English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කි‍්‍රකට් වලට මධ්‍යස්ථ විනිසුරුවන් හොඳ නම් රටට හොඳ නැත්තේ ඇයි?


”ඒ ඇත්ත දැනගත්ට පස්සේ, සමාජයන් දෙකම තීරණය කරාවි අපි මොනවද කරන්න  ඕන කියලා. දෙමළ සමාජයත් දැන් හිතන්නේ ශී‍්‍ර ලංකා රජයට පමණයි කියලා මේ චෝදනා. ඒක වැරදි අදහසක්. මම උතුරෙදි මේ ගැන කියලා තියෙනවා. ඇත්ත දැනගන්න වෙලාවේ තමයි සිංහල සමාජයටත් එළිදරව් වෙයි මොනවද කියලා. ඒ නිසා ඒක වැදගත් කි‍්‍රයාවක් අපි ඊට සහයෝගය දෙන්න  ඕනා.”

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ එම්.ඒ සුමන්තිරන්,

මහජන අපේක්ෂා, ජිනීවා යෝජනා සහ රජයේ වගකීම යන මැයෙන් ලක්ෂමන් කදිර්ගාමර් ජාත්‍යයන්තර මධ්‍යස්ථානයේදී 2019 මාර්තු මස 29 වෙනි දින පස්වරු 3.00 ට පැවැත්වුනු මහජන මන්ත‍්‍රණ සභාවේ දී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු ම්න්තී‍්‍ර නීතිඥ එම්.ඒ සුමන්තිරන් දැක්වූ අදහසකි මේ. මෙම මහජන මන්ත‍්‍රණ සභාව සඳහා විශේෂ දේශකයින් ලෙස දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු ම්න්තී‍්‍ර නීතිඥ එම්.ඒ සුමන්තිරන්, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, හිටපු ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදර්ශන ගූණවර්ධන සහභාගි විය. සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කරන ලද මෙම මහජන මන්ත‍්‍රණ සභාව වෙනුවෙන් සමන් රත්නපි‍්‍රය සහ පිලිප් දිසානායක යන අය සහභාගි විය.



එහිදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ එම්.ඒ සුමන්තිරන්,

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ එම්.ඒ සුමන්තිරන් විසින් අදහස් දැක්වීම ආරම්භ කරමින් වසර ගණනාවකට පෙර තමන් මාතර ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ දේශනයක් කළ බවත්, එහිදී තමන් ඉංගී‍්‍රසියෙන් සිදුකරන ලද දේශනය සිංහලට පරිවර්තනය කරන ලද්දේ, සුදර්ශන ගුණවර්ධන විසින් බවත්, ඒ අවස්ථාවේ දී සුදර්ශනට වහාම තමන් සිංහල කතා කිරීමට උත්සාහ කරන බව පැවසූ බවත්, ඒ නිසා අද තමන් සිංහලෙන් දේශන කරන බවත් පැවසුවේය. ඒ අවස්ථාවේදී ඔහුට සභාවෙන් උණුසුම් ප‍්‍රතිචාරයක් ලැබුණි.



මේ යෝජනා සම්බන්ධව අපි බලන විට, 2012-2013  දී තමයි මුලින්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ දී යෝජනාවක් සම්මත වුනේ. සම්මත වූ යෝජනාවන් වන්නේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කිහිපයක් කි‍්‍රයාත්මක කරන්න කියලා විතරයි කිව්වේ. ජාතික වශයෙන් පත් කරපු උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කරන්න කියලා තමයි යෝජනාව ඉදිරිපත් වුනේ. එයත් ඉටු කළ නැති නිසා තමයි, තුන්වෙනි යෝජනාව 2014 මාර්තු මාසේ දී ජාත්‍යයන්තර පරීක්ෂණයක් පවත්වන්න කියලා නවනිදන් පිල්ලේ මහ කොමසාරිස්තුමියට බලය දුන්නේ. මේ වගේ තමයි එම යෝජනා පරිවර්තනය වන්නේ. ජාත්‍යයන්තර සමාජය හැම විටම කියන්නේ, යෝජනා කිරීම සඳහා උපදෙස් දීම පමණයි. විශේෂඥ කමිටුවෙන් (Panel of Experts on Accountability - මෙම කමිටුව සඳහා ඉන්දුනීසියානු ජාතික මුර්සුකි දරුස්මාන්, දකුණු අපි‍්‍රකාවේ යස්මින් සූකා, ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ටීවන් ආර්. රත්නර් ඇතුළත් වුනා) ප‍්‍රශ්න කිහිපයක් මතු කළ විට ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවා, රජයෙන් පත් කර තිබෙන උගත් පාඩම් කමිටුවේ වාර්තාව අවසන් වන තෙක් ඉවසන්න කියලා. ඒක රජයක් හැටියට කි‍්‍රයාත්මක කරන්න කියලා කිව්වා. ඒ රිපෝට් එක එනතුරු බලා සිටියා.  මෙම කමිටුව සඳහා ඉන්දුනීසියානු ජාතික මුර්සුකි දරුස්මාන්, දකුණු අපි‍්‍රකාවේ යස්මින් සූකා, ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ටීවන් ආර්. රත්නර් ඇතුළත් වුනා. විශේෂඥ කමිටු වාර්තාව 2011 මාර්තු මාසේ 31 වෙනි දින ඉදිරිපත් වුනා. ඊට පස්සේ නොවැම්බර් මාසේ 16 වෙනි දින තමයි උගත් පාඩම් කොමිසම බාර දුන්නේ.

