English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ප‍්‍රචණ්ඩකි‍්‍රයා සහ මැතිවරණ නීති උල්ලංඝණ 488 ක් මැදින් මැතිවරණ ප‍්‍රචාරන කටයුතු අදින් නිමයි!

ඌව පළාත් සභාවේ සියලූ  මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අද, එනම් සැප් 17 වනදා මධ්‍යම රාත‍්‍රියේදී නීතිමය වශයෙන් අවසන් විය යුතුය. සෘජු හෝ වක‍්‍ර ප‍්‍රචාරක කටයුතු සියල්ලම තහනම්ය. එහෙත් ඒ නීතිය පිළිපදින්නේ කීයෙන් කීදෙනා ද යන්න මේ වන විට ප‍්‍රසිද්ධ රහසකි. බලය ඇත්තෝ නීති රීති තඹ පයිසයකටවත් මායිම් නොකර මැතිවරණ දිනය තෙක්ම සිය බලය පාති. කෙසේවෙතත්, ඌව පළාත් සභා ඡන්දය නම් පැවැත්වෙන්නේ බලය මත පිනුම් ගසමින් ය යන්න පසුගිය දින කිහිපය පිළිබඳව නිරීක්‍ෂණය කළ විට මනාව පැහැදිළිය. බලය අනිසි ලෙසම භාවිතා කළ ආකාරයන් විනිවිද පෙනි පෙනීත් නොනවත්වා එයම කළේය. එවැනි පුද්ගලයින් හට ජීවත් වීම පිණිස ”දේශපාලන බලය” කෙතරම් තද බල ලෙසට අවශ්‍යද යන්න ඉන් මනාව පෙන්නුම් කරයි. මේ හරහා තවදුරටත් පෙන්නුම්කරන්නේ, රටක සැමදෙනාටම පොදු විය යුතු ”උත්තරීතර නීතිය මෙන්ම බලය” ද කෙතරම්දුරට ”බල්ලට” ගොස් ඇත්ද යන්නයි. නීතියට සහ බලයට කිසිදු වටිනාකමක් ලබාදිය නොහැකි බවයි.

ඌව පළාත් සභා ඡන්දයට නාම යෝජනා භාරදුන් දා සිට ඊයේ සැප්තැම්බර් 16වන දා තෙක් මැතිවරණ ප‍්‍රචණ්ඩක‍්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 488ක් සිදුවී ඇති බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරික්‍ෂණ ජාලය ප‍්‍රකාශ කරයි.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන නිරික්‍ෂණ ජාලය මෙසේ සඳහන් කරයි;

නීති විරෝධී ප්‍රචාරක කටයුතු – 175
මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා – 71

රාජ්‍ය සම්පත් අයුතු පරිහරණය - 71
රාජ්‍ය බලය යොදා ගැනීම - 62

මහජන මතයට අනිසි බලපෑම් කිරීම – 55
පොලීසියේ පක්ෂපාතී ක්‍රියා කලාපය - 08

නීත්‍යානුකූල ප්‍රචාරක කටයුතු වලට බාධා කිරීම් – 41
වෙනත් – 05
එකතුව - 488

මේ අනුව ඌව පලාත් සභා මැතිවරණයට අදාලව මොණරාගල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 280 ක් සහ, බදුල්ල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 208 ක්ද වශයෙන් පැමිණිලි 488 කින් සමන්විතවේ.

මැතිවරණ නීතිය කෙරෙහි කිසිඳු සැලකිල්ලක් නොදක්වමින් ආණ්ඩුව විසින් ඌව පලාතේ විවිධ විවෘත කිරීම් හා සංදර්ශණ පවත්වන අතර ඒ සියළු උත්සව සඳහා රජයේ නිලධාරින් පාසැල් ලමුන් සහ රාජ්‍ය සම්පත් භාවිතා කරයි.

ඒ සෑම උත්සවයක් අවසානයේදීම මැතිඇමතිවරුන් ඡන්ද දායකයින් ඉල්ලා සිටිනු ලබන්නේ එ.ජ.නි.ස සිය ඡන්දය භාවිතා කර විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදෙන ලෙසයි. විවිධ උත්සව මුවාවෙන් රාජ්‍ය සම්පත් උපයෝගී කරගැනීම රාජ්‍ය නිලධාරීන් උපයෝගී කරගැනීම, ඒ තුළින් එ.ජ.නි.ස මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම, එම ප්‍රචාරණ කටයුතු රජයේ හා පෞද්ගලික ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ වැඩි කාල වේලාවක් ලබාදෙමින් විකාශය කිරීම, විශාල වශයෙන් සිදුවන අතර එය වැළැක්වීමට මැතිවරණ බලධාරීන් අසමත් වී අසරණ වී මුනිවත රකින බවත් මානව හිමිකම් පිළිබ`ද විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක‍ෂණයන්ගෙන් පැහැදිලි වේ.

