English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සිරිසේනගේ මරණ දඩුවමේ පිල්ලියට තරවටුවක් !




සිරිසේනගේ මරණ දඩුවමේ පිල්ලියට තරවටුවක් !

දුම්වල වරම අතට ගත් යකදුරෙකුසේ අතට හසුවන සියල්ල භාවිතා කරමින් මුලින්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද, 19 වෙනි සංශෝධනය ද, පාර්ලිමේන්තුවද, අධිකරණය ද , ව්‍යවස්ථා සභාව ද, රජයේ ආයතන වලට සිදුකරන සියලූ පත්වීම්, අධිකරණයට කරන ලද පත් කිරීම් සියල්ල පාලනය කිරීමට උත්සාහ කළේය. එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැටලීම් සමූහයක් සිදු කළේය. දැන් ඔහු කාලයක් සිටම පවසමින් පැවසෙන මත්ද්‍රව්‍ය සඳහා මරණ දඩුවම නියම කිරීමට යයි.


ඒ සඳහා දැනටමත් දේශීය හා විදේශීය විවිධ පාර්ශ්වයන්ගෙන් මරණ දඩුවම කි‍්‍රයාත්මක නොකරන ලෙස බලපෑම් සිදුවුවද දේශපාලන වාසි තකා ඔහු එය නැවත නැවතත් වේදිකාවට ගෙන එමින් සිටියි. යහපාලන රජය යටතේ ගෙන ආ ප‍්‍රගතිශිලී නීතිමය කි‍්‍රයාවලිය ආපස්සට ගෙන යාමක් මේ මගින් සිදුවේ. ඒ හා මරණ දඩුවම නොගැලපේ.



අනෙක් ප‍්‍රධානතම කරුණ වන්නේ දැනට අත්අඩංගුවට පත් වී සිටින බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සිටින අතරමැදියන් හෝ ප‍්‍රවාහකයින් වීමයි. ඔවුන්ට මරණ දඩුවම පැනවීමෙන් කිසිදු සෙතක් හෝ පාලනයක් රටට ඇතිවන්නේ නැත. මත්ද්‍රව්‍ය පාලනය කිරීමට කළ යුතු අත්‍යවශ්‍යම කරුණ වන ඒ සඳහා විශාල දායකත්වයක් හා ඉන් විශාල ලාභයක් ලබන දේශපාලඥයින් හා ව්‍යාපාරිකයන් අත් අඩංගුවට ගැනීමටයි.

මීට පෙර ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් කොමිසම ඇතුළු දේශීය සංවිධාන, ආගමික සංවිධාන සහ පුද්ගලයන් රැසක් මීට විරෝධය දක්වා සිටියහ.

මේ තත්ත්වය තුළ 83 සිදුවීම් වලින් පසුව ජාත්‍යයන්තර ප‍්‍රජාවෙන් ඈත් වූ ශී‍්‍ර ලංකාව නැවතත් නොදියුණු සංකල්ප වලින් පිරි රටක් බවට පත් වනු ඇත. මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමය පසුගිය දිනෙක ප‍්‍රකාශයක් නිකුත් කර තිබුණි. අවසන් මොහොතේ හෝ පසුගිය ශතවර්ෂයන්ට අයත් මරණ දඩුවම කි‍්‍රයාත්මක නොකරනු ඇතැයි අපගේ අපේක්ෂාවයි.



යුරෝපා සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.   

‘‘මරණ දඬුවම කිසිසේත් පිළිගත නොහැකි මානව අභිමානය නොසලකා හරින දඬුවමකි‘‘ - යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය



මරණ දඬුවම කිසිසේත්ම පිළිගත නොහැකි මානව අභිමානය නොසලකා හරින දඬුවමක් බවත් 2018 දෙසැම්බර් මස පැවති 73 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී එකඟ වූ පරිදි මෙරට රජය මරණ දඬුවම ඉදිරියටත් අත්හිටුවනු ඇති බව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය (EU) අද (8) නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකින් පවසයි.

ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත, රොමේනියා තානාපති කාර්යාල සහ එක්සත් රාජධානියේ මහකොමසාරිස් කාර්යාලය, මෙන්ම නොර්වේ සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව මහකොමසාරිස් කාර්යාල මේ අතරට ඇතුළත්ය.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ,  

'ශ්‍රී ලංකා රජය මත් කුඩු ජාවාරමට එරෙහි ප්‍රතිපත්තියට අනුකූලව වසර 43කට පසුව ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා මෑතකදී කටයුතු යොදමින් සිටී. ශීඝ්‍රයෙන් වර්ධනයවන මත්කුඩු ජාවාරම ලොව පුරා රාජ්‍යයන් මුහුණදෙන බරපතළ ගැටළුවක් බවත්, මත්කුඩු ජාවාරම තහනමට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් පිළිගන්නා අතරම මරණ දඬුවම ඒ සඳහා ඇති ඵලදායී ප්‍රතිකර්මයක්ය යන්න සනාථ වී නොමැති තර්කයකි. මත්කුඩු උවදුරට එරෙහිව ක්‍රියාත්මක වීම සම්බන්ධව අපට ඇති අත්දැකීම් බෙදාහදා ගැනීමට අප සූදානම්ය.

විවිධ නෛතික පද්ධති, සම්ප්‍රදාය, සංස්කෘති සහ ආගමික පසුබිම් සහිත ලොව රටවල් අතරින් තුනෙන් දෙකකට අධික ප්‍රමාණයක් මරණ දඬුවම අහෝසි කිරීමට හෝ එය ක්‍රියාත්මක නොකිරීමට කටයුතු කර ඇත. මරණ දඬුවම යනු කිසිසේත් පිළිගත නොහැකි මානව අභිමානය නොසලකා  හරින දඬුවමකි.

2018 දෙසැම්බර් මස පැවති 73 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී එකඟ වූ පරිදි ශ්‍රී ලංකා රජය මරණ දඬුවම ඉදිරියටත් අත්හිටුවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.'  යන්නයි.



2019-04-08
Advertisement

Find us on Facebook