( මෙම දෙසුමේදී සඳහන් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ඉදිරිපත් කරන ලද යෝජනාවන් මෙම දිගුවෙන් ලබා ගත හැකියි.  https://www.mfa.gov.lk/upr/human-rights-council/resolutions-on-sri-lanka/ )


දෙසැම්බර් 16 වෙනි දින ජනාධිපති එම උගත් පාඩම් කොමිසම් සභා වාර්තාව එළිදරව් කලා. ඊට පස්සේ තමයි 2012 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ යෝජනාව ශී‍්‍ර ලංකාවට විරුද්ධව සම්මත වූයේ. ඒ නිසා වැඩි ඡන්දයෙන් තමයි එය සම්මත වූයේ. 2012 නැවතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශී‍්‍ර ලංකාවට අවස්ථාවක් ලබා දුන්නා ඒක කි‍්‍රයාත්මක කරන්න කියලා. දෙවතාවක් අවස්ථාවක් දුන්නට පස්සෙත්, එය ඉටු නොවුනු නිසා තමයි, 2014 ජාත්‍යයන්තර පරීක්ෂණයක් සඳහා යෝජනාවක් සම්මත කරගත්තේ. එය පරීක්ෂණ වාර්තාව (Sri Lanka investigation (OISL) 2015 මාර්තු මාසයේ දී ඉදිරිපත් කරන්න සූදානම් වුනා. ඒ අවස්ථාවේදී රටේ තිබුණේ නව ආණ්ඩුවක්. එවිට ඒ ආණ්ඩුව කිව්වා මේ වාර්තාව මාර්තු මාසයේදී ඉදිරිපත් කරන්න එපා. අපි වෙන මාර්ගයකින් යන්න යන්නේ. අපිට අවස්ථාවක් දෙන්න රටතුළ මේ සඳහා හරියාකාරයෙන් මුහුණ දෙන්න. වාර්තාව සැප්තැම්බර් මාසයේ ඉදිරිපත් කරන විට අපි අපේ සැලසුම් කි‍්‍රයාවලිය ඉදිරිපත් කරන්නම් කියලා කිව්වා. ඒ නිසා අවස්ථාවක් ලබා දීමට එය කල් දැමීමක් කරනු ලැබුවා. එය මාර්තු මාසේ ඉදිරිපත් කළේ නෑ. ඒ කාලයේ වින්දිත සමාජයේත්, දෙමළ සමාජයේත්, අකමැත්ත මේ සඳහා ඉදිරිපත් වුනා. ඔවුන් කිව්වේ ජාත්‍යයන්තර පරීක්ෂණයක් සිදු කලාට පස්සේ වාර්තාව ඉදිරිපත් කිරීම කල් දාන්නේ කියලා කිව්වා.