ඌව පළාත් සභා මැතිවරණයට අදාලව පූර්ව මැතිවරණ ක්‍රියාවලිය අවසන් වීමට පැය 24ක කාලයක් තිබියදී එම තත්වය උත්සන්න වී ඇති බවත් සමහර රාජ්‍ය හා පෞද්ගලික නාලිකා සංගීත සංදර්ශණ සජීවීව විකාශණය කරමින් මැතිවරණ ප්‍රචාරණයේ යෙදීම බරපතල තත්වයක් බවත් ඒ කිසිවක් සම්බන්ධයෙන් මැතිවරණ නීතිය ක්‍රියාත්මක නොවන බව පැහැදිලිය.

විවිධ භාණ්ඩ. ආහාර ද්‍රව්‍ය, මුල්‍යාධාර ඛෙදා දීම් උත්සන්න කර ඇති අතර 2014.09.15 දින මොණරාගල දිස්ත්‍රික් එ.ජ.නි.ස අපේක‍ෂක ශෂින්ද්‍ර රාජපක‍ෂ මහතාගේ මනාප අංක සහිත නිල්පාට රෙද්දෙන් මසන ලද රෙදි බෑග් තොගයක් මොණරාගල සෙවනගල ප්‍රදේශයේදී ඛෙදාදුන් බවට පැමිණීල්ලක් ලැබී ඇත. තවද මෙැවනි බෑග් ලක‍ෂ දෙකක් අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයෙන් නිමවා මොණරාගලට ගෙනවිත් ඛෙදාදීමට සැලසුම් කර ඇති බවටද තොරතුරු ලැබී තිබේ.

බණ්ඩාරවෙල පියරපන්දෝව ශ්‍රී විමලාරාම විහාරස්ථානයේදී කුඩා තේ වතු හිමියන් සඳහා මූල්‍යධාර ඛෙදාදීමක් බදුල්ල දිස්ත්‍රික් එ.ජ.නි.ස අපේක‍ෂයන් සහ මහින්ද සමරසිංහ අමත්‍යවරයාගේ සහභාගීත්වයෙන් 2014.09.14 සහ 15 දින දෙක තුළ සිදු කල බවට අනාවරණය වේ.

2014.09.15 හාලිඇල ඇටම්පිටිය පොලිස්බල ප්‍රදේශයේදී එ.ජ.නි.ස අපේක‍ෂක නිලමේ වික්‍රමරත්න මහතාගේ රථ පෙළපාලියක් පොලිසිය අසලින් ගමන් කලද එය වැලැක්වීමට පොලිසිය කිසිදූ කි්‍රියාමාර්ගයක් නොගත් බවද වාර්ථා වේ. එසේම 2014.09.15 වන දින මොණරාගල දිස්ත්‍රික්කය පුරා එ.ජ.නි.ස අපේක‍ෂක ශෂින්ද්‍ර රාජපක‍ෂ මහතාගේ මනාප අංක සහ ඡන්ද ලකුණ සහිත ටී ෂර්ට් පැලඳ පාපැදි තරඟයක් මුවාවෙන් විශාල යතුරු පැදි ප්‍රමාණයක් සහ අනෙකුත් වාහන ප්‍රමාණයක් සහිතව පොලිස් ආරක‍ෂාව ඇතිව මොණරාගල දිස්ත්‍රික්කය පුරා පාපැදි සවාරියක් ගිය බවටද පැමිණිල්ලක් මානව හිමිකම් පිළිබ`ද විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලයට ලැබිණි.

මේ අයුරින් එ.ජ.නි.ස අපේක‍ෂකයන්ට වාසි සැලසෙන ආකාරයට මැතිවරණ ක්‍රියාදාමය හා මැතිවරණ ප්‍රචාරණ සිදුවන අතර, ඒවා වැලැක්වීමට මැතිවරණ බලධාරීන් අසමත් වී ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

-MMP















2014-09-17
Advertisement

Find us on Facebook