English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ව්‍යවස්ථාව කඩලා, ති‍්‍රපිටකය ඔලුවේ තියාගෙන ගිහින් වැඩක් නෑ


"අපේ රටේ තියෙන ප‍්‍රධානතම ශීලය, ප‍්‍රධානතම ශික්ෂා පදය හැටියට අපි දකින්නේ මේ රට පාලනය කිරීම සඳහා සම්මත කර තිබෙන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව. ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන කවර හෝ කෙනෙක් ජනාධිපති වෙනවා නම්, අගමැති වෙනවා නම්, දිවුරුමක් තියෙනවා ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනවා කියලා."

සත් කෝරළ මහා දිසාවේ ප‍්‍රධාන සංඝනායක ශ‍්‍රාස්ත‍්‍රපති මහගල්කඩවල පුණ්‍යසාර
යථාර්ථවාදී භික්ෂු සංවිධානයේ සභාපති


යථාර්ථවාදී භික්ෂු සංවිධානයේ සභපති, පූජ්‍ය ශ‍්‍රාස්ත‍්‍රපති මහගල්කඩවල පුණ්‍යසාර හිමි මේ අදහස් පැවසුවේ 2019 මාර්තු මස 25 වෙනි දින කොළඹ, පුස්තකාල හා ප‍්‍රලේඛන මධ්‍යස්ථානයේ ශ‍්‍රවණාගාරයේදී පැවති යථාර්ථවාදී භික්ෂු සංවිධානයේ මාධ්‍ය සාකච්ඡුාවකදී ය. මේ සඳහා ශී‍්‍ර ලංකා මහා රාමාඤ්ඤ නිකායේ සමාජ සංවර්ධන මහා ලේඛකාධිකාරී කඩවතගෙදර ශී‍්‍රමලෝදය පිරිවෙන් මහා විහාරාධිපති ශ‍්‍රාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත අරකොළේ පියදස්සී නායක හිමි, මාතලේ මහා දිසාවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක ගලේවෙල සාසන මණ්ඩල සභාපති , එක්සත් ජාතික භික්ෂු සංවිධානයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දේවාහූවේ චන්දානන්ද හිමි යන හිමිකරු සහභාගි වූහ.

   

”දැන් ති‍්‍රපිටකය ලෝක උරුමයක් බවට පරිවර්තනය වුනේ අපි දන්න ඉතිහාසයේ හැටියට, තුන්වෙනි ධර්ම සංඝායනාවෙන් පසුව අසෝක රජතුමාගේ මූලිකත්වයෙන්.ලංකාව ප‍්‍රධාන කොට ඇති රටවල් 24 කට එතුමා ධර්මදුතයන් පිටත් කලා. එහි ප‍්‍රථිඵලයක් හැටියට තමයි මිහිඳු මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේගේ දහම් පණිවිඩයත් අරගෙන ලංකාවට වැඩියේ. එදා උන්වන්සේ සමඟ එකතු වූ දෙවන පෑතිස් රජතුමා තමයි ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට පත් කළේ. අපි පිළිගන්නේ ඒක. ලංකාවේ ජාති උරුමයක් බවට ති‍්‍රපිටක ධර්මය පත් කළේ, මිහිඳු රහතානන් වහන්සේත්, දේවානම් පියතිස්ස රජතුමාත්. එතනින් මෙහාට තියෙන ඒවා එකිනෙකට පරස්පර විරෝධී, යම් ලාබ ප‍්‍රයෝජන, දේශපාලන වාසි ගන්නට කරන දේවල් තමයි යථාර්ථවාදී භික්ෂු සංවිධානය විදියට අපි කල්පනා කරන්නේ.