ඒ නමුත් ඒ අවස්ථාව නව ආණ්ඩුවට දීලා 2015 සැප්තැම්බර් මාසයේ 16 වෙනි දින ඉදිරිපත් කරනු ලැබුවා. ඊට දවස් දෙකකට පෙර සැප්තැම්බර් 14 වෙනි දා හිටපු විදේශ ඇමති මංගල සමරවීර කතාවක් කලා. ශී‍්‍ර ලංකා රජය වශයෙන් කිරීමට යන දේවල් ඔහු විසින් ඒ අවස්ථාවේදී ඉදිරිපත් කලා. ගැනීමට නියමිත පියවර ලැයිස්තු ගත කරලා කිව්වා. ඊට පස්සේ තමයි ශී‍්‍ර ලංකාව පිළිබඳ පරීක්ෂණ වාර්තාව (Sri Lanka investigation (OISL) ඉදිරිපත් කළේ. මේ වාර්තාවන් දෙකම එක් කිරීමෙන් තමයි 30/01 කියන මෙම යෝජනවා ඔක්තෝම්බර් මාසේ 01 වෙනි දින, ශී‍්‍ර ලංකා රජයෙන් ඊට එකඟතාවය පළ කරළා, ඒක සම්මත කර ගත්තේ. ඊට ඡුන්දයක් තිබුණේ නැහැ. ඒ ලංකාව විසින්ම එයට එකඟ වූ නිසා. ඒ අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකාවේ නිත්‍ය නියෝජිතයා වශයෙන් කටයුතු කරන ලද්දේ රවිනාථ ආරියසිංහ.

( ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව පිළි පරීක්ෂණ වාර්තාව මෙම දිගුවෙන් ලබා ගත හැක. (Sri Lanka investigation (OISL)  -  https://digitallibrary.un.org/record/803408 )

එම සැසියෙන් පසුව 2015 නොවැම්බර් මාසයේ දී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සර්ව පාක්ෂික සමුළුවක් කැඳෙව්වා. මමත් ඒ සඳහා සහභාගි වුනා. 30/01 අපි කි‍්‍රයාත්මක කරන්නේ කොහොමද කියන එක ගැන අදහස් ගන්නට, ඒ සමුළුව කැඳෙව්වා. එතුමාට ඒ සමුළුවේ දී කිව්වේ නෑ එදා, ”මට දන්වන්නේ නැතුව මේක අත්සන් කරලා තියෙනවා කියලා කිව්වේ නෑ. මේ මෙනවද කියලා.” මොනවත් කිව්වේ නෑ. අපිව ඔක්කෝම කැඳවලා එක එක යෝජනා සම්බන්ධව විමසුවා. මේක කොහොමද කරන්නේ? මේක කොහොමද කරන්නේ කියලා ඇහැව්වා. ජාත්‍යයන්තර විනිසුරුවන්ගේ සහභාගිත්වය ඇතුව සකස් විය යුතු අධිකරණයක් ගැන කතා කරන වෙලාවෙදි, කිහිප දෙනෙක් කිව්වා ඒක කරන්න බෑ කියලා වෙන මත දැක්වූවා. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඒ අවස්ථාවේදී කිව්වා, ”නෑ ගෙන්න ගන්න. අපි බය නෑ. ඒ කාටත් මුහුණ දෙන්න අපි ලෑස්තියි. මමයි ඒ කාලේ හමුදාපති. කව්රු ආවත් මට මුහුණ දෙන්න පුළුවන් ”කියලා ඔහු ඒ සමුළුවේ දී කිව්වා. අපිත් කිව්වා ඒක කි‍්‍රයාත්මක කරන්න  ඕනා. වින්දිත සමාජය ඉල්ලූවේ, ස්වාධීන ජාත්‍යයන්තර, පරීක්ෂණයක්. අධිකරණ කටයුතු ස්වාධීන වෙන්න  ඕනා කියන එක කව්රුත් පිළිගන්නවා. මේ සඳහා ස්වාධීන අධිකරණ කටයුත්තක් තියෙනවා නම්, ඒක අනිවාර්යයෙන් ජාත්‍යයන්තර වෙන්න  ඕනා.

කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක පැත්තක ඉන්නේ ශී‍්‍ර ලංකා රජය. අනෙක් පැත්තේ ඉන්නේ ශී‍්‍ර ලංකාව දෙකට කඩන්න අරමුණින් සටන් කරපු තවත් සංවිධානයක්. මේ දෙන්න අතර තියෙන ගැටුම් සම්බන්ධව ස්වාධීන අධිකරණයක් තියෙන්න  ඕන නම්, ඒක ශී‍්‍ර ලංකා අධිකරණයෙන් පත් කරන අධිකරණයක් වෙන්න බෑ. ඒක මධ්‍යස්ථ අධිකරණයක් වෙන්න  ඕනා. දැන් කි‍්‍රකට්වල මධ්‍යස්ථ විනිසුරුවන් ඉන්නේ. රටරටවල් අතර ගැටුමදී හෝ රජයක් හා සන්නද්ධ කණ්ඩායමක් අතර සටනකදී රජයට පාර්ශ්වයකරුවන් වෙන්න බෑ. ඒක ස්වාධීනව තියෙන්න  ඕනා. ඒ නිසා තමයි ජාත්‍යයන්තර අධිකරණයක් තමයි ඉල්ලූවේ. එතනදී ශී‍්‍රී ලංකාවේ ෙසේවරීභාවය පිළිගන්න නිසා තමයි, ශී‍්‍ර ලංකා නීතිය තුළ ඒවගේ අධිකරණයක් පිහිටුවීමට ඉල්ලූවේ. ජාත්‍යයන්තර විනිසුරුවන් සහභාගිවෙන්නේ ශී‍්‍ර ලංකා කි‍්‍රයාදාමයන්ට එකඟ වුනේ ඒක නිසා. අඩුගානේ ඒකවත් කරන්න  ඕනා. වින්දිත සමාජය පිළිගන්න දෙයක්, වින්දිතයන්ගේ විශ්වාසය තියාගන්න  ඕනේ. ඒවගේ යාන්ත‍්‍රණයක් තමයි,  ඕන කියලා අපි කිව්වේ. මේ සියල්ල ජනාධිපති සිරිසේන දන්නවා.



මේක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පැටහැනියි කියලා කියන්න පටන්ගත්තේ, ආචාර්ය විජේදාස රාජපක්ෂ මන්තී‍්‍රතුමා. ඔහු අධිකරණ ඇමති විදියට ඉන්න අවස්ථාවේදී තමයි මේක කියන්න පටන්ගත්තේ. ඔහුම ඉදිරිපත් කරලා තියෙනවා, 2012 දෙසැම්බර් මාසේ 22 වෙනිදා ඉදිරිපත් කලා කෙටුම්පතක්. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියගේ ඉවත් කිරීම සම්බන්ධයෙන් සිදුවීම් සිදුවුනු කාලයේදී. විනිසුරුවන් ඉවත් කිරීමේ විශේෂ විධිවිධාන පනත (ඍැපදඩ්ක ධෙ න්‍මාටැි ීචැජස්ක ඡුරදඩසිසදබ ්ජඑ* කියලා පුද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ඉදිරිපත් කලා පාර්ලිමේන්තුවට. ඒ පනතේ ඔහු කියලා තිබුණා ( දැන් මං ළග තියෙනවා එහි පිටපතක් - ඔහු එහි අදාල කොටස ඉංගී‍්‍රසියෙන් කියවයි.) පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වල ඉන්න විනිසුරුවන් ඇවිල්ලා ලංකාව තුළ නිරීක්ෂණයක් කරන්න  ඕනා කියලා. ඒක ව්‍යවස්ථාවට පටහැනියි කියලා ඔහුට කියන්න බෑ. කොහොමද ඔහුම ඒ පනත ඉදිරිපත් කළේ. ඒ පනත පාර්ලිමේන්තුවේදී ගත්ත වෙලාවෙදි 2014 ජනවාරි 21 වෙනි දින තමයි ඒ පනත පාර්ලිමේන්තුවේ විවාදයට ගත්තේ. අයිලන්ඞ් පත්තරේ පසුදින ඒ සම්බන්ධයෙන් තොරතුරු පළ වෙලා තිබුණා. ( ඔහු ඉංගී‍්‍රසියෙන් එම කොටස කියවනු ලබයි ) පනත සම්බන්ධයෙන් තිබූ ඡුන්දයෙන් එම පනත සඳහා 72 විරුද්ධව ඡුන්ද භාවිතා කළ අතර, 34 දෙනෙක් ඒ සඳහා කැමැත්ත පළ කර තිබුණා. එක්සත් ජාතික පක්ෂය, ඞී.එන්.ඒ.,ටී.එන්.ඒ.,ජේ.වී.පී පක්ෂව ඡන්ද ලබා දුන්නා. පනත වැඩි ඡන්දයෙන් පරාජය වුනා. ඒ නිසා ඔහුටවත්, කාටවත් කියන්න බෑ විදේශීය විනිසුරුවන්ගේ සහභාගිත්වය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා.

