English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වධහිංසාවට පාත‍්‍ර නොවී සිටීමේ අයිතිය


කිසියම් තැනැත්තෙකු විසින් තවත් තැනැත්තෙකුට දඩුවමක් ලෙස ශරීරික හිංසාවක් සිදු කිරීම කිසිලෙසකින් සාධාරණීය කළ නොහැකි මිලේච්ඡු හා පිළිකුල් සහගත එමෙන්ම මනුෂ්‍ය වර්ගයාට එරෙහි ක‍්‍රියාවක් බවට ශිෂ්ඨ සමාජය විසින් පිළිගෙන තිබේ. එමෙන්ම, රජය හෝ රජයට අනුබද්ධ කිසියම් රාජ්‍ය නිලධාරියෙකු එවැනි කි‍්‍රයාවක් සිදු කිරීම අපරාධ වරදක් බවටද බොහෝ රාජ්‍යයන් විසින් පත්කර තිබේ.

අද වන විට බොහෝ ප‍්‍රජාතාන්ත‍්‍රික රාජ්‍යයන් වදහිංසාවෙන් තොරව ජීවත් වීමට ඇති අයිතිවාසිකම සිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන් හරහා මෙන්ම අනෙකුත් විශේෂ නීති හරහා ද පිළිගැනීමට ලක් කර ඇත.  වධහිංසාවට එරෙහි අන්තර් ජාතික ප‍්‍රයත්නයන්ට සහයෝගී වෙමින් ශී‍්‍ර ලංකාව ද අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ 11 වන වගන්තිය යටතේ වධහිංසාවට පත‍්‍ර නොවී සිටීම සිය මුලික අයිතිවාසිකම් ලෙසද, 1994 අංක 22 පණත තුලින් වධහිංසාව කෲර හා අමානුෂික අපරාධයක් බවටත්, එයින් තොරව ජීවත් වීමට උත්තරීතර අයිතියක් ඇති බව පිළිගෙන තිබේ. එමෙන්ම වදහිංසාව වැලැක්වීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සකස්කරනු ලැබු ජාත්‍යන්තර යාන්ත‍්‍රණයන් බොහොමයකට ද ශී‍්‍ර ලංකාව මේ වන විට අත්සන් කර ඇති අතර, ශී‍්‍ර ලංකා රජ්‍යය තුළ වදහිංසාව සම්පුර්ණයෙන් තුරන් කරන බවට ද එහි දී එකගත්වයන්ට ද පැමිණ තිබේ.

වදහිංසාව වැලැක්වීම සදහා නව නීති, ජාත්‍යන්තර ප‍්‍රඥ්ඥප්තීන්ට අප ඇතුලත් වී සිටියත් පසුගිය කාලය තුළ රට තුළ වරින්වර ඇති වූ කැරලි, කෝලහල හා දශක තුනකට ආසන්න කලයක් තිස්සේ දියත් වූ යුධමය තත්ත්වයන් පාලනය කිරීම සදහා පොලීසිය හා රාජ්‍ය ආරක්ෂක අංශයන් විවිධාකාරයේ නීති විරෝධී හිංසා ක‍්‍රමයන් බහුලව භාවිතා කරනු ලැබීය. මේ හේතුවෙන් පසුගිය කාලයේ දී වදහිංසාවන් සිදු කිරීම්, නීති විරෝධී ඝාතණ හා පුද්ගල අතුරුදහන්කරවීම් වැඩියෙන්ම සිදු වන රටවල් අතරට අප රටද ඇතුලත් විය.

කෙසේ හෝ පසු ගිය කාලය තුළ රට තුළ ඇති වූ සාමකාමී පරිසරයත්, රාජ්‍ය සේවය ස්වාධීන කිරීම සදහා ඇති කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රථිසංස්කරණයන්, ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම හා අධිකරණ ක‍්‍රමය තුළ ඇති කරනු ලැබූ අනෙකුත් වෙනස්කම් හේතුවෙනුත් දශක ගණනාවක් තිස්සේ ඉතා ඉහල අගයක පැවති, පුද්ගල අතුරුදහන්කරවීම්, නීති විරෝ්ධී ඝාතණ හා වදහිංසා සිදු කිරීම් වැනි මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීම් වල අගයෙහි කිසියම් පහත යාමක් අපට දකින්ට ලැබුනි. ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කළ තිබූ වාර්තා තුළිනුත් ඒ බව තහවුරු විය.

