English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පහර කෑ කම්කරුවන්ට වන්දි ගෙවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
මහින්ද රාජපක්ෂ රජය සමයේ ගෙන එන ලද පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පණතට එරෙහිව කටුනායක නිදහස් වෙලද කලාපයේ සේවක උද්ඝෝෂණයේ දී එම සේවකයන්ට පොලීසිය විසින් සිදු කළ පහරදීම මූලික අයිතිවාසිකම් කඩවීමක් බවට අද (5) ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබීය. 



පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පණතට එරෙහිව 2011 මැයි 24 වනදා සිට ඇරඹුණු කටුනායක නිදහස් වෙළද කලාපයේ කම්කරු නැගිටීම මැයි 30 වනදා වන විට පොලීසියේ නොමනා කි‍්‍රයාකලාපය නිසා ඉතා බිහිසුනු හා ම්ලේජ්ජ  ස්වරූපයක් ගනු ලැබීය. එදින පොලීසිය විසින් එල්ල කල වෙඩි ප‍්‍රහාරයන්ගෙන් වෙළද කලාපයේ සේවකයන් 4 දෙනෙකුට හා ඒ අසල සිටි තී‍්‍රවිලර් රියදුරන් 2 දෙනෙකු ඇතුලූ 5 දෙනෙකු වෙඩි වැදුනු අතර, 100 කට ආසන්න පිරිසකට තුවාල සිදු විය. පසුව පොලිස් වෙඩි පහරින් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ රාගම රෝහලේ ප‍්‍රථිකාර ලබමින් සිටි නිදහස් වෙළද කලාපයේ සේවය කළ රොෂේන් චානක මහතා 2011 ඡුූනි 01 වෙනිදා රාත‍්‍රියේ මිය ගියේය.



මෙසේ පොලිස් ප‍්‍රහාරයට ලක් වු නිදහස් වෙලද කලාප සේවකයින් 13 දෙනෙකු තමන් ඉතා සමාකාමී ලෙස උද්ඝෝෂණ ව්‍යාපාරයක යෙදී සිටිය දී පොලීසිය විසින් ඉතා අමානුෂික ලෙස පහරදීම නිසා තමන්ගේ මූලික අයිතින් උල්ලංඝනය වූ බවත්, නිරායුධව සටන් පාඨ කියමින් සාමකාමීව පැවැත්වූ උද්ඝෝෂණයට සහභාගී වූ අයට ගිනි අවි, යකඩ පොලූ, බැටන් පොලූ, කඳුඑ ගෑස්, රැගෙන සිටි පොලිසියේ විශාල පිරිසක් තමන්ට ඉතා කෘර හා මේලේච්ඡ අන්දමින් පහර දුන් බවයි.  එ් පහර දිම සිදු කලේ උද්ඝෝෂණය හමාර වී විසිර යමින් සිටියදි බවත්, කඳුඑ ගෑස් ප‍්‍රහාරයට ලක් වීමෙන් දැස් අන්ධව සිටි සේවකයන් කිසිවක් කර කියා ගත නොහැකිව අසරණව සිටි බවත්, පෙත්සම්කරුවන් සඳහන් කර ඇත.



එම පෙත්සම් මගින් මෙම සිද්ධිය වූ දවසේ පොලීසිය තම බලය ඉක්මවා යමින් ප‍්‍රචණ්ඩ ලෙස හැසිරුනු බවත්, පොලිස් නිලධාරින්ට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන මෙන් පොලිස්පතිට නියෝග කරන ලෙසත්, ඔවුන් සිදු කළ වරදේ බරපතළකම අනුව සලකා ප‍්‍රහාරයට ලක්ව තුවාල ලැබූ සියඑ දෙනාට සාධාරණ වන්දි මුදලක් ලබා දෙන ලෙසත් ඉහත පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබීය.

මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති 13 දෙනාම කටුනායක වෙළඳ කළාපයේ පිහිටි කර්මාන්ත ශාලා වල සේවය කරන, එදා පොලිස් ප‍්‍රහාරයට ලක් වී බරපතළ තුවාළ ලබා රෝහල්ගත වූවෝ වෙති. එවකට සිටි කටුනායක හා සීදුව පොලිස් ස්ථානාධිපතිවරැ, මීගමුව නියෝජ්‍ය පොලිස්පති, හිටපු පොලිස්පතිවරුන් වන මහින්ද බාලසූරිය හා එන්. කේ. ඉලංගකෝන්, ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, හිටපු හමුදාපති ජගත් ජයසූරිය හා නීතිපති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.