ජනාධිපති සිරිසේන කියනවා ව්‍යවස්ථාවට පටහැනි මොනවත් මම කරන්නේ නැහැ කියලා. ඒක විහිළුවක්. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපි කවුරුත් ඉල්ලන්නේ නෑ ව්‍යවස්ථාවට විරුද්ධව මොනවත් කරන්න කියලා. දෙවැන්න ව්‍යවස්ථාව ගිය ඔක්තෝම්බර් මාසේ කැඩුවේ ජනාධිපතියි. ඔක්තෝම්බර් 26 වෙනිදා ඉඳලා නොවැම්බර් 09 වෙනිදා වෙනතුරු තුන්වතාවක් ව්‍යවස්ථාව උල්ලංඝණය කළේ ඔහුයි. දැන් ඔහු අපිට කියනවා ව්‍යවස්ථාව කඩන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටියේ අපි. අධිකරණයට ගියෙත් අපි. අපි ඔක්කෝම එකතුවෙලා තමයි ව්‍යවස්ථාව රැුක ගත්තේ.



අපි ඉල්ලන්නේ වින්දිත සමාජයට පිළිගන්න පුළුවන් ක‍්‍රමයක් ඉටු කරන්න. ඒකත් ඔබතුමාට දන්න පරිදි 2015 ඉඳලා දැන් තුන්වතාවක් එකට එකඟවෙලා තියෙන්නේ. ඒ නිසා ඒක ඉටු කරන්නම  ඕනා. පාර්ලිමේන්තුවේ කියපු එක උදාහරණයක් මම නැවත කියන්නම්. ස්වාමි පුරුෂයෙක් බිරිඳ සමග ගැටුමක් ඇතිවෙලා, බිරිඳගේ මිනිය නිවසේ පිටුපස වළළනවා. අසල්වාසීන් පොලිසියට දැනුම් දෙනවා. ස්වාමිපුරුෂයා කියනවා මේක පුද්ගලික දේපලක්. ඔබට මොනව හරි සැකයක් තියෙනවා නම්, මම පොළොව හරලා කියන්නම් ඉඩමේ මිනියක් තියෙනවද කියලා. ඒවගේ දෙයක් තමයි මේ කියන්නේ අපි අපේම ප‍්‍රශ්න විසඳගන්නම් කියලා. මොනව හරි උල්ලංඝණයක් තියෙනවා නම් අපි කියන්නම් කියලා කියයි. ඒක අපිට පිළිගන්න බෑ.

දේශන සියල්ල අවසානයේ දී ජනතාවට ප‍්‍රශ්න ඇසීමේ අවස්ථාවක් ලබා දුනි. එහිදී ප‍්‍රශ්නය කිහිපයක් තෝරාගත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ සුමන්තිරන් මෙසේ ද අදහස් දැක්වීය.

මෙතන තියෙන්නේ ආර්ථික ප‍්‍රශ්නයක් නෙමෙයි. මේක යුක්තිය ගැන ප‍්‍රශ්නයක්. එතනින්ම අපිට නවත්වන්න පුළුවන් පැහැදිලි කිරීම. ඝාතනයක් වූ විට අපි එහි පරීක්ෂණය ආර්ථික කරුණු මත මනින්නේ නැහැ. රටට හොඳදද? නරකද? ලාභය හා අලාභය කෙසේද වෙන්නේ ? කියලා අපි  මනින්නේ නැහැ. ඒ ගැන කතා කරන්නවත් මම එකඟ නෑ.

මේ පාර්ශ්වයන් දෙකෙම නීතිය කඩ කලා නේද? එහෙනම් ඇයි එය පැත්තකට බලන්නේ කියලා. ඒකත් හරි. විද්වත් කමිටු වාර්තාවේ තියෙනවා චෝදනා 05 ක්, ලැයිස්තු ගත කරලා තියෙන්නේ හමුදාවට එරෙහිව. ඒවගේම චෝදනා 06 ක් ලැයිස්තු ගත කරලා තියෙනවා එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව. ජාත්‍යයන්තර නීතිය කැඩුවා කියලා. මේ දෙපාර්ශ්වයේම චෝදනා විමසන්න  ඕනා. ජාත්‍යන්තර වාර්තාවේත් තියෙනවා ඒ විදියට. ළමා සොල්දාදුවන් බඳවා ගැනීම, ඒ චෝදනා කරපු පුද්ගලයන්ව නම් කරලා තියෙනවා. අදාළ එල්.ටී.ටී.ඊ නායකයන්ව නම් කරලා තියෙනවා.