2012 ජනවාරි සිට 2014 දෙසැම්බර් දක්වා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත වාර්ථා වී ඇති මූලික අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳ පැමිණිලි

  2011 2012 2013 2014
වධහිංසා සිදුකිරීම්
 569535
551
481
 නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීම් 581675
553
610
 නීතිවිරෝධී ඝාතන
 1611
03
08
 නීතිවිරෝධී අතුරුදහන් කරවීම් සහ පැහැරගෙන යාම් 
 230126
144
77
 එකතුව
 13961347
 1251 1176

2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත වාර්ථා වී ඇති මූලික අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳ පැමිණිලි


  2015 2016 2017 2018
වධහිංසා සිදුකිරීම්
 311286
251
 
 නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීම් 247190
198
 
 නීතිවිරෝධී ඝාතන
 0403
04
 
 නීතිවිරෝධී අතුරුදහන් කරවීම් සහ පැහැරගෙන යාම් 
 1511
04
 
 එකතුව
 577490
457
 

19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති කරනු ලැබූ තවත් වැදගත් කොමිෂන් සභාවක් ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව හැදින් විය හැක. මෙම කොමිෂන් සභාවට පොලිස්පතිවරයා හැර අනෙකුත් පොලිස් නිලධාරීන් පත්කිරීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පාලනය කිරීම, සේවයෙන් පහ කිරීම සහ නිලධාරීන් බදවා ගැනීම්, පුහුණු කිරීම්, සේවා කාර්යක්ෂමතාව වැඩි කිරීම සදහා කටයුතු කිරීම්, පොලිස් නිලධාරීන් සදහා චර්යා ධර්ම හා ප‍්‍රමිතීන් ගොඩනැගීම, පොලීසිය අවශ්‍ය අවි හා උපකරණ සම්බන්ධව තීරණය කිරීම වැනි කි‍්‍රයාවන් සිදු කිරීමට බලය පැවරී ඇත.
 
එමෙන්ම, පොලිස් නිලධාරීන්ට එරෙහිව මහජනයාගෙන් ලැබෙන පැමිණිලි හා පොලිස් නිලධාරීන්ට සිදුවන විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි බාර ගැනීම ඒවා විමර්ශනය කිරීම හා අදල විනය කි‍්‍රයාමාර්ග ගැනීමේ බලයත් මෙම කොමිසම වෙත පැවරී තිබේ.

සමහර අවස්ථාවල දී විධායකය විසින් පොලිස් කොමිසමෙන් නොවිමසා නිලධාරීන් මාරුකිරීමට ගත් උත්සාහන් හා පොලිස්පතිවරයා කොමිසමේ නිර්දේශ නොතකා කටයුතු කිරීමට ගත් උත්සාහයන් හි දී තමන් වෙත ලැබී ඇති බලතල අනුව පසුගිය කාලය තුළ යම් කැපී පෙනෙන වැඩ කොටසක් පොලිස් කොමිසම විසින් සිදු කරනු ලැබීය.

නමුත් පොලිස් නිලධාරීන්ගේ නීති විරෝධී කි‍්‍රයා සම්බන්ධව පොලිස් කොමිසම වෙත ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධව ගනු ලබන කි‍්‍රයා මාර්ගයන් හි සැලකිය යුතු වෙනසක් මෙතෙක් වාර්තා වී නොමැත, යම් නිලධාරියෙකුට එරෙහිව එන පැමිණිල්ල විභාග කිරීම සදහා එම නිලධාරියා සේවය කරනු පොලිසියේ ස්ථානාධිපතිගෙන් වාර්තාවක් ගෙන්වා ගැනීමත් එම වාර්තාව මත පදනම්ව අදාල විමර්ශණය කිරීම තවමත් සිදු කරන බවත් වාර්තා වේ. පොලිස් කොමිසම වෙත ලැබෙන එවැනි මහජන පැමිණිලි සම්බන්ධව විමර්ශනය කිරීම සදහා ස්වාධීන යාන්ත‍්‍රණයක් තවමත් ස්ථාපිත නොවීම විශාල අඩුපාඩුවකි.

