English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලංකාවට අවශ්‍ය ලින්කන් , මැන්ඩෙලා කෙනෙක් !


”රනිල් වික‍්‍රමසිංහ, කන්කෙට්ටෙන් අල්ලගෙන හරි, තල තල හරි, ඉස්සරහට ගෙනියන්න ඉන්න පුද්ගලයා බවට පත්වෙලා තියෙනවා. මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න සියළු කාරණා එකතු කරලා, පුස්තකයක් හදලා, පාර්ලිමේන්තුවට ගිහිල්ලා, පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත් කරලා, බාර දීලා තියෙන්නේ. නමුත් ඒක සාකච්ඡා කරන්න ඉඩ නොතියා, විපක්ෂයේ අය, බරපතල ලෙස හානි කරමින් ඉන්නවා.”

ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මේ අදහස් පැවසුවේ ව්‍යවස්ථාව, ඉදිරි මැතිවරණ හා ලංකාවේ අනාගතය යන මැයෙන් 2019 මාර්තු මස 24 වෙනි දින පස්වරු 2.00 ට ආණමඩුව, සුදම්පාය ශ‍්‍රවණාගාරයේ දී පැවති සම්මන්ත‍්‍රණයකදී ය. මෙම සම්මේලනය සඳහා ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්නට අමතරව, පූජ්‍ය ශ‍්‍රාස්ත‍්‍රපති මහගල්කඩවල පුණ්‍යසාර හිමි, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ පිලිප් දිසානායක, සමන් සෙනෙවිරත්න සහභාගි විය. සම්මන්ත‍්‍රණය සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ ආණමඩුව කණ්ඩායම විසින් සංවිධානය කරන ලදි. 


”ලංකාවේ ව්‍යවස්ථාව සහ අපේ දේශපාලන ඉදිරිගමන ගැන කියන්නේ විශේෂ අවස්ථාවක්. අද රනිල් වික‍්‍රමසිංහගේ උපන් දිනය. රනිල් වික‍්‍රමසිංහ කියන්නේ මේ කාල පරිච්ජේදයේ ඇවිල්ලා තියෙන නිශ්චිත පුද්ගලයෙක්. යම් කාල වලදී මතුවෙලා එනවා යම් කාර්යභාරයක් කරන්න පුළුවන් කව්ද කියලා බිහිවෙනවා. ඒබ්‍රහම් ලින්කන් වගේ පුද්ගලයෙක් ආවා, ඇමෙරිකාවේ නිදහසේ සටන අවසාන භාගයේ කළු මිනිස්සුන්ගේ නිදහස ලබා දීම සඳහා ඒබ්‍්‍රහම් ලින්කන් ආවා. නෙල්සන් මැන්ඩෙලා තමයි දකුණු අපි‍්‍රකාවේ නිදහස් සටන අවසාන කරන්නේ.

ව්‍යවස්ථා ගැන සටන උග‍්‍ර ස්ථානයකට පත් වී සිටින විට, ඒ සටනේ මැද්දේ ඉන්නේ කව්ද රනිල් වික‍්‍රමසිංහ. රනිල් වික‍්‍රමසිංහ  විධායක ජනාධිපති ක‍්‍රමයේ ගුටි බැට හුවමාරුවේ තදින්ම පහර කෑ පුද්ගලයා. එයාව අල්ලලා විසි කරලා දැම්මා එළියට. මේ රටේ ජනතාවගේ විශාල පිරිසක් එකතුවෙලා, සටන් කරලා, ආපහු එයාව උසාවියට අනුව, ව්‍යවස්ථාව අනුව ඔහුව ඒ නිලය හිමියි කියලා  නැවතත් අගමැති පුටුවේ ඉන්දෙව්වා. ජනතාව ගෙනල්ලා ඉන්ඳෙව්වා. රනිල් වික‍්‍රමසිංහ, කන්කෙට්ටෙන් අල්ලගෙන හරි, තල තල හරි, ඉස්සරහට ගෙනියන්න තියෙන පුද්ගලයා බවට පත්වෙලා තියෙනවා. මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න සියළු කාරණා එකතු කරලා, පුස්තයක් හදලා, පාර්ලිමේන්තුවට ගිහිල්ලා, පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත් කරලා, බාර දීලා තියෙන්නේ. නමුත් ඒක සාකච්ඡුා කරන්න ඉඩ නොතියා, විපක්ෂයේ අය, බරපතල ලෙස හානි කරමින් ඉන්නවා.

ව්‍යවස්ථාව නැවතිලා තියෙන්නේ කොහේද? ව්‍යවස්ථාව සම්බන්ධයෙන් යෝජනා මල්ලක් සකස් කරලා, විද්වත් මණ්ඩලයක් විසින් සකසලා, ව්‍යවස්ථාව හදන්න දාලා තියෙනවා. ඒකට සහභාගි වෙන්නේ නෑ. සහභාගි වෙනවා කියනවා, පනිනවා, ආපහු එනවා, ඒ නිසා මේක එතතැන කැරකෙන බඩුවක් බවට පත් වෙලා තියෙනවා. ඒකයි ව්‍යවස්ථා සම්පාදනයේ තත්ත්වය.” 

එම වීඩියෝව පහත දැක්වේ.





2019-03-26
Advertisement

Find us on Facebook