක එන සමහර දේවල් තියෙනවා බහුගිය කාලේ අපි දැක්කා සිංහල කඩෙන් බඩු ගන්න කියන ඒවා මතුවෙනවා. ඒ කියන්නේ  බලාගෙන ඉන්නවා මේවගේ අවස්ථා එනකන් අපේ කඩෙන් බඩු ගන්න කියන්න. මම හිතනවා මිනිස්සුන්ට මේක මේ වෙද්දි තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. මේවා ආරම්භ කාලයන්වල සැඟවුනු තත්ත්වයන් තමයි තිබුණේ. ඒ කාලේ ඒ තත්ත්වයන් පැහැදිලිව තිබුණේ නැහැ. දැන් ඒ ගැන විවෘතවම පණිවිඩය ලැබෙනවා. සාමාන්‍ය මිනිසුන් හැටියට, අපිව බෙදන්නේ කුමක් සඳහා ද කියන එක, තේරුම් ගන්නත් මේක හොඳ අවස්ථාවක්.

.

අනෙක් කාරණය තමයි, අවුරුදු 30ක විතර යුද්ධයක් තියෙන කොට, හමුදාවේ, පොලිසියේ,  ඒ සටන ගෙනියන කෙනා හැටියට, ඉදිරි පෙළට ගියේ කාගේ දරුවොද කියන එක කියන පොඞ්ඩක් බැලූවොත්, අපිට පෙනෙයි ඇත්ත වශයෙන්ම, ව්‍යාපාරයේ හිමියගේ දරුවා නෙමෙයි එතනට ගියේ, ඔය කඩෙන් බඩු ගන්න කෙනාගේ දරුවා. ජාතික ආරක්ෂා කරගන්න නම්, අපේ කඩෙන් බඩු ගන්න කිව්වට, ඔය ගැටුම ඉස්සරහට යනකොට, අවි අයුධවලින් කතා කරන මට්ටමට, එනකොට, ඒ අවි අරගෙන ඉස්සරහට යන්නේ, ජාතිය ආරක්ෂා කරන්න, තමන් දුක සේ ඉතිරි කරපු සල්ලි වියදම් කරපු පවුල්වලම දරුවන්. ඔන්න ඔය යථාර්ථයන් වටහා ගන්න පුළුවන් නම්, මේ උපාය වල, උපක‍්‍රම වල, බොරුවලවල් වල වැටෙන්නේ නැතිව, වඩා හොඳ අවුරුද්දක් ගොඩ නගා ගන්න උදව් වෙයි.

අපි බොහෝම බුද්ධිමත් වෙමු. ඊළගට, මේ සංස්කෘතික දේවල් වල පවත්නා, ගැඹුරු හරයන්, මතු කොට ගමු. අපි මුහුණ දෙන වියෝගයන්ගෙන් ඉදිරියට යන, අපි ජන කොටස් හැටියට, එකිනෙකා බේද බින්න නොවී, ශී‍්‍ර ලාංකීය ජන ප‍්‍රජාවක් දෙසට යන්න කොහොමද මේ සංස්කෘතික දේවල් ඉස්සරහට ගන්නේ කියන එක, හිතන වඩා බුද්ධිමත්, අවුරුද්දක්, සංස්කෘතික උත්සවයක්, නිර්මාණය කරගන්න, උත්සාහ කරන්න  ඕනා. තියෙන දේ හැමදෙයක්ම සාම්ප‍්‍රදායිකව කරනවා නෙමෙයි අපිට නිර්මාණශිලී වෙන්න පුළුවන්. අපිට සංස්කෘතියක් නිර්මාණ කරන්න පුළුවන්. අලූත් ගැඹුරු සම්ප‍්‍රදායන් හදන්න පුළුවන්. ඒ සඳහා ඉදිරිපත් වන අවුරුද්දක් සඳහා හැම දෙනාටම ආරාධනය කරනවා. ඒ විදියට ඉස්සරහට එන්න. ඔය කියන පිළිතුරු ගොඩනගන්නා බවට පත් වෙන්න ඔබ හැම කෙනෙකුට පුළුවන්. ඒ සඳහා හැමටම ආරාධනය කරනවා මේ අවුරුදු දවස්වල.”







2019-04-13
Advertisement

Find us on Facebook