English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයේ විරුවෙක් සමුගනියි


ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයේ විරුවෙක් සමුගනියි

2018 ඔක්තෝම්බර් 25 වෙනි දින රටම වෙලාගත් අඳුරු ව්‍යවස්ථා විරෝධී කාල පරිච්ෙඡ්දය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම රටේ පක්ෂ, විපක්ෂ ජනතාව තුළ ඇති එකම බලාපොරොත්තු බවට පත්විය. අගවිනිසුරු නලීන් පෙරේරා එහි ප‍්‍රධානියා වශයෙන් කටයුතු කළේය. මුලින් ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් ලෙස තිබූ විනිසුරු මඩුල්ල තිබූ විනිසුරු මඩුල්ල විත්තියේ ඉල්ලීම නිසා හත් දෙනක් දක්වා වැඩි කරන ලදි. ඒ සඳහා අගවිනිසුරුවරයාට අමතරව බුවනෙක අළුවිහාරේ, පි‍්‍රයන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ, මෘදු ප‍්‍රනාන්දු යන විනිසුරුවන්, විනිසුරුවරියන් කටයුතු කළෝය.



මේ විනිසුරු මඩුල්ලට ඒකාබද්ධ විපක්ෂය ( එවකට තාවකාලික රජය) නියෝජනය කරන ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ බුද්ධිමතුන් ( ? ) , වෘත්තීයවේදීන්, කලාකරුවන් අපහාස කරමින්, බලපෑම් කරමින්, තර්ජනය කරමින් තීරණය සම්බන්ධයෙන් විවිධ මත පළ කරන ලදි. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ යම් බලපෑමක් කරමින් තීන්දුව තමන්ගේ වාසියට නොදුන්නහොත් රටේ කැළඹිළි ස්වභාවයක් ඇතිවේය යන්න පෙන්වාදීමටත්, ජනමතය තිබෙන්නේ තමන්ගේ වාසියට බව තහවුරු කිරීමටත් ය.

මෙහිදී විනිසුරුවන්ගේ පෞද්ගලික ජීවිත, ආගමික විශ්වාස වැනි දේද වේදිකාවට පැමිණියේය. ඒ අතර ජනාධිපතිවරයා නිතිපතිවරයා මාර්ගයෙන් තීන්දුව ඉක්මනින් ලබා දෙන ලෙසට බලපෑමක් ද සිදු කළේය.

කෙසේ වුවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන ජනතාව ඔවුන්ගේ බලාපොරොත්තු අත්නොහැර සිටියේය.

2018 දෙසැම්බර් මස 12 වෙනි දින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව විනිසුරුවන් 07 දෙනාම ඒකමතිකව තීරණය කළ බව ප‍්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු නලීන් පෙරේරා ප‍්‍රමුඛ විනිසුරුවන් තීන්දුව ලබා දුන්නේය.



ඔහු මේ සියල්ල මැද සියල්ල නිහඩව දරා ගනිමින්, රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන්, ජනතාවගේ පරමාධිපත්‍යය වෙනුවෙන්, මුළු විනිසුරු මඩුල්ලටම නායකත්වය දෙමින්, ඉතාමත් නිරවුල්ව, කෙස්ගසකවත් වැරැුද්දක් සිදුවීමට ඉඩ නොතබමින්, ශී‍්‍ර ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ අධිකරණ ඉතිහාසයේ දුන් තීරණාත්මකම, ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දුන්නේය. සියළු අභියෝග වලට නොසෙල්වී මුහුණ දුන්නේය.

ඒ අපේ‍්‍රල් මස 28 වෙනි දින සිය ධූරයෙන් විශාල යන අගවිනිසුරු හෙට්ටියාකන්දගේ නලීන් ජයලත් පෙරේරා යි.

1954 පෙබරවාරි මස උපත ලැබූ ඔහු 2018 ඔක්තෝම්බර් මස 13 වෙනි දින ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයේ 46 වෙනි අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන ඉදිරියේ ඉවුරුම් දුන්නේය. හිටපු අගවිනිසුරු පි‍්‍රයසාත් ඩෙප් විශ‍්‍රාම යෑම නිසා ඇතිවූ පුරප්පාඩුව සඳහා ව්‍යවස්ථාව සභාව වෙත නම් කර යවන ලද නම ඔවුන් විසින් අනුමත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එම පත්වීම සිදු කරන ලදි. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස 2016 සිට 2018 දක්වා ද අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස 2014 සිට 2016 දක්වා ද කටයුතු කර තිබේ. ඔහු අධිකරණ ක්ෂේත‍්‍රයේ අත්දැකීම් බහුල නිදහස්, ස්වාධින පුද්ගලයෙකු ලෙස ප‍්‍රකටව සිටි අතර, ඔහු එය පසුව කි‍්‍රයාවෙන් ද ඔප්පු කර සිටියේය.



