English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අර්ථසාධක අරමුදල් ආයෝජනය කරන්නේ මන්ද ? වාසිය ලැබිය යුත්තේ සේවකයාට ද නැතහොත් .....?

අර්ථසාධක අරමුදලේ ආයෝජනයන්ගෙන් සේවකයින්හට ලැබිමට නියමිත හිමිකමක් නොලැබී ඇති බවට නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් හෙළි කරයි.

නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා විසින් නිවේදනයක් නිකුත්කරමින් සේවකයින්ගේ මෙම හිමිකමේ අර්බුදය පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙසේ සඳහන් කරයි.

සේවක අර්ථසාධක අරමුදල් කොළඹ කොටස් වෙළඳපලෙහි ආයෝජනය කිරීමෙන් ඉකුත් සැප්තැම්බර 11 වන දින වන විට රුපියල් බිලියන 10 ක් ඉක්මවූ භුක්ති නොවිඳි ලාභයක් ලබා ඇතැයි මහ බැංකුව පැවසූ බව මාධ්‍යයන්හි වාර්තා වී තිබිණ. ඉන් මේ වසරේ භුක්ති විඳි ලාභය හා ලාභාංශවල වටිනාකම රුපියල් බිලියන 3.4ක් යැයිද මහ බැංකුව පවසා තිබිණ.

මෙලෙස මහ බැංකුව ප‍්‍රකාශ කර ඇතැයි සඳහන්වන ලාභය මෙතෙක් විගණනය කර ප‍්‍රකාශයට පත් වාර්තා අනුව සඳහන් වන තොරතුරු නොවන බව පැහැදිලිව කිව යුතුව ඇත. මෙතෙක් අවසන් විගණන වාර්තාව ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත්තේ 2011 වසර පමණය. වෘත්තීය සමිති 16ක් විසින් ඉකුත් 10 වන දින පැවති මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කළ සියලූ තොරතුරු එම 2011 වසරට අදාළව විගණකාධිපති විසින් අර්ථසාධක අරමුදලේ දූෂණ, නාස්තිය හා අකාර්යක්ෂමතාව හේතුවෙන් එහි සේවක සාමාජිකයින්ට අහිමිවූ ලාභ ප‍්‍රමාණයන් ගැන තොරතුරු විය.

ඒ අනුව අප කතා කරන්නේ රුපියල් බිලියන 100 ඉක්මවා ඇති සේවක අර්ථසාධක අරමුදලේ මහ බැංකුව කියන විගණනය නොකළ ලාභයක් ගැන නොවේ. විගණනය කර නිල වශයෙන් නිකුත් කළ 2011 වසරේ වාර්තාවට අනුව සේවක සාමාජිකයින්ට අහිමිව ඇති ආයෝජන ආදායම වන රුපියල් මිලියන 5049.3 ක් වන බවය. කොළඹ කොටස් වෙළඳපලේ සමාගම් 58 ක කර තිබූ ආයෝජනවල වටිනාකම රුපියල් 11,737.8 කින් අඩුවී අති බවය. 2010 ජූලි මාසයේදී ගුවන් සමාගම ආයෝජනය කළ රුපියල් මිලියන 500 න් කිසිදු ආදායමක් නොලැබුණු බවය. 2007 අපේ‍්‍රල් සිට 2008 නොවැම්බර තෙක් විදුලි බල සමාගමක ආයෝජනය කර තිබූ රුපියල් 2,975 ක් වෙනුවෙන් 2008, 2009, 2010 වසරවල අරමුදලට කිසිදු ආදයමක් නොලැබුණු බවය. සේවකයින්ගේ අර්ථසාධක අරමුදලින් කෙරුණු එවැනි ආයෝජන සමූහයකින් සේවකයින්ට සිදුව ඇති පාඩුව නිසා ඔවුන්ට ලැබිය යුතු ඇත්ත ලාභය නොලැබී ඇතැයි කියන්නේ අප නොව, රජයේ විගණකාධිපතිය.