එච්. එම්. ලලින්ද, එම්. එම්. ආර්. ලසන්ත පෙරේරා, එච්. එම්. ජේ. රාජකරුණා, නිශ්ශංක වනිගසේකර, එන්. එල්. පී. ඉරේෂා, එ්. අමල්කා ප‍්‍රනාන්දු, එ්. ආර්. එම්. ධනුෂ්ක සංජීව, එච්. එම්.එම්. සම්පත් කුමාර, බුද්ධික අතපත්තු,රෝහිත අමරසිංහ, වසන්ත බණ්ඩාර, සමීර සම්පත්, සමීර සදරුවන් මෙහි පෙත්සම් කරුවෝ වූහ.

මෙම පණතට එරෙහිව 2011 මැයි 24 වැනිදා කටුනායකින් ඇරඹි සේවක උද්ඝෝෂණ වලින් පසුවත් පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප ඉතා හොඳ, සේවකයින්ට හිතකර යෝඡනාවක් බවට දිගින් දිගටම පෙන්වීමට රඡය සහ රඡයට සම්බන්ධ වෘත්තීය සමිති උත්සාහ කළහ. එම උත්සාහය මැයි 30 වනදා දක්වාම කටුනායක නිදහස් වෙළඳ කලාපය අවටත් පැවතුනි. එහි ප‍්‍රථිපලය වුයේ 30 වනදා නැවත ඇරඹුණු සේවක උද්ඝෝෂණයයි. එම උද්ඝෝෂණය මැයි 24 වනදා උද්ඝෝෂණය මෙන් කොළඹ මිගමු ප‍්‍රධාන මාර්ගය දක්වා ගෙන එ්ම නතර කිරීමට පොලීසිය දැඩි උත්සාහයක් දැරීය. ඊට හේතු වුයේ මැයි 24 උද්ඝෝෂණයේදී සේවකයන් විසින් මීගමුව, කොළඹ මහාමාර්ගයේ ගුවන් තොටුපල ඉදිකර තිබූ ඡනාධිපතිවරයාගේ දැවැන්ත කටවුට් එක කඩා බිඳ දැමීමයි. එදිනම නැවතත් ඡනාධිපතිවරයාගේ විශාල කටවුට් එකක් එම ස්ථානයේම සවිකර තිබූ අතර කලින් උද්ඝෝෂණයේ සිදුවීම නැවත නොවීමට පොලීසිය හැකි උපරිමය කළේය. එහි ප‍්‍රථිපලය වූයේ මෙම ම්ලේච්ඡ පහර දීම සහ වෙඩි තැබීමයි. ඉන් රොෂේන් චානක ඝාතනය වීමයි.



ඉන් පසුව බුර බුරා නැගෙන කම්කරු විරෝධය පාලනය කිරීමට මෙම සිදුවීම් ජාලයෙහි සම්පුර්ණ වගකීම පොලීසිය වෙත පවරමින් මෙම සිදුවිමට සම්බන්ධ යැයි පැවසෙන පොලිස් නිළධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධානාගාර ගත කරන ලදී. කටුනායක පොලීසිය ජුනි 07 වනදා දක්වා වසා දැමූ රජය පොලීසියට හමුදා රැකවරණය ලබා දෙන ලදි. ඉන් අනතුරු මෙහි වගකීම බාරගත් පොලිස්පති ඉල්ලා අස්වූ අතර කටුනායක පොලීසියේ සේවය කරනු ලැබූ සියළුම නිලධාරීන් මරුකර හරිනු ලැබීය. ඉල්ලා අස්වූ පොලිස්පති ඊට පසු දා බ‍්‍රසීලයේ තානාපතිකර පිටත් කරනු ලැබීය.



මෙම මේල්ච්ඡ ප‍්‍රහාරයට දසතින් විරෝධය රජය වෙත එල්ල වීම නිසා රජයේ ඇමතිවරු ප‍්‍රවෘත්ති සාකච්ඡා පවත්මින් මෙහි වගකීම පොලීසිය පිටින් යැවීමට කටයුතු කළ අතර මේ සම්බන්ධව පොලීසියට අණ දුන්නේ කවුද යන්න සම්බන්ධව කිසිවෙකු ප‍්‍රකාශ නොකරන ලදී. ඉන් පසුව රෝෂේන් චානකගේ අවමංගල්‍ය උත්සවයේ පාලනය සුපුරුදු සටකපට ක‍්‍රමයන් ඉතා නිර්ලජ්ජිතව යොදා ගනිමින් සම්පුර්ණයෙන්ම හමුදාවේ පාලනයට ගනු ලැබූ අතර, ඊට මනා සහයෝගයක් කතෝලික පල්ලිය විසින්ද ලබා දෙන ලදී.




2019-04-05
Advertisement

Find us on Facebook