ලංකාවට බුද්ධ ධර්මට තියෙන අභියෝග තියෙනවා. සමහර භික්ෂූන් වහන්සේලා ප‍්‍රකාශ කරනවා, මම බුදු වෙලා ඉන්නේ කියලා. සමන්ත භද්‍ර වගේ අය කියනවා මම රහත් වෙලා ඉන්නේ කියලා. මම සෝවාන් වෙලා, මම සකෲතාගාමි වෙලා ඉන්නේ කියලා. සමහරු අනාගාමී වෙලා කියනවා. සමහර අය ගිහි ජීවිත ගත කරලා, අතරමග දී පැවිදි වෙච්ච ඇතැම් භික්ෂූන් වහන්සේලා, ප‍්‍රකාශ කරනවා ඉතිහාසය විකෘති කරලා. බුදුන් වහන්සේ ඉපදුනේ, බුදුවුනේ හඹරණ කියලා. මේවා තමයි ති‍්‍රපිටක ධර්මයට තිබෙන, අභියෝග. හරි නම් පාලකයන් විසින් කළ යුත්තේ මේ අභියෝගාත්මකව ඉදිරිපත් කරලා තියෙන අදහස් හරි ද වැරදිද බලන්න විද්වත් කමිටුවක් පිහිටුවිය යුතුයි. ගිහි බෞද්ධ ජනතාව ඉන්නවා විශ්ව විද්‍යාලවල, මහාචාර්යවරු, ති‍්‍රපිටකවේදීන්, අන් වහන්සේලාගේ විද්වත් සභාවක් පත් කරලා ති‍්‍රපිටකයට ඇති වෙලා තියෙන උවදුරු ගැන තීරණයක් ගත යුතුයි. මෙය මර්දනය කළ යුතුයි.

බෞද්ධයන්ට ති‍්‍රපිටකයට වඩා වස්තුවක් නැහැ. එක එක බලාපොරොත්තු ඇති කරගෙන, ඒවා සම්පූර්ණ කර ගැනීම සඳහා, ඒ අභිලාෂයන් ඉටු කරගැනීම සඳහා ගෙනි යන ප‍්‍රයත්න, මිත්‍යා ප‍්‍රයත්න, වැරදි උත්සාහයන් තමයි අපි දැන් දකින්නේ.

අපේ රටේ තියෙන ප‍්‍රධානතම ශීලය, ප‍්‍රධානතම ශික්ෂා පදය හැටියට අපි දකින්නේ මේ රට පාලනය කිරීම සඳහා සම්මත කර තිබෙන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව. ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන කවර හෝ කෙනෙක් ජනාධිපති වෙනවා නම්, අගමැති වෙනවා නම්, දිවුරුමක් තියෙනවා ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනවා කියලා. හිටපු අගමැති අයින් කලා, අලූත් අගමැති කෙනෙක් පත් කලා. ඒ ගැන අධිකරණයේ රජ හත් කට්ටුවක් තීරණය කරලා තියෙනවා. ව්‍යවස්ථාව කැඩුවා කියලා. නැවතත් ඒවා බලාත්මක කලා. එවැනි අයට රජකාලේ හාමුදුරුවරු කළේ, පත්ත නිඛ්කුජ්ජන කර්මය. ඒක දඬුවමක්. ව්‍යවස්ථාවක් කියන්නේ උත්තරීතර ලේඛනයක්. ඒ නිලයට එනකෙනා උත්තරීතර ශීලයක් සමාදානය වෙනවා. මේ ව්‍යවස්ථාවට අනුව තමයි මම රට පාලනය කරන්නේ. ඒක තමයි ශීලය.  

ව්‍යවස්ථාව කඩලා, ති‍්‍රපිටකය ඔලූවේ තියාගෙන ගියාට වැඩක් තියෙනවද? ති‍්‍රපිටකය ඔලූවේ තියාගෙන යන ධර්මයක් බුදු හාමුදුරුවෝ දේශනා කරලා නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ නිවන් මග, සසර සාගරයෙන් එතෙරවීම සඳහා පමණක් ධර්මය භාවිතා කරන්න. පසුරේ උපමාව මීට හොඳට ගැලපෙනවා. යම් කිසි කෙනෙකුට, යම් කිසි කෙනෙකුට ගංගාවකින්, ඇළකින් දොළකින් එතෙරවීම සඳහා පවුරක් උපයෝගී කරගන්නවා. පවුර ඒ සඳහා උදව් දුන්නා කියලා ඔහු ඒක දිගටම කර තියාගෙන යන්නේ නෑ. ඒ වගේ තමයි ධර්මය. බුද්ධ ධර්මයත් එහෙමයි, ති‍්‍රපිටක ධර්මයත් එහෙමයි. නිර්වාණගාමී ප‍්‍රතිපදාවට පැමිණිලා නිවන් අවබෝධ කරගන්න  ඕනා.”




2019-03-26
Advertisement

Find us on Facebook