පොලිස් නිලධාරීන් විසින් වධහිංසා සිදු කිරීම් සම්බන්ධව කොපමන පැමිණිලි සංඛ්‍යාවක් පොලිස් කොමිසම වෙත ලැබී තිබේද යන්න විමසා තොරතුරු දැනගැනීමේ පණත යටතේ කළ විමසීමක දී පහත සදහන් තොරතුරු අප වෙත එවා තිබුනි.
   
ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත 2015 ජනවාරි මස සිට 2017 දෙසැම්බර් මස දක්වා කාල සීමාව තුළ පොලිස් වධහිංසාව සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව

  20152016
2017
  විමර්ශන ප‍්‍රගතිය
පොලිස් වධහිංසා 
 0403
04
 සියළුම විමර්ශන අවසන් කොට ඇත

මෙම සංඛ්‍යාලේඛනයන් හි නිරවද්‍යතාවය පිළිබදව අපට ගැටලූ ඇති වුයේ 2017 වසරේ දී අප සංවිධානය වෙත වාර්තා වූ වදහිංසා සිද්ධි 07ක් අප පොලිස් කොමිසම වෙත යවා ඇති නමුත් මෙහි එම සංඛ්‍යාවත් සදහන්ව නොතිබීම නිසාවෙනි.

1994 අංක 22 දරණ වධහිංසාවන්ට එරෙහි පනත යටතේ වධහිංසා, කෲර අමානුෂික අවමන් සහගත සැලකීම් වලට අදාළ චූදිතයින්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමේ බලය ලබා දී ඇත්තේ නීතිපතිවරයා වෙතය. දශකයට ආසන්න කාලයක් මෙම පණත යටතේ පැවරු නඩු ප‍්‍රමාණය ගැන දැනගැනීමට අප විවිධ උත්සාහයන් ගනු ලැබුවත් අවසානයේ ඒ සම්බන්ධව ද නිල තොරතුරක් ලබා ගැනීමට හැකි වුයේ තොරතුරු දැනගැනීමේ පණත යටතේ සිදු කරනු ලැබූ ඉල්ලීමක් හේතුවෙනි.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් අප වෙත එවු සංඛ්‍යා ලේඛන වලට අනුව මෙම වධහිංසා පනත පැනවූ 1994 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වසර 23ක කාලය තුළ නීතිපතිවරයා විසින් පවරා ඇත්තේ නඩු 115ක් පමණි.

එම නඩු වලින් විත්තිකරු හෝ විත්තිකරුවන් වරදකරුවන් බවට පත්වූ ප‍්‍රමාණය හෝ නිදහස් වූ ප‍්‍රමාණයට අදාළ තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත් එසේම එම නඩු වලින් තවමත් අධිකරණය ඉදිරියේ කොපමණ නඩු සංඛ්‍යාවක් විභාග වෙමින් පවතීද යන්න පිළිබඳ තොරතුරක් තමන් සතුව නොමැති බවද අප වෙත දන්වා තිබුනි.

1994 අංක 22 දරණ පණත යටතේ නඩු පැවරීම් සම්බන්ධව තොරතුරු පණත යටතේ කළ ඉල්ලීම පරිදි 2018 ජුනි 06 වන දින නීතිපති දෙපාර්තමේන්තුව අප වෙත ඉදිරිපත් කල තොරතුරු

 20002001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2016
 0610
11
29
14
08
09
08
06
02
02
08
01
 එකතුව
            115

ඉහත සංඛාලේඛන අනුව මෙම පණත සම්මත වු 1994 වසරේ සිට 1999 දක්වා වසර 6ක කාලය තුලත්, 2012 සිට 2015 වසර 4ක කාලය දක්වාත් 2017 සිට 2018 දක්වාත් මෙම පණත යටතේ පැවරූ නඩු පිළිබද විස්තර ඉදිරිපත් කර නැත. එමෙන්ම මේ සම්බන්ධව අදාල නඩු අංක හා උසාවි අප ඉල්ලා සිටියත් ඒ සම්බන්ධව තොරතුරු ඔවුන් සතුව නොමැති බවත් අප වෙත දන්වා තිබුනි.