එනිසා ඒ වෙනුවෙන් වගකිව යුත්තේ මහ බැංකුවේ මුදල් පාලක මණ්ඩලය යැයි අපි නැවතත් කියමු. එය වසා ගැනීමට විගණනය නොකළ, නිල වශයෙන් ප‍්‍රකාශයට පත් නොකළ ගණන් හිලව් ඉදිරිපත් කිරීමෙන් මහ බැංකුව ඔවුන්ගේ නොපනත්කම් යළි හෙළි කරන්නේ යැයි අපි කියමු. එබැවින් මේ රටේ සේවක අර්ථසාධක අරමුදලේ ලක්ෂ 25 ට ආසන්න සේවක සාමාජිකයින් වෙනුවෙන් අප ඉදිරිපත් කළ සියලූ චෝදනා එලෙසින්ම පවතින අතර, ඒ වෙනුවෙන් අප ඉල්ලා සිටින සේවක නියෝජනයක් වෙනුවෙන් වන වෘත්තීය සමිති ඇතුළත් ස්වාධීන පාලක මණ්ඩලය ඒ පාඩු සියල්ල අවම කර ගැනීමේ එකම පිලිවෙත යැයි අපි නැවත කියමු.

තවද ඒ සඳහා අර්ථසාධක අරමුදලෙහි සකී‍්‍රය සාමාජිකත්වය මිස වෘත්තීය සමිති සාමාජිකත්වයක් අත්‍යාවශ්‍ය නැතැයි අපි විශ්වාස කරමු. එයට දේශපාලනයක් කෙසේවත් අවශ්‍ය නැත. අර්ථසාධක අරමුදලෙහි සකී‍්‍රය සාමාජිකත්වය ඇති එවැනි නිදහස් සේවක පිරිස් වැඩපල, කම්හල් මට්ටමින් නැතිනම් කලාප මට්ටමින් තමන්ගේ සහභාගිත්වයෙන් ‘‘සේවක අර්ථසාධක සාමාජික සමාජ’’පිහිටුවා ගත යුතු යැයි අපි යෝජනා කරමු.

- See more at: http://lankanewsalert.com/?p=21115#sthash.DNPBaPtg.dpuf

සේවක අර්ථසාධක අරමුදල් කොළඹ කොටස් වෙළඳපලෙහි ආයෝජනය කිරීමෙන් ඉකුත් සැප්තැම්බර 11 වන දින වන විට රුපියල් බිලියන 10 ක් ඉක්මවූ භුක්ති නොවිඳි ලාභයක් ලබා ඇතැයි මහ බැංකුව පැවසූ බව මාධ්‍යයන්හි වාර්තා වී තිබිණ. ඉන් මේ වසරේ භුක්ති විඳි ලාභය හා ලාභාංශවල වටිනාකම රුපියල් බිලියන 3.4ක් යැයිද මහ බැංකුව පවසා තිබිණ.

මෙලෙස මහ බැංකුව ප‍්‍රකාශ කර ඇතැයි සඳහන්වන ලාභය මෙතෙක් විගණනය කර ප‍්‍රකාශයට පත් වාර්තා අනුව සඳහන් වන තොරතුරු නොවන බව පැහැදිලිව කිව යුතුව ඇත. මෙතෙක් අවසන් විගණන වාර්තාව ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත්තේ 2011 වසර පමණය. වෘත්තීය සමිති 16ක් විසින් ඉකුත් 10 වන දින පැවති මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කළ සියලූ තොරතුරු එම 2011 වසරට අදාළව විගණකාධිපති විසින් අර්ථසාධක අරමුදලේ දූෂණ, නාස්තිය හා අකාර්යක්ෂමතාව හේතුවෙන් එහි සේවක සාමාජිකයින්ට අහිමිවූ ලාභ ප‍්‍රමාණයන් ගැන තොරතුරු විය.

