English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඌවෙි ඡන්දය වෙනුවෙන් 14 ඉරිදා විශේෂ යැදුම් !

ඌව පළාත් සභාවේ පැවැත්වෙන ඡන්දය, විධිමත් සාධාරණ ඡන්දයක් වනු සඳහා සැප්තැම්බර් 14 වන ඉරුදින කතෝලික ජනතාවගේ යැදුම් පුදකරන මෙන් බදුල්ල රදගුරු අති උතුම් ජේ වින්ස්ටන් ප‍්‍රනාන්දු හිමිපාණන් එඬේරික ලිපියක් නිකුත් කරමින් ඉල්ලා සිටියහ.

”ඌවේ පළාත් සභා ඡන්දය ලං වෙත්ම මැතිවරණ වේදිකා උණුසුම් වෙමින් පවතින අතර නිදහස් සහ සාධාරණ මැතිවරණයක සලකුණු ගිලිහෙමින් පවතියි. මැතිවරණ නීති හා  පුරවැසි නිදහස ද උල්ලංඝණය වීම් වාර්ථා වෙයි. දුෂණය හා භිෂණය අත්වැල් බැඳගතහොත් ඉතා අනතුරුදායක විය හැකි බව අවධාරණයකරන බදුල්ල පදවියේ අති උතුම් වින්ස්ටන් ප‍්‍රනාන්දු හිමිපාණන්, මෙම වාතාවරණය හමුවේ නිරික්‍ෂකයින් හෝ  විවේචකයින් විමෙන් පමණක් අප සෑහිමකට පත්නොවිය යුතු යැයි” රදගුරු හිමිපාණන් ප‍්‍රකාශ කරයි.   

එබැවින්, ක‍්‍රිස්තියානි ජනතාවගේ වගකිම හා යුතුකම මුලීකවම පස්වැදැරුම් වන බව ද උන්වහන්සේ සඳහන් කරයි. ඒ අනුව;

පළමුව, මිනිස් පවුලේ යහපත හා ගැලවීම පමණක් කෙරෙහි නෙත් යොමාගෙන සිටින්නාවු අපගේ දයාබරිත දෙවිපියාණන් වහන්සේට ඌව පළාතේ ජනතාව වෙත ක‍්‍රිස්තියානි සංඝයක් ලෙෂ යාචාඥා කිරිම.

දෙවනුව, වචනයෙන් සහ ක‍්‍රියාවෙන් පුද්ගලීකවත් කණ්ඩායම් හා සංඝයක් ලෙසත් හිංසාව හා ප‍්‍රචණ්ඩත්වය දෙස ඇදී යන අය යහමඟට ගෙන්වා ගැනීමට සාකච්ඡ කිරීම හා මැදිහත් වීම.

තුන්වෙනුව, තමන්ගේ වාසිය නොතකා  රටේ , පළාතේ සුභසිද්ධිය සහ පොදු යහපත සළකා ප‍්‍රඥාවන්තව තමන් තීරණය කරන්නාවු පක්‍ෂයට හා පුද්ගලයාට තම වටිනා ඡන්දය දීමට ඉදිරිපත්වීම.

සතරවෙනුව, ඡන්දදායකයින්ටත් ඡන්ද අපේක්‍ෂකයින් හා ඔවුන්ගේ ආධාරකරුවන්ටත් ”ජීවිත දේපල සුරකිමු , පුරවැසි නිදහසට ගරු කරමු,  ප‍්‍රචණ්ඩත්වය හෙළා දකිමු” යන පණිවුඩය දීමට පියවර ගැනීම.

පස්වෙනුව, මුදල් හෝ නානා ප‍්‍රකාර භාණ්ඩ හෝ මත්පැන් හෝ බෙදා දීමෙන්  ඡන්දය ලබාගැනීමට වෙර දරණ අයට තමන්ගේ උතුම් වු නිදහස විකුණා නොදමන්නට තීරණය කිරීම, ලෙසට දන්වා සිටියි.

ඡායාරූප  -  අන්තර්ජාලයෙන්

-MMP



2014-09-16
Advertisement

Find us on Facebook