English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කුරුණෑගල හෙදියගෙ ඔලුව පැලු විශේෂඥ වෛද්‍යවරයාට ඒරෙහිව නඩු


වාරියපොල ප්‍රදේශයේ පදිංචි මාධවී බුද්ධිකා රාජගුරු මහත්මිය වෘත්තීයෙන් හෙද නිලධාරිනියක් වන අතර ඇය කුරුණෑගල මහරෝහලට අනියුක්තව වසර හතරකට අධික කාලයක් ශල්‍යාගාර කටයුතු වලට සහාය වෙමින් සේවය කරයි. මාර්තු 12 වන දින සුපුරුදු පරිදි ඇය ශල්‍යාගාරයේ තමන්ට නියමිත සේවා මුරයට වාර්තා කළ අතර එම අවස්ථාවේ සැත්කම කිරීමට නියමිතව සිටි වෛද්‍යවරයා වුයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අශෝක විජේමාන්න මහතාය.

කකුලේ තුවාලයක් තිබුණු රෝගියෙක් එම අවස්ථාවේ සැත්කමට භාජනය කිරීමට නියමිතව තිබුණු බැවින් මාධවී මහත්මිය ඊට අදාළ මූලික කටයුතු සුදානම් කිරීමෙන් අනතරුව වෛද්‍ය අශෝක එම ස්ථානයට පැමිණ සැත්කම ආරම්භ කර ඇත. ඒ අතරතුර ඊට අවශ්‍ය උපකරණ සැපයීමට භාර වුයේද මාධවීට වන අතර අය වෛද්‍යවරයාගේ ඉල්ලීම මත Bone Cutter නමැති උපකරණය ලබාදී ඇත. එය භාවිතයෙන් අනතුරුව නැවත හෙදියකට ලබා නොදී රෝගියාගේ කකුල අසලින් තබා වෛද්‍යවරයා සැත්කම කරගෙන යාම නිසා මාධවී එය නැවත ගෙන ට්‍රොලිය මත තබා ඇත.

එයට උරණ වූ වෛද්‍යවරයා එම උපකරණය රැගෙන ක්ෂණයකින් මධවීගේ හිසට පහරදී ඇත. ඒ හේතුවෙන් තුවාල ලැබූ හෙදිය වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව කුරුණෑගල රෝහලේම 5 වන වාට්ටුවට ඇතුලත් කර ඇති අතර ඇයව CT පරීක්ෂණයක් සඳහා සහ HIV හා Hepatitis රෝග නිර්ණයට රුධිර පරීක්ෂාවක් සඳහාද යොමු කර ඇත.

මෙම වෛද්‍යවරයා මීට පෙර අවස්ථාවලදීත් හෙදියන්ට පරුෂ වචනයෙන් සහ අපහාස වන ආකාරගෙන් කටයුතු කර ඇති බවත්, සමහර අවස්ථාවලදී හෙදියන්ට සුළු පහරදීම් සිදු කර ඇති බවත්, වෙනත් හෙදියන් පවසයි. ඉහත සිදුවීම සම්බන්ධයෙන් සිද්ධිය වූ දිනයේම පැමිණිල්ලක් කුරුණෑගල පොලීසියට කර ඇති අතර මාර්තු 15 වන දින වෛද්‍යවරයාට ඒරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා ඇත.

රජයේ හෙද නිලධාරින්ගේ සංගමය මෙම කෲර ප්‍රහාරයට විරෝධය පා මේ සම්බන්ධව වහාම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා තම වෘත්තීය ක්‍රියා මාර්ග ගනු ලැබීය. මෙම වෛද්‍යවරයාට ඒරෙහිව රෝහල් අධිකාරිය සිදු කළ පරීක්ෂණයකින් පසුව අදාල වෛද්‍යවරයා දින 14කට අනිවාර්ය නිවාඩු යවා තිබේ. ඒමෙන්ම මේ සම්බන්ධයෙන් අදාල වෛද්‍යවරයාට ඒරෙහිව මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට ද නීතිඥ කණ්ඩායමක් කටයුතු කරමින් සිටී.



2019-03-27
Advertisement

Find us on Facebook