ඉහත තොරතුරුවලට අනුව මෙම පණත යටතේ වැඩිම නඩු ප‍්‍රමාණයක් ගොනු වී ඇත්තේ 2002, 2003 හා 2004 යන වර්ෂයන් හිදී බව පෙනී යයි. මෙම වසර තුන තුල දී පමණක් පොලිස් නිළධාරීන්ට එරෙහිව නඩු 54 ක් පැවරී ඇති අතර, එම ප‍්‍රමාණය මෙම පණත යටතේ පැවරී ඇති සම්පුර්ණ නඩු ප‍්‍රමාණයෙන් අර්ධයකට ආසන්න වී තිබේ. අප මේ පිළිබදව සොයා බැලීමේ දී පෙනී ගියේ පලමු පොලිස් කොමිසම ආරම්භවීමත්, පොලිස් වධහිංසා පිළිබදව සොයා බැලීම සදහා පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකයක් පිහිටු වීමත්, ජනාධිපති නීතිඥ රංජිත් අබේසුරිය මහතා පලමු පොලිස් කොමිසමේ සභාපති ලෙස විශාල වැඩකොටසක් සිදු කිරීමත් ඉහත වෙනසට හෙතුවී ඇති බවයි.

වදහිංසා පණත යටතේ පැවරූ නඩු ප‍්‍රමාණයන් සම්බන්ධව එසේ නිල තොරතුරක් ලබා ගැනීමට හැකියාව ලැබුනත්, එසේ පැවරූ නඩුවල වර්තමාණ තත්තවය පිළිබදව විස්තර සොයා ගැනීම තවත් ගැටලූවක් වී තිබුනි. කෙසේ හෝ මේ පිළිබදව අපි 2017 වසරේ දී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සමග කරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවක දී පහත් සදහන් තොරතුරු අප වෙත ලබා ගැනීමට හැකි විය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා 2017 දී ලබා දුන් ප‍්‍රකාශය අනුව
 1994 අංක 22 දරණ වධහිංසා වැලැක්වීමේ පණත යටතේ පවරා ඇති සම්පුර්ණ නඩු ප‍්‍රමණය102
 දඩුවම් ලැබූ පොලිස් නිලධාරීන් ප‍්‍රමාණය 32
 නිදහස් වූ පොලිස් නිලධාරීන් ප‍්‍රමාණය 16
 දැනට විභාග වන නඩු ප‍්‍රමාණය 
 54

2015 සිට 2018 දක්වා වසර 4 තුළ කිසිදු ආකාරයේ අතුරුදහන්වීමක් වාර්තා වී නොමැති බවත්, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. නමුත් අත්අඩංගුවට පත්වීමෙන් පසුව සැකකරුවන් මිය යාම නොහොත් නීති විරෝධී ඝාතන සිද්ධීන් හි අගයෙහි යම් අඩුවක් මෙම වාර්තා අනුව පෙනී ගියත් අතුරුදහන්කරවීම් තුරන් වී ඇති ආකාරයට ම නීති විරෝධී ඝතණ සිදුවීම සම්පුර්ණයෙන් වලකා ලන්නට රජය තවමත් අපොහොසත් වී ඇත. පසුගිය අවුරුදු 4 තුළ නීති විරෝධී ඝාතණ සිද්ධි 15 කට වැඩි ප‍්‍රමාණයක් අප වෙත ද වාර්තා වී තිබේ. මේ සදහා රජයෙත් ස්වාධීන කොමිෂන් සභාවන් හි විශේෂ අවධානය වහා යොමු විය යුතුව තිබේ.

සාකච්ඡාව සදහා,
පිලිප් දිසානායක 29.03.2019





2019-03-28
Advertisement

Find us on Facebook