සත්‍ය විමසීමේ කොමිසම ඉතාමත් වැදගත්. දැන් කෙටුම්පතක් සකස් කරලා තියෙනවා කියලා කියනවා. ඒ පනත මම අධ්‍යයනය නොකළ නිසා තවමත් ඒ ගැන මම මොනවත් කියන්නේ නැහැ. බලවත් සත්‍ය කොමිසමක් ඇති කරන්න අවශ්‍යයි. ඒයින් තමයි ඇත්ත හරියාකාරව දැනගන්න  ඕන. මොනවද වුනේ කියලා. ඒ ඇත්ත දැනගත්ට පස්සේ, සමාජයන් දෙකම තීරණය කරාවි අපි මොනවද කරන්න  ඕන කියලා. දෙමළ සමාජයත් දැන් හිතන්නේ ශී‍්‍ර ලංකා රජයට පමණයි කියලා මේ චෝදනා. ඒක වැරදි අදහසක්. මම උතුරෙදි මේ ගැන කියලා තියෙනවා. ඇත්ත දැනගන්න වෙලාවේ තමයි සිංහල සමාජයටත් එළිදරව් වෙයි මොනවද කියලා. ඒ නිසා ඒක වැදගත් කි‍්‍රයාවක් අපි ඊට සහයෝගය දෙන්න  ඕනා.

සිවිල් කටයුතු වලට හමුදාව මැදිහත්වන කි‍්‍රයාවලිය ගැන ප‍්‍රශ්නයක් තියෙනවා. දකුණු ප‍්‍රදේශයේ දී ඝාතනය වුනු අතුරුදහන්වුනු ජනමාධ්‍යවේදීන් ගැන පරීක්ෂණ කටයුතු තවමත් අවසන් නැහැ කියලා කියනවා. අවුරුදු 10 දැන් ගිහිල්ලා. ඒ වගේම අපි දන්නවා උතුරේ දෙමළ මාධ්‍යවේදීන් 46 ක් ඝාතනය වෙලා තියෙනවා. ඒ පරීක්ෂණ පටන් අරගනෙම නැහැ. සිවරාම්ගේ ඝාතනය ගැන අධිකරණ කටයුතු තිබුනා. ඒ හැරෙන්ට අනෙක් දෙමළ මාධ්‍යවේදීන් ඝාතනය ගැන විමසීමක්වත් පටන් ගැනුනේ නැහැ. හමුදාවට බාර දුන්නා කියලා. 3000 වැඩි දෙමළ වැසියන් පිරිසක් හමුදාවට බාරදීලා තියෙනවා කියලා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද, උගත් පාඩම් කොමිසමේ තියෙනවා. වෙන වාර්තාවකින් නෙමෙයි. ඒ සඳහා සාක්ෂිත් තියෙනවා. ඒ ගැනත් තවමත් විමසීමක්වත් නැහැනේ. එක පරීක්ෂණයක් වෙනවා. ඒ කොළඹ නගරයේදී තරුණයන් 11 දෙනෙක් නාවික හමුදාව විසින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන්. එම පරීක්ෂණ සිදුවෙන්නේ ඒ තරුණයන්ට එල්.ටී.ටී.ඊ සම්බන්ධයක් නැහැ කියලා ඔප්පු වන නිසා. ඒකත් හරියට කරන්නේ නැහැ. නමුත් ඒ පරීක්ෂණවලදී නිතරම කියනවා ඒ කණ්ඩායමේ එල්.ටී.ටී.ඊ අය හිටියේ නැහැ කියලා. එල්.ටී.ටී.ඊ නම් යටත්වුනු අයට ඝාතනය කිරීම හරිද? එය ජාත්‍යයන්තර නීතිය උල්ලංඝණය කිරීමක් නොවෙයි ද?

ඒ නිසා තමයි අපි කියන්නේ ජාත්‍යයන්තර මැදිහත්වීමක් අවශ්‍යයි. නැතුව මේ පරීක්ෂණ කවදාවත් වෙන්නේ නැහැ. 




     






2019-03-30
Advertisement

Find us on Facebook