English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වධහිංසාවට එරෙහිව ශී‍්‍ර ලාංකික එකමුතුවේ මාධ්‍ය හමුව


වධහිංසාවට එරෙහිව ශී‍්‍ර ලංකා එකමුතුව විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවක්  පසුගිය 03 දා කොළඹ 02, නිපෝන් හෝටලයේ දී පැවැත් විය.  ”නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, වධහිංසා පැමිණවීම්, නීති විරෝධී ඝාතන හා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිටු දකිමු”යන තේමාව යටතේ පැවැත් වූ මෙම මාධ්‍ය සාකච්ඡවේදී වෘත්තීයවේදීන් සහ නීතිවේදීන් සහ වින්දිතයන් මෙහිදී අදහස් දක්වන ලදි.

ඇන්තනි විනෝත් මහතා විසින් අරමුණ සහ මාධ්‍ය සකච්ඡාවේ සැලසුම සඳහන් කිරීමෙන් අනතුරුව පිලිප් දිසානායක, නීතිඥ දුලාන් දසනායක, නීතිඥ ප‍්‍රබෝධ රත්නායක,ඉනෝමා කරුණාතිලක, සහ පාසැල් සිසුවෙකුට හුංගම පොලිසිය විසින් පහරදීම හා සිරගත කිරීමේ සිද්ධිය, මිනුවන්ගොඩ පොලිස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වින්දිතයන් විසින් සහ ඔවුන්ගේ ඥාතීන් විසින් අදහස් දැක්වීමක් මෙහිදී සිදුවිය.



වධහිංසාවන් සම්බන්ධයෙන් වාර්තාවීම් සහ එම වාර්තාවීම් වල ගැටළු, වධහිංසාවන්හිදී පොලිසිය, නීතිඥයින්, අධිකරණය, විසින් කටයුතු කරන කරන ආකාරයන්හී ඇති ගැටළු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් විය. එමෙන්ම වධහිංසාවන්හීදී ඇති මානසික තත්ත්වයන් සහ මානසික වධහිංසාවන් සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් විය.







මෙම වධහිංසාවන් සම්බන්ධයෙන් මෙහිදී කරුණු සම්බන්ධයෙන් වාර්තාවන් පහත සඳහන් දිගු වලින් කියවිය හැකිය.

http://www.right2lifelanka.org/newsview.php?id=2486

http://www.right2lifelanka.org/newsview.php?id=2487

http://www.right2lifelanka.org/newsview.php?id=2492

http://www.right2lifelanka.org/newsview.php?id=2458

http://www.right2lifelanka.org/newsview.php?id=2459

http://www.right2lifelanka.org/newsview.php?id=2490

මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී දැක්වූ කරුණු සම්බන්ධයෙන් තවත් විස්තරාත්මක ලිපි කිහිපයක් ඉදිරියේ දී පළවනු ඇත.

2019-04-04




2019-04-04
Advertisement

Find us on Facebook