English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඉන්ද්‍රරතනගේ ගේ මාර කි‍්‍රයා


වර්තමාණයේ කුරුණෑගල මලියදේව විදුහලේ විදුහල්පති ලෙස කටයුතු කරනු ලබන සමන් ඉන්ද්‍රරත්න මහතා ගේ සමහර කි‍්‍රයාකාරකම් සම්බන්ධව 2019 පෙබරවාරි මස 26 දින ලංකා ගුරු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී හෙලිදරව් විය.

එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව මේ සම්බන්ධව තවත් තොරතුරු අප වෙත ලැබීමත්, මේ සම්බන්ධව මැදිහත්වන ලෙස ඉහත විදුහල්පතිගේ කි‍්‍රයාකාරකම් මත පීඩාවට පත් වූ සිසුන්ගේ දෙමාපියන් කිහිප දෙනෙක අපගෙන් කළ ඉල්ලීමක් නිසා, පසුගිය මාර්තු මස 21 වෙනි දින අප කුරුණෑගල නගරයට පැමිණියෙමු.

එහි දී සමන් ඉන්ද්‍රරත්න මහතාගේ කි‍්‍රයාකාරකම් නිසා පීඩාවට පත් වූ සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් මෙන්ම, කුරුණෑගල, ජෝන් කොතලාවල විදුහලේ හිටපු විදුහල්පතිවරයෙක් ඇතුලූ ගරුවරු කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අප සමග සාකච්ඡුාවට එක් විය.

එම සාකච්ඡාවට පෙර ජොන් කොතලාවල විදුහලේ ඉගැනුම ලබමින් සිටි ශිෂ්‍යාවක් වු වෙනූෂා ඉමන්දි බණාඩාර හදිසියේ සිය දිවි හානිකර ගැනීම සම්බන්ධව ජාතික ළමාඅරක්ෂක අධිකාරිය විසින් එවකට එහි විදුහල්පතිව සිටි සමන් ඉන්ද්‍රරත්න මහතාට එරෙහිව ගොණු කළ නඩුව සම්බන්ධව සොයා බැලීමට ද අප කටයුතු කරනු ලැබීය.

ඉහත නඩුවෙන් අදාල විදුහල්පතිවරයා නිදොස් කොට නිදහස් කර ඇති බවටත්, අදාල නඩුව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේ සොයා ගැනීමට නොහැකිව අස්ථාන ගත වී ඇති බවටත් අප වෙත වාර්තා වී තිබීම නිසා මේ සම්බන්ධව සොයා බැලූ අතර, එහි දී අපට දැනගන්නට ලැබුනේ සාක්ෂි ප‍්‍රමාණවත් නොවන නිසා මෙම නඩුව බහා තබා ඇති බවත්, අදාල විදුහල්පතිවරයා තාවකාලිකව මුදාහැර ඇති බවයි.

එම නඩුව ගැන සොයා බැලීමේ දී අදාල විදුහල්පතිවරයාට එරෙහිව 2016 වසරේ දී බීමත්ව රිය පදවා පැසැල් සිසුවෙකු යටකරගෙන යාම සම්බන්ධව නඩුවක් පැවැති බවත්, පසුව එය වන්දි ලබා දී සමතයක් මත අවසන් කරගෙන ඇති බවත් වාර්තා විය. ඉන් පෙර 2015 වසරේ දී ද බීමත්ව රිය පදවා අදාල විදුහල්පතිවරයා තම රිය කානුවකට පෙරලී එහි සිරවී ඇති අතර, ප‍්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ඔහු බේරාගෙන ඇති බවත් වාර්තා විය.

එමෙන්ම, 2014 වසරේ දී වෙනූෂා ඉමන්දි බණාඩාර දිවි හානිකර සම්බන්ධව ජාතික ළමාඅරක්ෂක අධිකාරිය විසින් පැවරූ නඩුවේ සාක්ෂිකරුවෙකු වූ එවකට ජොන් කොතලවල විදුහලේ  සිටි ගුරුවරයෙකුට බැන තර්ජනය කිරීම සම්බන්ධව අදාල විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගර ගතව සිටි ඇති බවටත් අප වෙත වාර්තා විය.

මෙම විදුහල්පතිවරයාගේ කි‍්‍රයාකාරකම් සම්බන්ධව 2015 වර්ෂයේ දී පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් විනය පරීක්ෂණයක් සිදු කර ඇති අතර, එම පරීක්ෂණයෙන් පසුව ඔහු පරිපාලන සේවයේ ඔහු දරමින් සිටි 2වන ශ්‍රේණියේ සිට 3වන ශේ්‍්‍රණිය දක්වා තත්ත්වය පහත දමා ඇති බවටත්, ඔහු රජයේ පාසැලක විදුහල්පති ධුරය දැරීම තහනම් කර ඇති බවත් අප වෙත වාර්තා විය.

මෙවැනි පසුබිමක් ඇති පුද්ගලයෙකු පසුව පළාත් රාජ්‍ය සේවයෙන් ඉවත් වී රාජ්‍ය සේවයට ඇතුලත් වී ජාතික පාසැලක විදුහල්පති ධුරය දක්වා මේ වන විට ඔහු පැමිණ තිබේ. මේ සදහා පළාතේ බොහෝ දේශපාලණඥයන් සහාය ඔහුට උපරිමයෙන් හිමි වී තිබේ.