ඔහු මෙම තනතුරට පත්වන විට කාලයක් තිස්සේ එනම් සරත් නන්ද සිල්වා, මොහාන් පීරිස් විසින් අතිශයින් විනාශ මුඛයට ගෙන යමින් සිටි, ජනතා විශ්වාස බිඳ වැටෙමින් තිබුණු අධිකරණය යන්තම් කෙලින් සිටීමට උත්සාහ ගන්නා මොහොතය. 2013 ජනවාරි 13 වෙනි දින හිටපු අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායකව අභූත චෝදනා එල්ල කරමින් බලෙන් ඉවත් කිරීම වැනි සිදුවීම් ද පසුකරමින් අපහසු ගමනකින් පසුව හිස ඔසවන තත්ත්වයක හා අධිකරණයට හා රටේ ව්‍යවස්ථාවට නව නීති රීති හඳුන්වා දෙමින් අධිකරණය හා කොමිෂන් සභාවන්ට නව පනක් දෙමින් සිටින අවස්ථාවක ය ඔහු මෙම නිලයට පත්වන්නේ. එහෙත් කිසිවෙකුත් නොසිතූ ලෙස ජනාධිපතිවරයා 2018 ඔක්තෝම්බර් 26 වෙනි දින ගන්නා ලද ඒ ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවලිය ඔහුට අභියෝගයක් හා පීඩනයක් ගෙන දෙන්නක් වන්නට ඇත. කෙසේ වුවත් ඔහු 2018 ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ අරගලයේ වීරයෙකු වන්නේ ද ඔහු ඊට මුහුණ දුන් ආකාරය හා කිසිම බාහිර බලවේගයන්ට හිස නොනමා සිටීම නිසාය.
 
විශ‍්‍රාම යාමට නියමිත වත්මන් අගවිනිසුරු නලීන් පෙරේරා මහතාට සමුදීමේ චාරිත‍්‍රානුකූල නිල හමුවක් අපේ‍්‍රල් මස 05(අද) වෙනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පැවැත්විනි.
 
ශ්‍රේෂ්ඨාධිකරණ උත්සව ශාලාවේ පැවති මෙම සමුදීමේ නිල හමුව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ සහ කොළඹ කලාපයේ මහේස්ත‍්‍රාත් අධිකරණවල සේවය කරන සියළුම විනිසුරුවරු එක්ව සිටියහ.

මෙහිදී ද වත්මන් අගවිනිසුරු නලීන් පෙරේරා මහතාගේ සේවය අගය කරමින් නීතිපති ජයන්ත ජයසූරිය, ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නිතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ද අදහස් පළ කළේය.
 
පසුව අගවිනිසුරු නලීන් පෙරේරා කියා සිටියේ තම ධූර කාලය තුළ අධිකරණයේ ස්වාධීනත්වය උපරිම ආකාරයේ ආරක්ෂා කිරීමට තමා කටයුතු කළ බවයි. අගවිනිසුරුවරයෙකුගේ කාර්යභාරය ඉතා බරපතල මෙන්ම සංකීර්ණ බව පෙන්වා දුන් අගවිනිසුරු නලීන් පෙරේරා එම කාර්ය තමන් මැනවින් ඉටු කිරීමට සියලූ උත්සාහයන් දැරූ බවත් කියා සිටියේය. මෙම හමුව සඳහා නීතිඥවරු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.



ගැටළුව වන්නේ මීළගට පත්වන අගවිනිසුරු නලීන් පෙරේරා තබා ගිය පියවරේ ඉදිරියට යයි ද නැත්නම් සරත් නන්ද සිල්වා සහ මොහාන් පීරිස් වැනි අධම ගනයේ අගවිනිසුරුවරයෙක් වේද යන්නයි. කෙසේ වුවත් ව්‍යවස්ථාව සභාව මෙතෙක් ගත් තීරණයන් ගැන සලකා බැලීමේ දී මෙම තීන්දුවත් නිවැරදිව, දුරදිග සිතා බලා ගත යුතු බව විශ්වාස කරමු. මේ මැතිවරණ වසරකි. ජනාධිපතිවරණයක් ද පැමිණීමට නියමිතය. එසේ හෙයින් අධිකරණය ද කාර්ය බහුල වනු ඇත. රට තුළ සංකීර්ණ තත්ත්වයන් පැන නැගීමට ද ඉඩක් ඇත. මූලික අයිතිවාසිකම් පෙත්සම් බහුල වූ තත්ත්වයක් ගොඩනැගීමට ද ඉඩ ඇත. පොදු දේපල භාවිතය, මාධ්‍ය හැසිරවීම් වැනි කරුණු සම්බන්ධයෙන් පුද්ගලයන් නීතියේ පිහිට පැතීමට පැමිණීමට ද ඉඩ ඇත. මේ නිසා රටට හිතැති, ස්වාධීන, ප‍්‍රතිපත්ති ගරුක, පක්ෂග‍්‍රාහී නොවන, නිර්භීත අගවිනිසුරුවරයෙක් අවශ්‍යම මොහොතයි මේ.

සමුගෙන යන 2018 දෙසැම්බර් මස 13 තමන්ගේ නිර්භීත කමත්, අපක්ෂපාතීත්වයත්, නීතිගරුක බවත්, සුරැකි ඔබට ඔබගේ විශ‍්‍රාම දිවියට අපි සුබ පතමු.





2019-04-05
Advertisement

Find us on Facebook