ඒ අනුව අප කතා කරන්නේ රුපියල් බිලියන 100 ඉක්මවා ඇති සේවක අර්ථසාධක අරමුදලේ මහ බැංකුව කියන විගණනය නොකළ ලාභයක් ගැන නොවේ. විගණනය කර නිල වශයෙන් නිකුත් කළ 2011 වසරේ වාර්තාවට අනුව සේවක සාමාජිකයින්ට අහිමිව ඇති ආයෝජන ආදායම වන රුපියල් මිලියන 5049.3 ක් වන බවය. කොළඹ කොටස් වෙළඳපලේ සමාගම් 58 ක කර තිබූ ආයෝජනවල වටිනාකම රුපියල් 11,737.8 කින් අඩුවී අති බවය. 2010 ජූලි මාසයේදී ගුවන් සමාගම ආයෝජනය කළ රුපියල් මිලියන 500 න් කිසිදු ආදායමක් නොලැබුණු බවය. 2007 අපේ‍්‍රල් සිට 2008 නොවැම්බර තෙක් විදුලි බල සමාගමක ආයෝජනය කර තිබූ රුපියල් 2,975 ක් වෙනුවෙන් 2008, 2009, 2010 වසරවල අරමුදලට කිසිදු ආදයමක් නොලැබුණු බවය. සේවකයින්ගේ අර්ථසාධක අරමුදලින් කෙරුණු එවැනි ආයෝජන සමූහයකින් සේවකයින්ට සිදුව ඇති පාඩුව නිසා ඔවුන්ට ලැබිය යුතු ඇත්ත ලාභය නොලැබී ඇතැයි කියන්නේ අප නොව, රජයේ විගණකාධිපතිය.

එනිසා ඒ වෙනුවෙන් වගකිව යුත්තේ මහ බැංකුවේ මුදල් පාලක මණ්ඩලය යැයි අපි නැවතත් කියමු. එය වසා ගැනීමට විගණනය නොකළ, නිල වශයෙන් ප‍්‍රකාශයට පත් නොකළ ගණන් හිලව් ඉදිරිපත් කිරීමෙන් මහ බැංකුව ඔවුන්ගේ නොපනත්කම් යළි හෙළි කරන්නේ යැයි අපි කියමු. එබැවින් මේ රටේ සේවක අර්ථසාධක අරමුදලේ ලක්ෂ 25 ට ආසන්න සේවක සාමාජිකයින් වෙනුවෙන් අප ඉදිරිපත් කළ සියලූ චෝදනා එලෙසින්ම පවතින අතර, ඒ වෙනුවෙන් අප ඉල්ලා සිටින සේවක නියෝජනයක් වෙනුවෙන් වන වෘත්තීය සමිති ඇතුළත් ස්වාධීන පාලක මණ්ඩලය ඒ පාඩු සියල්ල අවම කර ගැනීමේ එකම පිලිවෙත යැයි අපි නැවත කියමු.

තවද ඒ සඳහා අර්ථසාධක අරමුදලෙහි සකී‍්‍රය සාමාජිකත්වය මිස වෘත්තීය සමිති සාමාජිකත්වයක් අත්‍යාවශ්‍ය නැතැයි අපි විශ්වාස කරමු. එයට දේශපාලනයක් කෙසේවත් අවශ්‍ය නැත. අර්ථසාධක අරමුදලෙහි සකී‍්‍රය සාමාජිකත්වය ඇති එවැනි නිදහස් සේවක පිරිස් වැඩපල, කම්හල් මට්ටමින් නැතිනම් කලාප මට්ටමින් තමන්ගේ සහභාගිත්වයෙන් ‘‘සේවක අර්ථසාධක සාමාජික සමාජ’’ පිහිටුවා ගත යුතු යැයි අපි යෝජනා කරමු.


ඡායාරූපය -
මෙලනි මානෙල් පෙරේරා

-MMP




2014-09-17
Advertisement

Find us on Facebook