මේ අතර, ඔහුට ඇති තවත් චෝදනාවක් වන්නේ සිසුන්ගේ මානසිකත්වය කඩා බිද දැමීමට ඔහු කරනු ලබන විවිධ කෲර කි‍්‍රයාවන් සම්බන්ධවය. 2014 වසරේ දී 10 වසරේ ඉගැනුම ලබමින් සිටියදී වෙනූෂා ඉමන්දි නැමති ශිෂ්‍යාව සිය දිවි තොරකර ගැනීමට තරම් මානසික පීඩාවක් අදාල විදුහල්පතිවරයාගේ කි‍්‍රයාකාරකම් බලපා ඇති බවට ඇය විසින් ලියා ඇති අවසන් ලිපියේ ඉතා පැහැදිලිව සදහන්ව තිබේ. ඇයට පාසැල් ළමයින් 6000 ක් ඉදිරියේ පරුෂ වචනයෙන් බැන වැදීමත්, ඉන් පසුව විවිධ දඩුවම් කිරීමත්, නිසා අති වූ මානසික පීඩනය දරා ගැනීමට නොහැකි වීමත් නිසා සිය දිවි තොරකරගන්නා බව එහි ලියා තිබේ.  

එම සිද්ධියෙන් පසුවත් එවැනි කි‍්‍රයාකාරකම් හි කිසිදු අඩුවක් නොමැති බව පෙනී යන්නේ ‌‌මේ වන විට මලියදේව විදුහලේ ශිෂ්‍ය නායකයින් වෙත ඔහු ඇති කරමින් සිටින පීඩනය ගැන දැනගන්නට ලැබුන විටය. ඔහු එම පාසැලට අලූතින් පත්වී එන විට එහි සිටි ශිෂ්‍ය නායකයින් සියල්ල වෙනස් කිරීම සදහා නැවත කමිටුවක් පත් කර තිබේ. නමුත් එම කමිටුවෙන්ද එහි සිටි බොහෝ ශිෂ්‍ය නායකයින්ම පත් වී තිබේ. නමුත් ඊට උරණ වූ විදුහල්පතිවරයා ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා ඇතුලූ කණ්ඩායමකට ඔහු විසින් විවිධාකාරයේ පීඩනයන් ගෙන ඒමට කටයුතු කර තිබේ. ඒ අතර ප‍්‍රධාන ශිෂ්‍යනායකයා සහභාගී වන අවසාන පාසැල් උත්සවයේ ස්තුති කතාව පැවැත්වීම විදුහල්පතිවරයා විසිින් අත්තනෝමතිකව නවතා තිබේ. දිගින් දිගටම සිදුවන අසාධාරණ කි‍්‍රයාවන්ට එරෙහිව ඔහුන්ගේ දෙමාපියන් අවසානයේ දී මැදිහත් වී, මේ සම්බන්ධව ඔවුන් විසින් පොලීසියට කළ පැමිණිල්ලක් මත සිදු කළ පරීක්ෂණයකින් පසුව අදාල විදුහල්පතිවරයාට ප‍්‍රධාන ශිෂ්‍ය නායකයාට ස්තුති කතාව පැවැත්වීමට ඉඩ ලබා දී තිබේ.

එමෙන්ම, පසුගිය වර අපොස උසස් පෙළ විභාගයෙන් ශී‍්‍ර ලංකාවෙන්ම 6වන ස්ථානය දිනාගත් සිසුවා සිසු හා ගුරු දෙගුරු හමුවේ කළ කතාවක් නිසියාකාරව සිදු කිරීමට නොහැකිවීම නිසා උරණ වූ අදාල විදුහල්පතිවරයා සිසුවාගේ එම කතාව අතරමග නතර කර ළමයින් 8000ක් පමණ සිිටින එම සභාවේ දීම අදාල සිසුවාටත්, ඔහුට සාහාය දැක්වූ ගුරුවරියටත් ඉතා අපහාසාත්මක බැන වැදී පාසැලට විශාල කීර්තියක් ලබා දුන් සිසුවා අපහසුතාවයකටත්, විශාල මානසික පීඩනයක් පත්කර තිබේ.

පසුගියදා කුරුණෑගල මහාධිකරණය විසින් වසර 2කට දඩුවමක් ලබා දුන් ඒවකට ජෝන් කොතලාවල විද්‍යාලයේ රම්‍ය ද සිල්වා ගුරුවරිය සේවය කරනු ලැබුවේ ද මොහු විදුහල්පති ලෙස සේවයට කරන අවධියේ වූ සිදුවීමකට අදාලවය. මේ ඉතා කෙටි කාලයක් තුල අප සොයාගත් කරුණු වන අතර, මේ සම්බන්ධව අප විසින් තවත් කරුණු සොයමින් සිටී, එමෙන්ම, මේ සම්බන්ධව අදාල විදුහල්පතිවරයාට එරෙහිව ගත හැකි නීතිමය පියවර සම්බන්ධවද කරුණු අධ්‍යයනය කරමින් සිටින බවද මානව හිමිකම් සම්බන්ධව කටයුතු  කරනු ලබන නීතිඥ කණ්ඩායමක් අප වෙත දන්වා ඇත.

උපුටා ගැනීම - http://www.right2lifelanka.org
    
   
   


       

      





2019-03-28
Advertisement

Find us on Facebook