English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


16 හැවිරිදි සිසුවාට පැය 54ක් හුංගම පොලීසිය තුළ රදවාගෙන පහර දීලා


හුංගම කිරිමැටියාන ප‍්‍රදේශයේ පදිංචිව සිටි සහන් නිලූමික නැමති 16 හැවිරිදි අපොස සාමන්‍ය පෙල විභාගයට පෙනී සිට එහි ප‍්‍රථිපළ බලාපොරොත්තුවෙන් සිටි සිසුවාට පසුගිය පෙබරවාරි 21 වන දින අලූයම 5ට පමණ හුංගම පොලීසියෙන් පැමිණි නිලධාරීන් පිරිසක් විසින් කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් පෙබරවාරි 23 දින දක්වා දින දෙකකට වැඩි කාලයක් හුංගම පොලීසිය තුළ රදවාගෙන පහර දී පසුව බොරු නඩුවක් පවරා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

පෙබරවාරි 21 වන දින අලූයම සහන් තම නිවසේ නිදියමින් සිටිය දී හුංගම පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු හා හුංගම පොලීසියට අනුයුක්තව කටයුතු කරනු ලබන සිවිල් ආරක්ෂක බලකායේ අමිල නැමැත්තා පැමින නිවසට බලහත්කාරයෙන් ඇතුලූ වී කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර නිදියමින් සිටි සහන් මාංචු දමා පොලීස් ජීප් රථයට දමාගෙන ගොස් ඇත. තම පුතා මෙසේ රැගෙන යාමට හේතුව පැමිණ සිටි නිලධාරීන්ගෙන් අවස්ථා කිහිපයක දී සහන් ගේ දෙමාපියන් විසින් විමසා සිටි නමුත් පොලිස් නිලධාරීන් ඊට පිළිතුරු ලබා දී නැත.

ඉන් පසුව හුංගම පොලීසිය වෙත පැමිණි සහන් ගේ දෙමාපියන් සහන් අත්අඩංගුවට ගැනීමට හේතුව විමසා ඇතත් කිසිදු හේතුවක් දක්වා නැති අතර ඔහු බැලීමට ද ඒදින හවස් වනතෙක් අවස්ථාව ලබා දී නැත.  පොලිස් ජීප් රථයට දමාගත් අවස්ථාවේ සිට පොලීසිය වෙත ගෙන යන කාලය තුල දී සහන්ට අවස්ථා කිිහිපයක දී පොලිස් නිලධාරීන් විසින් පහර දී ඇති අතර, පොලිස් ස්ථානය තුළ රදවාගෙන සිටි කාළය තුල දී පොලිස් සැරයන් ජයසිංහ හා සිවිල් ආරක්ෂක බලකායේ අමිල සහ තවත් අය විසින් හෝස් බටයකින් හා පොලූවලින් විටින් විට පහර දුන් බව සහන් පවසයි. එසේ පහර දුන් ස්ථානයන් හි තවමත් කැලැල් පවතින බවත් සහන් පවසයි.

පැය 54ක් පොලිස් අත්අඩංගුවේ රදවා තබා ගැනීමෙන් පසුව සොරකමක් සම්බන්ධයෙන් චෝදනා කොට අගුණුකොලපැලැස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහි දී ඇප ලැබූ බවත් සහන් පවසයි. පහරදීම් නිසා ඇති වූ අසනීප තත්ත්වය මත එදිනම සහන් හම්බන්තොට මූලික රොහලට ඇතුලත් වූ බවත්, එහි දී ඔහු පරීක්ෂාකල වෛද්‍යවරු ඔහුව නේවාසික ප‍්‍රථිකාර සදහා වාට්ටු අංක 4ට යොමු කර එහි දින 3ක් නැවතී ප‍්‍රථිකාර ලබාගත් බවත්, එහි දී ඔහු අධිකරණ වෛද්‍ය පරීක්ෂණකයට භාජනය කළ බවත් සහන් පවසයි. 

උපුටා ගැනීම - http://www.right2lifelanka.org




2019-03-27
Advertisement

Find us on Facebook