English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජිනීවා : කොරහේ කිඹුල්ලු දැකීම - කරකුලේ පියදස්සී හිමි

“පසුගිය දවස්වල පැවති එක්සත් ජාතීන්ගේ ජිනීවා සමුළුව පදනම් කරගෙන අපේ සමහර දේශපාලඥයෝ කොරහේ කිඹුල්ලු දැක්කලා මහා බයංකාර වේශයක් මවාපාන්න උත්සහා කළා. ඔවුන් හැමදාම කලේ ජාතික ආරක්ෂාව, ආගම, විකුණපු එකයි. රට, ජාතිය හා රණවිරුවන් පාවාදීමේ කටයුත්තක නිරත වෙන බවට ජනතා මානසිකත්වය ඇතිකරන්න ඔවුන් කටයුතු කළා.

රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස කවදත් ජාතිමාමකව කටයුතු කරපු උදවිය. නැත්තන් ඔවුන් 2004 දී යුධ අපරාධ ගිවිසුම ආපු වෙලාවේ, ඒ ගිවිසුම අත්සන් කරනවා. එසේ අත්සන් කලානම් ඔය කියන ඊනියා රණවිරුවන් හා දේශමාමක පිරිසට වෙන්නේ අද සිරගෙවල් වල ඉන්න. ඒ නිසා ඔවුන් හැමදාම රනිල් වික්‍රමසිංහට ණයගැතියි.”

ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ සමාජ සංවර්ධන මහා ලේඛකාධිකාරී ශ‍්‍රාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත කුරකුලේ පියදස්සී නායක හිමියන් මේ අදහස් පැවසුවේ 2019 මාර්තු මස 25 වෙනි දින කොළඹ, පුස්තකාල හා ප‍්‍රලේඛන මධ්‍යස්ථානයේ ශ‍්‍රවණාගාරයේදී පැවති යථාර්ථවාදී භික්ෂු සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාකදීය.  

එම අදහස් පහත වීඩියෝවෙන්...





2019-03-29
Advertisement

Find us on Facebook